Tag: breaking post

  • පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය විකිණූ කොළඹ හතේ රූපලාවන්‍යාගාර හිමිකාරිණියට වැඩ වරදී…

    පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය විකිණූ කොළඹ හතේ රූපලාවන්‍යාගාර හිමිකාරිණියට වැඩ වරදී…

    කොළඹ 7 ග්‍රෙගරීස් රෝඩ් හි පවත්වාගෙන යන සුප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයක හිමිකාරිනියක් විසින් ඒ අවට පිහිටා ඇති ජාත්‍යන්තර පාසල් වල දරුවන් හට ඩාන්සින් වර්ගයේ මත් ද්‍රව්‍ය ඉතා අඩු මිලට විශාල ප්‍රමාණ වලින් විකිණීම සම්බන්ධයෙන් ඉහත කී පාසලක ඉගෙනුම ලබන දරුවකුගේ පියෙක් විසින් දුන් ඔත්තුවක් ඔස්සේ ක්‍රියාත්මක වුන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යන්ශය එම ස්ථානයේ ක්ෂණික වැටලීමක් කල බවත් එහිදී එම ස්ථානයේ තිබී අදාල මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගැනීමට හැකිවී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග වල සඳහන් වේ.

    ඉහත කී එම රූපලාවන්‍යාගාරයේ හිමිකාරිණිය සුපිරි පන්නයේ දිවිපෙවෙතක් ගතකරන බවත් ඇය තදින්ම කුෂ් නැමැති මත්ද්‍රව්‍යට ඇබ්බැහි වී ඇති බවත් ඇය පිළිබඳව කල සරල විමර්ෂණ වලදී හෙලිවී ඇති අතර බම්බලපිටියේ ඇති සුපිරි සාප්පු සංකීරණයක තම වෙළද ආයතනය පවත්වාගෙන යන මුස්ලිම් තරුණයකු සිය තාවකාලික ලිංගික වල්ලභයා ලෙස ඇය විසින් මේ වන විට තෝරාගෙන ඇති බවත් ඩුබායි සිට ඇයට මෙම මත්ද්‍රව්‍ය ගෙන ඒමට ඒජන්ත වරයා ලෙස පෙනීසිටින්නේ ඔහු දැයි ප්‍රභල සැකයක් මතුවන හෙයින් මේ වන විට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යන්ශය විසින් මැයගේ තාවකාලික සහකරුවන්ගෙන් සියයකටත් එකක් වන එම මුස්ලිම් තරුණයා ගැන සෙවීමට පටං ගෙන ඇති බව එම ආරංචි මාර්ග වල වැඩිදුරටත් සඳහන් වේ.

    මෙම සිද්ධිය සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යන්ශය විසින් නඩුවක් ගොනුකර ඇති අතර නඩු කටයුතු වලට එම රූපලාවන්‍යාගාර අධිපතිනිය විසින් ඇයට සමීප , සරලවම කිව්වහොත් ඇයගේ පහස ලබන ලොකු ලොකු පුටු වල සිය පෂ්චාත්භාගය රත්කරන ලොක්කන් නිසා,(ඒ අතර චීවරධාරිකේද සිටින බවට තොරතුරු ලැබී ඇත) නීතිය වල් වැදේදෝ යන සාධාරන බය හේතුවෙන් මේ පිළිබඳව වැඩි විස්තර පොලිස් ආරංචිමාර්ග වල සඳහන් නොවන බැවින් ලද විගස ඔබ වෙනුවෙන් එම විස්තර ඉඳිරිපත් කිරීමට අප සපථ කරමු.ඒ මන්ද යත් යාන්තමින් හය හතර කියවන අපේ දරු පරපුර මත් රකුසාට බිල්ලට දෙමින් තමන්ගේ සුර සැප පතන මෙවන් දහදුරා ගැහැණුන්ගේ නිරුවත රට හමුවේ හෙළිකිරීමටත් එමෙන්ම මෙවන් දුර්ජනයින්ට උපරිම දඩුවම් දීමටත් අප නිරතුරුවම අපේ මාතෘභූමිය වෙනුවෙන් බැඳී සිටින බැවිනි.

    රටේ හෙට දවස තීරණය කරන අපේ දරුපරපුර රැකගනිමු!!! ඒ වෙනුවෙන් සියළු බේද හැරදා එකතු වෙමු!!!

    මාතෘභූමියට ජය!!!!!

     

  • නාමල්ගේ නමට තවමත් ලියැවෙන රත්තරන් කාර්

    නාමල්ගේ නමට තවමත් ලියැවෙන රත්තරන් කාර්

    නිපුනට වුවමනා වූයේ තමාගේ මෝටර් රථයට සියයට සියයක් අන් අයගේ අවධානය යොමුකර ගැනීමටය. එම නිසා ඔහුගේ මෝටර් රථයට වෙනස්ම ආකාරයේ දෙයක් කිරීමට වුවමනා විය. ඔහුම ඒ ගැන කල්පනා කළේය. අවසානයේ ඔහු මෝටර් රථය සම්පූර්ණයෙන් රත‍්‍රන් වර්ණයෙන් ආලේපනය කිරීමට තීරණය කළේය.
     
     නුවර ප‍්‍රදේශයේ මෝටර් රථ නවීකරණය කරන ස්ථානයකට නිපුන ගියේය….
     
     යහපාලන ආණ්ඩුව බලයට පත්වුණි. ඒ 2015 වර්ෂයේදී ය. එලෙස බලයට පත් වූ එම ආණ්ඩුවේ මැති ඇමැතිවරු වැරදි සෙවීමට පටන් ගත්හ. ඒ ඔවුන් බලයට පත්වීමට පෙර ආණ්ඩුවේ සිටි මැති ඇමැතිවරුන්ගේ ය. එයිනුත් ප‍්‍රධාන ලෙස චෝදනා එල්ල වූයේ නාමල් රාජපක්‍ෂටය.
     
     එයහපාලන ආණ්ඩුවේ සමහර මැති ඇමැතිවරු නාමල් රාජපක්‍ෂට රත්රන් කඩු” රත‍්‍රන් අශ්වයෝ සහ ලැම්බෝගිනි මෝටර් රථ ආදිය ඇති බවට චෝදනා එල්ල කළහ. යහපාලන ආණ්ඩුව බලයට පත් වී දින කිහිපයක් යන්නට මත්තෙන් හිටපු නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක අරලියගහ මන්දිරයට පැමිණ මාධ්‍ය සංදර්ශනයක් පවත්වමින් නාමල්ගේ රත‍්‍රන් කඩු අශ්වයෝ සෙව්වේය. එහෙත් ඔහුට රත‍්‍රන් කඩු” අශ්වයෝ සොයාගැනීමට නොහැකි විය.
     
    raththarn car2අවසානයේ රන්ජන් රාමනායක අරලියගහ මැඳුරේ තිබී රන් ආලේපිත කඩුවක් සොයා ගත්තේය. පසුව සොයා බැලීමේදී එය සිහිවටනයක් ලෙස අරලියගහ මන්දිරයට ලැබුණු කඩුවකි. එහෙත් රන්ජන් එය රත‍්‍රන් කඩුවක් යැයි පවසා නාමල්ට චෝදනා එල්ල කළහ.
     
     රත‍්‍රන් කඩු” අශ්වයෝ සොයා ගැනීමට නොහැකි වු කල නාමල්ගේ ලැම්බෝගිනි මෝටර් රථ සෙවීමට එම යහපාලන ආණ්ඩුව උත්සාහ කළේය. ඒ අනුව කඩුවෙල ප‍්‍රදේශයේ නිවසක තිබූ මෝටර් රථයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තේය. ඒ යහපාලන ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරුන් කිහිපදෙනෙකුගේ නියෝගයකට අනුවය.
     
     එය ‘ෆෝර්ඞ් මස්ටෑන්ග්. මෝටර් රථයකි. එහෙත් එකල මාධ්‍ය හරහා එය ප‍්‍රචාරය කළේ නාමල් රාජපක්‍ෂගේ ලැම්බෝගිනි මෝටර් රථය බවයි. එහි හිමිකරු එය තමන්ට අයිති ‘ෆෝර්ඞ් මස්ටෑන්්ග්. මෝටර් රථය බව පැවසුවත් යහපාලන ආණ්ඩුව එය පිළිගත්තේ නැත. ඔවුන් පුනපුනා පැවසුවේ එය නාමල් රාජපක්‍ෂගේ ලැම්බෝගිනි මෝටර් රථය බවයි.
     
     දින සති ගණන් ගතවිය. එම මෝටර් රථයේ අයිතිකරුට එය ආපසු ලැබුණේ නැත. අවසානයේ අයිතිකරු තමාට වූ අසාධාරණය පිළිබඳව අධිකරණයේ නඩුවක් ගොනු කළේය. වසර දෙකක් එම නඩුව විභාග කෙරුණි. අවසානයේ අධිකරණය විසින් එය නාමල් රාජපක්‍ෂට අයිති මෝටර් රථයක් නොවන බව තීන්දු කළේය.
     
     අවසානයේ නියම හිමිකරුට මෝටර් රථය ලැබිණිි. එහෙත් වසර දෙකක් එම මෝටර් රථය එකම තැන නවතා තිබූ බැවින් විශාල ලෙස විනාශ වී තිබිණි. නාමල්ගේ ලැම්බෝගිනි ජවනිකාවත් අවසන් වූයේ එලෙසින්ය.
     
     එය එසේ අවසන් වුවත් යහපාලන ආණ්ඩුව නාමල්ගේ ලැම්බෝගිනි මෝටර් රථ සෙවීම නතර නොකළේය. එකල එම ආණ්ඩුවේ සිටි මන්ත‍්‍රී නලින් බණ්ඩාර ‘හෙළිදරව්ව. නමින් මාධ්‍ය හමුවකදී පවසා සිටියේ ‘‘නාමල්ට අයිති ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථ තුනක් ගුවන් මගින් මැලේසියාවට යවා ඇති බවයි. එහෙත් එයද ඔප්පුකර පෙන්වීමට නොහැකි විය.
     
     යහපාලන ආණ්ඩුව බිඳවැටී නව ආණ්ඩුවක් පත්විය. ඒ පසුගිය ඔක්තෝබර් මස 26 වැනිදාය. එම ආණ්ඩුව පත් වී දින දෙකක් ගත වීමට මත්තෙන් යළිත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂට චෝදනාවක් එල්ල විය. ඒ තම පියා එනම් මහින්ද රාජපක්‍ෂ අගමැති වීමත් සමග නාමල් යළිත් රත‍්‍රන් කාර් පැදීමට පටන්ගෙන ඇති බවයි.
     
     raththarn car3ඉන්ධන පිරවුම් හලක් අසල රත‍්‍රන් පාට වර්ණයෙන් යුතු මෝටර් රථයක් ඉන්ධන ගසන අයුරුත්” ඉන් පසු එම මෝටර් රථය ඉන් පිටව යන අයුරුත් දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ වෙබ් අඩවි ජාලාවල හුවමාරු වෙමින් තිබිණි. ඒ පින්තූර තුළට නාමල් රාජපක්‍ෂගේ පින්තූරයක් ද එකතු කර තිබිණි. එයට අමතරව එහි සඳහන් වි තිබුණේ තාත්තා අගමැති වීමත් සමග නාමල් රාජපක්‍ෂ යළි රත‍්‍රන් කාර් පැදීමට පටන් ගෙන ඇති බවයි.
     
     ඇත්තටම එම රන්වන් පැහැති මෝටර් රථයේ හිමිකරු නාමල් රාජපක්‍ෂ ද? නැත්නම් වෙනත් අයෙක් ද යන්න අපි සොයා බැලූවෙමු. අවසානයේ සත්‍ය සෙයා ගැනීමට අපට හැකි විය.
     
     නිපුන කලූපහන නුවර ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. ඔහු ව්‍යාපාරිකයෙකි. නුවර ඔහුටම අයිති ආපන ශාලාවක් තිබේ. ඔහු සාමාන්‍යයෙන් අන් තරුණයන්ට වඩා වෙනස් තරුණයෙකි. සෑම විටම ඔහුට වුවමනා වෙනස් ආකාරයේ දෙයක් කිරීමටය.
     
     දැනට මාස හතකට පමණ ඉහත නිපුන මෝටර් රථයක් මිලදී ගත්තේය. එය තරමක් සුඛෝපභෝගී එකකි. එය සුදු පැහැයෙන් යුක්තය. නිපුන එය මිලදී ගත් දින සිටම එම මෝටර් රථයට කිසියම් වෙනසක් සිදුකළ හැකි දැයි කල්පනා කළේය.
     
     ඔහු අන්තර්ජාලයෙන් නවීකරණය කළ මෝටර් රථ පිළිබඳව සොයා බැලූවේය. ඒවා පිළිබඳව දන්නා හඳුනන අයගෙන් විමසුවේය. එහෙත් ඒ කිසිවක් ඔහුගේ සිතට ඇල්ලූවේ නැත.
     
     නිපුනට වුවමනා වූයේ තමාගේ මෝටර් රථයට සියයට සියයක් අන් අයගේ අවධානය යොමුකර ගැනීමටය. එම නිසා ඔහුගේ මෝටර් රථයට වෙනස්ම ආකාරයේ දෙයක් කිරීමට වුවමනා විය. ඔහුම ඒ ගැන කල්පනා කළේය. අවසානයේ ඔහු මෝටර් රථය සම්පූර්ණයෙන් රත‍්‍රන් වර්ණයෙන් ආලේපනය කිරීමට තීරණය කළේය.
     
     නුවර ප‍්‍රදේශයේ මෝටර් රථ නවීකරණය කරන ස්ථානයකට නිපුන ගියේය. ගොස් තමාගේ සිතේ තිබෙන අදහස ඔවුනට පවසා එලෙස කළ හැකි දැයි විමසුවේය. ඔවුන් ද එසේ කළ හැකි යැයි පැවසුවේය.
     
     මෝටර් රථය රත‍්‍රන් වර්ණ ගල්වන අයුරු සහ මිල ගණන් කතා කර ගත්තේය. සති දෙක තුනක් ගතවිය. නිපුනගේ සුදු පැහැති මෝටර් රථය සම්පූර්ණයෙන් ම රත‍්‍රන් පාට විය. ඉන් පසු මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් එයට අවශ්‍ය නීත්‍යනුකූල ලියකියවිලි ද සාදා ගත්තේය.
     
     සුදු පාට මෝටර් රථය වෙනුවට නිපුනට දැන් තියෙන්නේ රත‍්‍රන් පාට මෝටර් රථයකි. ඔහු ඉතා උජාරුවෙන් එහි ගමන් කරයි. නිපුනගේ මෝටර් රථය මාර්ගයේ ධාවනය කරන විට කුඩා ළමයාගේ සිට මහලූ මිනිසා දක්වා එදෙස බලති.
     
     වර්ණය වෙනස් කළ පසු නිපුන එම මෝටර් රථයෙන් කොළඹ පැමිණියේ එක් වරකි. ඒ ඔක්තෝබර් මස 28 වැනිදාය. එනම් අලූත් ආණ්ඩුව පත් වී දින දෙකකට පසුවයි. කොළඹ පැමිණි ඔහු එක්තරා ඉන්ධන පිරවුම්හලකින් එම මෝටර් රථයට ඉන්ධන ගැසුවේය. ඒ අතර එක්තරා පුද්ගලයෙක් නිපුනගේ රත‍්‍රන් පාට මෝටර් රථයේ පින්තූර කිහිපයක් ගත්තේය.
     
     එම මෝටර් රථයේ පින්තූර ගත් පුද්ගලයා එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබල සාමාජිකයෙකි. ඔහු එම පින්තූරවලින් අලූත් ආණ්ඩුවට මඩක් ගැසීමට තීරණය කළේය. තම මිතුරන් කිහිපදෙනෙකුට ද එම පින්තූර පෙන්නුවේය.
     
     ඔවුන් සියලූ දෙනාම යෝජනා කළේ මෙම රත‍්‍රන් පාට මෝටර් රථය නාමල් රාජපක්‍ෂගේ බව පවසා බොරු ප‍්‍රචාරයක් කරමු කියාය. ඒ අනුව එම මෝටර් රථයේ පින්තූර සමග නාමල් රාජපක්‍ෂගේ ද පින්තූරයක් එකතු කළේය. ඉන් පසු එම පින්තූර යටින් ‘‘තාත්තා අගමැති වූ ගමන් නාමල් රත‍්‍රන් කාර් පදියි.. කියා ලීවේය. පසුව ෆේස්බුක් හරහා අන්තර්ජාලයට දැමුවේය. එය දැකීමෙන් සමහරු යළි කුපිත වූහ. ඔන්න නාමල් බේබි යළි වැඩ පටන් අරන් යැයි පැවසූහ.
     
     අන්තර්ජාලය එම පින්තූර හුවමාරු වීමත් සමඟ සමහරු සිතුවේ ඇත්තටම එය නාමල් රාජපක්‍ෂගේ බවයි. එහෙත් සත්‍ය එය නොවේ. එම මෝටර් රථයේ සැබෑ අයිතිකරු නිපුන කලූපහනයි. අපගේ හැඟීම වනුයේ නාමල් රාජපක්‍ෂගේ ගිණුමට එම රත‍්‍රන් පාට මෝටර් රථය බැර කර ඇත්තේ දේශපාලන වාසි ලබා ගැනීමට බවයි.

  • මේ රටේ 80%ක් ඉන්නේ සිංහල බෞද්ධයෝ… රට අයිති ඒගොල්ලන්ටයි!

    මේ රටේ 80%ක් ඉන්නේ සිංහල බෞද්ධයෝ… රට අයිති ඒගොල්ලන්ටයි!

    දැන් මේ රටේ ‘තරු’ බවට පත්ව ඇත්තේ දේශපාලනඥයන්ය. බොහෝ කලකට පෙර ඒ තැන හිමි කරගෙන සිටියේ රංගන ශිල්පීන්” කී‍්‍රඩකයන් වැනි ක්‍ෂේත‍්‍රයන්හි කටයුතු කළ පුද්ගලයන්ය. දැන් සිදුව තිබෙන්නේ විවිධ ක්‍ෂේත‍්‍රවල නම රැඳවූ බොහෝ දෙනා දේශපාලනයට පිවිස තම ‘කීර්ති නාමය. නැති කර ගැනීමය. දේශපාලනඥයෝ දේශපාලනය කිරීම පසෙක තබා කවි ගී කියති. රංගනයේ යෙදෙති. අවසානයේ සියල්ල ‘කොචොක්. එකක් බවට පත් කරති. එහෙත් ජනතාවට තරු පෙන්වන තරු ද ඔවුහුම වෙති. කලෙක ලොව පතල කී‍්‍රඩා තරුවක වූ මුත්තයියා මුරලිදරන් පසුගිය දිනෙක බී. බී. සී. – සිංහල සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් තරු දේශපාලනයේ මජර කි‍්‍රයා පිළිවෙත ගැන අදහස් දැක්විය. තරුපහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන බොහෝ දේශපාලනඥයින් අහිංසක ජනතාව භාවිත කරමින් කරන සෙල්ලම ගැන මෑත කාලයේ කළ හොඳම විග‍්‍රහය කර ඇත්තේ මුරලිදරන් බවය. මතු දැක්වෙන්නේ බී. බී. සී. – සිංහල සේවයේ මෙරට මාධ්‍යවේදී අසාම් අමීන් සමඟ මුත්තයියා මුරලිදරන් කළ විශේෂ සාකච්ඡාවේ පෙළගැස්මකි.
     
     මේක සිංහල බෞද්ධ රට. මම දෙමළ. ඔයා මුස්ලිම්නේ. හැම ජාතියකම මිනිස්සු ඉන්නවා..අපි ඔක්කොම මිනිස්සු. ළමයා බඩගින්නේ අඬද්දීදී කන්න දෙන්න බැරි නම් ඔයාට කොච්චර රිදෙනවද? මට මේ රටේ මිනිස්සු උදව් කරලා තියෙනවා. මාව ගොඩ දාලා තියෙනවා. අපිත් පුළුවන් විදියට ඒක කරන්න ඕන. අර්බුද නැති රටක් නෑ. අපි හිතනවා අපේ රට තමයි අර්බුද කියලා. දැන් තියෙන අර්බුදය ගැන ගත්තොත් මොනව හරි ප‍්‍රශ්නයක් නම් ඕක නීතියෙන් බේරගන්න. මේකට අහිංසක මිනිස්සුන්ව ගාවගන්න එපා. මේ රටේ 60%ක් විතර ඉන්නේ දවසේ පඩියට වැඩ කරන අය.. මොනව හරි උන ගමන් එයාලට කන්න නෑ. මේ ලංකාවේ 70%ක් විතර ඉන්නේ දුප්පත් මිනිස්සු. ඒගොල්ලන්ගෙ පඩිය ගත්තොත් රුපියල් 25000ක් විතර. ඉතින් ඒ ගම්වල ඉන්න මිනිස්සු බොහොම අමාරුවෙන් තුන් වේලක් කාලා ළමයින්ව ඉස්කෝලේ යවන්නේ.
     
     murali2මං ඕකට කතාවක් කියන්නම්. ඔය දෙමළ ඇමැතිවරු කතා කරනවා අයිතිය” වෙච්ච දේවල් ගැන” ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන. මං ඔය දේශපාලනය වැඩිය දන්නේ නෑ. ඇත්තටම කිළිනොච්චියේ වෙච්ච දෙයක් මේක සති දෙකකට කලින්. අවුරුදු 9 ක කෙල්ලෙක් සියදිවි නසාගත්තා. හේතුව මොකද දන්නවද? නිළ ඇඳුම් ප‍්‍රශ්නේ. ඒ පවුලේ ළමයි 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක්ට 12යි. අනිත් එක්කෙනාට 7යි. අනිත් කෙනාට 9යි. තාත්තගේ දවසේ පඩිය දෙසීයයි. අම්මා තමයි ළමයි බලාගන්නේ. බොහොම අමාරුවෙන් එක වේලක් කන්නේ. ඉස්කෝලෙට යවනවා තුන් දෙනාවම. ඒ ඇඳුම් සවුත්තු වෙලා හරි මොකක් හරි වෙලා දෙතුන් පාරක් ටීචර් කිව්වා අලූත් එකක් ගන්න. දැන් කූපන් එකක්නේ දෙන්නේ. අරගෙන මහගන්න ඕන. ඉතින් ඕක ගත්තට පස්සෙ මහගන්න රුපියල් 200ක් 250ක් යනවලූ. ඒ සල්ලි නෑ. බැලූවා බැලූවා අන්තිමට මේ ළමයා සියදිවි නසාගත්තා. ඒක බලන්න එක්කෙනෙක්වත් එක ඇමැතියෙක්වත් නෑ. කවුරුත් දන්නෙත් නෑ. අපේ තියෙනවා දුප්පත් මිනිස්සුන්ට උදවු කරන්න පදනමක්. එයාලට මේක ආරංචි වුණා. මේක දුන්නට කියනවා නෙමේ මං 25000ක් දුන්නා. අනිත් ළමයි දෙන්න වෙනුවෙන් හැම මාසෙම රුපියල් 10000 ගානේ දෙනවා. අඩුම ගානේ මේ වගේ තව එක දෙයක් වත් සිද්ධ නොවෙන්න. එක මන්ත‍්‍රී කෙනෙක් නෑ. එක ඇමැතියෙක් නෑ. ඒ අම්මා අඬනවා.
     
     අපි මෙහෙම හිතමුකෝ. ඔයාට ළමයි දෙන්නෙක් ඉන්නවා. ඔයාගේ ප‍්‍රධානම දේ මොකක්ද ඒ ළමයින්ට තුන් වේලක් කන්න දෙන්න. ඊළඟට ඉගැන්වීම. ඒ දෙකනේ ප‍්‍රධාන. ඇඳුමක් ගන්න හෝ තව දේවල් ගන්න හෝ ඒවා ඊළඟට. මේ රටේ ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ හරි අමාරුවෙන්. පරිප්පුවලින් රුපියල් 5ක් පෙට‍්‍රල්වලින් 10ක් ගියාට කොළඹ ඉන්න ලක්ෂයකට වඩා පඩි ගන්න සමහර මිනිස්සුන්ට මේ වෙනස තේරෙන්නේ නෑ. ඒ නිසා මේ රටේ ඉස්සෙල්ලම බලන්න ඕන ඕක. ප‍්‍රජාතන්ත‍්‍රවාදය නීතිය වගේ දේවල් දෙවනුවයි. මේ රටේ මිනිස්සු මට බනී. නීතිය” ප‍්‍රජාතන්ත‍්‍රවාදය මිනිස්සු තම තමන්ට ඕන විදියට හරෝගන්නවා. ඔයා වරදක් කළත් ඒක නිවැරදි කරන්න දක්‍ෂ ලෝයර්ස්ලා ඉන්නවා. සල්ලි තියෙනවා නම් ඕන දෙයක් කරගන්න පුළුවන් මේ රටේ.
     
     මාධ්‍යවේදියා – ඒ කියන්නේ මුරලි කියන්නේ ඒවට මූලිකත්වය දෙන්නේ නැතුව මිනිස්සුන්ගේ දෛනික ප‍්‍රශ්න විසඳන්න ඕන කියලා මූලිකවම?
     
     ඉතිං ඒකටනේ පාර්ලිමේන්තුවට නියෝජිතයන්ව යවන්නේ මිනිස්සු ඒ පළාත්වල ඉඳන්..
     
     මාධ්‍යවේදියා – ගොඩක් වෙලාවට උතුරේ දේශපාලකයන්ගෙන් ඇහුවොත් කියන්නේ උතුරට දේශපාලන විසඳුමක් ඕනි… ( ප‍්‍රශ්නය අහලා ඉවර වෙන්න කලින්ම මුරලි උත්තර දෙයි )
     
     මං අහන්නේ ඔයාගෙන්… මොනවද උතුරට කියලා දේශපාලන විසඳුමක් ඔයාට දෙන්න පුළුවන් කියලා කියන්න බලන්න… මම කියන්නම්… මම දෙමළි.. හරිදි.. ඔයා මුස්ලිම්නේ… හැම ජාතියකම මිනිස්සු ඉන්නවා.. අපි ඔක්කොම මිනිස්සු… මගෙන් කෑල්ලක් කැපුවත් ලේ යන්නේ ඔයාලගෙන් කෑල්ලක් කැපුවත් ලේ යන්නේ… මේවා මේ ඉතිහාසයේ ඉඳන් මිනිස්සු හදාගත්තු දේවල්. 1977 දී අපේ ගෙවල් ඔක්කොම පිච්චුවා. අපේ තාත්තගේ තාම තියෙනවා කඩුවෙන් ගහලා මැහුම් 18ක් දාපු එක. බොහොම අමාරුවෙන් තමයි බේරුණේ. ඒත් අපේ තාත්තා රට දාලා ගියේ නෑ. නෑදෑයෝ ඔක්කොම ගියා රට දාලා. ඔක්කොම ඉන්දියාවේ ඉන්නේ. ඒත් අපි ගියෙ නෑ. 1983 අපිට මොනවත් වුණේ නෑ. අපි විස්වාස කරනවා අපි මේ රටේ පුරවැසියෝ. ඇත්ත අපේ සීයලා ආවේ ඉන්දියාවෙන්. ඒ වුණාට අපි දැන් ලංකාවේ පුරවැසියෝ.
     
     ජාතීන් වශයෙන් ගත්තොත් වැරදි දේවල් වුණා දෙපැත්තෙන්ම. මං කියන්නේ නෑ සිංහල මිනිස්සු වැරදී කියලා ඔක්කොම. 5% ක් හිටියා දේශපාලන ගේම්වලදී අයුතු ප‍්‍රයෝජන අරන් තමයි මේවා කළේ. මුළු රටම විනාශ වුණා. ඒ වගේමයි ප‍්‍රභාකරන්. එයා පටන් ගත්තා දෙමළ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න. මුල් කාලේ කළා. ඒත් ඊට පස්සේ එයත් පටන් ගත්තා මිනී මරන්න. දෙපැත්තෙම මිනිස්සු මැරුණා. දැන් මේ යුද්ධයක් ඉවර කරලා තියෙන්නේ. ඉතින් 2009න් පස්සේ එයාලා ඉල්ලනවා නම් අපේ ප‍්‍රජා අයිතිය නෑ” අරක නෑ” මේක නෑ කියලා ඒක අසාධාරණයි. අපිත් සාධාරණ වෙන්න එපැයි. 80ක්% විතර ඉන්නේ සිංහල බෞද්ධයෝ. ඒගොල්ලන්ට අයිතියි මේ රට. කොච්චර නෑ කිවුවත්. ආගම්වලින් බැලූවොත් අපි සුළු ජාතිකයෝ.
     
     මං ඉස්කෝලේ ගියා. දක්ෂතාවය තිබුණ නිසා මං ආවා. මගේ දක්ෂතාවලදී සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියලා බලලද මට සපෝට් කළේ. ඒක තමයි වෙන්න ඕන. බොරුවට මේ මෙයාලා ඇවිල්ලා අපි පෙනී සිටිනවා කිවුවට දේශපාලකයෝ සාමාන්‍ය මිනිහා ගැන බලලා නෑ. මම නම් කියන්නේ නෑ මේ රටේ හිටපු ජනාධිපතිවරු දෙන්නෙක් විතරයි දුප්පත් මිනිහා ගැන බැලූවේ. 
     
     ඔයාලම හිතාගන්න කවුද කියලා. නැත්තම් කියයි මම එයාලට දේශපාලනිකව සපෝට් කියලා.. මම කාටවත් සපෝට් නෑ මම සපෝට් කරන්නේ දුප්පතාට උදව් කරලා එයලව ගොඩගන්න අයට විතරයි. මට පක්ෂයක් නෑ. දුප්පතාට උදව් කරන්නේ කවුද මම එයාලට සපෝට්.
     
     මට මේ රටේ මිනිස්සු උදවු කරලා තියෙනවා. මාව ගොඩ දාලා තියෙනවා.. අපිත් පුළුවන් විදියට ඒක කරන්න ඕන. ඒකයි මං පදනමක් හැදුවේ. දැන් අවුරුදු 18ක් වෙනවා. මං මේක හැදුවේ 2000 දී. මායි රණසිංහයි හදලා දැන් දිස්ත‍්‍රික්ක 12 ක තියෙනවා. අපේ වියදම මිලියන 200ක්. මගේ සල්ලිත් දානවා පිටරටින් ගේනවා. මොනවා හරි කරනවා. අපිට මිලියන 200ක් එකතු කරලා මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් නම් අපි පාර්ලිමේන්තුවට යවන අයට බැරි ඇයි? ඒගොල්ලන්ට කියන්න බෑ අපි මේ ණය ගත්තු නිසා කියලා. තාත්තා කෙනෙක් ගෙදරක් පාලනේ කරන්නේ කොහොමද? බලන්න කොහොමද කරන්නේ කියලා. ණය අරන් හරි කරනවා. ණය ගෙවන විදියක් බලනවා. වැඩිපුර වැඩ කරනවා. පාර්ලිමේන්තුවට මිනිස්සු යවන්නේ රට පාලනය කරලා මිනිස්සුන්ට යහපතක් කරන්නනේ. ඉතිං බඩු මිල වැඩි වෙද්දී අරක නිසා බෑ මේක නිසා බෑ කියලා කියන්න බෑ. මොකද දුන්නේ වැඩක් කරන්න. ඒක බෑ කියනවා නම් දාලා යන්න ඕන. නිදහසට කරුණු කියන්න බෑ. මට බෝල් කරන්න බැරි නම් මට නිදහසට කරුණු 25000ක් විතර කියන්න පුළුවන් මේක වුණා මට මේක නිසා ඒක බෑ ඒක නිසා මේක බැරි වුණා කියලා. නටන්න බැරි මිනිහට පොළව ඇදයි වගේ කතාවක් ඒක.
     
     අපි අමාරු කාලෙක ජීවත් වුණේ. 1977 – 1983” සහ ජේවීපී ප‍්‍රශ්න කාලේ බයෙන් ජීවත් වුණේ. මේ ගේ හැදුවේ 1997දී. මම ක‍්‍රිකට් ප‍්‍රැක්ටිස් ගියේ අතුරු පාරවල්වලින්. බයයි පාර්ලිමේන්තු පාරෙන් යන්න කොයි වෙලේ බෝම්බයක් දායිද අපිත් අහුවෙයිද කියලා. එහෙමයි ජීවත් වුණේ දෙමළ වෙලත්. දැන් යුද්දේ ඉවර වුණාට පස්සේ නිදහසේ යන්න පුළුවන්. ඒකනේ නිදහස. ඒ නිදහස හැමතැනම තියෙනවනේ. අද යාපනේ යන්න පුළුවන්නේ. මම යුද්ධ කාලෙත් යාපනේ ගියා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක වැඩ කරද්දී ජපානෙන් දීපු ආහාර බෙදලා දෙන්න ගිහින් තමිල් චෙල්වම්වත් හම්බ වෙලා තියෙනවා. දැන් ඕවා මුකුත් නෑනේ. දැන් දුප්පත් මිනිහා ගැන බලන්න පුළුවන්නේ.
     
     මාධ්‍යවේදියා – තාම යුද්දෙන් අතුරුදහන් වෙච්ච අයගේ මව්පියෝ හොයනවා එයාලව… මේ ප‍්‍රශ්නවලට විසඳුමක් දෙන්න ඕන නේද මුරලි…
     
     මට කියන්න කොහොමද විසඳුමක් දෙන්නේ. කියන්න විසඳුම කොහෙන්ද ගන්න පුළුවන්. හිතමු ෂෙල් එකක් ගහනවා ආමි එකෙන්. මැරෙනවා. කියන්න පුළුවන්ද මෙයාව තමයි මැරුවේ කියලා. එල්ටීටීඊ එකෙන් ගහනවා බෝම්බ දානවා. පැහැරගෙන ගියා කියනවා. උත්තර නෑ. යුද්ධයක් කියන්නේ ඕක. උත්තරයක් හොයන්න බැරි දේවල් ගැන කතා කරලා වැඩක් නෑ. අතීතය ගිහින් ඉවරයි. එහෙම වෙලා තියෙනවා නම් ඒ පවුල්වලට ජීවන උපක‍්‍රමයක් හදලා දීලා වන්දියක් දීලා ඒවා කරන්න ඕන. එයාලට විතරක් නෙමේ ආමි එකේ අයටත්. යාපනේ විතරක් නෙමේ මෙහේ බෝම්බවලින් මැරිච්ච මිනිස්සු කොච්චර ඉන්නවද? දෙනව නම් ඒගොල්ලන්ටත් වන්දි ගෙවන්න. කරනව නම් හැමෝටම සමානව කරන්න. දැන් තියෙන ලොකුම ප‍්‍රශ්නේ තමයි මේ රටේ ආර්ථිකේ හදලා දුගී දුප්පත් මිනිහව උඩට ගන්න එක. එකිනෙකාට එක එක මත තියෙනවා. මේක අනුගමනය කරන්න කියලා මං කියන්නේ නෑ. මේක මගේ මතය විතරයි.
     
     ඉස්සෙල්ලම බලන්න ඕන දුප්පත්කම නැතිකරන්න. ළමයෙක්ට බඩගින්නේ ඉන්නැතුව තුන් වේලක් දෙන්න ඕන. පාර්ලිමේන්තුවට යවන මන්ත‍්‍රීවරුන්ගේ යුතුකමක් ඒක.
     
     මාධ්‍යවේදියා – ගොඩක් අය කියනවා හොඳ අයව දේශපාලනේට තෝරගන්න ඕන කියලා…
     
     කොහොමද හොඳ අයව තෝරාගන්නේ? සමහර වෙලාවට කියන ඒවා බොරු වෙන්නත් පුළුවන්නේ. අරයා කොමිස් ගැහුවා” මෙයා මෙහෙම කළා කියලා. ඒවා ඔප්පු කරන්න ඕන. කවුරු වුණත් කොයි පක්ෂේ වුණත් කවුරු හරි චෝදනාවක් කරනවා නම් නීතිය ඉස්සරහා ඔප්පු කරන්න. දැන් ඔය තරඟ පාවාදීම් ගැන කතා කරනවනේ. ඕවා ඔප්පු කරන්න ඕන. ඒක ඒගොල්ලන්ට කරන අපරාධයක්. ඒ මිනිහට පාරේ බැහැලා යන්න බෑ. සනත් ජයසූරිය ලෝක පූජිත ක‍්‍රීඩකයෙක්. මාත් එක්ක ක‍්‍රිකට් ගහන්නේ පොඩි කාලේ ඉඳන්. මගේ යාලූවා නිසා කියනවා නෙමේ. චෝදනා ඔප්පු කරනකම් එයා වරදකාරයෙක් නෙමේ. ඒත් පාරේ බැහැලා යන්න බැරි තැනට මිනිස්සු කතා කියනවා. දේශපාලකයන්ටත් සමහරුන්ට ඔහොමයි. බොරු කියල හරි මිනිහව සවුත්තු කරනවා. මම කියන්නේ ඕවා ඔක්කොම පැත්තකට දාන්න. 
     
     සාමාන්‍යයෙන් මිනිහෙක් වුණාම ජීවත් වෙන්න ක‍්‍රමයක්නේ ඕන. ඔයා තාත්තා කෙනෙක්. ළමයි ඉන්නවා. ළමයා බඩගින්නේ අඬද්දීදී කන්න දෙන්න බැරි නම් ඔයාට කොච්චර රිදෙනවද? අපිට සල්ලි තියෙනවා මේවා නිසා. ඒත් දුප්පත් මනුස්සයට? මම කියන්නේ දේශපාලකයෝ ඒ තත්ත්වේ බලන්න. ඉස්සෙල්ලම ඒක නිවන්න. අධ්‍යාපනය දෙවනුව. සෞඛ්‍යය තුන්වෙනුව. අනෙක්වා ඊට පස්සේ. තාත්තා කෙනෙක් පවුල බලාගන්නවා වගේ මේ රටේ ඔක්කොම ළමයි කියලා හිතලා දේශපාලකයා වැඩ කරන්න ඕන. බැරි නම් දාලා යන්න ඕන. මං ක‍්‍රිකට් බෝඞ් එකට කිවුවෙත් ඕක. කරන්න බැරි නම් දාල යන්න තව කෙනෙක්ට කරන්න අවස්ථාව දෙන්න. 
     
     මං ඔයාට කියන්නද කතාවක්. මාව ආසියා කුසලාන 2010 දී හොඳට බෝල් කර කර ඉද්දිත් මාව ඩ්‍රොප් කළා වෙන කාරණාවක් කියලා. හැබැයි ආයේ මාව මැච් එකට ගැස්සුවා. ඒකෙන් පස්සේ තමයි මං විශ‍්‍රාම යන්න තීරණය කළේ. මාව විශ්වාස නැතිනම් වෙන මං වෙනුවට කෙනෙක් ඉන්නවා නම් මං ඉඳලා වැඩක් නෑ. ඒ වගේ දීලා යන්න ඕන. මිනිස්සු මට බනී. ඔයා හිතනවද ඔය රැස්වීම්වලට මිනිස්සු එන්නේ මං දන්න විදියට එක්කෝ කන්න දීලා බස් එකෙන් ගෙනල්ලා බස්සන මිනිස්සු තමයි වැඩිපුර ඉන්නේ. ඒක ඉතින් එයාලගේ අයිතිය. එදා වේල හොයාගන්න මිනිස්සු කොළඹට ඇවිල්ලා කෑ ගගහා ඉදීද? මං දන්නේ නෑ මිනිස්සු පිළිගනීද කියලා.
     
     සටහන – නිපුණ කෞශ්‍යාල්

  • බෆල් එකක්‌ දෙන්නම් කියා පාළු නිවසක ගරාජයක වෑන් එකකට ගෙනිහිල්ලා පාසල් දරුවාට අතවර කළ පොහොට්‌ටුවේ මන්ත්‍රී රිමාන්ඩ්

    බෆල් එකක්‌ දෙන්නම් කියා පාළු නිවසක ගරාජයක වෑන් එකකට ගෙනිහිල්ලා පාසල් දරුවාට අතවර කළ පොහොට්‌ටුවේ මන්ත්‍රී රිමාන්ඩ්

    මාතලේ – උකුවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු (පොහොට්‌ටුව) විසින් 14 හැවිරිදි පාසල් සිසුවකු වෑන් රථයක්‌ තුළදී අපහරණයට ලක්‌ කළ බවට මාතලේ පොලිසියට කරන ලද පැමිණිල්ලක්‌ මත එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත.
     
     උකුවෙල ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන මොහු ලබන 31 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතලේ වැඩ බලන මහෙස්‌ත්‍රාත් සිරිල් විමලසේන මහතා ඊයේ (19 ) නියෝග කරන ලදී.
     
     සැකකාර ප්‍රාදේශීය මන්ත්‍රීවරයා උකුවෙල – ගුරලවෙල පදිංචි දෙදරු පියෙකි.
     
     ඉකුත් 14 දින උකුවෙල – ගුරලවෙල කන්දේ මඩ ගම්මානයේ තිබූ මළගෙදරක සිය ලොකු අම්මා සමග පාසල් සිසුවාද සහභාගි වී ඇත. එම මළගෙදරට සැකකාර මන්ත්‍රීවරයාද සහභාගි වී සිට ඇත. එහිදී සැකකාර මන්ත්‍රීවරයා සිසුවා සමග උපක්‍රමශීලීව සුහද වී මිතුදමක්‌ ගොඩනගා ගෙන ටික වේලාවකින් තමන් පැමිණි යතුරුපැදියේ යතුර නැති වී ඇති බැවින් එය සොයා ගැනීමට උදව් කරන ලෙස සිසුවාගෙන් ඉල්ලා තිබේ.
     
     පාසල් දරුවා තම ලොකු අම්මාට මේ බව පවසා අවසර ගෙන මන්ත්‍රීවරයා සමග දරුවා මළ ගෙදරින් පිටතට පැමිණ යතුර සොයා ටික වේලාවකින් යතුර හමු වී ඇති බව පවසා එය සොයාදීමට උදව් කළාට පාසල් සිසුවාට තෑග්ගක්‌ ලෙස බෆල් එකක්‌ ලබාදීමට යෑයි පවසා තමා සමග පැමිණෙන ලෙස දන්වා යතුරු පැදියේ පිටුපස නංවා ගෙන මළගෙදර සිට කිලෝ මීටර් හතරක්‌ පමණ දුරින් වූ උකුවෙල නුගපිටිය ප්‍රදේශයේ පාළු වත්තක පිහිටි නිවෙසකට රැගෙන ගොස්‌ තිබේ. පසුව ඒ අසල ගරාජයක නතර කර තිබූ වෑන් රථයක්‌ තුළදී තමාව අපහරණයට ලක්‌ කළ බව සිසුවා පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයට 17 දින පැමිණිලි කර ඇත.
     
     අපහරණයට ලක්‌ වූ සිසුවා විශේෂඥ අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා මාතලේ රෝහලට ඇතුළත් කර තිබේ.

  • හින්දු පුවත්පතට තොරතුරු දුන් ඇමැතීන් අල්ලන්න අධිතාක්‍ෂණ උපාංග

    හින්දු පුවත්පතට තොරතුරු දුන් ඇමැතීන් අල්ලන්න අධිතාක්‍ෂණ උපාංග

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉන්දීය මාධ්‍යවේදිනී මීරා ශ්‍රිනිවාසන් මහත්මියට තොරතුරු ලබාදුන් කැබිනට්‌ ඇමැතිවරුන් සිව්දෙනා කවුදැයි අනාවරණය කරගැනීමට ඔස්‌ටේ්‍රලියානු රජය මෙරටට ලබාදුන් අධිතාක්‍ෂණික විද්යුත් උපාංගවලින් හැකිවන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (19) පැවසීය.
     
     මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජංගම දුරකථන පණිවුඩ ගැන සෙවීමට මේ උපාංග භාවිත කර තිබුණි.
     
     මේ වන විට එම ඉන්දීය මාධ්‍යවේදීනිය සබඳකම් පවත්වන පාර්ශව ගැන තොරතුරු රජයට ලැබී ඇත.
     
     මෙයට පෙර ජනාධිපතිවරයා නිව්යෝර්ක්‌ යැමට පෙර නතර වී සිටින හෝටලය සහ කාමර අංකයද වෙනත් පාර්ශවයකට ලැබී තිබූ බව අනාවරණය විය. මීරා ශ්‍රී නිවාසන් හින්දු පුවත්පතේ පළකළ ප්‍රකාශය ඉතා භයානක බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාද දන්වා තිබිණි.
     
     මෙය වෙනත් රටක සිදු වූවානම් ඇය අත්අඩංගුවට ගැනීමක්‌ හෝ රටින් පිටුවහල් කිරීමත් සිදුවන බවද ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසීය.

  • ඉසුරට ඉසුරක් වුවත් කොළඹට අවැඩක් උන ඉසුර දේවප්‍රිය

    ඉසුරට ඉසුරක් වුවත් කොළඹට අවැඩක් උන ඉසුර දේවප්‍රිය

    දැනට අවුරුදු තුනකට කලින් ඉසුර දේවප්‍රිය කියන්නෙ කොළඹ පළාත් සභාවෙ කොනක හිටපු මෛත්‍රී කෙනෙක් කියල ටික දෙනෙක් දැනන් හිටියට වැඩි දෙනෙක් දැනගෙන හිටියෙ නෑ… ඒත් 2015 ආණ්ඩු වෙනසින් පස්සෙ චන්ද්‍රිකාගෙ වන්දිභට්ටයෙක් වුණ ඉසුරට මහ ඇමති පුටුව හම්බෙද්දි අනිත් මෛත්‍රීලට,රටේ මිනිස්සුන්ට වඩා පුදුම වෙන්න ඇත්තෙ ඉසුර කියල කිව්වොත් ඒක වැරදි නෑ කියල අපි හැමෝම දන්නවා.. මොකද ඉසුර වගේම  කිසිම කෙනෙක් ඉසුරට ඒ වගේ භාරධූර තානාන්තරයක් හම්බෙයි කියල හීනෙකින් වත් හිතුවෙ නෑ.ගාමිනී තිලකසිරිල වගේ පරිනත දේශපාලනඥයින් බයි පාස් කරල ඉසුරට මේ තානාන්තරය හම්බුනේ ඉසුරව බළල් අතක් කරගන්න කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

    මේ අවුරුදු තුනටම ඉසුර ගැන පළවුනේ අර පාරවල් වල හයිකරපු උත්තල දර්පණ විවෘත කරන්න ගිය ඒව විතරක් වුනාට මෑතකදී ඉසුර ගැන රටම කතාකරන්න පටං ගත්තා.ඒ පළාත් සභාවෙ පුටුවකට ලක්ෂ 6 කට වඩා වැඩියෙන් දාපු එකටයි පළාත් සභාව සුවඳ කරන්න පට්ට ගානක් වියදම් කරල එයාර්ෆෙරෙෂ්නර් හයි කරන්න හදපු නිසයි.කොහොම හරි මාධ්‍ය විසින් මේ කතාව එළිදරවු කරාට පස්සෙ ඉසුර හිමීට ඒ ප්‍රශ්න වලින් ලිස්සලා ගිහින් සමහර මාධ්‍යෙව්දීන්ව මුදලට අරං දැං මේ වෙනකොට ෂේප් න්‍යායෙන් නොකර සද්ද ඉන්නවා කියල ආරංචියි.

    ඉසුරගෙ ලක්ෂ 6 පුටුව ගැන කතාකරන්න නෙමෙයි මේ හදන්නෙ ඊට වඩා ලොකු කතාවක් මේ දවස් වල තිරය පිටුපස කැරකෙනව කියල ලැබුණු ආරංචියක් කියන්නයි.පළාත් සභාවෙ ඉන්න අනිත් ජේෂ්ඨ ඇමති වරුන් හා මන්ත්‍රී වරුන් පවසන ආකාරයට ඉසුර මේ දිනවල ශ්‍රීලනපයේ හා පොහොට්ටුවේ දෙපැත්තටම කකුල් දෙක තියිගෙනළු ඉන්නෙ.ඉසුර ශ්‍රීලනිපය වෙනුවෙන් පණ වුනත් දෙනවා යැයි ජනපතිට පවසමින් හොර රහසේ පොහොට්ටුව සමඟ වැඩ කරමින් යන වා යැයි බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රන්ජිත් සෝමවංශ මහතා සිය සමීපතමයන් සමඟ පවසා ඇත.ඔහු විසින් එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ ” ජනාධිපති තුමන් කටුස්සගෙ කරේ රත්තරං බඳිද්දි කටුස්සට පාට මාරු කරන්න උපන් හැකියාවක් තියෙනව කියල අමතක කරලා” යනුවෙනි.

    ඒ කෙසේ වෙතත් ගතවූ අවුරුදු 3න ඇතුලත ඉසුරගෙන් කොළඹට වූ සෙතක් නොමැති බව ඕන අඳබාලයෙකුට උවත් තේරෙන අතර මෙම අවුරුදු තුන ඇතුලත ඉසුරට නම් ඉසුරින් පිරි ජීවිතයක් ලැබී ඇති බව පෙනී යයි.

  • ජ.වි.පෙ. ගෙනා 20 වැනි සංශෝදනය ස්වාභාවිකවම මැරිලා

    ජ.වි.පෙ. ගෙනා 20 වැනි සංශෝදනය ස්වාභාවිකවම මැරිලා

    ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය ස්වාභාවික මරණයට පත්ව ඇති බව ශ්‍රී ලංකා ‍පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කීවේය. ජනාධිපතිවරණයත් කල් දැමීම ඉලක්ක කරගෙන ඉදිරිපත් කළ මෙම සංශෝධනයේ අඩංගු කරුණු තිහකටම ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

    ඒ අනුව 20 වන සංශෝධන යෝජනාව ස්වභාවිකව මරණයට පත්වී ඇති බව පැහැදිලියි. මොකද මැතිවරණ නොපවත්වන මේ රජය ජනමත විචාරණයකට යන්නේ නෑ. ඒක ස්ථීරයි, යැයිද පීරිස් මහතා කීවේය.

  • සංගීත ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරිය, මහාචාර්ය අමරා රණතුංග මහත්මිය දැයෙන් සමුගනී

    සංගීත ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරිය, මහාචාර්ය අමරා රණතුංග මහත්මිය දැයෙන් සමුගනී

    සංගීත ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරිය වන ප්‍රවීන ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග මහත්මිය ඊයේ(15) ඇති වූ හදිස්සි රෝගී තත්ත්වයක් නිසා අභාවප්‍රාප්ත වී ඇත. ඇය මිය යන විට ඇය 79 වන වියේ පසු වූවාය.

  • අර්ජුනගේ පවුල් පාලනයෙන් බැට කන ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ගමගේගේ පවුල් පාලනයෙනුත් බැට

    අර්ජුනගේ පවුල් පාලනයෙන් බැට කන ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ගමගේගේ පවුල් පාලනයෙනුත් බැට

    ලංකා ඛනිජ තෙල් සංස්ථාව විශාල වශයෙන් ලාභ ලබන නිෂ්පාදනයක් වන තාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.ඒ 60/70 වර්ගයේ හා 80/100 වර්ගයේ වශයෙනි. මේ වන විට රටේ අවශ්‍යතාවයට වැඩි වශයෙන් ගෙන්වනු ලබන්නේ 80/100 වර්ගයේ තාරය.

    පුද්ගලික අංශයෙන් මෙම තාර ආනයනය කලත් පාරිභෝගිකයන් විසින් ගුණාත්මක භාවයෙන් වැඩි තාර ලෙස විශ්වාස කරනුයේ ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ආනයනය කරනු ලබන 80/100 වර්ගයේ තාර වන අතර ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ මේ වන විට තාර ගෙන්වීමට සිදුකරනු ලබන ප්‍රසම්පාදන කටයුතු තෙල් ඇමති අර්ජුන රණතුංගගේ හා නි. ඇමති අනෝමා ගමගේගේ දේශපාලන බලයෙන් අත් හිටුවා ඇත්තේ අනෝමා ගමගේගේ සැමියා වු ඇමති දයා ගමගේගේ ව්‍යාපාරය හරහා 80/100 වර්ගයේ තාර ගෙන්වීමට බලපත්‍රය ලබා ගනිමිනි.

    අර්ජුන රණතුංග ඇමතිවරයා පවුල් පාලනයෙන් තෙල් සංස්ථාවේ දුෂණ වංචා සිදු කරමින් තම මඩිය තර කරගන්නා විට නි. ඇමති අනෝමා ගමගේට ඇයගේ ව්‍යාපාර වලින් ලාභ ඉපැයීමට තාර ගෙන්වීමේ ඒකාධිකාරය ලභාදී ඇත්තේ තෙල් සංස්ථාව ඇමති හා නි. ඇමතිගේ පවුලේ බූදලයක් ලෙස තබා ගනිමිනි. රටේ ජනතාවගේ බදු මුදල් වලින් නඩත්තු වන රටේ ජාතික සම්පතක අනාගතය තම පවුල් වල සුඛ විවරණයට යොදා ගනිමින් ලංකා ඛණිජ තෙල් නීතීගත සංස්ථාවත් සමග රටම වළ පල්ලට ඇදගෙන යන්නට තෙල් ඇමති අර්ජුන හා නි. ඇමති අනෝමා කටයුතු කරන්නේ යහපාලන මූලධර්ම අමු අමුවේ මරා දමමින් වීම කණගාටුවට කරුණක් බව ඛණිජ තෙල් සේවකයෝ පවසයි…

  • ලංකා ඉතිහාසයේ හිටපු ලොකුම හොරා නීතීඥ සංගමේ සභාපති UR  de Silva ම තමයි

    ලංකා ඉතිහාසයේ හිටපු ලොකුම හොරා නීතීඥ සංගමේ සභාපති UR de Silva ම තමයි

    නීතීඥ සංගමයේ වත්මන් සභාපති නීතීඥ යූ ආර් ද සිල්වා මහතා ලංකා ඉතිහාසය තුල සිටි දූෂිතම නිළධාරියා ලෙස නීති සංගමයේ හිටපු සභාපති වරයෙකු වන උපුල් ජයසූරිය විසින් ප්‍රකාශ කරයි.

    ඔහු ඒ බව පැවසුවේ පසුගිය දිනක රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරේ අමාත්‍යවරයාට දුරකතන ඇමතුමක් ලබාදෙමින් වීම විශේෂත්වයකි.නීතීඥ සංගමයට 2016 වසරේ පපචුවල් ට්‍රෙෂරීස් ආයතනයෙන් මිලියන දෙකහමාරක චෙක්පතක් ලබා ගැනීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා විසින් සීඅයිඩීය වෙත පැමිණිලි කර ඇති අවස්ථාවක එම මිලියන දෙකහමාර ලබාගෙන ඇත්තේ මෙම ඡෝදනා කරන උපුල් ජයසූරිය මහතාගේ කාලයේ එතුමන් විසින් සංවිධානය කල වැඩකට බව එම ඇමතුමේදීම උපුල් ජයසූරිය විසින් පිළිගැනීමද විශේෂත්වයකි.

    උපුල් ජයසූරියට ආයෝජන මණ්ඩලය සම්බන්ධවද ඡෝදනා 241ක් තිබූවත් ඔහු විසින් වත්මන් නීතීඥ සංගමේ සංභාපති යූආර් ද සිලිවා මහතාට එල්ල කරන මෙම ඡෝදනාව සුළුපටු නොවන අතර යූආර් ද සිල්වා මහතා මේ වන විටත් මේ පිළිබඳ කිසිවක් ප්‍රකාශ කර නොමැත.

  • භාරකාර ආණ්ඩුවක් ගැන රජය සාකච්ඡා කර නෑ

    භාරකාර ආණ්ඩුවක් ගැන රජය සාකච්ඡා කර නෑ

    භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් රජයේ පාර්ශ්වය මේ වන තෙක් පවත්වා නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ‍ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

    පවතින ආණ්ඩුව එළඹෙන 2020 වනතෙක් කිසිදු වෙනසකින් තොරව පවතින බවත් අවශ්‍ය නම් ඕනෑම කෙනෙකුට තම ආණ්ඩුව සමග එකඟ විය හැකි බවත් හෙතෙම කීවේය.

    අද බොහෝ දෙනා නව ආණ්ඩුව පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් කරනවා. ඕනෑම කෙනෙකුට ඕනෑම අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ප්‍රධාන පක්ෂ දෙක එකතු වී පිහිටුවා ඇති වත්මන් ආණ්ඩුව වෙනස් වන්නේ නැහැ යැයි ඇමැතිවරයා පැවැසීය.

  • අධිවේගී දුම්රිය මැදිරි නිෂ්පාදන සමාගමෙන් රාජ්‍ය ඇමැතිවරයෙක් 10%l කොමිස් හිඟාකාලා

    අධිවේගී දුම්රිය මැදිරි නිෂ්පාදන සමාගමෙන් රාජ්‍ය ඇමැතිවරයෙක් 10%l කොමිස් හිඟාකාලා

    යූරෝ මිලියන 488 ක් වැය කර ශ‍්‍රී ලංකා ඉතාලි සහයෝගිතා ව්‍යාපාරයක් ලෙස අධිවේගී දුම්රිය මැදිරි නිෂ්පාදනය කිරීමේ ආයෝජන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී තමාට සියයට 10 ක කොමිස් මුදලක් අවශ්‍ය බව රාජ්‍ය ඇමැතිවරයෙක් ඉල්ලා ඇතැයි සිලෝන් හයිස්පීඞ් රේල්වේ ලිමිටඞ් සමාගමේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නික්ලස් ශ‍්‍රීමාල් මහතා පැවැසීය.
     
     රාජ්‍ය ඇමැතිවරයා ඉතාලියට ගොස්‌ තම සමාගම සමග කටයුතු කරන එරට සමාගමේ නියෝජිතයන් හමුවී මෙම මුදල ඉල්ලා ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
     
     කෙසේ වෙතත් මෙම ආයෝජන ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයෙන් අනුමැතිය ඉල්ලා වසර දෙකක්‌ ගතව ඇති බවත් තවම ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක්‌ ආයෝජන මණ්‌ඩලය දක්‌වා නැතැයිද ඒ මහතා පැවසීය.
     
     හෙතෙම මේ බැව් පැවසුවේ පෙරේදා (13  කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

     

  • මිල සූත‍්‍රය වැඩක් නෑ; ඕන කමක් තියෙනවා නම් බදු අඩු කරලා තෙල් මිල අඩු කරන්න පුළුවන්

    මිල සූත‍්‍රය වැඩක් නෑ; ඕන කමක් තියෙනවා නම් බදු අඩු කරලා තෙල් මිල අඩු කරන්න පුළුවන්

    ඛනිජ තෙල් සූත‍්‍රයක් තිබුණත් රජයට අවශ්‍ය නම් ඛනිජ තෙල් මත රජය පනවා ඇති බදු අඩු කර ඛනිජ තෙල් මිල ගණන් අඩු කළ හැකි යැයි ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
     
     පුංචි බොරැුල්ලේ වජිරාශ‍්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේදී ඊයේ (14) උදේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා මේ බව කීවේය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතාද මේ අවස්ථාවට එක්ව සිටියේය.
     
     තෙල් මිල ප‍්‍රශ්නය ගැන තවදුරටත් කතා කළ බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.
     
     මහින්ද රාජපක්‍ෂ රජය යටතේ රට භාර දෙනවිට 2014 අගදී තෙල් බැරලයක් ලෝක වෙළෙඳපළේ ඇමෙරිකානු ඩොලර් 105 ක් වුණා. එහෙම තියෙද්දී එදා පෙට‍්‍රල් ලීටරයක් අලෙවි කළේ රු.150 කටයි. ඞීසල් ලීටරයක් අලෙවි කළේ රු.111 ටයි. භූමිතෙල් ලීටරයක් අලෙවිකළේ රු.80 ටයි. මේවා තමයි සත්‍ය මිල ගණන්. දැන් අද මේ මිල සූත‍්‍රය එනවිට ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක් රු.80 යි. මෙහෙම එදා ඩොලර් 100 ටත් වැඩිය තිබූ තෙල් මිල දැන් ඩොලර් 80 ට බැහැල තියෙද්දීත් පෙට‍්‍රල් ලීටරයක් රු.155 යි. ඞීසල් ලීටරයක් රු.123 යි. භූමිතෙල් විතරක් රු.70 ට දෙනව. මේ අනුව ඉතාම පැහැදිලිව රටට හෙළිදරව් වෙනව මහින්ද රාජපක්‍ෂ යුගයේ ලෝක ඛනිජ තෙල් අර්බුදය තිබියදීවත් මෙවැනි මිල පීඩාවක් මහජනයා මත පැටෙව්වේ නැහැ කියල. 2012, 2013 සහ 2014 යන වසරවල තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 ට වඩා වැඩියි. 2015, 2016 සහ 2017 යන වසරවල ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ගණන් අඩුවුනා. අසාමාන්‍ය ලෙස ඛනිජ තෙල් මිල ගණන් අඩු වුණා. 2016 දී ඛනිජ තෙල් බැරලයක මිල ඩොලර් 45 දක්වා අඩුවුණා. එය 2016 දී තිබුණෙ ඇමෙරිකානු ඩොලර් 105 ටයි. මේ වාසිය මේ ආණ්ඩුව මහජනතාවට දුන්නද? නැහැ. මේ නිසා කෙතරම් මුදල් ප‍්‍රමාණයක් රටට ඉතුරු වුණාද? සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක් විතර ඛනිජ තෙල් ආනයනය කරන්න ගියා. මේ රජය යටතේ ඛනිජ තෙල් වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 කින් පමණ එනම් හරි අඩකින් පමණ මිල අඩුවෙලා තියෙනවා. ඒ අනුව මහින්ද රාජපක්‍ෂ රජය යටතේ ඛනිජ තෙල් ආනයන වියදමක් සමඟ සාපේක්‍ෂව සැසඳීමේදී 2015, 2016 සහ 2017 යන වර්ෂ තුනේදී රටින් පිටට නොගොස් ඉතුරු වූ මුදල් ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.3 ක් පමණ අතිවිශාල මුදලක්. ඒ ඉතුරු වූ මුදලින් ගොඩක් දේවල් කරන්න තිබුණා. දැන් හම්බන්තොට වරායට ගියේ ඩොලර් මිලියන 1100 යි. නොරොච්චෝලෙ විදුලි බලාගාරයට ඩොලර් මිලියන 900 යි. කොළඹ ගාල්ල අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 740 යි. මාතර දක්වා එම අධිවේගී මාර්ගය දිගුකිරීමට ගිය වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 152 යි. උතුරු නැගෙනහිර මාර්ග ප‍්‍රතිසංස්කරණයට මිලියන 700 යි. කටුනායක අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 385 යි. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඩොලර් මිලියන 240 යි. මේ සියලූම මහා පරිමාණ ව්‍යාපෘති වලට ගිය වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 යි. ඛනිජ තෙල් වියදම් අඩුවීමෙන් ආණ්ඩුවට ඉතුරු වුණා. ඇමෙරිකානු ඩොලර් බිලියන 5.3 ක්. මේක තමයි ඇත්ත කතාව.
     
     මේ සියල්ල විනාශ වුණේ රුපියල රැුකගැනීම සඳහා දිගින් දිගටම දේශීය වෙළෙඳපොළට මුදාහැරියා. මේ වසරේදී විතරක් රුපියල මස්ත බාල්දු වීම නවතා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 700 කට වඩා මේ වන විට යොදල තියෙනව. මේ මුදල කොළඹ ගාල්ල අධිවේගී මාර්ගයක් අලූතින් හදන්න වැය වන තරම් වූ මුදලක්. මෙහෙම කරල රුපියල රැුකගන්න බැහැ. සමස්ත මුදල් ක‍්‍රමය, බැංකු ක‍්‍රමය පිළිබඳ විශ්වාසය අද පළුදු වෙලා. මේ දිනවල දකුණේ ගෙන්ගෙට යනව විදේශ රැුකියාවල නියුතු අයගෙ ගෙවල් වලින් ඩොලර් එකතු කරන්න. මෙසේ රුපියලේ අගය විශාල ලෙස කඩාවැටීම නිසා විදේශ විනිමය කළු කඩය ඉතා විශාල ලෙස සක‍්‍රීය වෙලා තියෙනවා. මේ දැවැන්ත ආර්ථික අර්බුදය නිසා තෙල් මිලේ ප‍්‍රශ්නයට විසඳුමක් දෙන්න නොහැකිවී තිබෙනවා. හේතුව ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩිවීමේ වේගයටත් වඩා වැඩි වේගයකින් අපේ රුපියල කඩා වැටිල තියෙනවා.
     
     මේ ආණ්ඩුවේ අය මේ තියන මිල සූත‍්‍රය නොදන්නව නෙවෙයි. මේ අයට ඒ මිල සූත‍්‍රයෙන් ගැලවෙන්න බෑ. හේතුව ආණ්ඩු කිරීම සඳහා කොන්දේසි පනවල තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්. රවි කරුණානායක හිටපු මුදල් ඇමැතිවරයාට සිදුවුණා 2015 වසරෙදී සියයට 9.3 රුපියල අවප‍්‍රමාණය වන විට, රටේ ගෙවුම් ශේෂ අර්බුදය උග‍්‍ර වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමක් අත්සන් කරන්න. ඒ ගිවිසුමට අනුව ඉදිරි වර්ෂ තුන සඳහා කි‍්‍රයාත්මක කළ යුතු කොන්දේසි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කළා. මූල්‍ය අරමුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් වූ එම ණය මුදලේ වාරික වරින් වර මුදාහැරීමේදී ඔවුන්ගේ කොන්දේසි මේ රජය ඉටුකළාද කියල වරින් වර මේ රටට ඇවිත් අධීක්‍ෂණය කරනවා. ඒ අනුව ඔවුන් කිව්ව ඛනිජ තෙල් සඳහා අනිවාර්යයෙන්ම මිල සූත‍්‍රයක් හඳුන්වා දියයුතුයි කියල. ඒ නිසා දැන් අලූත් තීරණයක් ගන්න බෑ, මේ ඇත්ත රටට කියන්න ඕන. නිලධාරීන්ට දොස් කියා වැඩක් නෑ. ඛනිජ තෙල් මිල සූත‍්‍ර තීරණය කරන්නේ රජය විසිනුයි. එනම් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟවී තියෙනව මිල සූත‍්‍රය අනුව ඛනිජ තෙල් මිල ගණන් තීරණය කරන බවට. නිලධාරීන් කරන්නේ රජය තීරණය කළ සූත‍්‍රයට ඉලක්කම් ඇතුළත් කිරීම පමණයි. රජයට අනන්‍යතාවය තිබුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන එකඟතා අනුව මිල සූත‍්‍රය කි‍්‍රයාත්මක නොකර සිටීමට බැරි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා.
     

  • ජනපති විසින් ආයෝජන මණ්ඩලයෙන් එලවූ උපුල් ජයසූරිය 2016 ප’පචුවල් එකෙනුත් ලක්ෂ විසිපහක් ගත් බව පිළිගනී

    ජනපති විසින් ආයෝජන මණ්ඩලයෙන් එලවූ උපුල් ජයසූරිය 2016 ප’පචුවල් එකෙනුත් ලක්ෂ විසිපහක් ගත් බව පිළිගනී

    පසුගිය දිනකදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී නීතීඥ උපුල් ජයසූරිය නීතීඥ සංගමයේ සභාපතිව සිටි සමයේ බැඳුම්කර වංඡාවට සෘජුවම හවුල් පපචුවල් ට්‍රෙෂරර්ස් ආයතනයෙන් ලක්ෂ විසිපහක චෙක්පතක් බලා ගැනීම ගැන මාධ්‍යෙව්දියකු යොමු කල ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා රන්ජන් රාමනායක මහතා එවෙලේ මෙම උපුල් ජයසූරියට දුරකනයෙන් අමතන ලදී.

    එම අවස්ථාවේදී ස්පීකර් ෆෝන් දාන්නට එපා කියූ උපුල් ජයසූරිය රන්ජන් නියෝජ්‍ය ඇමතිතුමාට කියා සිටියේ ඔහු සභාපතිව සිටියදී ඔහු විසින් සංවිධානය කල ඉවෙන්ට් එකකට මෙම ලක්ෂ විසි පහ ලබාගත් බවයි.(අදාල වීඩියෝව පහතින් ඇත)මෙම උපුල් ජයසූරිය නම් තැනැත්තාව පසුගිය කාලයේ ජනපති තුමන් විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති කමින්ද ඉවත් කරන ලද්දේ මොහුට විරුද්ධව ආයෝජන මණ්ඩලයේ පමණක් ඡෝදනා 241ක් පමණ ඇති හෙයින් බව වෙබ් මාධ්‍ය වාර්ථා බොහොමයක සඳහන්ව තිබූ අතර.මෙම උපුල් ජයසූරිය සමස්ථ නීති වෘත්තිකයින්ටම මහත් කැළලක් බව අප සමඟ අදහස් පවසා සිටි නීතීඥ වරු බොහොමයක් පවසා සිටියේය.

  • බඩගෝස්‌තරවාදී දේශපාලනය නිසා මම ඉන්නේ කලකිරිලා

    බඩගෝස්‌තරවාදී දේශපාලනය නිසා මම ඉන්නේ කලකිරිලා

    වත්මන් ජරාජීර්ණ දේශපාලනය පිළිබඳව තමා ඉන්නේ කලකිරීමෙන් යෑයි වනජීවී නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා  ඊයේ (12 ) ප්‍රකාශ කළේය.
     
     ඒකාබද්ධ විපක්‍ෂය මේ මොහොතේ සභාග ආණ්‌ඩු පිහිටුවීම පිළිබඳව කතිකාවතක සිටියත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ වන තුරුත් ඒ පිළිබඳව කිසිවක්‌ ප්‍රකාශ කර නැතැයි ද හෙතෙම සඳහන් කළේය.
     
     බඩගෝස්‌තරවාදී දේශපාලනය නිසා සභාග ආණ්‌ඩු පිහිටුවීමට කතා කළත් කිසිවකු රටේ සැබෑ ප්‍රශ්න තේරුම්ගෙන ක්‍රියාකරන ආකාරයක්‌ පෙනෙන්නට නැතැයි ද ඔහු කීවේය.
     
     කෙසේ වෙතත් රට ගැන නොසිතා කරන ක්‍රියා සහ දේශපාලනඥයන්ගේ බලය වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ පිළිබඳව කිසිදු විශ්වාසයක්‌ තැබිය නොහැකි බව ද කී තෙවරප්පෙරුම මහතා ජනතාව නිවැරදි තීන්දු තීරණ ගන්නේ නම් කිසිදා පසුතැවිලි ඇති නොවන බව ද කියා සිටියේය.
     
     වත්මන් ජරාජීර්ණ දේශපාලන වටාපිටාව පිළිබඳව තමා අතිශයින්ම කලකිරී සිටින බවත් බොහෝ මැති ඇමැතීන් ද තමාගේ මතය පිළිගන්නා බවත් කී හෙතෙම අද මේ පවතින දේශපාලන වටපිටාව පිළිබඳව කිසිවකු තෘප්තිමත් නොවන බව ද සඳහන් කළේය.
     
     කෙසේ වෙතත් පවතින තත්ත්වය වෙනස්‌ කර රට යහමඟට ගැනීමේ වගකීම දේශපාලනඥයා වැඩි වශයෙන් භාරගත යුතු බවත් රටේ ජනතාව ඒ වෙනුවෙන් ඉදිරියේදී බුද්ධිමත් තීන්දු තීරණ ගත යුතුව ඇතැයි නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා වැඩිදුරටත් කියා සිටියේය.

  • නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා දිවුරුම් දෙයි

    නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා දිවුරුම් දෙයි

    ශී‍්‍ර ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා ඊයේ (12) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. 
     
     අගවිනිසුරු පි‍්‍රයසාද් ඩෙප් මහතා එම ධුරයෙන් විශ‍්‍රාම යෑම හේතුවෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා මෙලෙස නලින් පෙරේරා මහතා පත් කරනු ලැබී ය. 
     
     මහෙස්ත‍්‍රාත්වරයෙක් ලෙස අධිකරණ ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ වී ක‍්‍රමානුකූලව උසස්වීම් ලැබූ නලින් පෙරේරා මහතා අගවිනිසුරු ලෙස පත්වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරනු ලැබී ය.

    ==============================================================
     ශේ්‍්‍රෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා මීළ`ග අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට ඊයේ (12 ) රැුස්වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කළේය.
     
     අභිනවයෙන් පත්වූ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාවේ සාමාජිකයන් ඊයේ රැස්‌ වූයේ ප්‍රථම වරටය. ඒ අගවිනිසුරු ධුරය සඳහා සුදුස්‌සෙකු අනුමත කිරීමටය.
     
     එහිදී ජනාධිපතිවරයා විසින් නව අගවිනිසුරු ධුරය සඳහා නලින් පෙරේරා මහතාගේ නම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාව වෙත යෝජනා කර ඇත. ජනාධිපතිවරයාගේ නාමයෝජනාව වී තිබෙන්නේ දැනට ශේ්‍රෂ්ඨාධිකරණයේ විනිසුරු නලින් පෙරේරා මහතා අගවිනිසුරු ලෙස පත්කිරීමටය. 
     
     ඒ අනුව ශ්‍රී ලංකාවේ 46 වැනි අගවිනිසුරු ලෙස හෙතෙම පත්වනු ඇත.
     
     ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාව සිය නිගමනය ඊයේ ම ජනාධිපතිවරයා වෙත දන්වා යවා ඇති අතර ඉන්පසු ජනාධිපතිවරයා විසින් පත් කිරීම සිදු කරනු ලබයි.
     
     වසර තුනකට වරක්‌ අලුතින් පත් කෙරෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාව දහනවවැනි ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ ස්‌ථාපිත කර තිබේ. අගමැති, කථානායක, විපක්‍ෂ නායක නිලබලයෙන් සාමාජිකත්වයට පත්වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාවට ජනපති, අගමැති සහ විපක්‍ෂනායකවරයාගේ නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක්‌ සහ සුළු පක්‍ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ පත්වෙති. ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන සිවිල් සමාජ ක්‍රියාකාරීන් තිදෙනකු ද වශයෙන් සාමාජිකයන් දස දෙනකුගෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාව සමන්විත වෙයි.
     
     නලින් පෙරේරා මහතා මහෙස්‌ත්‍රාත්වරයකු, දිසා විනිසුරුවරයකු, මහාධිකරණ හා අභියාචනාධිකාර විනිසුරුවරයකු ලෙස පියවරෙන් පියවර ශේ්‍රෂ්ඨාධිකරණය දක්‌වා පැමිණ අගවිනිසුරු ධුරයට පත්වීම විශේෂත්වයකි.
     
     ඊයේ රාත්‍රියේදී හතළිස්‌ හයවැනි අගවිනිසුරු ලෙස මහාඅධිකරණ විදිසුරු ලෙස නලින් පෙරේරා මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලෙස දිවුරුම් දුන්නේය.