Tag: breaking post

  • “මේ මොහොතේ අවශ්‍ය වන්නේ නව ව්‍යවස්ථාවක් නොවේ” – අස්ගිරි පාර්ශ්වයෙන් ප්‍රකාශයක්

    “මේ මොහොතේ අවශ්‍ය වන්නේ නව ව්‍යවස්ථාවක් නොවේ” – අස්ගිරි පාර්ශ්වයෙන් ප්‍රකාශයක්


    මේ මොහොතේ අවශ්‍ය වන්නේ නව ව්‍යවස්ථාවක් නොව මැතිවරණයක් බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමියන් පවසනවා. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් ඊයේ (12) උන්වහන්සේ බැහැදැකීමට මහනුවරට පැමිණී අවස්ථාවේදී අනුනායක හිමියන් මේ බව සඳහන් කළා.

    අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන් බැහැදැකීමෙන් පසු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මාධ්‍ය වෙත අදහස් පළ කළා. ඔහු එහිදී කියා සිටියේ නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉකුත් දා ඉදිරිපත් වූ යෝජනාවලියේ ඇතුළත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පසුපෙළ මන්තී‍්‍රවරුන්ට ද අවබෝධයක් නොමැති බවයි. වත්මන් ආණ්ඩුවේ බලය රැඳී ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ සහය මත බවයි මෙහිදී ප‍්‍ර‍්‍රකාශ කෙරුණේ.

  • කැස්බෑවුන් මරා මස් විකුණන ජාවාරමක් නාවික හමුදා අත්අඩංගුවට

    කැස්බෑවුන් මරා මස් විකුණන ජාවාරමක් නාවික හමුදා අත්අඩංගුවට

    මන්නාරම වංකාලෙයිපාඩු මුහුදු තීරය ආසන්නයේ කැස්බෑ මස් කිලෝ 3ග්‍රෑම් 185 ක් ප්‍රමාණයක් විකිණීම සඳහා රැගෙන යමින් සිටි සැකකරුවෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    උතුරුමැද නාවික විධාන මූලස්ථානයට අයත්  නාවිකයින් පිරිසක් වංකාලේයිපාඩු ප්‍රදේශයේ පාමුර සංචාරයක නිරතව සිටියදී සැක සහිත පුද්ගලයෙකු ගමන් කරනු දැක පරික්‍ෂාවට ලක්කිරීමේදී මෙම කැස්බෑ මස් තොගය හමු වී ඇත.

    මන්නාරම හා තලෙයිමන්නාරම් මුහුදු තීරයේ සිටින කැස්බෑවුන් මරා ප්‍රදේශයේ හෝටල් වෙතට අධික මිලකට විකිණීමේ මෙම ජාවාරම  කලක සිට සිදුව ඇති බවට නාවික හමුදාවට තොරතුරු ලැබී ඇත.

    අදාළ පුද්ගලයා මන්නාරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකරු හා කැස්බෑ මස් තොගය නාවික හමුදාභාරයට ගැනීමෙන් පසුව වැඩිදුර නීතිමය කටයුතු සඳහා නාවික හමුදා විසින් පේසාලේයි පොලීසිය වෙත භාර දී ඇති අතර පොලීසිය විසින් සැකකරු මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

  • ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවේ ඔත්තුකරුවෙක්දැයි සොයා FBI විමර්ශනයක් ඇරඹේ

    ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවේ ඔත්තුකරුවෙක්දැයි සොයා FBI විමර්ශනයක් ඇරඹේ

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් රුසියාව වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක් ද යන්න සම්බන්ධයෙන් එරට ෆෙඩරල් ඔත්තු සේවය (FBI) විමර්ශනයක් ආරම්භ කර ඇති බවට නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පත වාර්තා කර සිටි.

    ඉකුත් 2017 වසරේ මැයි මාසයේදී FBI ඔත්තු සේවයේ අධ්‍යක්ෂක ජේම්ස් කොමේ ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගැනිමත් සමග එරට බලධාරීන් ජනාධිපතිවරයා ගේ හැසිරීම පිලිබදව දැඩි අවධානයක් යොමු කර ඇති බවයි නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙන්නේ.

    ජනාධිපති ට්‍රම්ප් ගේ ක්‍රියා කළාපය අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තරජනයක්ද යන්න පිලිබදව මෙම විමර්ශනයේදී ෆෙඩරල් ඔත්තු සේවයේ විමර්ශකයින් සොයා බලමින් සිටින බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටි.

    2016 දී පැවති ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් හට රුසියාවෙන් සහය ලැබුණු බවට FBI ඔත්තු සේවය සැකපළ කර සිටියා. ඒ සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු සිදුකෙරෙමින් තිබියදී FBI අධ්‍යක්ෂක ජේම්ස් කොමේ ධුරයෙන් ඉවත් කිරීමත් සමග මේ පිලිබදව වන සැකය දැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

    නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පලවී ඇති ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ධවල මන්දිරය දැඩි කණගාටුව පළකර සිටින බවයි BBC පුවත් සේවය පෙන්වා දෙන්නේ. 

    ඇත්ත වශයෙන්ම FBI ඔත්තු සේවයේ අධ්‍යක්ෂක ජේම්ස් කොමේ ඔහුගේ ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ ඔහු අනවසරයෙන් සිදුකළ දත්ත පරීක්ෂාවක් හේතුවෙන්, ඒ පිලිබදව එහි නියෝජ්‍ය ප්‍රධානියා පවා දැන සිටියා. ඔබාමා පාලන සමයේදී රුසියාව ඇතුළු විදෙස් රටවල් අමෙරිකාවට එරෙහිව කඳවුරු බදින විට මෙන් නොව ජනාධිපති ට්‍රම්ප් ඔවුන්ට එරෙහිව දැඩිව නැගී සිටියා. මෙම පුවත සම්පුර්ණයෙන් සත්‍ය තත්ත්වය විකෘත්ති කිරීමක් යැයි ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් ප්‍රකාශ කර සිටියා.

  • ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුත්තේ එජාප අපේක්ෂකයෙක් මිස එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයෙක් නොවෙයි

    ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුත්තේ එජාප අපේක්ෂකයෙක් මිස එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයෙක් නොවෙයි

    ඉදිරි මැතිවරණයේදී මුහුණදීම සඳහා එක්සත් ජාතික පෙරමුණ යළිත් ගොඩනැගීමට මූලික ව කටයුතු කළ රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන අයට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ල වීම නිසා එම පෙරමුණේ කටයුතු අඩාල වී ඇති බව වාර්තා වේ.

    එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ නායකයන්ගේ උවමනාව මත එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඊට විරෝධය දක්වා ඇත.
    නම හෙළි කිරීම්ට අකමැති වූ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේ රාජිත හා චම්පික සූදානම් වන්නේ සිය මන්ත්‍රීවරුන්ගේ කරෙන් ගොස් පක්ෂයේ බලය ඇල්ලීමට බවයි. ‘‘ආයෙ අපි රැවටෙන්නෙ නෑ අලුත් පෙරමුණ කිව්වට මේකට අලුතෙන් කවුරුත් එකතු වෙන පාටක් නෑ. පසුගිය මහ මැතිවරණයේදී හිටි පක්ෂමයි ඉන්නේ. මේ දෙන්න ලෑස්ති වෙන්නේ පක්ෂයේ බලය අල්ලන්න. ඒ නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුත්තේ එජාප අපේක්ෂකයෙක් මිස එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයෙක් නොවෙයි.“ යැයි මන්ත්‍රීවරයා පැවසීය.

    මේ සම්බන්ධයෙන් පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් පසුව ද පසුපෙළ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එක්ව සාකච්ඡා කර ඇති බව වාර්තා වේ. 

  • මෛත‍්‍රී ජනාධිපතිවරණයට ආවොත් පොහොට්ටුවේ සහයෝගයක් නෑ…

    මෛත‍්‍රී ජනාධිපතිවරණයට ආවොත් පොහොට්ටුවේ සහයෝගයක් නෑ…

    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එළැඹෙන ජනාධිපතිවරණයේදී අපෙක්ෂකයෙක් ලෙස තරග වදින්නේ නම් සහාය නොදක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය පවසයි.

    සංගමය විසින් මෙම තීන්දුවට ඒකමතිකව කැමැත්ත පල කරන ලද බව හිටපු මධ්‍යම පලාත් සභා මන්ත‍්‍රි ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියයි.

    ඉදිරි පලාත් සභා මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරග කිරීමටද තීරණය කරන ලද බව තෙන්නකෝන් මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ කියා සිටී. 

  • භාතිය සංතුෂ් වෙනුවෙන් ලොක්කො තුනම එක පෙළට

    භාතිය සංතුෂ් වෙනුවෙන් ලොක්කො තුනම එක පෙළට

    භාතිය හා සංතුෂ් සංගීත දිවයට වසර 20ක් පිරිම නිමිත්තෙන් සංගීත ප්‍රසංගයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදි පැවැත්විණ.

    එය නැරඹිම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලඥයින්  පිරිසක් එක්ව තිබුණා.

    දේශපාලන පොර පිටියේ ප්‍රශ්න අමතක කරමින් සියල්ලෝම මෙම සංගීත සංදර්ශනය නැරඹූහ.

  • පාසලේදී කොන්ක්‍රීට් කණුවක් හිස මත කඩා වැටීමෙන් නොඑන ගමන් ගිය පසිඳු

    පාසලේදී කොන්ක්‍රීට් කණුවක් හිස මත කඩා වැටීමෙන් නොඑන ගමන් ගිය පසිඳු

    කොන්ක්‍රීට් කණුවක් පාසැලේ දී හිස මත කඩා වැටීමෙන් මිය ගිය පසිඳු ක්‍රිෂාන් කරුණාතිලක සිසුවා අනාගතයේදී හොඳ පුරවැසියකු වන බවට සිහින දකිමින් සිටි බව ඔහුගේ මිතුරු මිතුරියන් හඬා වැටෙමින් පැවසූහ.

    මියගිය සිසුවාගේ දේහය දේවහුව බුදුගේහින්න  ප්‍රදේශයේ එම සිසුවා ගේ මිත්තණියගේ නිවසේ තැන්පත් කොට තිබේ.

    එම සිසුවා ගේ නිවසට යන්නට එන්නට පාරක් නොමැති හේතුවෙන් මිත්තණියගේ නිවසේ දේහය තැන්පත් කර තිබූ බව ඥාතීහු පැවසීය. 

    එම ඥාතීන් ද කියා සිටියේ තමන්ගේ ගම්මානයට යෑම සඳහා පාලමක් සාදා ගැනීම තම අරමුණ බවට ඔහු ජීවත්ව සිටියදී සඳහන් කළ බව ප්‍රදේශවාසීන් පැවසීය.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ  කැකිරාව කලාපයේ බුදුගේහින්න මහා විද්‍යාලයේ  ක්‍රිඩා කරමින් සිටියදී විද්‍යාලයේ  ක්‍රිඩාපිටිය ආසන්නයේ ඉදිකරමින් තිබූ ක්‍රීඩා මණ්ඩපයක කොන්ක්‍රීට් කණුවක් හිස මත කඩා වැටීමෙන් පසුගියදා මෙම සිසුවා ජීවිතක්ෂයට පත්විණි.

    සිසුවාගේ දේහය මත ඔහු පාසලේදී පාවිච්චි කළ අත් ඔරලෝසු හිස්වැසුම පාසල් ටයි පටිය මෙන්ම ඔහු මිතුර මිතුරියන් සමඟ ආහාරයට ගන්නා චොකලට් කිහිපයක් ජයග්‍රහණ ලැබූ කුසලාන ඔහුගේ සිරුර මත තබා තිබීම විශේෂත්වයකි.

    මියගිය සසිඳු   සිසුවාගේ පියා වන ජගත් ධම්මික කරුණාතිලක මහතා මේ වන විට සිහි විකල්ව තම පුතු නැති සොවින් පුතුගේ ඡායාරූපයක් බදාගෙන හඬා වැටෙමින් සිටින බව වාර්තාකරු පැවසීය.

    සිසුවාගේ මව ජේ .පී. නිමන්කා  කුමාරි ජයලත් මහත්මිය බාල පුතණුවන් තුරුළුකරගෙන නිතර නිතර සිහිසුන්වීමෙන් ඇඳක් මත වැතිරී සිටි සිටින බවද වාර්තා වෙයි. 

    එම පවුලේ බාල දරුවා වර තුන වසරේ ඉගෙන ගන්නා සසිඳු නිෂාන්ගේ මලනුවන් පමණක් මළ සිරුර ආසන්නයේ රැඳී සිටියේ කිසිවක් නොදන්නා සේය.

    මෙම සිසුවාගේ නිවසට පැමිණ සිටි සිසුවා ගේ පන්තියේ මිතුරියක වන මල්කි සුභාෂිනි  මෙන්ම හර්ෂණී  වික්‍රමසිංහ යන සිසුවියන් කියා සිටියේ සසිඳු  විද්‍යාලයේ දක්ෂතම  සිසුවෙකු බවත් ඔහු විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙකු  බවය. 

    එමෙන්ම ඔහු නිතර තම මිතුරු මිතුරියන්ට අවවාද අනුශාසනා ලබා දුන්නේ රැකියාවක් කරණ  සිහිනය නොව හොඳ මිනිසෙකු වීම ඉලක්ක කරගන්නා ලෙසය. 

    කෙසේවෙතත් මියගිය සසිඳු  සිසුවාගේ  අවසන් කටයුතු 12 දින බුදුගේහින්න පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව ඥාතීන්  පැවසීය.

  • තවමත්  පිතිකරුවන් දන්නේ නෑ තරගයක් දිනන්නේ කොහොමද කියලා. ඒ නිසයි අපි පැරදෙන පැත්තේ ඉන්නේ

    තවමත් පිතිකරුවන් දන්නේ නෑ තරගයක් දිනන්නේ කොහොමද කියලා. ඒ නිසයි අපි පැරදෙන පැත්තේ ඉන්නේ

    සත්කාරක නවසීලන්තය හා පැවැති විස්සයි20 තරගය පරාජයට පත්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලසිත් මාලිංග සඳහන් කළේ තරගයක් ජයග්‍රහණය කරන අයුරු තවමත් පිතිකරුවන් නොදන්නා බවයි.

    එසේම පන්දු යවන්නන් අද තරගයේදි සිය රාජකාරිය මැනවින් ඉටු කළ බවත් ඔහු පැවැසීය.

    “අපි පන්දුවාර 16ක් හොඳන් පන්දු යැව්වා. නමුත් මේ පිටියේ (ඔක්ලන්ඩ්) ලකුණු 180ක් රැස්කළ හැකියි. මම හිතනවා තවමත්  පිතිකරුවන් දන්නේ නෑ තරගයක් දිනන්නේ කොහොමද කියලා. ඒ නිසයි අපි පැරදෙන පැත්තේ ඉන්නේ.

    අපි හැමවෙලාවෙම වෙනස්වීම් ගැන මෙම තත්ත්වයන් ගැන කථා කරනවා. පන්දු යවන්නන් අද හොඳින් කළා. මිනිස්සු දැන ගන්න ඕන කොහොමද තරගයක් දින්නේ කියලා හා කොහොමද ඉර පනින්නේ කියලා.”

  • මාධ්‍ය ආයතන වටලා බලපෑම් කරන කණ්ඩායම් සදහා රාජ්‍ය අනුග‍්‍රහය..?

    මාධ්‍ය ආයතන වටලා බලපෑම් කරන කණ්ඩායම් සදහා රාජ්‍ය අනුග‍්‍රහය..?

    පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

    ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවට තොරතුරු දැන ගැනීමට අයිතියක් ඇත. ජනතාවට තොරතුරු ලබා දීම සිදුකරනු ලබන්නේ ජනමාධ්‍ය මගිනි.එම ආයතනවලට නිදහසේ කටයුතු කිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීම රජයේ යුතුකම විය යුතුය

    එහෙත් මෑතක සිට පවතින රජයේ දූෂණ අක්‍රමිකතා පිළිබදව ජනතාවට තොරතුරු ලබා දෙන මාධ්‍ය ආයතන මෙල්ල කිරීමේ උත්සහයක වර්තමාන රජය නිරතවන බව අපට පෙනී යන කාරණයකි. ඒ අනුව පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත දී රජයේ පාර්ශව විසින් සමහර මාධ්‍ය ආයතන මර්ධන කිරීම සදහා විවිධ   ප්‍රකාශ  නිකුත් කරනු ලබන බව අපහට පෙනීයයි.

    සමහර කණ්ඩායම් විසින් මාධ්‍ය ආයතන ඉදිරිපිට විවිධ විරෝධතාවල නිරත වන බවද අපහට දැක ගැනීමට ලැබුණි.

    සිවිල් සංවිධාන ලෙස හදුන්වා ගත් පිරිසක් මාධ්‍ය ආයතන කිහිපයක් ඉදිරියේ මාධ්‍යට කරන ලද බලපෑම අප සංවිධානය තරයේ හෙළා දකින අතර එම කණ්ඩායම් මෙහෙයවන ලද්දේ කවුරුන් යන්න පිළිබදව විධිමත් පරීක්ෂණයක් කරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටින අතර එසේ කිරීමට රජය අපොහොසත් වන්නේ නම් මෙරට මාධ්‍ය ආයතන මර්ධනය කිරීම සදහා රජය විසින් අනුබල ලබ‌ා දෙන බවට චෝදනා කිරීමට අපහට සිදුවේ.

    රංජිත් විතානගේ
    සභාපති
    පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය 

  • රවීද ?   මංගලද ?

    රවීද ? මංගලද ?

    රවී කරුණානායක


    තිස්ස කරුණානායක සහ කර්මලේකා කරුණානායක යන දෙමාපියන්ට දාව රවී කරුණානායක 1963 පෙබරවාරි මස 19 වන දින උපත ලැබීය. කොල්ලුපිටිය ශාන්ත තෝමස් විද්යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අකුරු කෙරූ ඔහු ඔහුගේ දක්ශතාවයන් හා හැකියාවන් නිසා ඉතාමත් කෙටි කලකින්ම වරලත් ගණකාධිකාරී වරයෙකු ලෙස ජීවිතය ආරම්භ කරන ලදී.

    වෘත්තිය දිවිය ආරම්භ කරමින් Delair Limited සේවයට බැඳුනු රවී ඉන්පසු හේලීස් සමූහ ව්යාපාරයට සහ MIT එයාර්වේස් ලිමිටඩ්හි යන ආයතන වලටද සිය ධෛර්ය්‍ය සම්පන්න සේවය ලබාදෙන ලදී.එයින් ලබාගත් සුන්දර හා අසුන්දර අත්දැකීම් මත පාදක වෙමින් ඔහුට ව්පා‍යාරික හා ව්යවසායකත්ව ලෝකයේ ඉහළම පෙළේ ව්යාපාරිකයෙකු ලෙස US Global Lanka (Private)
    Limited හි සභාපති ලෙසද, Vacume Processing Lanka Limited හා
    Global Transportation & Logistics (Private) Limited හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී ලෙසද, Eagle Air International (Private) Limited හි හා Global Air & Tours (Private) Limited හී අධ්‍යක්ෂක ලෙසද ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන් සහ ව්‍යාපිරිකයින් ශක්තිමත් කිරීම සඳහා වන වාණිජ මණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙසද වැඩ කිරීමට හැකි විය.

    1994 දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 10 වන පාර්ලිමේන්තුවට රවී කරුණානායක ජාතික ලැයිස්තුවෙන් ප්‍රථම වරට පත් කරන ලද ලාබාලම සාමාජිකයා විය. 2000 වසරේදී ඔහු කොළඹ දිස්ත්රික්කයෙන් 11 වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර 2001 වසරේ පැවති මහා මැතිවරණයේදී රවී කරුණානායක මහතා කොළඹ දිස්ත්රික්කයෙන් 12 වන පාර්ලිමේන්තුවට තේරී පත්විය.

    2001 දෙසැම්බර 12 වන දින ඔහු එක්සත් ජාතික පක්ෂයෙහි වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය ධූරයට පත් විය

    1999 වසරේදී ඔහු ජාත්‍යන්තර ජේසීස් (International Jaycees ) විසින් සංවිධානය කරන ලද “වසරේ විශිෂ්ටතම දේශපාලනඥයා” සම්මානයෙන් පිදුම් ලැබීය. එම වසරේම රවි කරුණානායක මහතා “වසරේ දේශපාලනඥයා සහ රාජ්ය පරිපාලක” වශයෙන් තේරී පත්වූයේ කොළඹ ජේසීස් විසිනි.

    2017 දී, බෑන්ක්ර් සඟරාව, ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් ඇමති ලෙස රවී තෝරා ගත්තේ, ගෙවුම් ශේෂ අර්බුදයකින් තොරව ඩොලර් බිලියන 1.5 ක ජාත්යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනක් ලබා ගැනීම, සංචිත පිරිවැය සහ ජාත්යන්තර ආයෝජකයින් අතර විශ්වාසය ගොඩ නැංවීමයි. රජයේ ආදායම රු. 2014 දී 1205 දක්වා රු. බිලියන 1.461 ක්. බදු ආදායම රු. බිලියන 1,050 සිට රු. බිලියන 1356 ක් වූ අතර එම කාලය තුළ ශ්රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිත අනුපාතය ඉතා පහත් බදු ආදායමක් ඇති බැවින් එය ඉතා වැදගත් වේ. ශ්රී ලංකාවේ බදු වාර්තා ද 2015 ජනවාරි ජනවාරි මාසයේදී 700,000 ගොනු තිබීම නිසා මිලියන 1.4 ක් විය

    ඊට අමතරව රවී විසින් අපේ රටේ දියුණව වෙණුවෙන් සිදු කරණ නිහඬ සේවයන් අතරින් රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ උපදේශක කාරක සභාව, උපදේශක , මූල්‍ය උපදේශක කමිටු සාමාජික, ප්‍රතිපත්ති සම්පාදනය හා ජාතික ඒකාබද්ධතාව පිළිබඳ උපදේශක කමිටු සාමාජික , ගුවන් සේවා හා නැව් කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ හාෙ විදේශ කටයුතු පිළිබඳ උපදේශක කමිටුවේ සාමාජික , විය්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ පිළිබඳ තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙසද, මාධ්‍ය ප්‍රතිසංස්කරණය පිළිබඳ විශේෂ කමිටුවේ සාමාජිකයෙක්ද වේ.

    ඔහු කොළඹ දිස්ත්රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙසද පත්විය. ඔහු ප්‍රජාතන්ත්‍රවාදය හා නායකත්ව ආයතනයේ සභාපතිවරයා ද වේ.

    ඔහුගේ එම කටයුතු හැරුණු විට දේශපාලනික,පාර්ලිමේන්තු කටයුතු, ශ්‍රී ලංකාවේ ආර්ථිකය, වෙළඳ කටයුතු හා විවිධ ක්ෂේත්‍රයන් ගැන විවිධ පුවත්පත් හා සඟරා වලට ඔහු විසින් විදේශ විනිසුරුවන්, ව්‍යාපාර කළමනාකරණය, දේශපාලන සංස්කෘතිය, රාජ්‍ය මුදල් සහ බදුකරණය. දේශපාලන හා සංස්කෘතික, ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ, වර්තමාන කටයුතු, ලෝක කටයුතු ආදී වර්තමානයේ විශාල මාතෘකාවන් ගණනාවක් ආවරණය වන පරිදි සිංහල හා ඉංග්‍රීසි භාෂාවන් වලින් සජීවීව හා වාර්තාගතව ඔහු නිරන්තරයෙන්ම සහභාගී වේ.

    රවී මෙලා සමග විවාහ වූ අතර ඔහුට ඔනෙලා, ෂ‍ෙනෙලා සහ මිනෙලා ලෙස දියණියන් තිදෙනෙකු සිටී. සෑම සාර්ථක පිරිමියකු පිටුපසම ස්ත්‍රියක් සිටී යන කරුණ සනාථ කරමින් රවී පිටුපසද ඔහුගේ බිරිය සහ දියණියන් (විශේෂයෙන්ම ඔනෙලා) ඔහුට යෝධ ශක්තියක් සපයයි. ඔහුගේ කාර්‍ය බහුල දේශපාලන හා පාර්ලිමේන්තු ජීවිතය ද ව්‍යාපාර කටයුතුද හැරුණු විට රවී සිය පවුල සමඟ සැලකිය යුතු කාලයක් වැය කරයි.

    මංගල පිංසිරි සමරනායක

    මහනාම සමරවීරගේ සහ කේමා සමරවීරගේ පුත්‍රයා වූ මංගල සමරවීර ලන්ඩන්හි ශාන්ත මාර්ටින් පාසලේ ඇඳුම් නිර්මාණකරණය හා තාක්ෂණය පිළිබඳ උපාධිධාරියෙකු වන අතර, ඔහු සිය දේශපාලන දිවියට පෙරාතුව ජාතික නිර්මාණශිලී මධ්යස්ථානයට නිර්මාණ උපදේශකයෙකු ලෙස සේවය කළේය.

    1983 වසරේ මාතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා විය.
    1989 දී මාතර දිස්ත්‍රික්කයේ නියෝජිතයෙකු ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු ජනාධිපති චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කැබිනට් මණ්ඩලයේ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා වශයෙන් පත් කරන ලදී. 1994 නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා පොදු යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංශෝධනයකින් පසුව, පසුව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබා දුනි.

    2001 මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් අනතුරුව ඔහු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික වශයෙන් පත් කරන ලදී. 2004 දී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කැබිනට් පත්‍රෙය් දී වරාය, ගුවන් සේවා සහ මාධ්ය කටයුතු අමාත්යවරයා බවට පත්විය.

    2005 ජූනියේ දී කුමාරතුංග සමග ගැටුමෙන් පසු ඔහු මාධ්‍ය අමාත්බැ‍යාංශයෙන්හැ බැහැර වුවත්, වරාය හා ගුවන්සේවා අමාත්‍ය ධූරයට පත් විය. ඔහු ජනාධිපති අපේක්ෂකයා සහ අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක කළමනාකරු බවට පත්විය. 2005 නොවැම්බරයේදී රාජපක්ෂ මහතා බලයට පත්වූ විට ඔහුව අගමැති වෙනුවට වෙනුවට විදේශ ඇමති තනතුරට පත් කිරීමෙන් ඔහු පුදුමයට පත් විය. එසේ වන්නට හේතුව මංගල යනු දෙපත් නයෙකු බව මහින්ද දැන සිටියා යයි දේශපාලන විචාරකයෝ පෙන්වා දී ඇත.

    2007 ජනවාරි අගදී සමරවීර විදේශ අමාත්‍ය වරයා ලෙස නැවත පත් කරන ලද අතර, ඔහු වරාය හා ගුවන් සේවා ලෙස කටයුතු කළේය. 2007 පෙබරවාරි 9 වන දින මංගලව කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන ලද අතර ඉන්පසු ඔහු නව දේශපාලන පක්ෂයක් වන ශ්‍රීලනිප (මහජන සංවිධානය) ගොඩනැගීමට කටයුතු කළේය.

    2013 ඔක්තෝබරයේ දී එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් විසින් සිදුකල සාමකාමී විරෝධතා පාගමනට බාධා කිරීම සම්බන්ධව ඔහුව මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීම උසාවි නියෝගයක් නිකුත් කළේය.

    2015 ජනවාරි 12 වන දින අලුතින් පත් වූ ජනාධිපති මෛත්රීපාල සිරිසේන යටතේ විදේශ කටයුතු අමාත්‍ය ලෙස නැවත සමරවීර නැවත පත් කරන ලදී.ඉන් අනතුරුව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් සිය පක්ෂය එනම් එක්සත් ජාතික පක්ෂය සහ එහි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කිරීමව වෙනුවෙන් සිදුකල අප්‍රහිත කැපකිරීම නිසාවෙන් මේ වන විට මුදල් ඇමති ලෙස අත්නෝමතික තීන්දු තීරණ ගණිමින් රටේ ආර්ථිකය විනාශ කරමින් සිටී.

    ලංකාව තුල සමලිංගිකත්වය නීතිගත කිරීම වෙනුවෙන් වැඩිම දායකත්වයක් දක්වන්නේද මංගල පිංසිරි බව නොරහසකි.

    ඉතිං , රට වෙනුවෙන් රටේ ආර්ථිකය වෙනුවෙන් යමක් කිරීමට හැක්කේ රවීටද ? එහෙමත් නැත්නම් මංගල පිංසිරිටද කියා එජාපට නොදැනුනත් මේ රටේ අනාගතය ගැන සිතන බුද්ධිමත් ඔබට වැටහෙනවා නොඅනුමානයි.

  • ඇමැතිලා නැති උනාට අවුලක් නෑ ‍ලේකම්වරුන්ට පුළුවන්

    ඇමැතිලා නැති උනාට අවුලක් නෑ ‍ලේකම්වරුන්ට පුළුවන්

    ශ්‍රී ලංකාවේ මේ වන විට අණ්ඩුවක් ක්‍රියාත්මක නොවූවද අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනවල කටයුතු කිරීමට බාධාවක් නැති බව ‍‍‍ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීහු සඳහන් කරති.

    අමාත්‍යාංශ හා මේ යටතේ ඇති සෑම රාජ්‍ය ආයතනයකම කටයුතු සඳහා 2018 දෙසැම්බර් 31 දක්වා මුදල් ප්‍රතිපාදන ලබාදී තිබෙනවා. අමාත්‍යාංශවල ‍ලේකම්වරු ඒ ආයතනවල ප්‍රධාන ගණන්දෙන නිලධාරියා ලෙස ඒ වෙන්කර දී ඇති මුදල් වියදම් කරන්න පුළුවන්. නිලධාරීන් අතින් වැරදි සිදුවනවා නම් ඒ ගැන අධීක්ෂණය කරන්න ජනාධිපති ‍ලේකම්ට පුළුවන්. මේ නිසා අගමැති හා අමාත්‍ය මණ්ඩලය නොමැති වූවායැයි කියල අමාත්‍යාංශවල හෝ රාජ්‍ය ආයතනවල කටයුතුවලට බාධාවක් නෑ යැයිද ඔවුහු කියති.

  • හිටපු කොටි 8000 ක්‌ කැනඩාවේ

    හිටපු කොටි 8000 ක්‌ කැනඩාවේ

    කැනඩාවේ හිටපු කොටි ක්‍රියාකාරීන් 8000 ක්‌ සිටින බවත් ඔවුන් අතර අතුරුදන් වූ හිටපු කොටි හමුදා නායකයන් ඇතුළු කොටි 2000 ක්‌ දෙනා එහි දේශපාලන රැකවරණය ලබා ඇති බවත් හෙළිව තිබේ.
     
     කැනඩාවේ මෙපමණ කොටි ක්‍රියාකාරීන් සංඛ්‍යාවක්‌ සිටින බවට කැනඩා පොලිසිය මුල් වරට අනාවරණය කර තිබේ.
     
     මේ කොටි අතර කොටි නෞකා ජාලයේ ප්‍රධානියා ද වේ. ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස වවුනියා මහාධිකරණය නියෝග කර තිබිණි.
     
     එහෙත් කැනඩා රජය කොටි නෞකා ජාලයේ ප්‍රධානියා මෙරටට භාරදීම ප්‍රතික්‌ෂේප කර ඇත.
     
     මේ අතර කැනඩාවේ ටොරොන්ටෝ නුවර ආරංචි මාර්ග පැවසුවේ වව්නියාවේ සිට කැනඩාවට පැනගොස්‌ දේශපාලන රැකවරණ ලත් හිටපු කොටි සිය අනන්‍යතාව වෙනස්‌ කර ඇති බවයි.
     
     අතුරුදන් වූවන්ගේ සංවිධාන කැනඩාවේ සිටින හිටපු කොටි කවුද කියා අද වනතෙක්‌ විමර්ශනය කර නැතැයි ද එම ආරංචි මාර්ග පළ කළේය.

     

  • සමහරු බණිනවා සමහරු හොඳයි කියනවා පුදුම ප‍්‍රතිචාරයක්නේ මට තියෙන්නේ

    සමහරු බණිනවා සමහරු හොඳයි කියනවා පුදුම ප‍්‍රතිචාරයක්නේ මට තියෙන්නේ

    රවීණ කලා ශිල්පී ජයසේකර අපොන්සු සිය තනිකඩ දිවියට යළිත් තිත තබා ඇති බව පසුගිය සතියේ රිද්ම අතිරේකය ජයසේකර අපොන්සු සහ ඔහුගේ නව සහකාරියවන සුජාතා ප‍්‍රියදර්ශනී සමග කළ සම්මුඛ සාකච්ඡාවකින් පාඨක ඔබ වෙත මුල් වරට අනාවරණය කළා. එය රටේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ උණුසුම් පුවතක් බවට පත් වූයේ 67හැවිරිදි ජයසේකර අපොන්සු අතගත් සහකාරිය 25 හැවිරිදි තරුණියක වීම නිසයි. එබැවින් මෙ ලිපිය රිද්ම අතිරේකයේ පළවීමෙන් අනතුරුව පාඨකයන් බොහෝ පිරිසක් අප අමතා නව යුවළ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසා සිටියා. එපමණක් නොව රිද්ම අතිරේකයේ පළමු සම්මුඛ සාකච්ඡාව අපේ රටේ බොහෝ වෙබ් අඩවි විසින්ද එලෙසින්ම උපුටාගෙන නැවත පළ කොට තිබුණා. එම ලිපිය රිද්ම අතිරේකයේ මුල්වරට පළවීමත් සමග තමන්ට ලැබුණු අසීමිත ප‍්‍රතිචාර පිළිබඳව ජයසේකර අපොන්සුද මුහුණු පොත හරහා සිය අදහස් ගෙනහැර දක්වන්නට අමතක කර තිබුණේ නැහැ. ඉකුත් සතියේ පළවූ සම්මුඛ සාකච්ඡාවට පාඨකයන්ගෙන් ලැබුණු ඉහළ ප‍්‍රතිචාර සලකා බලමින් එම ෆේස්බුක් සටහන් දෙක මෙවර ඔබ වෙනුවෙන් ‘රිද්ම’ අතිරේකයේ පළකිරීමට අප තීරණය කළා.

    මගේ ජීවිතේ බොරුව නෑ

    මගේ උසට වඩා තාප්ප ගහපු ලස්සන ගේ මහජන බැංකුවට ණය ගෙවන්න හැරල්ඞ් විජේසිංහට වික්කේ ඉතාම අඩුවට. එ් පළවෙනි චිත‍්‍රපටයට වෙච්ච ණය බේරන්න.

    ඒ ගැන මගේ තණ්හාවක් නෑ. ඉතිං මගේ සහෝදරියගේ ගෙදරට මට එන්න කිව්වට මං ගියේ නෑ. නංගිලාට කරදරයක් නෑ කිව්වට මං තනිකඩයා, කලා වැඩවලට ගියාම ? දෙගොඩ හරියේ යන්න එන්න වෙනවා. මල්ලිත් මට වෙනම කාමරයක් හැදුවා ac room එකක් එක්ක.

    අවන්ති නංගිගේ ගේත් හරිම ශෝක්. මම නිදහසේ ඉන්න කාමරයක් හෙව්වා.

    චන්ද්‍රරත්න මාපිටිගමගේ කරපු ටෙලි නාට්‍යක ෂූටිං ගියාම පුෂ්පා ජෙනට් රංගන සහෝදරිය හමු වුණා. මං ඒ නංගීගෙන් ඇහුවා මට නවතින්න කාමරයක් හොයලා දෙන්න කියලා. මේ අතර ඒ කාලේ නිවාස ඇමැති විමල් වීරවංශ මැතිතුමා හමුවෙලා ගෙයක් ඉල්ලූවා. එතුමා කිව්වා කලාකරුවෝ සඳහා නිවාස හදන්න යනවා, ඒක කරද්දී ඉස්සෙල්ලාම ගේ දෙන්නම්  කියලා. පුෂ්පා ජෙනට් නංගී කිව්වා අපේ ගෙදර හොඳම කාමරයක් තියෙනවා අයියා ඇවිත් බලන්න කියලා. මං ගිහින් බැලූවා හරිම ශෝක්.

    කාමරේ ඒසීත් තිබුණා. ඇටෑච් බාත් රූම් එක්ක මාසික කුලියත් හරිම සාධාරණයි.

    ඒ කාමරේ අවුරුදු 8ක් මං හිටියා පුෂ්පා නංගිගේ දුවලා දෙන්නා මගේම සහෝදරියෝ වගේ. පුෂ්පා ජෙනට් නංගිත් මගේ සහෝදරියක් වගේ. කිසිම මොහොතක සිත් රිදවීමක් ඔවුන්ගෙන්වත් මගෙන්වත් සිදු වුණේ් නෑ. මගේ හිතට ආදර වන්තියක් ඇතුල් වුණා. එ් සුජාතා ප‍්‍රියදර්ශනී. කිසිම කෙනෙක්ට මං මේ ගැන කිව්වේ නෑ. දවසක් ඇගේ පියා සමග මට විස්කෝතු කෙසෙල් කෑම රැගෙන සුජාතා ප‍්‍රියදර්ශනී කාමරේට ආවා. ඇගේ පියා අපේ සම්බන්ධය දැනගෙන හිටියේ නෑ.

    කාමරේ මකුලූ දැල් දැකලා සුජාතා කිව්වා මෙච්චර ලස්සන කාමරේ මකුලූ දැල් හින්දා කැතවෙනවා නේ කියලා. මං ඇයට කිව්වා මානව දයාව අනුව ඔය මකුලූ දැල් කඩන්නෑ කියලා. සුජාතා එකට එක කියන් නෑ. ඇයත් මගේ අදහසට එකඟ වුණා. අපේ ආදරේ අවුරුදු හතරක් වෙනකොට සුජාතා කරපු පෝන්සිම් රස්සාවෙන් ඇය හොඳ වේතනයක් ලබමින් හිටියා. මම ඇගේ රැකියාව කරපු බණ්ඩාරවෙල ගිහින් ඇගේ රැකියාවට අවශ්‍ය වීදි නාට්‍යයකුත් පුහුණු කළා. ඇය ඒ රැකියාවෙන්  මුදල් එකතු කරලා මැදවච්චියේ ලස්සන ගේකුත් හැදුවා. මං සත පහක් මේ සඳහා. වියදම් කළේ නෑ. ඇය මගෙන් සූරාකන්න ආපු ආදරවන්තියක් නෙමෙයි. කොහොම හරි සුජාතාට මං කඩෙන් කාලා ඉන්න එක ගැන දුක හිතිලා කාමරේට ආවා කරපු රැකියාවෙන් අයින් වෙලා. දෙමව්පියන් මොනවා කිව්වත් කමක් නෑ කිව්වා. පුෂ්පා ජෙනට් නංගිට ඇත්තම කිව්වා. සතියක් යද්දී පුෂ්පා නංගී මට කිව්වා අයියා සුජාතා හරිම ශෝක් අයියාට හොඳටම ගැළපෙනවා කියලා. මං බයේ හිටියේ ලොකු නංගිගේ ආශීර්වාදය ගැන. ඇයත් තේරුම් ගත්තා සුජාතා හොඳ බව. මගේ පවුලෙ අයගේ ආශීර්වාදය හරි මට සතුට එයයි. මේ ළඟදී ලක්බිම රිද්ම පත්තරේට අපි ගැන ආටිකල් එකක් ගත්තා. අපි ඇත්තම කිව්වා. අපි ඒ අලංකාර මනරම් කාමරය අතෑරලා කුස්සියක් සාලයක් තියෙන කුලී ගේකට ආවේ සුජාතාට රසට උයන්න පුළුවන් හින්දා. මට දැන් උදේට දවල්ට හෝටල්වලට යන්න  ඕන නෑ. මං දැන් ටෙලි නාට්‍යයක් ලියනවා. නිවීසැනසිල්ලේ අලූත්ම වේදිකා නාට්‍යයකුත් ලියනවා.

    අයියගේ පෙම් පටළැවිල්ල ගැන අදහස් දක්වලා ජනතාවට විහිළු සපයන්න මම කැමැති නැහැ

    – අවන්ති අපොන්සු

    සිය සොහොයුරා පිළිබඳ අදහස් දක්වමින් ප‍්‍රවීණ රංගන ශිල්පිනී අවන්ති අපොන්සු මීට වසරකට පමණ පෙර රිද්ම අතිරේකය සමග කළ සාකච්ඡුාවකදී පැවැසූ කාරණාවක් වූයේ සොහොයුරා නැවතත් විවාහයක් ගැන සිතනවාටවත් තමන් කිසිසේත්ම අකමැති බවයි. සිය සොහොයුරාගේ අලූත් ජීවිතය ගැන ඇය දැන් දක්වන අදහස් කෙබ`දුදැයි රිද්ම පසුගිය දිනක අවන්ති අපොන්සුන්ගෙන් විමසූ අවස්ථාවේදී ඇය ප‍්‍රකාශ කළේ එ් ගැන අදහස් පළකර ජනතාවට විහිළු සපයන කෙනෙකු බවට පත්වීමට තමන් අකමැති බවයි.

    වයස් පරතරය අපට ප‍්‍රශ්නයක් නෙමෙයි

    මේ දවස්වල මුළු රටේම නෙමෙයි ලෝකයේ ම සිංහල අය ද්‍රවිඩ මුස්ලිම් බර්ගර් හැමෝම අතරේ මං (ජයසේකර අපොන්සු* අතිවිශාල ජනප‍්‍රියත්වයට පත්වෙලා. ඊයේ කඩුවෙල පෙට‍්‍රල් ෂෙඞ් එකේදී හ`දුනන්නේ නැති නෝනා කෙනෙක් ඇවිත් ”හලෝ ඔයා නේද සුජාතා ප‍්‍රියදර්ශනී සුබ මංගලම් මිස්ට අපොන්සු කියලා” අපිට සුබ පැතුවා. මේ අපේ සම්බන්ධය ගොසිප් එකේ දාලා. හැබැයි සුබපැතුම් එක්ක. කමෙන්ට්ස් මහා ගොඩාක් ඇවිත්. බැණලා සුබ පතලා. සමහරු අහලා මේ කෙල්ලට ලංකාවේ කොල්ලෙක් නැතුවද මේ ….කියලා. අපිට මේවා ගානක් නෑ. මේ ළ`ගදී මම උත්සවයකට ගිහින් කාර් එක නැවැත්තුවා පොල් ගහක් යට.

    ඇවිත් බලනකොට පොල්ගෙඩියක් වැටිලා කාර් එකේ පිටිපස්සේ වින්ස්ක‍්‍රීන් එක සම්පූර්ණයෙන්ම බි`දිලා. මේක දැක්කගමන් මට පොඞ්ඩක්වත් හිතට වේදනාවක් දැනුණේ නෑ.

    ඒ වෙලාවේ සුජාතා මට කිව්වා හැමදේම අනිත්‍යයි ඒත් මං බිෙ`දන්නෑනේ කියලා. අපි දෙන්නා සතුටෙන් හිනාවෙනකොට එතනට ආපු මහත්තයෙක් හාපෝ මාර අප්සට් එකක් නේ හිතට ගොඩාක් අමාරු ඇතිනේද කියලා ඇහුවා.

    අපි දෙන්නා සැහැල්ලූවෙන් හිනා වුණා. සුජාතා කිව්වා කිසිම අප්සට් එකක් නෑ කියලා. අපි ජෝඩුව අවුරුදු පහක් ඇසුරු කළා වයස පරතරයක් අපිට නෑ.

    සමහරු මේකේ සටහන් කරන්න බැරි කමෙන්ට්ස් එවලා. හුඟාක් අය ආදරේ විවාහය මනින විදිහට නෙමෙයි අපේ විවාහය. මම එයාට වෙලාවකට ළමයෙක්. අපේ අම්මගෙන් මට ලැබුණේ ඉහළම සෙනෙහසක්. ඊට සමාන සෙනෙහසක් සුජාතාගෙන් මට ලැබෙනවා. වෙලාවකට ඇය අහිංසක ගුරුතුමියක්. මාව ඇය බාල කරන්නෑ.

    සමාජය ගැන ඇය හො`දින් දන්නවා. මගෙන් හූරා ගන්න මිල මුදල් මං ළඟ නෑ. ඇය ලස්සන ගේ පොඞ්ඩක් හදලා තියෙනවා. ඇය කරපු සිම් රැකියාවෙන් හම්බකරපු මුදල් ඉතුරු කරලා. මම ඒ රැකියාව කරපු තැනට ගිය නිසා දන්නවා. ඇගේ උත්සාහය ගැන ඇගේ දිරිය ගැන. මේ සම්බන්ධය නිසා ආශීර්වාදය වගේම දෝෂාරෝපණයත් ඇහෙනවා, පේනවා. අපි ආශීර්වාදය ආශීර්වාදයෙන් පිළිගන්නවා.  දෝෂාරෝපණ කනට  හිතට ඇහැට ගන්නේ නෑ.

  • කාත්තන්කුඩි හෝටලයක හිකනල් කොත්තු විකුණලා

    කාත්තන්කුඩි හෝටලයක හිකනල් කොත්තු විකුණලා

    කොත්තු රොටිවල හිකනල් හිසක් තිබීම නිසා කඩයට සීල් තැබූ සිද්ධියක් කාත්තාන්කුඞ්හි ප‍්‍රදේශයෙන් වාර්තාවේ.

    කාත්තන්කුඩි ප‍්‍රධාන මාර්ගයේ හෝටලයක විකිණු කොත්තු රොටිවල හික්නලාගේ හිස තිබී ඇත. 

    මේ සම්බන්දව පාරිභෝගියකු මහජන සොඛ්‍ය පරික්ෂකවරුන්ගේ අවධානයට ලක්කිරීමෙන් අනතුරුව සෝදිසි මෙහෙයූමක් කළ නිලධාරින් මිනිස් භාවිතයට නොසුදුසු කෑම වර්ග විකිණීමේ චෝදනාමත කඩයට සීල් තබා ඇති අතර කෑම වර්ග බාරයට ගෙන ඇත

  • මන්තී‍්‍රවරු 225 ම අත්සන් කළත් රනිල්ට අගමැතිකම දෙන්නේ නැහැ

    මන්තී‍්‍රවරු 225 ම අත්සන් කළත් රනිල්ට අගමැතිකම දෙන්නේ නැහැ

    පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරු 225 දෙනාම අත්සන් කර ඉල්ලීමක් කළත් අගමැති ධුරය රනිල් වික‍්‍රමසිංහ මහතාට ලබා නොදෙන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා එජාපෙ නායකයන් හමුවේ ඊයේ (03) කර ඇත. 

    රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයාත් එජාප නායකයනුත් අතර ජනාධිපති කාර්යාලයේදී ඊයේ රාත්‍රී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

    අගමැති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන ලෙස එජාපෙ නායකයන් මෙහිදී දැඩි ඉල්ලීමක්‌ කළ ද අගමැති ධුරය ලබා දෙන්නේ තමන් කැමති අයකුට පමණක්‌ බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

    එක්‌සත් ජාතික පෙරමුණ නියෝජිතයන් එහිදී නීතිමය තත්ත්වය පිළිබඳව කරුණු ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇත. එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ අගමැතිවරයා හා ඇමැති මණ්‌ඩලයට එරෙහිව අතුරු තහනම් නියෝග මිසක්‌ එම තනතුරු අහෝසි කරන ලෙස අධිකරණය නියෝගයක්‌ ලබාදී නැති බවයි.

    ජනාධිපතිවරයාත් එක්‌සත් ජාතික පෙරමුණේ නායකයනුත් අතර පැවැති මෙම සාකච්ඡාව විනාඩි 45 ක්‌ පමණ පැවැත්වූ බවත් මේ අනුව එම සාකච්ඡාව අසාර්ථක වූ බවත් එජාපෙ නායකයෝ  ප්‍රකාශ කළහ.

    ලක්‍ෂමන් කිරිඇල්ල, රාවුµa හකීම්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන්, රාජිත සේනාරත්න, සජිත් ප්‍රේමදාස, මලික්‌ සමරවික්‍රම යන මන්ත්‍රීවරු ඇතුළු එජාපෙ නියෝජිත පිරිසක්‌ මෙම සාකච්ඡාවට සහභාගි වී සිටියහ.

  • බලයේ සිටි රජය රට අගාධයට ගෙන යමින් සිටිය නිසා එය වෙනස් කිරීමට සිදුවුණා

    බලයේ සිටි රජය රට අගාධයට ගෙන යමින් සිටිය නිසා එය වෙනස් කිරීමට සිදුවුණා

    බලයේ සිටි රජය දිනෙන් දින රට අගාධයට ගෙන යමින් සිටි නිසා එම තත්ත්වය වෙනස් කිරීම වෙනුවෙන් කටයුතු කිරීමට සිදුවූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
     
     අතුරලියේ රතන හිමියන් මේ බව කියා සිටියේ රාජගිරියේ පිහිටි සදහම් සෙවණ ධර්මායතනයේදී පෙරේදා (02) පැවැති ශී‍්‍ර ලංකා ජාතික මහා සභාවේ පළමු සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද පැවසූහ.
     
     මේ වන විට රටේ ව්‍යාකූලත්වයක් පවතිනවා. මමත් මේ මොහොතේ රටේ පවතින ව්‍යාකූලත්වයේ කොටස්කරුවෙක්. ගිය ආණ්ඩුව තිබුණා නම් රට හොඳට තිබෙන බව එයින් අදහස් වෙන්නේ නෑ. දේශපාලන වෙනසක් කියන්නේ කම්පා විය යුතු දෙයක් නොවෙයි. එය ආරක්‍ෂා කර මීට වඩා උසස් තැනකට රට ඔසවා තැබිය හැකියි.
     
     රටේ ජනාධිපතිවරයා විසින් තමන්ගේ දේශපාලන ප‍්‍රතිවිරුද්ධවාදියා වූ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත්කර තිබෙනවා. මෙය සදාචාරාත්මක නොවන දෙයක් බවට සමහරු කීවත් මෙම පත් කිරීමට හේතු තිබෙනවා. ජනාධිපතිවරයා ඝාතන කුමන්ත‍්‍රණය ඇත්තක් ද මා දන්නේ නැහැ. නමුත් එයට කිහිප දෙනෙකුව දැනට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නිසා මෙය විහිළුවක් වෙන්න බැහැ.
     
     දැන් ජනපතිවරයා පත් කළ අගමැතිවරයාට පාර්ලිමේන්තුව කැමති නැති බව කියනවා. ඒක ඇත්ත. එහෙත් අකමැත්ත ප‍්‍රකාශ කරන නීතියක් රීතියක් ප‍්‍රතිපත්තියක් තියෙනවා. ඒ නිසා කථානායකවරයා මුලින් කළ යුතුව තිබුණේ විධායකය දුන්නු තීන්දුව පිළිගැනීමයි. ඉන් පසුව විශ්වාසභංගය සාකච්ඡුා කරන්න තිබුණා. එහෙම නැතිව විනාඩියෙන් විශ්වාසභංගය සම්මත කළා. මම ගැටුම මැදත් සාකච්ඡුා කර කටයුතු කරන ලෙස කථානායකවරයා අසලට ගොස් ඉල්ලීමක් කළා.
     
     එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත් වුණු මා පිනට පත් වූ අයකු බව එම පක්‍ෂයේ අය කියනවා. ඒත් අපි නොසිටියා නම් එක්සත් ජාතික පක්‍ෂයේ අයට ඇමැතිකම් කරන්න වෙන්නේ නැහැ. අපි තමයි ඒ ජනමතය හදා මෛති‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති පුටුවට පත් කළේ. මෙය මට පිනට ලැබුණු මන්තී‍්‍ර ධුරයක් නොවෙයි. අපටත් සමාජයේ වටිනාකමක් තිබෙනවා. 
     මීට පෙර පැවති රජය පරාජය කරන්නට හේතු ගණනාවක් තිබෙනවා. ඒ ආණ්ඩුව බලයේ සිටින හැම දවසකම අපට රට නැති වූ නිසයි. ති‍්‍රකුණාමලයේ සිට මන්නාරම දක්වා අක්කර 250000 ක් විදේශීය සමාගම්වලට දෙන්න ඔවුන් සැලසුම් කළා. ඒ ගැන රටේ විපක්‍ෂය දන්නවාද? එහි හමුදා කඳවුරක් පිහිටුවන්න යනවා එයත් ශී‍්‍ර ලංකා හමුදාවට අයිති එකක් නොවෙයි. මේ ගැන සාකච්ඡුා කරන කමිටුවේ ඉන්න ඉන්දියානු හා ජපන් තානාපතිවරුනුයි මේ කමිටුව කැබිනට්ටුවේ සම්මත කරලාවත් නෑ. හම්බන්තොට වරාය විදේශයට දුන්නේ පාඩුවටයි. රජයේ අසාර්ථක වතු, හෝටල් හදන්න ජාවාරම්කරුවන්ට දෙන්න තීරණය කර තිබුණා. බස්නාහිර පළාතේ විශාල කාර්මීකරණයක් කරන්න ගියත් ඒ සැලසුම් අපි දන්නෙත් නැහැ.
     
     දැන් රට ගොඩනැඟීමට අපි කළ යුත්තේ කුමක්ද? දැන් අධිකරණ කි‍්‍රයාවලියක් තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හා අධිකරණ විනිසුරුවරුන් කියන්නෙ දෙවිවරු නොවෙයි. ඒ අයට වැටුප් ලැබෙන්නේ ජනතාවගේ බදු මුදලින්. මේ රට අස්ථාවර වෙනවා නම් කැරලි ඇතිවෙනවා නම් ඒක වලක්වන්න ඔවුන්ට පුළුවන්. අධිකරණමය තීන්දුවක් දෙන විට නීති පොතේ අකුරු වගන්ති පමණක් නොව ඊට එහා ගිය රට හා ජනතාව පිළිබඳව කල්පනා කර තීන්දු ගැනීමේ හැකියාව අධිකරණයට තිබෙනවා. එවැනි තීන්දු ලෝකයේ අධිකරණ මගින් ලබාදී තිබෙනවා.