ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සහ රංජන් රාමනායක මහතාට ඇත්තේ එක හා සමාන ඡොදනා බව පසුගියදිනකදී මාගල්කන්දේ සුදන්ත හිමි විසින් පවසා ඇති බවත් ඒ පිළිබඳව රංජන් රාමනායක මහතා දක්වන්නේ කුමන අදහසක්ද යන්න මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී මාධ්‍යෙව්දීන් ඇසූ ප්‍රශ්නයකට රන්ජන් රාමානායක මහතා විසින් මෙසේ කියා සිටියේය…
Tag: breaking post
-

ඤාණසාර හිමිට නිදහස ඉල්ලා ජනපතිට ලිපියක්
වසර හයක සිරදඬුවමකට ලක්ව මේ වන විට බන්ධනාගාර රෝහලේ සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානය ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත.
එම සංවිධානය මෙම ලිපිය මගින් වැඩිදුරටත් පවසන්නේ ඤාණසාර හිමියන්ට ලබාදී ඇති දඬුවම කිසිසේත්ම සාධාරණ හා යුක්ති සහගත නොවන බැවින් ජනාධිපතිවරයා සතු බලතල භාවිත කරමින් උන්වහන්සේ නිදහස් කරන ලෙසය.
-

නව අගවිනිසුරු ගැන තීරණයට නව ව්‍යවස්‌ථාදායක සභාව අද රැස්‌වෙයි
නව අග්‍රවිනිශ්චයකාරවරයා පත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා නව ව්‍යවස්‌ථාදායක සභාව අද (12) පළමුවරට රැස්‌වන බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11) ප්‍රකාශ කළේය.
ආණ්‌ඩුව ව්‍යවස්‌ථාදායක සභාව සඳහා පත් කළ සාමාජිකයන් දස දෙනාගේ නාම ලේඛනය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඊයේ ඉදිරිපත් කළ අවස්‌ථාවේදී කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
නව ව්‍යවස්‌ථාදායක සභාවට අදාළ සිවිල් පුරවැසියන් තිදෙනාගේ නම් පෙරේදා පැවැති පක්‍ෂනායක රැස්‌වීමේ දී ඉදිරිපත් කර තිබූ අතර ඊයේ පාර්ලිමේන්තුවේදී ඔවුන් ද ඇතුළුව නව ව්‍යවස්‌ථාදායක සභාවේ සාමාජිකයන් දස දෙනා සඳහා අනුමැතිය හිමි විය.
සාමාජිකයන් දස දෙනාගෙන් යුත් ව්‍යවස්‌ථාදායක සභාවට අගමැති කථානායක සහ විපක්‍ෂ නායක නිල බලයෙන් පත් වෙති.
ඊට අමතර ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස මහින්ද සමරසිංහ, විපක්‍ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස චමල් රාජපක්‍ෂ සහ අගමැතිවරයාගේ නියෝජිතයා ලෙස තලතා අතුකෝරළ යන මහත්ම මහත්මීන් නව ව්‍යවස්‌ථාදායක සභාව නියෝජනය කරති.
සුළු පක්‍ෂ නියෝජනය ලෙස බිමල් රත්නායක මහතාද සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ලෙස ආචාර්ය ජයන්ත ධනපාල, නීතිඥ ජාවුඩ් යූසුµa සහ නාගනාදන් සෙල්වකුමාරන් යන මහත්වරුන් පත් කර තිබේ.
ව්‍යවස්‌ථාදායක සභාවට පත් කරන ලද සාමාජිකයන්ට ඒ සම්බන්ධයෙන් පත් කිරීම් ලිපි නිකුත් කර ඇති බවද කථානායකවරයා පැවැසීය.
දිනේෂ් ගුණවර්ධන මහතා – ව්‍යවස්‌ථාදායක සභාවේ රීති පිළිබඳව අපි කවුරුවත් දන්නේ නැහැ. ව්‍යවස්‌ථාදායක සභාව සම්බන්ධයෙන් විශ්වාසය පළුදු වී ඇති බවට පුවත්පත් වාර්තා පළ වෙනවා. ව්‍යවස්‌ථාදායක සභාව මගින් මෙතෙක් කළ පත් කිරීම් වැරැදි බවට තොරතුරු හෙළි වෙනවා. නව පත් කිරීම් සම්බන්ධයෙන් මොන තීරණයද යොදා ගත්තේ?
සභානායක -දිනේෂ් ගුණවර්ධන මහතා පක්‍ෂනායක රැස්‌වීමේදී මේ පිළිබඳව කිසිම විරුද්ධත්වයක් දැක්‌වූයේ නැහැ. මහින්ද මහත්තයාගේ කාලයේ 18 වැනි සංශෝධනය ගෙනවිත් ජනාධිපතිට ඕනෑ විදියට හැම දෙයක්‌ම කළා. අපි 19 ගෙනාව. අද ජනාධිපති එවන නමට වුණත් විරුද්ධ වෙන්න පුළුවන්. මහින්දගේ සපත්තුවට යට වෙලා හිටපු අයව අපි බේරා ගත්තා.
වාසුදේව නානායක්‌කාර මහතා – ව්‍යවස්‌ථාදායක සභාවේ කටයුතු ගැන පාර්ලිමේන්තුවට බලය හිමිවිය යුතුයි කිව්වා. ඒත් ඉතින් අපට බලයක් නැහැනේ. මේ කමිටුවේ ක්‍රියාකාරිත්වය සිදු වන ආකාරය අපි දැනගත යුතුයි. පාර්ලිමේන්තුව ඒ ගැන දන්නෙ නැහැ.
අජිත් පී. පෙරේරා මහතා – පාර්ලිමේන්තුවට වගකිව යුතුයි කියලා කිව්වට වග නොකියන ස්‌වරූපයක් තිබෙනවා. ඒක අපි හදා ගන්න ඕනෑ.
විජයදාස රාජපක්‍ෂ මහතා – ව්‍යවස්‌ථාදායක සභාව මගින් කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීමේදී විශ්‍රාමිකයන් පත් කිරීමෙන් වැඩක් සිදු වෙන්නෙ නැහැ. ඔවුන් කාටවත් වග කියන්නේ නැහැ. කොමිෂන්වල සංයුතිය පිළිබඳව අපි මීට වඩා අවධානය යොමු කළ යුතුයි. -

රංජන් පර්මිට් එක විකුණපු සල්ලි වලට කරපු දේ මාධ්‍යට හෙළිකරයි – පුළුවන්නම් අනිත් අයත් කරල පෙන්නන්න යැයි අභියෝගයක්
නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් තමන් වෙත මෛත්‍රී වරප්‍රසාදයක් ලෙස ලැබුණු වාහන පර්මිට් එක විකුණා ලබාගත් මුදල් සියල්ල වියදම් කල ආකාරය සහ මෙම වාහන බලපත්‍ර විකිණීම සම්බන්ධයෙන් වන කරුණු කාරණා ඊයේ මාදිවෙල ඔහුගේ නිලනිවසේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකකදී පහත පරිදි කියා සිටියේය.
වීඩායෝව පහතින්
-

රවීව සැකකාරයෙක් කරන්න බෑ… රවී බොරු සාක්කි දීල නෑ…
මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්‍ෂි ලබාදුන් බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවේ සැකකරුවකු ලෙස රවි කරුණානායක මහතා නම් කිරීමට තරම් මෙතෙක් සාක්‍ෂි ඉදිරිපත් වී නොමැති බව පෙනී යන්නේ යැයි කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (08) පෙන්වා දුන්නේය.
නමුත් ඉදිරියේ ඒ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකර ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
රවි කරුණානායක මහතාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් තම අධිකරණය විසින් පනවා තිබූ නියෝග අත්හිටුවීමේ නියෝගය ඉවත් කළ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා රවි කරුණානායක මහතාගේ හා ඔහුගේ පවුලේ ඥතීන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගනිමින් ඉදිරි විමර්ශන සිදු කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුන්නේය. විමර්ශන ප්‍රගතිය ලබන 22 වැනිදා ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.
-

වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්, අයිවන් සිල්වා වහාම අත්අඩංගුවට
රුපියල් කෝටි 401ක මුදලක් අවභාවිත කරන ලදැයි කියන සිද්ධියක සැකකරුවෙකු වන වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ අයිවන් සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කළ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඒ සඳහා විවෘත වරෙන්තු නිකුත් කළාය.
අයිවන් සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර පොලීසියට නියම කළ මහේස්ත්‍රාත්වරිය එම විවෘත වරෙන්තුවේ ඉංග්‍රීසි භාෂාවේ පිටපතක් ජාත්‍යන්තර පොලීසියට යැවීමටද නියම කළාය.
‘ගිං නිල්වලා’ ව්‍යාපෘතියට වෙන්කළ මුදලින් රුපියල් කෝටි 401ක මුදලක් අවභාවිත කරන ලදැයි කියන කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු දැනුම්දෙමින් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර අවස්ථාවකදී වරෙන්තු නිකුත් කොට ඇති බවත්, එම වරෙන්තුව ජාත්‍යන්තර පොලීසියට යවා ඇතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් පිළිතුරු ලැබී නැතැයි ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙලෙස විවෘත වරෙන්තුව නිකුත් කළාය.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් පිළිගනිමින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙලෙස විවෘත වරෙන්තු නිකුත් කරන ලද්දේ වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වනු කේ.ඩබ්ලිව්. අයිවන් ද සිල්වා මහතාය.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිද්ධියට අදාළව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය විසින් ‘ගිං නිල්වලා’ යෝජනා ක්‍රමය සී.ඒ.එම්.සී. ඉංජිනියරින් සමාගම සමග එක්ව ඉදිකිරීමට නියමිතව තිබූ බවත්, ඒ සඳහා සී.ඒ.එම්.සී. ඉංජිනියරින් සමාගමේ සභාපතිවරයා වූ ලියේ යැං මහතා සමග සැකකරු විසින් ඉකුත් 2014 වර්ෂයේ නොවැම්බර් මස 05 වැනිදා ගිවිසුමක් අත්සන් කර තිබූ බවත් දැනුම් දුන්නේය.
‘ගිං නිල්වලා’ යෝජනා ක්‍රමයට වැය වන මුදලින් සියයට පහක මුදලක් වූ රුපියල් මිලියන 4012ක මුදලක් සැකකරු විසින් අවභාවිත කොට ඇතැයි දැනුම් දුන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම සිද්ධියට අදාළව සැකකරුගෙන් ප‍්‍රකාශ ලබාගැනීම සඳහා අවශ්‍ය වුවත් සැකකරු රටින් පළාගොස් නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර ජීවත්වන බවට තොරතුරු අනාවරණය වී ඇති හෙයින් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.
මේ සිද්ධියට අදාළව සැකකරුගේ ගිණුමෙන් චෙක්පත් 11ක් මගින් රුපියල් 7,822,000ක මුදලක් සංසරණය වී ඇති බවද, ඉන් චෙක්පත් 06ක් මුදල් කර රුපියල් 2,220,000ක මුදලක් නාවලපිටිය තේ වත්තක් හිමි ඔහුගේ සොයුරියගේ සැමියාගේ ගිණුමකට බැර කර ඇති බවද සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බවද දැනුම් දුන් පොලීසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන සිදු කරන බවත් දැනුම් දුන්නේය.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් පිළිගනිමින් ඒ සඳහා අවසර දුන් මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධිය යළි කැඳවනු ලබන දෙසැම්බර් මස 10 වැනිදා සිද්ධියට අදාළව කරන පරීක්‍ෂණවල ප්‍රගතිය එදින අධිකරණයට දැනුම් දෙන ලෙසද නියම කළාය.
-

තරග පාවාදීම් සිද්ධියකට කරුණු දැක්වීමට ICCය ක්‍රීඩකයින් 03කට දින 14ක් දෙයි
තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හොංකොං ක්‍රිකට් කණ්ඩායමේ කී‍්‍රඩකයින් තිදෙනෙකුට එරෙහිව අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් චෝදනා ගොනු කර තිබෙනවා.
මෙලෙස චෝදනාවට ලක්ව ඇත්තේ ඉර්ෆාන් අහමඞ්, නජීම් අහමඞ් සහ හසීබ් අම්ජාඞ්. ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සංඛ්‍යාව 19 ක්.
මේ වනවිට එම කී‍්‍රඩකයින් තිදෙනාට අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් තරග තහනමක් ද පනවා තිබෙනවා. එම චෝදනාව සම්බන්ධයෙක් කරුණු දැක්වීම සඳහා එම කී‍්‍රඩකයින්ට ඊයේ (08) සිට දින 14 ක කාලයක් ලබාදී ඇති බවයි අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය පැවසුවේ.
මේ අතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයින්ගේ ජංගම දුරකතන අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පරීක්‍ෂා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඔවුන් පවසන්නේ එවැන්නක් සිදුවී නොමැති බවත් රංගිරි දඹුළු කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ විවේකාගාරයේදී දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ශී‍්‍ර ලංකා සහ එංගලන්ත කී‍්‍රඩකයින් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් පමණක් පැවැත්වූ බවයි.
මේ අතර අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පළාත් කි‍්‍රකට් පුහුණුකරුවන්ගේ ප‍්‍රධානියාගෙන්ද ඊයේ ප‍්‍රශ්න කළා. ඒ, තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි.
-

හිරුණිකා වරද පිළිගනී
නීතිපතිවරයා පවරා ඇති නඩුවේ චෝදනාවට වරද පිළිගෙන කෙටි ක්‍රමයකින් නඩුව අවසන් කරගැනීමට විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සූදානම් බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුර සෙනවිරත්න මහතා ඊයේ (08) කොළඹ මහාධිකරණ විනිසුරු වී. ශෂී මහේන්ද්‍රන් මහතාට දැනුම් දුන්නේය.
එම චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා සමඟ සාකච්ඡා කොට කරුණු දැක්‌වීමට දින ලබාදෙන ලෙස ද විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු වී. ශෂී මහේන්ද්‍රන් මහතා ඊයේ (08) ආරම්භ කිරීමට නියමිතව තිබූ එම නඩුවේ සාක්‍ෂි විභාගය ලබන දෙසැම්බර් 11 වැනිදා දක්‌වා කල්තැබීමට නියෝග කළේය. 2015.12.21 වැනිදා දෙමටගොඩදී තරුණයකු පැහැරගෙන ගොස් පහරදීම, අයුතු ලෙස සිරකර තැබීම ඇතුළු අධිචෝදනා 29 ක් යටතේ නීතිපතිවරයා විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හා ඇගේ පෞද්ගලික ආරක්‍ෂකයන් 8 දෙනකුට එරෙහිව එම නඩුව පවරා තිබිණි.
ඇගේ පෞද්ගලික ආරක්‍ෂකයන් 8 දෙනා පෙර අවස්‌ථාවකදී වරද පිළිගෙන දඬුවමට ලක්‌වී තිබිණි.
-

2020 ජනපති අපේක්‍ෂක ගැන එජාපය තීන්දුවක් ගෙන නෑ
2020 ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය මෙතෙක් කිසිදු තීන්දුවක්් ගෙන නොමැති බවත්, මේ සම්බන්ධව පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පැවසීය.
ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‌ෂකයා කවුරුන්ද යන්න තීරණය කරනු ලබන්නේ එක්‌සත් ජාතික පක්‌ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය විසින් වන අතර එසේ තිබියදී එක්‌සත් ජාතික පක්‌ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය අතර ඉදිරි ජනාධිපතිවරණ අපේක්‌ෂකයා සම්බන්ධව සාකච්ඡාවක් පවත්වා ඇති බවට ඇතැම් මාධ්‍ය පළ කරන ලද වාර්තා තරයේ ප්‍රතික්‌ෂේප කරන බව හෙතෙම අවධාරණය කළේය.
ජනාධිපතිවරණ අපේක්‌ෂකයා සම්බන්ධව ඇතැම් මාධ්‍ය පළ කරන ලද අසත්‍ය ප්‍රවෘත්තිවලට පිළිතුරු දෙමින් පෙරේදා (07 වැනිදා) කුරුණෑගලදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළ නලින්a බණ්ඩාර මහතා තවදුරටත් මෙසේ ද කීය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නැවත පොදු අපේක්‌ෂක ලෙස නම් කිරීමට සාකච්ඡා කරන බවට ඇතැම් මාධ්‍ය අසත්‍ය ප්‍රවෘත්ති පළ කර තිබෙන ආකාරය මා දුටුවා. එය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බව අවධාරණය කරනවා.
2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්‌ෂකයා සම්බන්ධව එක්‌සත් ජාතික පක්ෂය මෙතෙක් කිසිදු තීන්දුවක් ගෙන නැහැ. ජනාධිපතිවරණයක් සඳහා ජනාධිපති අපේක්‌ෂකයා නම් කරනු ලබන්නේ පක්‌ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය ගන්නා ලද තීන්දු අනුවයි.
2020 මැතිවරණය සඳහා තවත් අවුරුදු එකහමාරකට වැඩි කාලයක් තිබෙනවා. එක්‌සත් ජාතික පක්‌ෂය යනු අවුරුදු එකහමාරකට පෙර අපේ ජනාධිපතිවරණ අපේක්‌ෂකයා කවුදැයි තීරණය කරන පක්‌ෂයක් නොවන බව කිව යුතුයි. 2020 වනවිට රටේ පවතින දේශපාලන තත්ත්වයත්, සියලු පක්‌ෂ හා සිවිල් සංවිධානවල වගේම සුළු ජාතීන්ගේa විශ්වාසය ලබාගෙන ඒ මැතිවරණය ජයග්‍රහණය කළ හැකි පුද්ගලයා ජනාධිපති අපේක්‌ෂකයා ලෙස අපි නිසි වේලාවට ඉදිරිපත් කරනවා. අපේ බලාපොරොත්තුව වන්නේa 2020 දී එක්‌සත් ජාතික පක්‌ෂයේ ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමයි. එක්‌සත් ජාතික පක්‌ෂයේ බහුතරයකගේ මතය වන්නේ එයයි.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාව අපි කිසි විටෙක ප්‍රතික්‌ෂේaප කරන්aනේ නැහැ. අපි එතුමා සමග වැඩ කරනවා. එතුමා ජනාධිපති ධුරයට පත් කර ගැනීම සඳහා එක්‌සත් ජාතික පක්‌ෂය විශාල දායකත්වයක් ලබා දුන්නා. එම නිසා අපි ජනාධිපතිතුමාගෙන් ද බලාපොරොත්තු වන්නේ 2015 දී එතුමාට විරුද්ධව කටයුතු කළ බලවේග සමග එකතු නොවී ජනතා අපේක්‌ෂාවන් මුදුන් පත් කරවා ගැනීම සඳහා තවදුරටත් කටයුතු කරනු ඇති බවටයි.
-

මීළග අගවිනිසුරු ධූරය සඳහා නම් දෙකක්
වත්මන් අගවිනිසුරුවරයා ලෙස කටයුතු කරන ප‍්‍රියසාත් ඩෙප් ලබන 12 වැනිදා වයස අවුරුදු 65 සම්පූර්ණ වීම හේතුවෙන් විශ‍්‍රාම යාමට නියමිත වන හෙයින් මීළග අගවිනිසුරු ධුරය සඳහා නම් 02ක් පිළිබඳ අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ජ්‍යෙෂ්ඨත්වය අනුව ගත් කළ ඉදිරියෙන් සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දරයි. ඇය ලබන වසරේ පෙබරවාරි මාසයේදී විශ‍්‍රාම යාමටයි නියමිතව ඇත.
ඊට අමතරව දැනට නීතිපති ධුරයේ කටයුතු කරන ජයන්ත ජයසූරියද අගවිනිසුරු ධුරයට පත් කිරීම සඳහා යෝජනා වී ඇතැයි සඳහන්.
අගවිනිසුරු ධුරය සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගත යුතුයි. එම ධුරයට අදාළ නම නිර්දේශ කිරීම ජනාධිපතිවරයා සිදු කළ යුතු වනවා. එහෙත් ආණඩුක‍්‍රම ව්‍යවස්ථාදායක සභාව මේ වනවිට අක‍්‍රීය වී ඇති බැවින් ගැටළුකාරී තත්වයක් මතුව ඇති බවට ද වාර්තා පළ වුණා.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ දින 14ක උපරිම කාල සීමාවකට අගවිනිසුරු ධුරය සඳහා වැඩබලන පත් කිරීමක් සිදු කළ හැකි බවයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු නොවන අයෙකුට ද අගවිනිසුරු ධුරය ලබාදුන් අවස්ථා ඉතිහාසයේ ඇති බව දේශපාලන ආරංචි වැඩිදුරටත් කියා සිටියා
-

ජනපති සමඟ සාකච්ඡා කල දේවල් හිටපු ජනපති හෙළිකරයි
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග ඉකුත්දා පැවැත්වූ සාකච්ඡාවේ තොරතුරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඒකාබද්ධ විපක්ෂයට දැනුම් දීමට තීරණය කර තිබෙනවා.ඒ අනුව හෙට (09) දිනයේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඒ පිළිබඳ දැනුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.ඉදිරියේදී ගත යුතු තීරණ පිළිබඳ එහිදී සාකච්ඡා කරනු ඇති බවට ද දේශපාලන ආරංචි මාර්ග පවසනවා. සභාග ආණ්ඩුවක් පිහිටුවීමට ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කරනු ඇති බවටයි පැවසෙන්නේ.මේ අතර ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා මීගමුවේ ඊයේ පැවති දේශපාලඥයෙකුගේ දියණියකගේ විවාහ මංගල්‍යයක දී මුණගැසී ඇති බවට ද වාර්තා පළ වුණා. -

විශේෂඥ වෛද්‍යවරිය මත්පැන් බොන සීසීටිවී දර්ශන හමුවෙයි… – බොරු වාර්තා දුන් කළුබෝවිල දොස්‌තර ගැන පරීක්‍ෂණ
පැපිලියාන, වික්‍රමරත්න මාවත ප්‍රදේශයේදී අපරීක්‍ෂාකාරී අන්දමින් රත්නපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක විසින් පැදවූ සුඛෝපභෝගී රථයකට හැපී පොලිස් පරීක්‍ෂකවරයකු මරුමුවට පත්වී ඔහුගේ බිරිඳට හා දරු දෙදෙනාට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන පොලිසිය ඇය මත්පැන් පානය කළ බවට තවත් සාක්‍ෂියක් සොයාගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඊයේ (7) පැවැසීය.
සැකකාර වෛද්‍යවරිය ගල්කිස්‌ස රාත්‍රි සමාජ ශාලාවක තවත් කීප දෙනකු සමග වාඩිවී මත්පැන් පානය කරන ආකාරය සහිත සීසීටීවී දර්ශන මේ වන විට සොයාගෙන ඇතැයි ද හෙතෙම කීය.
එහි ඇය වරක් මත්පැන් පානය කරමින් සිට නැගිට ගොස් යළි පැමිණ වාඩිවී මත්පැන් පානය කරන ආකාරය පැහැදිලිවම දක්‌නට ඇතැයිද හෙතෙම කියා සිටියේය.
මීට අමතරව එහි වේටර්වරයකු ද මැය එහි සිට මත්පැන් පානය කළ බවට ප්‍රකාශයක් ලබාදී ඇතැයිද හෙතෙම කියා සිටියේය. මේ අතර මෙම සැකකාර වෛද්‍යවරිය මත්පැන් පානය නොකළ බවට අසත්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ හදිසි අනතුරු අංශයේ වෛද්‍යවරයා සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බවද හේ කීය.
බීමත්ව සිටි වෛද්‍යවරිය ඉදිරිපත් කළ අවස්‌ථාවේ හදිසි අනතුරු අංශයේ වෛද්‍යවරයා සෙම්ප්‍රතිෂ්‍යාව රෝගයෙන් පෙළුණු බවට මේ වන විට පවසා ඇතැයිද වාර්තාවේ.සැකකාර විශේෂඥ වෛද්‍යවරිය හෙට (9) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නුගේගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කළද වෛද්‍යවරිය වැලිකඩ බන්ධනාගාරගත නොවී කළුබෝවිල මහ රෝහලේ ඊයේ (7) දිනයේත් නේවාසිකව සිටි බවද එම නිලධාරියා කීය.
2018.09.30 වැනිදා අලුයම සිදුවූ මෙම අනතුරින් මියගොස් තිබුණේ බම්බලපිටිය පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්‌ථානයට අනුයුක්‌තව සේවය කරමින් සිටි අජන්ත ගාමිණී (51) නමැති තිදරු පියෙකි.
මෙම සැකකාර වෛද්‍යවරියගේ මුවින් මත්පැන් ගඳක් වහනය නොවන බවට අසත්‍ය වාර්තා ඉදිරිපත් කළ කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු අංශයේ වෛද්‍යවරයා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවද එම නිලධාරීයා කියා සිටියේය.
මෙම වෛද්‍යවරිය ලබාදුන් ඇල්කෝ ලයිසරයේ (බැලුමේ) මැය මත්පැන් පානය කළ බවට පැහැදිලිවම දක්‌නට ඇති බවත් එම සාක්‍ෂියද අධිකරණයට යොමු කර ඇති බවත් හෙතෙම කීය.
සැකකාර විශේෂඥ වෛද්‍යවරිය හෙට (9 ) නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ පිළිබඳව බොරලැස්‌ගමුව පොලිසියේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රියංක ද සිල්වා මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ
-

හින්දු කෝවිල්වල සත්ව බිලි පූජාවට තහනම් – කැබිනට් යෝජනාවට අනුමැතිය
හින්දු කෝවිල්වල සත්ත්ව බිලිපූජා නතර කළ යුතු බවට කැබිනට් මණ්‌ඩලයට ඉදිරිපත්වූ යෝජනාවකට අනුමැතිය හිමිව ඇත.
හින්දු ආගමික කටයුතු ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන් මහතා මීට අදාළ යෝජනාව කැබිනට් මණ්‌ඩලයට ඉදිරිපත් කර තිබේ.
ඇමැති මණ්‌ඩල රැස්‌වීම ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
-

පළාත් සභා මැතිවරණය ගැන හැකි ඉක්මණින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තීන්දුවක් ගන්න
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්, හැකි ඉක්මණින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තීන්දුවකට පැමිණෙන ලෙස ඉල්ලමින් පැෆරල් සංවිධානය කථානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
ඡන්ද බලය භාවිත කර නියෝජිතයන් පත්තර ගැනීමට ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය වීම හේතුවෙන් ජනතා විශ්වාසය බිඳ වැටිම රටක යහපැවැත්මට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලටද මරු පහරක් එල්ල කරන බව පැෆරල් සංවිධානය සිය ලිපියෙන් පෙන්වා දී ඇත.
විවිධ අවස්ථාවලදී මැතිවරණ කල්දැමීම හරහා රටක් ලෙස ඕනෑවටත් වඩා අනිසි ඵලවිපාකවලට මුහුණ දී ඇති බැවින් එවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවන පරිදි ජනතා අභිලාෂයන් ප්‍රකාශ කිරීමට ඉඩ ප්‍රස්ථා සැලසීම රජයට අයත් ප්‍රමුඛ වගකීමක් බවත් එම සංවිධානය පෙන්වා දී තිබේ.
එබැවින් හැකි ඉක්මණින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා දැනට හඳුනාගෙන ඇති අඩුපාඩුකම්වලට පිළියම් යොදමින් ඒ ගැන තීන්දුවක් ගත යුතුව ඇති බවත්, මැතිවරණ පවත්වන්නේ පැරණි ක්‍රමයටද යන්න ගැන නිශ්චිත තීන්දුවක් ගත යුතුව ඇති බවත් පැෆරල් සංවිධානය පවසා ඇත.
ඒ තුළින් ජනතා පරමාධිපත්‍ය බලය සුරක්ෂිත කරදීමට කටයුතු කරන ලෙසත් පැෆරල් සංවිධානය එමගින් කථානාකවරයාගෙන් ඉල්ලා තිබේ.
-

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 4ක් හා තුවාල සිදුවීම් කිහිපයක්
බොහෝ ප්‍රදේශවලට බලපෑ අධික වැසි නිසා හටගත් ජලගැලීම්, පස් කඳු කඩාවැටීම් හේතුවෙන්, ඊයේ (7) සවස වන විට පුද්ගලයන් 4 දෙනෙක් මියගොස් තවත් හතර දෙනෙක් තුවාල ලබා සිටියහ.
සැඩපහරට හසුවීමෙන් මතුගම ප්‍රදේශයේ එක් පුද්ගලයකු මියගොස් ඇති අතර වැසි ජලයේ ගිලීමෙන් කළුතර ප්‍රදේශයේ තවත් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇත. ගාල්ල ප්‍රදේශයේද එක් පුද්ගලයකු මියගොස් ඇත. ඊට අමතරව කළුතර, නෑබඩ නිවාස 2ක් මතට ඊයේ (7) අලුයම පස් කන්දක් කඩා වැටීම නිසා සිවුදෙනෙකු තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර තිබේ.
මේ අතර වැසි ආපදා තත්ත්වයන් නිසා ඊයේ (7) සවස වන විට පුද්ගලයන් දසදහසකට ආසන්න පිරිසක් පීඩාවට පත්වී ඇත. ඉන් වැඩිම බලපෑමක් එල්ල වී තිබුණේ ගාල්ල දිස්ත්‍රික්කයටය. එහි පවුල් 131ට අයත් පුද්ගලයන් 8469 දෙනෙක් මෙලෙස පීඩාවට පත්වී ඇත.
ඊට අමතරව බොහෝ ප්‍රදේශවල මාර්ග රැසක් ජලයෙන් යට වුණු අතර මතුගම අලුත්ගම මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශයේ ජලයෙන් යටවීම නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම් මාර්ගය තාවකාලිකව වසා දමා තිබිණි.
මේ අතර කළුතර අගලවත්ත වළල්ලාවිට ආදි ප්‍රදේශවල වර්ෂාවත් සමග දැඩි නාය යාමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එම නිසා එම ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳ දැඩි විමසිල්ලකින් පසුවිය යුතු බවද එම සංවිධානය පෙන්වා දෙයි.
-

මංගලගේ නොහැකියාව සහ තෙල් මිල සූත්‍ර ප්‍රෝඩාව
තම නොහැකියාව වසා ගැනීම සඳහා බොරු ආටෝප අටවා ජනතාව සහ මාධ්‍ය ඉදිරියට දැමූවද ආර්ථික සහ මූල්‍ය ක්ෂේත්‍රයට පිළිබඳව නිසි දැනුමක් නැති මුදල් අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර විසින් තම විලිවසා ගැනීම සඳහා දමා ඇති “තෙල් මිල සූත්‍රය” අමු ප්‍රෝඩාවක් බව මේ වන විට අනාවරණය වී අවසානය.
ඒ මහතා පවසන්නේ එවැනි මිල සූත්‍රයක් සැකසීමේදී මෙරට ඊට අදාළ ක්ෂේත්‍ර බුද්ධිමතුන් සිටින බවත් අඩුම තරමේ ඔවුන් සමග දල අදහස් හුවමාරු කරගැනීමක්වත් මේ සම්බන්ධයෙන් සිදු කර නැති බවත්ය.
මේ අතර අමාත්‍ය මංගල සමරවීර හඳුන්වා දුන් තෙල් මිල සූත්‍රය වෙළෙඳපොළ සංවේදී දෙයක් වන හෙයින් එය ලබාදීම සුදුසු දෙයක් නොවන්නේ යැයි මහ බැංකුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දසේන වීරසිංහ පවසා ඇත.
මෙහිදී පැන නගින ගැටලුව වන්නේ ජනතාවගේ දෛනික ජීවිතයට මෙන්ම රටේ සමස්ත ආර්ථිකයටම බලපෑමක් ඇතිකරවන තෙල් මිල සම්බන්ධයෙන් රටේ ජනතාවට අයිතිය බලධාරීන් විසින් අහුරවා ලන්නේ කෙසේද යන්නයි.
පසුගියදා පැවති රජයේ කැබිනට් මාධ්‍ය හමුවේදී රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු මෙන්ම කැබිනට් ප්‍රකාශයෙකු වන අමාත්‍ය රාජිත සේනාරත්නගෙන්ද “තෙල් මිල සූත්‍රය” සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසීම් සිදුකරන ලද අතර එහිදී අමාත්‍ය රාජිතද පවසා සිටියේ එය තමාද හරි හැටි නොදන්නා බවයි.
