Tag: breaking post

  • කවුද මේ සේනානි සමරනායක ?

    කවුද මේ සේනානි සමරනායක ?

    සේනානි සමරනායක කියන්නෙ සරලවම කිව්වොත් මූල්‍ය වංචා කරල හිරේ ගිය කෙනෙක්.

    වැඩි විස්තර කියනවනම්,සේනානි කියන්නෙ නාමල් බේබි නීතීඥයෙක් විදිහට දිව්රුම් දීල මාසෙකින් පටන් ගත්තු NR කන්සල්ටන්ස් පෞද්ගලික සමාගමේ පළමු අධ්‍යක්ෂක වරියක්.නාමල් විසින් හෙලෝ කොප් සමාගම මිලදී ගැනීමට  NR කන්සල්ටන්ස් පෞද්ගලික සමාගම හරහා අවුරුද්දක් තුල ඉපයූ මුදල්  රුපියල් කෝටි එකහමාරක්ද ඔහුට අයත් ගවර්ස් කෝපරේට් සර්විස් සමාගමෙන් කෝටි 3 ක්ද ලබා දුන් බව හෙළිවූ අතර එම මුදල් ලැබුනේ කෙසේදැයි කීමට නාමල් මෙන්ම එහි අධ්‍යක්ෂවරුන්ද අසමත් වීම හේතුවෙන් අංක 66, උයන, මොරටුව පදිංචි සේනානි සමරනායකට මුදල් විශුද්ධිකරණය හේතුවෙන් සිරගතවිමකට පවා ලක්වීමට සිදුවිය.

    මෙසේ ජනතා මුදල් කොල්ල කා එම කලු සල්ලි සුදු කරමින් සියළු සැප සම්පත් විඳි වංචා කාරියක්, සරලවම කිව්වොත් පට්ට හෙරක් අද නාමල්ගේ ආශිර්වාදයෙන් කොළඹ පුරපතිනි සිහින දකිමින් සිටී.

    දේශපාලන පාට පක්ෂ බේදයක් නැතිව මිලින්ද රාජපක්ෂ වැනි උගත් බුද්ධිමත් රටට වැඩක් කල හැකි දක්ෂ තරුණයින් එක්ක මෙවන් වංචාකාරී ලිංගිකත්වයෙන් ලොවම දිනන්න දත කන නින්දිත ගැහැණියක් තරඟ කරවීමට කටයුතු කිරීම ගැන මේ වන විට පොහොට්ටු පාක්ෂිකයින් මෙන්ම පොහොට්ටුවේ ක්‍රියාකාරීන්ද නාමල් හා බැසිල් සමඟ දැඩි අප්‍රසාධයෙන් පසුවෙන බවට ආරංචි ලැබී ඇත.

     

  • මාව දණ ගැස්සුවෙ නෑ කියල කිව්වෙ අධ්‍යාපන බලධාරීන්ගෙන් පැමිණි බලපෑම් නිසයි

    මාව දණ ගැස්සුවෙ නෑ කියල කිව්වෙ අධ්‍යාපන බලධාරීන්ගෙන් පැමිණි බලපෑම් නිසයි

    පසුගිය දිනක ළමයකු පාසලට ඇතුළත් කිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් ඌව මහ ඇමැතිවරයා හමුවේ විදුහල්පති තුමියකට වැඳ සමාව ගැනීමට සිදුවූ පුවතක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් ඊට පසු දිනක එම විදුහල්ලතිනිය මාධ්‍ය ඉදිරියට ඇවිත් එවැනි සිද්ධියක් නොවූ බවට ප්‍රකාශ කලාය.

    කෙසේ වෙතත් නැවත එම විදුහල්පතිනිය තමාට මහ ඇමති වරයාගෙන් වැඳ සමාව ගැනීමට සිදු වූවා යයි අද හඬා වැටෙමින් පිළිගත්තාය.

    ඒපළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය ඇතුළු පිරිසක් ඉදිරිපිටදීය.එහිදී ඇය පැවසුවේ තමා මාද්ධ්‍යට එසේ පැවසුයේඅධ්‍යාපන බලධාරීන්ගෙන් පැමිණි බලපෑම් නිසා බව ද තමා ඒසිද්ධිය වූ දිනයේම ඒ ගැන පාසල් ලොග් සටහන් පොතේ සටහනක් දමා ඇති අතර ඉන් පසුව පළාත් අධ්‍යාපන බලධාරීන් ඇය කැඳවා එවැනි සිදුවීමන් නොවූ බවට ප්‍රකාශයක් කරන්නැයි කළ බලපෑම් ගැනද විදුහල්පතිනිය ලොග් සටහනක් තබා ඇති බව කියා සිටියේය.

    ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් කරන ලෙස ලංකා ගුරු සංගමය පොලිසියට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර තිබේ. ජනවාරි නව වැනි දා විදුහල්පතිනිය පළාත් සභාවට කැඳවූ පළාත් අධ්‍යාපන ලේකම්වරිය විදුහල්පතිනිය පළාත් සභාවට යෙමු කොට මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඇයට දැනුම් දී ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියා සිටින අතරමේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු පැවසුවේ විදුහල්පතිනිය දණගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පළ වූ ජනමාධ්‍ය වාර්තා සැලකිල්ලට ගෙන විමර්ශනයක් ආරම්භ කළ බවයි. ලංකා ගුරු සංගමය ද ඒ ගැන පැමිණිල්ලක් කර ඇති බව ද කොමිෂන් සභා ප්‍රකාශකයා කියා සිටියේය.

  • STF ආරක්ෂාව සහිතව මනෝ ගනේෂන් පාතාලය සමග ගනුදෙනු කරයි

    STF ආරක්ෂාව සහිතව මනෝ ගනේෂන් පාතාලය සමග ගනුදෙනු කරයි

    රටේ නමගිය අපරාධකරුවෙකු වන මෝදර වැල්ලේ පාතාල ඒකාධිකාරය හිමි වැල්ලේ සුරංගගේ සහයෙන් ඇමති මනෝ ගනේෂන් කොළඹ අවට භීෂණය පතුරවන බව දැනගන්නට ඇත. එක්වරක් නෙත් එෆ්එම් බැලුම්ගල තුලින්ද මෙම මෝදර වැල්ලේ පාතාල ක්‍රියාකාරකම් පිළිබඳ අනාවරණයක් සිදුකරන ලද අතර, එහි පාතාල ඒකාධිකාරය පතුරවන මනෝ ගනේෂන්ගේ හිතවතා පිළිබඳව තොරතුරු හෙලිදරව් කෙරිණි.

    දැනට පවතින පාලාත් පාලන මැතිවරනයෙහි ක්‍රියාකාරකම් අරභයා වැල්ලේ සුරංග නැමති පාතාල සාමාජිකයා ඉඳුරාම මනෝ ගනේෂන් වෙත සහය දක්වන බව තොරතුරු ලැබී ඇත. කොළඹ මහා නගර සභාව සඳහා මනෝගේ පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ තුලින් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන් කුඩු, ගංජා ජාවාරම්කරුවන් බවත්, තවත් සමහර පුද්ගලයින් විවිධ දූෂණ අපරාධ සඳහා නමගිය අයවලුන් වන බවද සඳහන් වේ. කොළඹ මහනගර සභා බලප්‍රදේශය තුල මනෝ ගනේෂන්ගේ අපේක්ෂකයන් ජාතිවාදය අවුලුවමින් දමිල ජනතාවගේ ඡන්ද මංකොල්ලයක නිරත වන බව දැන ගන්නට ඇත.

    තමන්ට පාතාල තර්ජන ඇතැයි STF ආරක්ෂාවද ලබාගෙන මනෝ ගනේෂන් සිදුකරනා මුලාව නිසා රටේ ජනපතිවරයාටද චෝදනා එල්ල වෙමින් පවතී. එසේම භීෂණයක් නැති රටක මනෝ ගනේෂන්ට පමණක් STF ආරක්ෂාව ලබාදීම හරහා රටේ ජනතාවට භීෂණයේ සෙවණැලි පෙනෙන්නට පටන්ගෙන ඇත. යහපාලනයක් තුලින් නිදහස් සමාජයක් උරුම කල බැව් ජනපතිවරයා නිතර පැවසුවද එය යථාර්ථයක් නොවන බව මෙවන් සිද්ධීන් හරහා තේරුම් යයි. සමහර ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් සිය ආරක්ෂාව ඉවත් කරමින් නිදහසේ සමාජය තුල ඇවිද ගියද එදා සිට ජාතිවාදය පැතිරවූ, කොළඹ පාතාලය සමග ගනුදෙනු කරනා මනෝ ගනේෂන් වැනි අයට ආරක්ෂාවක් කුමටදැයි ප්‍රශ්ණකල යුතුව ඇත.

    Voice of Ceylon

  • බීල ඇවිත් හැමදාම වද දෙන සැමියට බිරිඳගෙන් කැති පාර

    බීල ඇවිත් හැමදාම වද දෙන සැමියට බිරිඳගෙන් කැති පාර

     

    දිනපතාම  අධික ලෙස බීමත්ව පැමිණෙන සැමියාගේ  ගුටි බැට ඉවසීමට නොහැකි වූ බිරිඳක් සැමියාගේ හිසට කැත්තකින් කෙටීමේ සිද්ධියක්   බදුල්ල එගොඩවෙල ගම්මානයෙන් වාර්ථා වී ඇත.

    මෙසේ බරපතල තුවාල ලැබූ 50 හැවිරිදි සැමියා ඊයේ (18)  රාත්‍රී 11.30 ට පමණ මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇතැයි පොලීසිය පවසයි.

     

  • ජවිපෙ අපේකෂකයාගේ මෝටර් රථය ගිනි තියයි

    ජවිපෙ අපේකෂකයාගේ මෝටර් රථය ගිනි තියයි

     ඇඹිලිපිටිය, පනාමුර පාරේ ෆයින්සිටි නිවෙස් පාරේ පිහිටි සිය නිවස ඉදිරිපිට මෙම මෝටර් රථය නවත්වා තිබූ අවස්ථාවේ අලූයම දෙකයි විස්සට පමණ ගිනි ගන්නවා දැක නිවා දැමු බව ඇඹිලිපිටිය නගර සභාවේ යෝධගම කොට්ඨාසයට ජනතා විමුක්ති පෙරමුණෙන් තරගවදින අපේක්‍ෂක ඉන්දික ප‍්‍රසාද් ගුණසිංහ මහතා පොලිසියට පැමිණිලි කර ඇත.

    භූමිතෙල් පෙඟවූ ගෝනි ටයර්වලට දමා ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක පහල කරයි.

  • මර්වින්ගේ පුත් මාලක අල්ලන්න වරෙන්තු

    මර්වින්ගේ පුත් මාලක අල්ලන්න වරෙන්තු

    2014 දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු සමග කොළඹ සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් නිසි පරිදි අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට වරෙන්තු නිකුත් කෙරුණු අතර ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මහත්මිය අද(18) නියෝග කළාය.

     

  • මත්පැන් සඳහා කාන්තාවක්ට තිබූ නීති ලිහිල් කල චක්‍රලේකය අවලංගු කරන්න එපා කියා කාන්තාවෝ උසාවි යයි

    මත්පැන් සඳහා කාන්තාවක්ට තිබූ නීති ලිහිල් කල චක්‍රලේකය අවලංගු කරන්න එපා කියා කාන්තාවෝ උසාවි යයි

    මුදල් අමාත්‍යවරයා විසින් පසුගිය 10 වනදා නිකුත් කල මත්පැන් අලෙවි සල්වල සේවය කිරීමට හා මත්පැන් අලෙවි සල්වලින් මත්පැන් මිලදී ගැනීමට කාන්තාවන්ට අවසර ලබාදෙන ගැසට් පත්‍රය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා කාන්තාවෝ පිරිසක් ඊයේ (17) පස්වරුවේ ශේ්‍රෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

    ජනාධිපතිවරයාගේ උපදෙස් මත ගෙන ඇතැයි කියන කැබිනට් මණ්ඩලයේ එම තීරණය මගින් තමන්ට අති සමානාත්මතාවේ අයිතිය අහෝසි වන බවත් නීතිඥ තීශ්‍ය වේරගොඩ මහතා මගින් ගොනුකර තිබූ එම පෙත්සම මගින් පෙත්සම්කාරියන් ඉල්ලා තිබුණු අතර තම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට නියම කරනා ලෙසත් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් අනතුරුව කැබිනට් මණ්ඩලයේ එකී තීරණය නිසා තමනනගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට නිගමනයක් කරනා ලෙසත් මුදල් අමාත්‍යවරයා, මුදල් අමාත්‍යංශයේ ‍ලේකම්වරයා හා නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් ගොනු කළ එම මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් එම පෙත්සම්කාරියන් ඉල්ලා තිබුණි.

  • සම අයිතිය තිබුණා කියලා පුරුෂයින් කරන සෑම දෙයක්ම කාන්තාවන්ට ගැළපෙන්නේ නෑ… මෙවැනි නීතියක් අපේ රටේ තිබුන කියල කාන්තාවන් දැනගත්තෙත් මේ චක්‍ර‍ලේඛය නිසයි

    සම අයිතිය තිබුණා කියලා පුරුෂයින් කරන සෑම දෙයක්ම කාන්තාවන්ට ගැළපෙන්නේ නෑ… මෙවැනි නීතියක් අපේ රටේ තිබුන කියල කාන්තාවන් දැනගත්තෙත් මේ චක්‍ර‍ලේඛය නිසයි

    මත්පැන් මිලදී ගැනීම විකිනීම පිළිබඳව කාණ්තාවන්ට තිබූ නීතිය ලිහිල් කරමින් මුදල් ඇමති විසින් ගෙන ආ චක්‍රලේකය ඉවත් කිරීමට ජනපති ගත් තීරණයට  විරෝධය දක්වමින්  කාන්තාවට පුරුෂයින්ට සමාන අයිතිවාසිකම් ලබාදීමට ව්‍යවස්ථාවට අනුව රජය බැදී සිටින බවත් එවැනි තත්ත්වයක් මත කාන්තාවන් ඉලක්ක කර මෙවැනි නීති පැනවීම අසාධාරණ බවත් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදිනියක් ඊයේ(17)  කියා සිටියාය.

    අපේ රටේ කාන්තාවන් යුරෝපයේ කාන්තාවන්ට සමාන කරන්න බෑ.ශ්‍රී ලාංකික කාන්තාවන්ට මෙවැනි අවශ්‍යතා විදේශීය කාන්තාවන් තරමට නැති නිසා මෙවැනි නීති තිබිය යුතු බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසුවේය. 

    කාන්තාවකට තමා පිළිබඳව තීන්දු ගැනීමේ අයිතියක් තිබිය යුතු බවත් එය රජයට නීති පනවා හැසිරවිය නොහැකි බවත් අදාළ මාධ්‍යවේදිනිය නැවත ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී මතින් නිදහස් රටක් තැනීම සඳහා බලයට පැමිණි වත්මන් රජය යටතේ මෙවැනි කාරණා කිසිසේත් සිදුනොවිය යුතු අතර සම අයිතිය තිබුණා කියලා පුරුෂයින් කරන සෑම දෙයක්ම කාන්තාවන්ට ගැළපෙන්නේ නැති බවත්. මෙවැනි නීතියක් අපේ රටේ තිබුණු බව කාන්තාවන් දැනගනු ලැබුවේත් මෙම චක්‍ර‍ලේඛය නිසා බවත් ඒ වෙනතුරු කාන්තාවන්ද මෙවැනි නීති ගැන නොදැන සිටි බවද රාජිත සේනාරත්න මහතා පිළිතුරු වශයෙන් පැවසීය.. 

  • ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි බාරගන්නැයි අගමැතිගෙන් උපදෙස්…ඉදිරි දින කිහිපය තුලදී නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

    ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි බාරගන්නැයි අගමැතිගෙන් උපදෙස්…ඉදිරි දින කිහිපය තුලදී නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

     

     

     ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි බාරගන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වාචිකව දැනුම් දුන් බවත් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉදිරි දින කිහිපය ඇතුළත දී පත්වනු ඇති බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද(17) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ  පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. 

    “ ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉදිරි දින කිහිපයේදී පත්වේවි. ඒ සම්බන්ධ ක්‍රියාවලිය මේ වනවිට සිදුවෙමින් තිබෙනවා. ඒ වගේම කිව යුතු දෙයක් තිබෙනවා. අපි ශ්‍රී ලන්කන් විකුණනවා, රජයේ බැංකු විකුණනවා කියලා කතා යනවා. කිසිවක් විකුණන්නේ නැහැ. අපි කරන්නේ කළමනාකාරීත්වය බාර දීම පමණයි. අපි පසුගිය වසරේදී රාජ්‍ය බැංකු සංවර්ධනය කිරීම සඳහා එම බැංකුවවල ප්‍රාග්ධනයට පමණක් රුපියල් බිලියන 10ක් යෙදෙව්වා.ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමේ කළමනාකාරීත්වය සම්බන්ධයෙන් කටාර් ගුවන් සේවය, ෆ්ලයි එමිරේට්ස් යන සමාගම් මෙන්ම ජපාන, චීන සහ ඉන්දුනීසියානු ගුවන් සමාගම් අවධානය යොමු කර තිබෙනවා. අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා සහ ඉදිරියේදීත් සාකච්ඡා පවත්වන බවත් මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

  • පාර්ලිමේන්තු / පළාත් සභා මන්ත්‍රීන්ගේ තැපැල් පහසුකම ඩබල් වේ

    පාර්ලිමේන්තු / පළාත් සභා මන්ත්‍රීන්ගේ තැපැල් පහසුකම ඩබල් වේ

     පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ට ලබාදෙන නිදහස් තැපැල් පහසුකම 100% කින් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට වසරකට රුපියල් 175000ක නිදහස් තැපැල් පහසුකමක් ලබාදෙන අතර එය මින් ඉදිරියට රුපියල් 350000ක් දක්වාත් පළාත් සභා මන්ත්‍රීවරයකුට වසරකට ලැබෙන රුපියල් 24000ක නිදහස් තැපැල් පහසුකම රුපියල් 48000 දක්වා ඉහළ නංවා තිබේ.

  • සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම යුද්ධයක් නෙමෙයි යුධ අපරාදයක්… විග්නේශ්වරම් අපේ රණවිරුවන් අපරාධ කාරයින් කරයි

    සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම යුද්ධයක් නෙමෙයි යුධ අපරාදයක්… විග්නේශ්වරම් අපේ රණවිරුවන් අපරාධ කාරයින් කරයි

     
    2015 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සෙසු රටවල අනුග්‍රහය ඇතිව ශ්‍රීලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව ලක් රජය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවත් යුද සමයේ මෙරට සිදුවූ බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතීන්ට අනුකූල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට දඩුවම් දිය යුතු බවත් යුද්ධ වකවානුවක සාපරාධි මනුෂ්‍ය ඝාතන සිදුකිරීම,මානව හිමිකම් කඩකිරීම හා සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම යුද්ධයක් නොව යුද අපරාධයක් බවත් මීට සම්බන්ධ සියල්ලන්ටම දඩුවම් දිය යුතු බවත් ඒ සඳහා ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බවත් උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා අවදාරණය කළේය.
     
    දෙමළ ජනතා සංසදය සංවිධානය කළ ආණ්ඩුක්‍රම මෙහෙයුම් කමිටු වාර්තාව පිළිබඳ  ජනතාව දැනුම්වත් කිරීමේ  වැඩසටහනකට එක්වෙමින් මහ ඇමතිවරයා මේ බව කියා සිටියේය.මෙම වැඩසටහන යාපනය වීරසිංහම් ශාලාවේදී ඊයේ (17) පැවතිණි.
     

  • මරුණත්කමක් නෑ කියල බෙල්ල දෙන්න ආපු මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ගහන්නෙ කලගුණ දන්නැති අයයි

    මරුණත්කමක් නෑ කියල බෙල්ල දෙන්න ආපු මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ගහන්නෙ කලගුණ දන්නැති අයයි

    නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද  (17) අත්තනගල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් මෙසේ ප්‍රකාශ කර සිටියේය…

    ” මරුණත්කමක් නෑ කියල බෙල්ලදෙන්න ආපු මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිතුමාට ගහන්න එපා කියල මම අපේ මන්ත්‍රීවරුන්ගෙන් හා ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ කෙළෙහි ගුණ තියන්න. අපේ පක්ෂයට පොඩ්ඩක් කෙළෙහිගුණ අඩුගතියක් තියෙනවා. අමාරු අවස්ථාවක උදව්වට ආපු එකාට ගහන්න එපා.අපට ජනාධිපති අපෙක්ෂකයෙක් නැතිවෙලාවේ ඒ මනුස්සයා  අපේ පිහිටට ආවේ නැද්ද. එයා ආවට පස්සේ එයාව ජනාධිපති කරල  එයා මාර්ගයෙන් අගමැති පුටුවත් අරගෙන අපට 41යි තිබුණේ එයා මාර්ගයෙන් ආණ්ඩවත් හදාගෙන දැන් කියනවා පික් පොකැට් කාරයාලු හොඳද වැඩේ.  ඒක හොඳ නෑනේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බැඳුන්කර හොරු අල්ලන එක වැරැදිදි හරිද. රංජන් රාමනායක බැඳුන්කර හොරකම කළා නම් රංජන් රාමනායකත් ඉන්න ඕනේ ඇතුළේ “

  • පොලීසියෙන් ගුටි දුන්නැයි කියා ලංකාවෙම විදුලි සේවකයෝ වර්ජනයක

    පොලීසියෙන් ගුටි දුන්නැයි කියා ලංකාවෙම විදුලි සේවකයෝ වර්ජනයක

    ඊයේ(17) විදුලි බල මණඩල මූලස්ථානය ඉදිරිපිට දී  වැටුප් විෂමතා  ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහපයක් මුල් කරගනිමින් පැවති විරෝධය අතරේ විදුලි සේවකයන්ට පොලීසිය කළ පහර දීමට විරෝධය පළ කර අද(18) සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ  ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසීය.

    ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඩබ්. බී ගනේගල මහතා ඔහුගේ  නිල කාමරයේ හිර කර තබා ගනිමින් විරොධතාවය පළ කළ විරෝධතාකරුවන් ඉවත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි.   ඒ අවස්ථාවේදී එහි පැමිණි පොලිස් නිළධාරීන් පිරිසක් තමන්ට පහර දුන් බවට විදුලි බල මණ්ඩල සේවකයෝ චෝදනා එල්ල කළහ.

  • ඔපරේෂන් 1 ඉවරයි මං අද ඔපරේෂන් 2 පටං ගත්තා

    ඔපරේෂන් 1 ඉවරයි මං අද ඔපරේෂන් 2 පටං ගත්තා

    බැඳුම්කර වංඡාව ගැන සෙවීමට පත්කල කොමිසමේ නිර්දේශ ලැබිමත් සමගම පාර්ලිමේන්තුවේ සහ ඉන්පිටතත් මහජනයා අතරත් ඇත්තේ දැඩි නොසන්සුන්තාවයකි.ඒ අතර අද(17) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඇල්පිටිය නගරයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලිය අමතමින් මෙසේ කියා සිටියේය.

    ‘‘හොරුන්ව හිරේ යවන්න අපේ සල්ලි විනාශ කරපු කෝටි දහස් ගණනක් හොරුන්ගෙන් අපහු ගන්න මම අද(17) ඔපරේෂන් ටු ක්‍රියාත්මක කරලයි ආවේ පසුගිය කාලය තුල මේ රටේ ඉතිහාසයේ  සිදුවෙච්ච ලොකුම මංකොල්ලය මහ බැංකු මංකොල්ලයයි. ඒ මංකොල්ලය සොයන්න තමයි මං ජනාධිපති කොමිසමක් පත්කළේ. ඒ ජනාධිපති කොමිසම පත්කරන කොට අද අප විවේචනය කරන අය එක එක දේවල් කිව්වා. ඕවා දැම්මට ඕවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ කිව්වා. මම අද දවාලේ නීතිපතිතුමා මගේ කාර්යාලයට ගෙන්නුවා. අල්ලස් දුෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්තුමාට එන්න කිව්වා. මහ බැංකුවේ අධිපතිතුමාට එන්න කිව්වා. රජයේ ක්ෂේත්‍රවල නීති විශාරදයන්ට එන්න කිව්වා. ඒ සියලුම දෙනාට එන්න කියල මං ඒ සාකච්ඡාව අවසන් කරලා ආවේ. මං ඒගොල්ලන්ට කිව්වා හොරුන්ට දඩුවම්දීමට, අපෙන් හොරකම් කළ ජනතාවගේ සල්ලි ආපසු ගැනීමට ,ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා ඔබට කොච්චර කාලයක් යනවද? කොච්චර කාලයකින් මේක අවසන් කරනවද කියල මං ඒ අයගෙන් අහල ඒ වැඩපිළිවෙළ හදලා මේ රැස්වීමට ආවේ හොරුන්ට දඩුවම් කරන්න‘‘ 

  • ඡන්දය ඉවර වෙනකල් විතරක් කසිප්පු වඩියක් පෙරා ගන්න ඉඩ දෙන ලෙස අපේක්ෂකයෝ පොලීසියෙන් ඉල්ලයි

    ඡන්දය ඉවර වෙනකල් විතරක් කසිප්පු වඩියක් පෙරා ගන්න ඉඩ දෙන ලෙස අපේක්ෂකයෝ පොලීසියෙන් ඉල්ලයි

     

    පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පවත්වාගෙන යන නීත්‍යනුකූල මැතිවරණ අපේක්ෂක කාර්යාලයක් පිටුපස නීතිවිරෝධී මත්පැන් පෙරීමක් වන බවට ‍පොලීසියට ලැබුණු තොරතුරක් මත ‍පොලිසිය අදාළ කාර්යාලයට ගොස් පරීක්ෂා කරන අවස්ථාවේදී තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින දෙක තුනකට වරක් කසිප්පු වඩියක් දමා ගැනීමට අවසරයක් දෙන්නේ නම් එය තම මැතිවරණ කටයුතුවලට මහත් රුකුලක් බව ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ  ප්‍රධාන පෙළේ පක්ෂයක අපේක්ෂකයෙකු පොලිසියට පවසා තිබේ.

    රැය පහන්වන තුරුම ආධාරකරුවන් තම පක්ෂ කාර්යාලයේ රැඳී සිටිමින් උදව්  උපකාර කරන්නේ මත්පැන් සංග්‍රහ පවත්වන්නේ නම් පමණක් බව එවිට එම අපේක්ෂකයා ‍පොලීසියට පවසා තිබේ. කසිප්පු වැටලීම් සඳහා ගිය අවස්ථා කිහිපයක දී  මීට පෙරද එවැනි ඉල්ලීම් ඉදිරිපත් වූ බව පැවැසූ නිලධාරීහු මේ දිනවල කසිප්පුවලට තිබෙන ඉහළ ඉල්ලුම නිසා ජාවාරම්කරුවන් කසිප්පු පෙරීම හා බෙදාහැරීම ජයටම සිදුකරන බවද කීහ.

     

    එම පොලිස් නිලධාරීන් වැඩුදුරටත් පවසනුයේ පවතින තත්ත්වය යටතේ මෙබඳු කසිප්පු සංග්‍රහ නොපවත්වන්නේ නම් මෙවර මැතිවරණයෙන් දිනීමට අපහසු බැවින් ප්‍රධාන පක්ෂවල අපේෂකයන් අවශ්‍ය බඩුබාහිරාදිය සහ උපකරණ ලබා දී විවිධ පුද්ගලයන් ලව‍ා එසේ කසිප්පු පෙරීම සිදුකරන බවය.

    එමෙන්ම මැතිවරණ දිනය තෙක් පමණක් ඒ සඳහා අවසර ලබා දුනහොත් මැතිවරණයෙන් බලයට පත් වූ පසු පොලිස් නිලධාරීන්ට ද හොඳින් සලකන බව ඔවුන් පැවසූ බව පොලිස් නිලධාරීහු කියති.

  • ශ්‍රී ලංකා සහ ඉන්දියානු තානාපති සබඳතා වල හැත්තෑවෙනි වසර සපුරාලීම නිමිත්තෙන් විශේෂ සැමරුම් ප්‍රසංගයක්

    ශ්‍රී ලංකා සහ ඉන්දියානු තානාපති සබඳතා වල හැත්තෑවෙනි වසර සපුරාලීම නිමිත්තෙන් විශේෂ සැමරුම් ප්‍රසංගයක්

    ශ්‍රී ලංකා සහ ඉන්දියානු තානාපති සබඳතා වල හැත්තෑවෙනි වසර සපුරාලීම නිමිත්තෙන් පැවැත්වෙන  විශේෂ සැමරුම් ප්‍රසංගයක් අද (17) :ව 6.30 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.