Tag: ferrari-488-spider

  • පාර්ලිමේන්තු සභාව මුල්වරට රැස්වෙයි

    පාර්ලිමේන්තු සභාව මුල්වරට රැස්වෙයි

    විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පත් කෙරුණු පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරුවේ කථානායක නිල නිවසේදී පැවැත්විණි.

    එම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සහ අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා වන ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා වන කබීර් හෂීම් මන්ත්‍රීවරයාද පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සහ නියෝජ්‍ය මහ ලේකම් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල යන මහත්වරුන්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

    පස්වරු 4.00 පමණ සිට පැයකට වැඩි කාලයක් පැවති මෙම රැස්වීමේදී පළමුව අදහස් දැක්වූ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු සභාවට එක්වූ සියළු සාමාජිකයන් ඉතා ගෞරවයෙන් පිළිගනිමින් ඉදිරියේදී වඩාත් සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා සියළුදෙනාට ආරාධනා කළේය.

    ඉන්පසු කථානායකවරයාගේ උපදෙස් පරිදි මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට අනුව පාර්ලිමේන්තු සභාවේ නීතිමය රාමුව සහ එහි ක්‍රියාපටිපාටිය පැහැදිලි කරන ලදී.

    ඉන්පසුව එහි සාමාජිකයන් ඉදිරියේදී අනුගමනය කළයුතු ක්‍රියාපටිපාටියන් පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර ඒ සම්බන්ධව ගතයුතු පියවර සම්බන්ධයෙන් එකගත්වයකට පැමිණියහ.

    අනතුරුව ලබන නොවැම්බර් 10 වන දින පෙරවරු 10 ට සභාව යළි රැස්කිරීමට තීරණය විය.

  • පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ‘චීනයෙන් නිල නිවේදනයක්’

    පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ‘චීනයෙන් නිල නිවේදනයක්’

    ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා ඊයේ (27) දින මෙරටට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා නිල සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සිංහල, දමිළ භාෂාවලින් නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනය (සිංහල) සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.

    ඔක්තෝබර් 22 වන දින එක්සත් ජනපද ප්‍රධාන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ඩීන් තොම්සන්, රාජ්‍යය ලේකම් පොම්පියෝගේ ඉදිරි සංචාරය පිළිබඳ මාධ්‍ය හමුවකදී චීන-ශ්‍රී ලංකා සබඳතාවලට විවෘතව පොළඹවා මැදිහත් වූ අතර,විදේශ සබඳතා සම්බන්ධයෙන් “දුෂ්කර නමුත් අවශ්‍ය තීරණ ගන්නා ලෙස” ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය. එය රාජ්‍යතාන්ත්‍රික මූලලේඛයන් (ප්‍රොටෝකෝල) අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.

    ඊට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක දැඩි ලෙස ප්‍රතිචාර දක්වා ඇති අතර එක්සත් ජනපද නිලධාරියාගේ ප්‍රකාශ සීතල යුද්ධ මානසිකත්වයෙන් පිරී ඇති බවත් ආධිපත්‍යවාදී මානසිකත්වය අසාර්ථක වනු ඇති බවත්, එමඟින් වෙනත් රටවලට අත්තනෝමතික ලෙස මැදිහත් වීමේ එක්සත් ජනපද පුරුද්ද මුළුමනින්ම හෙළි වන බවත් අවධාරණය කර තිබේ. දේශීය හා විදේශීය ප්‍රතිපත්ති සහ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ රටවලට පැති තෝරා ගැනීමට බල කිරීම ගැන දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය විසින් කරන ලද විමසීම් වලදී තානාපති කාර්යාලය තවදුරටත් මෙසේ සඳහන් කරයි.

    I. චීනයේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවට වසර දෙදහසකට ආසන්න කාලයක් මිත්‍රශීලී හුවමාරු ඉතිහාසයක් ඇත. එකිනෙකා සමග සබඳතා හැසිරවීමට අපට ප්‍රමාණවත් ප්‍රඥාවක් ඇති අතර ඒ සඳහා නියෝග කිරීමට තෙවන පාර්ශ්වයක් අවශ්‍ය නොවේ. 1950 ගණන්වල දෙරට එකිනෙකා සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමටත් පෙර අපි එක්සත් ජනපද අවහිර කිරීම් සහ සම්බාධක බිඳ දමා රබර් සහල් ගිවිසුමට අත්සන් තැබුවෙමු. අප ජීවත් වන වත්මන් 21 වන සියවසේදී දෙරටට කිසිදු බාහිර බලවේගයක බලහත්කාරයට ගොදුරු විය නොහැකිය. ශ්‍රී ලාංකික ජනතාවගේ අවංක මිතුරෙකු ලෙස චීනය, ශ්‍රී ලංකාව අනෙකුත් රටවල් සමඟ සෞඛ්‍ය සම්පන්න සබඳතා වර්ධනය කර ගැනීම ගැන සතුටු වේ.

    කෙසේ වෙතත්, එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය චීන-ශ්‍රී ලංකා සබඳතා වලට මැදිහත් වීමට සහ ශ්‍රී ලංකාවේ කටයුතු වලට බලහත්කාරයෙන් හිරිහැර කිරීමට අවස්ථාව ලබා ගැනීමට භාවිත කිරීම ගැන අපි තරයේ විරුද්ධ වෙමු. එක්සත් ජනපදය ජාත්‍යන්තර ප්‍රජාවේ සාධාරණ ඇමතුම් වලට මුහුණ දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේම  චීනය-ශ්‍රී ලංකා සබඳතාවල ඇති ජනප්‍රියත්වය පිළිගැනීමෙන්, ශ්‍රී ලංකා ජනතාවගේ සැබෑ අවශ්‍යතාවන්ට සහය දීමෙන්, සහ “දුෂ්කර නමුත් අවශ්‍ය තීරණ ගනිමින්,” වෙනත් රටවල දේශීය හා විදේශීය කටයුතුවලට අත්තනෝමතික ලෙස මැදිහත් වීමේ කැත පිළිවෙත් නිවැරදි කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

    II. ඒ අතරම, සැබෑ මිතුරන් අනෙක් පැත්තේ සපත්තු තුළට දැමිය යුතු යැයි අපි එක්සත් ජනපදයට අවංකවම උපදෙස් දෙමු. COVID-19 පැතිර යෑමෙන් පසු මේ වන විට ශ්‍රී ලංකාව දැඩි අභියෝගයකට මුහුණ දී සිටින අතර දේශීය සෞඛ්‍ය පද්ධතියට තවදුරටත් ආනයනය කරනු ලබන අවදානම් දරාගත නොහැකිය. මේ වන විට එක්සත් ජනපදයේ මිලියන 8.8 ක් පමණ කොවිඩ් ආසාදිතයින් හමු වී ඇති අතර සහ සිදුවී ඇති  මරණ සංඛ්‍යාව දෙලක්ෂ තිස්දහස ඉක්මවා ගොස් ඇති වටපිටාවක  විශාල නියෝජිත කණ්ඩායමක් සහ  පූර්ව සූදානම් කණ්ඩායම් ශ්‍රී ලංකාවට යවා ඇති අතර, සංචාරය සඳහා සහ හදිසි මාර්ග ඉදිකිරීම්  සඳහා විවිධ ඉල්ලීම් කර තිබේ. සාමාන්‍ය ජනතාව නිරන්තරයෙන් අසන ප්‍රශ්න තිබේ: මෙම ප්‍රවේශය මගින් සත්කාරක රට කෙරෙහි ඔබේ ගෞරවය සැබවින්ම ඔප්පු වන්නේද? දේශීය වසංගත වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා එය ප්‍රයෝජනවත් වේද? සැබවින්ම මේවා ශ්‍රී ලාංකික ජනතාවගේ අවශ්‍යතා සඳහාද?

    III. මෑතකදී, ඉහළ පෙළේ චීන දූත පිරිසක් ද ශ්‍රී ලංකාවට පැමිණ, ශ්‍රී ලංකාව වසංගතයට එරෙහිව කරන සටන සහ ආර්ථික පුනර්ජීවනය සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව සපත කළේය. තවද, වසංගතය දැනටමත් චීනය තුළ ඵලදායි ලෙස පාලනය කර ඇතත්, අවදානම් අවම කිරීම සහ සත්කාරක රටට ගරු කිරීම සඳහා සහ කිසිඳු කරදරයක් නොවන පරිදි, චීන දූත පිරිස තම ක්‍රියාකාරකම් සහ පිරිස් හැකිතාක් අවම කර, ශ්‍රී ලංකාවේ වසංගත වැළැක්වීමේ මාර්ගෝපදේශ උපදෙස් දැඩි ලෙස පිළිපැදීමට කටයුතු කළේය. රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතාගේ සංචාරය සහ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ රටවල් සමඟ එය හැසිරවිය යුතු ආකාරය ගැන යම් සටහනක් ලබා දීමට අපේක්ෂා කරමින් අපි මෙම භාවිතයන් එක්සත් ජනපදය සමඟ බෙදා ගැනීමට කැමැත්තෙමු.

  • ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම: ‘නීතිපති හා ආණ්ඩුවේ ප්‍රබලයින් අතර මත ගැටුම්’

    ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම: ‘නීතිපති හා ආණ්ඩුවේ ප්‍රබලයින් අතර මත ගැටුම්’

    මේ අතර, මාධ්‍ය හමුවක් අමතමින් ජල සම්පාදන අමාත්‍යය වාසුදේව නානායක්කාර පැවසුවේ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු එන්නේ ද, නැද්ද යන්න නීතිපතිවරයාට තීරණය කළ නොහැකි බවයි.

    මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකි යයි නීතිපතිවරයා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට, අධිකරණ අමාත්‍යාංශයට සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට සිය මතය දැන්වූ බව නීතිපති දප්පුල ද ලිවේරා මාධ්‍ය සම්බන්ධීකාරකවරිය, රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළාය.

    “ප්‍රේමලාල් ජයසේකර යන අය මරණ දණ්ඩනයකට යටත්ව ඇති බැවින් ඔහු පාර්ලිමේන්තුවේ අසුන්ගැනීමට හෝ ජන්දය ලබාදීමට සුදුස්සෙකු නොවන බවට ගරු නීතිපති තුමාගේ මතය 2020/8/19 වන දින පාර්ලිමේන්තුවේ මහලේකම් වරයා වෙතත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා වෙතත් සහ අධිකරණ අමාත්‍යංශයේ ලේකම් වරයා වෙතත් දන්වා යව තිබෙනවා,” යනුවෙන් ද රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළාය.

    “මරණ දඬුවමට යටත් වූ චුදිතයෙකු හට අභියාචනයකට යටත්ව ඇප ලබාදීමට කිසිදු නීතිමය තත්වයක් නෑ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 333, 4 වගන්තියට යටත්ව මරණ දඬුවමට ලක් ව අභියාචනයකට යටත්ව සිටින චුදිතයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක වීම පමණක් නැවැත්වෙන අතර දැනට පවතින නීතිමය රාමුව තුළ ඔහුගේ වරදකරු වීම නොවෙනස්ව පවතිනවා.”

    කතානායක නියෝගය

    ඇය වැඩිදුරටත් පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91/1 (අ) අනුව්‍යවස්ථාව ප්‍රකාරව යම්කිසි තැනැත්තෙකු 89 වන අනු ව්‍යවස්ථාවේ දක්වා ඇති කවර වූ හෝ නුසුදුසු කමකට යටත් වේනම් නැතහොත් එවන් නුසුදුසු කමකට භාජනය වුවහොත් ඒ තැනැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වශයෙන් පත්කර ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ ජන්දය දීමට සුදුස්සෙකු නොවන බවය.

    කතානායක මහින්ද යාපා අබේවර්ධන

    ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (ඈ) අනු ව්‍යවස්ථාවෙන් සඳහන් වන්නේ යම් තැනැත්තෙකු මරණ දණ්ඩනයට යටත්ව සිටීනම් එය ඔහුගේ ජන්ද බලය පවා අහිමි වීමට හේතුවන කාරණයක් බවය.

    මේ අතර, මාධ්‍ය හමුවක් අමතමින් ජල සම්පාදන අමාත්‍යය වාසුදේව නානායක්කාර පැවසුවේ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු එන්නේ ද, නැද්ද යන්න නීතිපතිවරයාට තීරණය කළ නොහැකි බවයි.

    පසුගියදා පැවති මහ මැතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා පහසුකම් සපයන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පසුගිය සතියේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

    දැනට මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර මනාප ඡන්ද 142,037 ක් ලබාගෙන රත්නපුර දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයට පත්විය. එහෙත් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දිය හැකිද, නැද්ද යන්න අවධානයට ලක්විය.

    2015 ජනාධිපතිවරණයේ දී මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මැතිවරණයට පෙර ඔහුට මරණ දඬුවම නියම කෙරිණ.

    තේරී පත්වූ මන්ත්‍රී වරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනයේ ඔහුගේ නම ද ඇතුළත් වීමත් සමගම ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අවසර දෙන මෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට මෙයට පෙර දැනුම් දී ඇතැයි වාර්තා පළවිය. කෙසේ වුවත් පාර්ලිමේන්තුවට පැමිණ දිවුරුම් දීමට ඔහුට මෙතෙක් අවස්ථාව ලැබී නැත.

    කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත කථානායකවරයාගේ අවධානයට යොමු කරමින් පැවසුවේ ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු සැසිවලට සහභාගි නොහැකි වීම, ඔහුගේ ඡන්ද කොට්ඨාසයේ ජනතාවගේ පාර්ලිමේන්තුවේ නියෝජනය අහිමි කිරීමකට සමාන බවය. තීන්දුවට එරෙහිව ප්‍රේමලාල් ජයසේකර අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, ඔහු පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීමේ අධිකරණ නියෝගයක් නොමැති බවත් ප්‍රේමනාත් දොලවත්ත මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

    “ඔහු අභියාචනාධිකරණයේ නඩුව ජය ගනු ඇතැයි සිතමු. නමුත් එතෙක් ඔහුට ඡන්දය දුන් ජනතාව මෙහි නියෝජනය නොවේ. එය විශාල අනතුරකි. පාර්ලිමේන්තු ක්‍රියාවලිය අධිකරණ නියෝගයකට බැඳී නොමැති බවට 2001 ජුනි 20 වන දින හිටපු කථානායක අනුර බණ්ඩාරනායක මහතා විසින් එවැනිම කාරණයක් සම්බන්ධයෙන් දුන් තීන්දුවක් මම සභාපතිවරයාගේ අවධානයට යොමු කරමි,” යනුවෙන් ද ප්‍රේමනාත් සී දොලවත්ත මන්ත්‍රීවරයා පැවසීය.

    BY BBC

  • 2019-20 වසරේ ශූරයින් ලෙසින් සී. සී. සී. කණ්ඩායම කිරුළු පළඳී

    2019-20 වසරේ ශූරයින් ලෙසින් සී. සී. සී. කණ්ඩායම කිරුළු පළඳී

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ 2019-20 වසරේ ශූරයින් ලෙසින් සී. සී. සී. කණ්ඩායම කිරුළු පළඳිද්දී තරගාවලියේ අවසන් දිනය තෙක්ම අනුශූරතාව හිමිකර ගනු ලබන්නේ කවුරුන්ද යන්න පැවැති අවිනිශ්චිතභාවය බිඳ දමමින් එහි අනුශූරතාව දිනා ගැනීමට එන්. සී. සී. කණ්ඩායම අද (27 දා) සමත්විය. අසල්වැසි ක්‍රීඩා සමාජ 2 ක් වන සී.සී.සී. සහ එන්.සී.සී. ශූරතාව සහ අනුශූරතාව දිනා ගැනීම විශේෂත්වයක් විය. 

    තරගාවලියේ අනුශූරතාව හිමිකර ගැනීම වෙනුවෙන් එන්. සී. සී. සහ හලාවත මේරියන්ස් අතර ප්‍රබල සටනක් පැවැතිය අතර එහිදී අනුශූරතාව හිමිකර ගැනීමට නම් අවසන් සති අන්තයේදී දෙපිළටම පූර්ණ තරග ජයග්‍රහණ වාර්තා කිරීම අනිවාර්යය විය. ඒ අනුව කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව කොළඹ සී. සී. සී. පිටියේ පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 79 ක ජයක් වාර්තා කරමින් හලාවත මේරියන්ස් කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අභිබවා යෑමට එන්.සී.සී. පිල සමත්විය. 

    එන්. සී. සී. පිලට වඩා ප්‍රසාද ලකුණු 4.785 ක් ඉදිරියෙන් සිටිමින් හලාවත මේරියන්ස් පිල සුපර් 8 තරග වටයේ අවසන් හෙවත් සී. සී. සී. පිලට එරෙහි තරගයට අවතීර්ණ වුවත් බලාපොරොත්තු වුණු පූර්ණ තරග ජයග්‍රහණය ලබා ගැනීමට නොහැකි වීම මත හලාවත මේරියන්ස් පිලේ අනුශූරතා බලාපොරොත්තු සිහිනයක් බවට පත්විය. 

    පළමු ඉනිමේදී ලකුණු 171 ක වාසියක් හිමිකර ගනිමින් පූර්ණ තරග ජයග්‍රහණයකට අවශ්‍ය අඩිතාලම එක් කර ගැනීමට හලාවත මේරියන්ස් පිලට හැකියාව ලැබුණත් දෙවැනි ඉනිමේදී කුසල් මෙන්ඩිස් ඇතුළු සී. සී. සී. පිතිකරුවන් දක්වන ලද දක්ෂතාවලට අභියෝගයක් එල්ල කිරීමට මේරියන්ස් පන්දු යවන්නන්ට නොහැකි විය.

    එහිදී කුසල් මෙන්ඩිස් සහ අශාන් ප්‍රියන්ජන් එක්ව එක් කරන ලද ශතක සම්බන්ධතාව හේතුවෙන් සී. සී. සී. දෙවැනි ඉනිමට කඩුලු 4 කට ලකුණු 494 ක් දක්වා දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට හැකියාව ලැබුණා පමණක් නොව දෙවැනි ඉනිමේදී හලාවත මේරියන්ස්ට එරෙහිව ලකුණු 324 ක ඉලක්කයක් ලබා දීමේ හැකියාවද ලැබිණ. 

    චතුරංගගේ තුන් ඉරියව් දක්ෂතා එන්. සී. සී. ජය ඉක්මන් කරවයි

    සී. සී. සී. පිටියේ පැවැති මෙම තරගයේදී ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක නිරත වුණු කෝල්ට්ස් දෙවැනි ඉනිම ලකුණු 157 කට සීමාවීමත් සමඟ එතෙක් හලාවත මේරියන්ස් කණ්ඩායම අතර දෝලනය වුණු අනුශූරතාවෙහි සින්නක්කර අයිතිය එන්. සී. සී. කණ්ඩායමට හිමිවිය.

    දෙවැනි දිනයේදී ආබාධයකට ගොදුරු වුණු ඇන්ජලෝ මැතිව්ස් අද දිනයේදී පන්දුවට පහර දීමෙන් වැළකී සිටීම මෙම තරගය දිවා ආහාරයටත් ප්‍රථම අවසන් වීමට හේතු විය. දෙවැනි දිනයේදී ලකුණු 30 ක් ලබා සිටියදී මැතිව්ස්ගේ බත් කෙණ්ඩ ආශ්‍රිත මස් පඬු පෙරැළී යෑමේ ආබාධයකට ගොදුරු වූයෙන් ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

    අනුශූරතාවය දිනා ගැනීමට එන්. සී. සී. පිලට ජයග්‍රහණය අනිවාර්යය වූ මෙම තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 56 කට කඩුලු 5 ක් දවා ගත් චතුරංග ද සිල්වා දෙවැනි ඉනිමේදීත් ලකුණු 81 කට කඩුලු 4 ක් දවා ගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. ඒ අනුව ඔහු සමස්ථ තරගයේදී ලකුණු 137 කට කඩුලු 9 ක් බිඳ හෙළූ අතර පන්දුවට පහර දෙමින් පළමු ඉනිමේදී ලකුණු 41 ක් ලබා ගත්තේය.

    එන්.සී.සී.පළමු ඉනිම පන්දු වාර 88.2කදී ලකුණු 458යි – (ඇන්ජලෝ පෙරේරා 107, කමිල් මිෂාර 72*, ළහිරු උදාන 66, නිරෝෂන් දික්වැල්ල 57, සහන් ආරච්චිගේ 44, චතුරංග ද සිල්වා 41, දුෂ්මන්ත චමීර 28, දිල්රුවන් පෙරේරා 119/4, ප්‍රභාත් ජයසූරිය 117/4)

    කෝල්ට්ස් පළමු ඉනිම පන්දුවාර 51 කදී ලකුණු 222 යි – (ඇන්ජලෝ මැතිව්ස් 52, සධීර සමරවික්‍රම 39, ඩිල්රුවන් පෙරේරා 27, නිසල් තාරක 22, අකිල ධනංජය 22, චතුරංග ද සිල්වා 56/5, අෂේන් ඩැනියෙල් 59/2, ලසිත් ඇඹුල්දෙණිය 47/2)

    කෝල්ට්ස් දෙවැනි ඉනිම පන්දුවාර 48.2 කදී ලකුණු 157 යි – (සධීර සමරවික්‍රම 72, ඇන්ජලෝ මැතිව්ස් 30, නිසල තාරක 15, ඩිල්රුවන් පෙරේරා 12, චතුරංග ද සිල්වා 81/4, අෂේන් ඩැනියල් 47/3, දුෂ්මන්ත චමීර 12/2)

    කුසල් සහ අශාන් ශතක සම්බන්ධතාවයක 

    දෙවැනි දින ඇතුළත ලකුණු 76 ක් තුළ කඩුලු 3 ක් බිඳ වැටී තිබියදී පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සහ ලසිත් අබේරත්න තෙවැනි දින උදෑසන වරුවේ තම කඩුලු ආරක්ෂා කරගනිමින් මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 170 ක් දක්වා ඉහළ දැමූහ. එහිදී ලසිත් අබේරත්න ලකුණු 56 කට දැවී ගිය නමුත් සිය කඩුල්ල ආරක්ෂා කරගත් කුසල් අශාන් ප්‍රියන්ජන් සමඟ එක්ව පූර්ණ තරග ජයග්‍රහණයක් පිළිබඳව හලාවත මේරියන්ස් පිල තබා තිබූ බලාපොරොත්තු ඈතට රැගෙන ගියහ.

    එහිදී කුසල් මෙන්ඩිස් තම ලකුණු 157 ක ඉනිම සදහා පන්දු 183 කට මුහුණ දුන් අතර ඒ සඳහා හයේ පහර 4 ක් සහ හතරේ පහර 14 ක් ඇතුළත් කර ගත්තේය. ඔහුට අනගි සහායක් ලබා දුන් අශාන් ප්‍රියන්ජන් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 172 කදී ලකුණු 170 ක් රැස් කර ගන්නා ලද්දේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 24 කින් සිය ඉනිම වර්ණවත් කර ගනිමිනි. ඔවුන් දෙදෙනා අතර පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 192 කි. 

    සී.සී.සී පළමු ඉනිම පන්දු වාර 59.5දී ලකුණු 287 – (ලසිත් අබේරත්න 68, ළහිරු මධුශංඛ 45, අෂාන් ප්‍රියංජන් 35, ලක්ෂාන් සඳකැන් 35,විශ්ව ප්‍රනාන්දු 16*, වනිඳු හසරංග 23, නිමේෂ් විමුක්ති 59/5, අසිත ප්‍රනාන්දු 75/3

    හලාවත මේරියන්ස් පළමු ඉනිම පන්දුවාර 87 කදී කඩුලු 9 ට ලකුණු 458 යි – ඕෂධ ප්‍රනාන්දු 85, ලසිත් කෲස්පුල්ලේ 50, රමේෂ් බුද්ධික 56, ෂෙහාන් ජයසූරිය 108, පුලින තරංග 34, කසුන් විදුර 61, තික්ෂිල ද සිල්වා 20, නිමේෂ් විමුක්ති 12, මාලින්ද පුෂ්පකුමාර 106/4, ලක්ෂාන් සඳකැන් 112/3)

    සී.සී.සී. දෙවැනි ඉනිම පන්දුවාර 97 කදී කඩුලු 4 කට ලකුණු 494 යි – (අශාන් ප්‍රියන්ජන් 170, කුසල් මෙන්ඩිස් 157, මිනෝද් භානුක 25, ලසිත් අබේරත්න 56, වනිඳු හසරංග 51, රොන් චන්ද්‍රගුප්ත 14, තික්ෂිල ද සිල්වා 44/2, ෂෙහාන් ජයසූරිය 53/2, නිමේෂ් විමුක්ති 175/2)

    හලාවත මේරියන්ස් දෙවැනි ඉනිම පන්දුවාර 9 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 52 යි – (ලසිත් කෲස්පුල්ලේ 42, ලසිත් අබේරත්න 23/2)

    සැරසන්ස් පරාජයෙන් බේරෙයි

    දිනේෂ් චන්දිමාල්ගේ ත්‍රිත්ව ශතකය සමඟින් ලබා ගත් ලකුණු 642 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සැරසන්ස් පළමු ඉනිම ලකුණු 259 කට සීමා වූයෙන් නැවතත් පන්දුවට පහර දීමේ අවස්ථාව සැරසන්ස් පිලට ලබා දීමට යුද හමුදා කණ්ඩායම තීරණය කළේය. එහෙත් තෙවැනි දින අවසනදී සැරසන්ස් කණ්ඩායමේ කඩුලු 5 ක් පමණක් දවා ගැනීමට යුද හමුදා පන්දු යවන්නන් සමත්වීම මත පළමු ඉනිමේ ගෞරවය යුද හමුදා පිලට හිමිවෙමින් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. 

    යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 156.2 කදී කඩුලු 8 ට ලකුණු 642 යි – (දිනේෂ් චන්දිමාල් 354, අශාන් රන්දික 63, තුලින ඩිල්ෂාන් 19, පැතුම් ඩිල්ෂාන් 67, ලක්ෂාන් එදිරිසිංහ 45, ජනිත් සිල්වා 35, හේෂාන් හෙට්ටිආරච්චි 16*, ප්‍රමෝද් මදුවන්ත 90/2, සාලිය සමන් 97/2, මොහොමඩ් ඩිල්ෂාඩ් 86/2)

    සැරසන්ස් පළමු ඉනිම පන්දුවාර 69.5 කදී ලකුණු 259 යි – (සාලිය සමන් 45, සුධීර තිලකරත්න 30, ප්‍රවීන් සඳමාල් 22, ගමිඳු අමරසිංහ 95, සිතාර ගිම්හාන් 26, සික්කුගේ ප්‍රසන්න 72/5, දුශාන් විමුක්ති 55/3)

    සැරසන්ස් දෙවැනි ඉනිම පන්දුවාර 35 කදී කඩුලු 5 කට ලකුණු 76 යි – (සිතාර ගිම්හාන් 31, රනිත ලියනාරච්චි 13*, අෂේන් බණ්ඩාර 16*සික්කුගේ ප්‍රසන්න 29/3)

    ශානුක දුලාජ් බී. ආර්. සී. පිලට ජීවය දෙයි 

    පළමු ඉනිම 2 දීම ලකුණු 400 සීමාව ඉක්මවූ මෙම තරගයද ජය පැරදුමෙන් තොරව අවසන් විය. බී. ආර්. සී. පිල වෙනුවෙන් ශානුක දුලාජ් ලකුණු 143 ක් ලබා බී. ආර්. සී. පිල ලකුණු 400 සීමාවෙන් ඔබ්බට යෑමට අවශ්‍ය අඩිතාලම එක් කළේය. 

    රාගම පළමු ඉනිම පන්දුවාර 134.1 කදී ලකුණු 491 යි – (උදාර ජයසුන්දර 158, ළහිරු තිරිමාන්න 140, බිනුර ප්‍රනාන්දු 52, අමිල අපෝන්සු 38, ශෂික දුල්ශාන් 21, සුපේෂල ජයතිලක 18, ඉෂාන් ජයරත්න 36, හෂේන් රාමනායක 80/3, දුවිඳු තිලකරත්න 136/3)

    බී. ආර්. සී. පළමු ඉනිම පන්දුවාර 110.4 කදී ලකුණු 406 යි – (ශානුක දුලාජ් 143, නිසල් ෆ්‍රන්සිස්කෝ 50, ලසිත් ලක්ෂාන් 32, භානුක රාජපක්ෂ 50, දේශාන් ඩයස් 13, රමින්ද විජේසූරිය 22, හෂේන් රාමනායක 56, උමේෂ්ක මොරායස් 19*, ශෂික දුල්ශාන් 127/4, කල්හාර සේනාරත්න 146/3, ඉෂාන් ජයරත්න 51/2)

    රාගම දෙවැනි ඉනිම පන්දුවාර 5 කදී කිසිවකු නොදැවී ලකුණු 23 යි – (ළහිරු තිරිමාන්න 12*, සමින්ද ප්‍රනාන්දු 11*)

    Text by – sl cricket

  • ක‍්‍රිකට් වංශ කතාව අලුතින් ලියූ ‘දෝනි ගැන’ ඔබ අසා  බොහෝ දේ

    ක‍්‍රිකට් වංශ කතාව අලුතින් ලියූ ‘දෝනි ගැන’ ඔබ අසා බොහෝ දේ

    දෝනි ජාත්‍යන්තර තරඟවලින් ඉවත්වන්නේ සිය අනුප්‍රාප්තිකයන් සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත් ස්ථානයක සිටියදීය. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලෝකයේ හොඳම ක්‍රිකට් කණ්ඩායමක තත්ත්වයේ පසුවෙන අතරවාරයේ වහා කිපෙන නායකයකු විසින් එය මෙහෙයවනු ලබමින් සිටියදීය.නව කඩුළු රකින්නන් කාර්යය භාරගැනීමේ සූදානමින් සිටිති.

    දෝනිගේ සුප්‍රකට’corkscrew on-drive’ එසේත් නැත්නම් ”හෙලිකොප්ටර්'(“helicopter” shot) ප්‍රහාරය අතිවිශේෂ වූවකි

    ඉන්දීය ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමේ පුවත සමස්ත ලෝකයේම අවධානයට ලක් වූ මාතෘකාවක් බවට පත්විය. ක්‍රිකට් ලෝකයේ සුපිරි තරුවක් බවට පත් දෝනිගේ විශ්‍රාමය කෙරෙහි බලපෑ අවිනිශ්චිතභාවයන් ඉක්මණින් අමතක විය හැකි නමුත්,වසර ගණනාවක් ඔහු විසින් ප්‍රදර්ශනය කරන ලද සාඩම්බර ක්‍රීඩා විලාශය ක්‍රීඩාලෝලීන්ගේ මතකයේ රැඳී පවතිනු ඇත.

    ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා නමුත් දෝනි ඉන්දීය ප්‍රීමියර් ලීග් ( IPL) තරඟාවලිය තුළ දිගටම රැඳී සිටින ආකාරයක් දක්නට ලැබේ. ඉන්දීය ප්‍රීමියර් ලීග් ( IPL) යනු දෝනි තමා කැමැති ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ක්‍රීඩාකරමින් විනෝදවෙන අතරවාරයේ පෙරළා එම ක්‍රීඩා සමාජයන්හි ක්‍රීඩාලෝලීන්ගේ ආදරය දිනාගනු ලබන තරඟාවලියයි.

    වසර විස්සකට අධික කාලයක් විහිද ගිය දෝනිගේ ක්‍රීඩා ජීවිතයේ දී ඔහු ටෙස්ට් ක්‍රිකට් තරඟ අනූවක්, එක්දින ජාත්‍යන්තර තරඟ 350 ක් සහ විස්සයි විස්ස (T20s) තරඟ 98ක් සඳහා සහභාගී වී ඇත. එවැනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරඟවලට අනාගතයේදී ඔහු අහිමිවනු ඇත.

    ඒ සියල්ලටම අමතරව දෝනි මෙතෙක් ඉන්දියාව දිනවූ වඩාත් සාර්ථකම ක්‍රිකට් ක්‍රීඩා නායකයා වේ. ක්‍රිකට් ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම අනුව ඉන්දියාව ලෝකයේ පළමු ස්ථානය කර රැගෙන ගිය දෝනි වසර විසි අටකට පසු යළිත් වරක් ඉන්දියාවට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරුළ හිමිකර දෙමින් 2011 දී එම ජයග්‍රහණය දිනා දීමට සමත් විය. සීමිත ඕවර ක්‍රිකට් තරඟ ඉතිහාසයේ විප්ලවයක් බඳු IPL තරඟාවලිය ආරම්භ කිරීමට පවා මුල්වූ විස්සයි විස්සයි ජාත්‍යන්තර කිරුළ 2007 වසරේ ඉන්දියාවට ලබාදීමට මුල්වූ දෝනි 2013 වසරේ දී ‘චැම්පියන් ශූරතාවත්’ (ICC Champions Trophy) සියරට රැගෙන ආවේය.

    ක්‍රිකට් ක්‍රීඩා පිටියෙහි සුදු පැහැති පන්දු (white ball cricket) යොදාගත් තරඟවලදී අපරාජිතයන් බවට පත් ක්‍රීඩකයන් අතලොස්සට දෝනි එක්වේ. එවැනි ක්‍රීඩා තරඟ අසූ හතරක දී නොදැවුණ ක්‍රීඩකයා ලෙස පිටියෙන් ඉවත්වූ දෝනි සිය එක්දින තරඟ ලකුණු සාමාන්‍යය (average) පනහට ඉහළ මට්ටමක තබා ගැනීමට සමත් විය. තරඟ ජයග්‍රහණය අතින් ඊට වඩා ඉහළ ස්ථානයක සිටින්නේ රිකී පොන්ටිං නායකත්වය දුන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පමණි. විස්සයි විස්ස (T20) ජාත්‍යන්තර තරඟ ජයග්‍රහණය අතින් දෝනි ලෝකයේ සෙසු සියලුම ක්‍රිකට් නායකයන්ට වඩා තරඟ ජයග්‍රහණය කරා මෙහෙයවා ඇත.

    විරාත් කෝලි ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය මෑතදී භාර ගනු ලැබීමට පෙර දෝනි ටෙස්ට් ක්‍රිකට් තරඟ හැටක දී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා සාර්ථකව මෙහෙයවීමට සමත්ව ඇත.

    දෝනිගේ නායකත්වය හුදෙක් සංඛ්‍යාත්මක වාර්තාවන්ට සීමා නොවී ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි සාතිශය බලපෑමක් සිදුකරන ලද භූමිකාවක් වේ.

    mahendra singh ,dhoni
    කඩුල්ල බිඳ හෙළමින් පිතිකරුවකු දවා ලන ලද අවස්ථාවක්

    දෝනි උපත ලද්දේ එවක ක්‍රිකට් ක්‍රීඩාව ගලා නොගිය ඉන්දියානු කලාපයක්ව පැවති නැගෙනහිර ඉන්දියාවේ රාංචි(Ranchi) නගරයේ ය. දෝනි තමාට පෙර ඉන්දීය කණ්ඩායමේ නායකයකු වූ සව්රව් ගංගුලි විසින් ආරම්භ කරන ලද ක්‍රිකට් ව්‍යාපෘතියට එක් විය. සාම්ප්‍රදායිකව එතෙක් ක්‍රිකට් ක්‍රීඩාවට හවුල් නොවූ තැන් කෙරෙහි අවධානය යොමු කෙරුණු ගංගුලි ව්‍යාපෘතිය ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් පෙරට ගෙන ඒමට සමත් වූවකි.

    දෝනි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස උසස් කරනු ලැබීම මුල්යුගයේ දී මහාරාජාවරුන් සහ ප්‍රාදේශීය අධිපතිවරුන් ඇතුළත් වංශවතුන්ගේ විනෝදාංශයක්ව පැවති ක්‍රිකට් ක්‍රීඩාව ඉන් අනතුරුව මධ්‍යම පන්තියට අයත් ක්‍රීඩකයන් කරාත් අනතුරුව කුඩා නගරවල කුසලතා සහිත ක්‍රීඩකයන් කරාත් ව්‍යාප්තවීමේ දිගුවකි. එම අර්ථයෙන් ගත්විට එය ඉන්දියානු සමාජය තුළත් එක්තරා පරිණාමයක් ප්‍රදර්ශනය කරන සුළු වර්ධනයක් වේ.

    සචින් තෙන්ඩුල්කාර් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවරම ලබමින් පිටියට අවතීර්ණ වන විට දෝනිගේ වයස අවුරුදු අටක් පමණි. දෝනි නායකත්වය භාරගනු ලැබීමෙන් මාස කීපයකට පසු තෙන්ඩුල්කාර් මෙසේ සඳහන් කළේය.

    “දෝනි කටයුතු කරන ආකාරය ගැන මම සතුටුවෙනවා. දෝනි තියුණු මොළයක් ඇති සමබර චරිතයක්”

    දෝනි ඉතා පහසුවෙන් සිය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ පිළිගැනීම දිනාගත්තේය. හැකියාව සහිත ඉදිරිගමන සහ සාධාරණත්වය යන දෙඅංශයෙන් ම ඔහු ජ්‍යෙෂ්ඨයන්ගේ ගෞරවයට ලක්විය.

    dhoni
    ,රැකගත් උඩපන්දු සංඛ්‍යාව 634කි.

    දෝනි සිය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් ඉගෙන ගත්තේය. රාහුල් ඩ්‍රාවිඩ් ගේ නායකත්වය යටතේ ටෙස්ට් ක්‍රිකට් තරඟ 19 කටද, අනිල් කුම්බ්ලේ ගේ නායකත්වය යටතේ ටෙස්ට් තරඟ දහයකට ද දෝනි ක්‍රීඩාකර ඇත.

    රාහුල් ඩ්‍රාවිඩ් මෙන්ම අනිල් කුම්බ්ලේ දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන් පැමිණියෝ වෙති. ඔවුන් දෙදෙනාගෙන් ම දුර්ලභ බුද්ධියක්, උපායශීලී දැනුමක් සහ කළමනාකරණ කුසලතාවක් ක්‍රිකට් කණ්ඩායම් නායක කාර්යභාරයට එක්ව ඇත.

    ”මට කණ්ඩායමක් අවශ්‍යයි. අපි ඉදිරියට ධාවනය වෙමින් තිබෙන විශාල ලොරියක් ඉදිරිපිට සිටගන්න පුළුවන් කණ්ඩායමක්” දෝනි වරක් සඳහන් කර ඇත. එවැනි කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමට ඔහු ක්‍රියාත්මක විය.

    ක්‍රීඩකයකු ලෙස දෝනි සතු විශ්මයජනක කුසලතාව වන්නේ වෙනත් ක්‍රීඩකයකු තුළ පැවතිය හැකි දුබලතාව හඳුනා ගැනීමය. ඔවුන්ගේ කපටි උපක්‍රමයක් වුවද දෝනිට තම වාසියට හරවා ගත හැකිය.

    ඉන්දියාවේ හිටපු කඩුළු රකින්නකු වූ සයිඩ් කිර්මානි (Syed Kirmani) මුල දී දෝනි කඩුළු රකින්නකු ලෙස ඔහුගේ අඩුපාඩු දුටුවේය. පිතිකරු පසුකර තමා ඉදිරියට එන පන්දුවක් ඩැහැ ගැනීමේදී කකුලේ ඇඟිලි මත නොව විලුඹින් සිටීම සම්බන්ධයෙන් සයිඩ් විසින් දෝනි දෝෂදර්ශනයට ලක්කරනු ලැබ ඇත. දෝනිගේ සුප්‍රකට ‘corkscrew on-drive’ එසේත් නැත්නම් ”හෙලිකොප්ටර්'(“helicopter” shot) ප්‍රහාරය අතිවිශේෂ වූවකි. වෙනත් පිතිකරුවන් විසින් එම ප්‍රහාරය ඉතා කලාතුරකින් එල්ල කරනු ලබන්නේ එය අනුකරණය කිරීම දුෂ්කර කාර්යයක් වීම හේතුවෙනි.

    dhoni
    මහේන්ද්‍ර සිං දෝනි “පද්ම විභූෂන්” ගරු නාමයෙන් පුදනු ලැබුණි.

    ක්‍රීඩකයකු විශ්‍රාම ගැනීම ඔහුට මෙන්ම කණ්ඩායමට ද දුෂ්කර කාර්යයකි.

    සුනිල් ගවස්කාර් විශ්‍රාම යාමෙන් අනතුරුව මුහුණදුන් පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දී සමස්ත ඉන්දියානු කණ්ඩායම ලකුණු 75 කට දවාලීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. එම තරඟයේ දී ඉන්දීය කණ්ඩායම කඩුළු පහකින් පරාජය වී ඇත. ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගල විසින් ලකුණු සියයක් සම්පූර්ණ කරනු ලැබ තිබෙන්නේ එම තරගයෙන් පසු තවත් ටෙස්ට් ක්‍රිකට් තරඟ දහනවයකට පසුවය. එය කාසියේ එක පැත්තකි.

    එහි අනිත් පැත්ත මෙසේ විය. තෙන්ඩුල්කාර්ගේ අවසන් ටෙස්ට් ඉනිමේ දී ඔහු ‘ස්ලිප්’ ක්‍රීඩකයා විසින් දවා ගනු ලැබීමෙන් පසු ඊළඟට පැමිණි විරාත් කෝලි ඊළඟ පන්දුවේ දී ළකුණු හතරකට දැවී ගියේය.

    සංකේතවාදය (symbolism) බැහැර කළ නොහැක්කකි. රජු ස්වර්ගස්ථ වූයේ නමුත් දිගුකල් ජීවත් වන්නේය.

    දෝනි ජාත්‍යන්තර තරඟවලින් ඉවත්වන්නේ සිය අනුප්‍රාප්තිකයන් සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත් ස්ථානයක සිටියදීය. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලෝකයේ හොඳම ක්‍රිකට් කණ්ඩායමක තත්ත්වයේ පසුවෙන අතරවාරයේ වහා කිපෙන නායකයකු විසින් එය මෙහෙයවනු ලබමින් සිටියදීය.නව කඩුළු රකින්නන් කාර්යය භාරගැනීමේ සූදානමින් සිටිති.

    වසර පහළොවක් තුළ දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරඟ 538කට සහභාගී වී ඇත. ඔහු විසින් රැස්කරන ලද ලකුණු සංඛ්‍යාව 17,000 කි. රැකගත් උඩපන්දු සංඛ්‍යාව 634කි. බිඳ හෙළන ලද කඩුළු ගණන 195 කි.

    dhoni
    2007 විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ දේ පිතිකරුවකු දවා ගැනීමේ සතුට පළකළ මොහොතක්

    දෝනිට සාපේක්ෂව ඊට වැඩි සංඛ්‍යාවක් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලට ක්‍රීඩාකර ඇති ක්‍රීඩකයන්ගේ ගණන පහකි. ඔවුන් අතර ද සිටින්නේ එක් කඩුළුරකින්නකු පමණි. එහෙත් දෝනි තරම් ක්‍රීඩා තරඟ ප්‍රමාණයකට ඔවුන් නායකත්වය සපයා නැත.

    දෝනි තබා ඇති එම වාර්තා ඉක්මවා යාම ඉතා දුෂ්කර කාර්යයක් වනු ඇත. එහෙත් එම සංඛ්‍යාවන් ඉක්මවා යන ඔහුගේ උරුමය ඉන්දීය සමාජමය විපර්යාසය නම් ආරුක්කුවේ පිළිබිඹු වනු ඇත.

    එම උරුමයට ඉන්දියාවේ මේ දක්වා නොසලකා හරිනු ලබන ජනකොටස් තුළට ප්‍රදානය කරනු ලබන ස්වයං විශ්වාසයක් ද ඇතුළත් වේ. එසේම පැරණි සම්ප්‍රදාය සතු ගරුත්වය අවධාරණය කිරීමක්ද එමගින් සිදු කෙරෙන අතර, එය ඔහු නැගී සිටි ක්‍රීඩාවට සහ එහි නිරත ක්‍රීඩකයන්ට පිරිනමනු ලබන ගෞරවයක් ද වේ.

    Text by BBC

  • මේ සුපිරි ෆෙරාරි රථවල සැබෑ හිමිකරුවන් කවුරුන්ද..? (Exclusive)

    මේ සුපිරි ෆෙරාරි රථවල සැබෑ හිමිකරුවන් කවුරුන්ද..? (Exclusive)

    මීට සති කිහිපයකට පෙර මෙරටට ගෙන්වන ලද සුපිරි මෝටර් රථ ගණයට වැටෙන ලැම්බෝගිනි රථයක් ගැන විශාල ගින්නක් ඇවිල ගිය අතර එය දැඩි ආන්දෝලනයට ලක් වූ මාතෘකාවක්ද විය.

    ජෙහාන් හමීඩ් නැමැති තැනැත්තියක් විසින් ලංකාවට ගෙන්වන ලද එම ලැම්බෝගිනි රථයේ වටිනා කම මිලියන 110 ක් හෙවත් රුපියල් ලක්ෂ 1100 ක් බවට වාර්තා විය.

    එහෙත් එම ලැම්බෝගිනියේ උණුසුම පහව යන්නට මත්තෙන් පසුගිය දින කිහිපයේදී තවත් ලොව සුපිරිතම මෝටර් රථ වර්ගයක් වන ෆෙරාරේ මෝටර් රථ 2 ක් ප්‍රොවිඩන්ස් ඔටෝ යටතේ ලංකාවට ගෙන්වන ලදී. එහි එක් මෝටර් රථයක හිමිකරුවකු වන්නේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඇවෙන් රා සමුහයේ හිමිකරු දනේෂ් ද සිල්වාය. එය කහ පැහැති ෆෙරාරි ස්පයිඩර් වර්ගයේ රථයකි. මෙම රථයේ වටිනාකම රුපියල් කෝටි 10 ක් හෙවත් මිලියන 100 කි.

    එසේම මීට දින කිහිපයකට ඉහතදී ගෙන්වන ලද අනෙක් ෆෙරාරි රථය ගෙන්වන ලද්දේ රිෂ්මි අමනුඩීන් නැමැති තැරැව්කරුවකු විසින් වන අතර එහි හිමිකරුවා ශ්‍රී ලංකාවේ සුප්‍රකට ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකු බව සඳහන්. එය රතු පැහැති ෆෙරාරි 488 GTB වර්ගයේ රථයක් වන අතර එහි වටිනාකම රුපියල් කෝටි 9 ක් පමණ වන බව සඳහන්.

    මෙහි ඇති විශේෂත්වය නම් මෙම සුපිරි මෝටර් රථ ගෙන්වන ලද සියළු දෙනාම රාජපක්ෂවරුන් සමඟ ඉතා සමීප ඇසුරක් පවත්වාගෙන යන්නන් වීමයි. රිෂ්මි අමනුඩීන් නම් සුපිරි මෝටර් රථ තැරැව්කාර ව්‍යාපාරිකයාද රාජපක්ෂවරුන් සහ බුරියානි මුස්තාෆා සමඟ සමීප රහස් ඇසුරක් පවත්ගෙන යන අයෙකු බවට වාර්තාවේ.

    මේ අතර අපගේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන පරිදි ඉදිරි සතියේදී තවත් සුපිරි ෆෙරාරි මෝටර් රථයක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එහි වටිනාකම මීට වඩා ඉහළ අගයක් ගනු ඇති බව සඳහන්. එම ෆෙරාරි රථය මීට පෙර කෝටි11ක ලැම්බෝගිනිය ගෙන්වන ලද ජෙහාන් හමීඩ්ට අයත් බාවේරියන් මෝටර්ස් යටතේ පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තාවේ.