Tag: gajaba nagahawaththa

  • Weekend Supiri Gossip: රටට සහ මහින්දට ලොකු හානිය කළ ‘පුද්ගලයා’ ගැන ප‍්‍රසන්න කළ හෙළිදරව්ව

    Weekend Supiri Gossip: රටට සහ මහින්දට ලොකු හානිය කළ ‘පුද්ගලයා’ ගැන ප‍්‍රසන්න කළ හෙළිදරව්ව

    සටහන – ගජබා නාගහවත්ත

    පසුගිය සතියේ ප්‍රසන්න සහ නාමල් කුවෙට් බලා ගියේ එරට පොදුජන පෙරමුණේ ශාඛාවේ නිලධාරීන්ගේ ඉල්ලීමක් අනුවය. එම ශාඛාවේ සභාපති සුමිත් මේ දෙදෙනාට ආරාධනා කර තිබුණේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණු පිරිසට ස්තුතිය පුද කිරීම සඳහාය.

    උත්සවයෙන් පසුව පිරිස සුහද කතාබහක නියැලෙන අතර සුමිත් අපූරු හෙළිදරව්වක් කළේය.

    “මේ වතාවේ ඡන්දෙට ජනාධිපතිවරණයටත් වඩා වැඩි පිරිසක් පිටරට ඉඳන් ලංකාවට ඡන්දෙ දාන්න යනවා“ සුමිත් කීවේය.

    “ඒ මොකද? ප්‍රසන්න ඇසුවේය.

    “මහ මැතිවරණය තියෙන්නේ අලුත් අවුරුදු කිට්ටුවනෙ. ඒ කාලටෙ කොහොමත් මේ රටවල ඉන්න අය ලංකාවට යනවා. ඒ හින්දයි මම කියන්නේ ජනාධිපතිවරණයටත් වැඩි පිරිසක් ඡන්දෙ දෙන්න යනවා කියලා“ සුමිත් පැහැදිලි කළේය.

    “ඡන්දෙ තියන්නේ අලුත් අවුරුද්දට පස්සේ නිසා ඔයාලා කට්ටිය දැනුවත් කරන්න අප්‍රේල් මුල ලංකාවට යන්නේ නැතුව අවුරුද්දට දින ළං කරලම යන්න කියලා. එතකොට ඡන්දෙ ඉවර වෙනකම් ලංකාවේ ඉන්න ඒ අයට අවස්ථාවක් ලැබෙනවා“ ප්‍රසන්න උපදෙස් දුන්නේය.

    මෛත‍්‍රීපාලට එරෙහිවීමේ ඇත්ත හේතුව ප‍්‍රසන්න බැසිල්ට මතක් කර දෙයි

    කාට අමතක වුණත් මෛත්‍රි මේ රටටත් මහින්ද මහත්තයටත් කරපු හානිය මට අමතක කරන්න පුළුවන්කමක් නැහැ“ ප්‍රසන්න

    මේ අතර ප්‍රසන්නට බැසිල්ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේය. බැසිල් ප්‍රසන්න අමතා තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය අතර සන්ධානය සම්බන්ධයෙන් දැනුවත් කිරීමටය. නිදහස් පක්ෂය සමඟ එක්වීම ගැන ප්‍රසන්න සිටියේ දැඩි විරෝධයකය. විශේෂයෙන් මෛත්‍රි ළංකර ගැනීම සම්බන්ධයෙන් ප්‍රසන්න මුල සිටම දැඩි විරෝධයක් දැක්වීය.

    බැසිල්ගේ කතාවට කන්දෙමින් සිටි ප්‍රසන්න අවසානයේ කීවේ,

    “ සර්ලා ගත්තු තීන්දුව ගැන මට විවේනයක් නැහැ. හැබැයි මම නම් ඕකට කොහෙත්ම කැමැති නැහැ. මෛත්‍රි සම්බන්ධ කරගන්න එකට නම් මට කැමැති වෙන්න විදියක් නැහැ. මොකද කාට අමතක වුණත් මෛත්‍රි මේ රටටත් මහින්ද මහත්තයටත් කරපු හානිය මට අමතක කරන්න පුළුවන්කමක් නැහැ“ ප්‍රසන්න පැවසිය.

    “හරි ප්‍රසන්න අපි ඕවා ගැන හෙමිහිට කතා කරමුකෝ“ බැසිල් කීවේය.

    “දැන් මොකක්ද සර් ඔය සන්ධානයේ ලකුණ? ප්‍රසන්න ඇසුවේය.

    “ලකුණ නම් පොහොට්ටුව“ බැසිල් පැවසීය.

    “එහෙම නම් කමක් නැහැ. මොනවා වුණත් අපිට පොහොට්ටුව අතහැරලා ගමනක් නැහැ“ ප්‍රසන්න කීවේය.

    අපි දන්නවා අයියා මුල ඉඳන්ම ඕකට විරුද්ධව හිටපු බව. ඒත් දැන් ඉතින් තීන්දුවක් අරගෙන තියෙනවා නේ . ඒ නිසා අපි කලබල නොවී ඉම්මු“ නාමල් ප්‍රසන්න අස්වසමින් කීවේය.

    නාමල් ප‍්‍රසන්නගේ හිත හදයි

    දුරකථනය විසන්ධි වීමෙන් පසුව නාමල් ඇසුවේ මොකක්ද අයියේ කේස් එක කියාය. ප්‍රසන්න කීවේ පොහොට්ටුව සහ නිදහස් පක්ෂය සන්ධානගත වීමට තීන්දු කර ඇති බවය.

    “අපි දන්නවා අයියා මුල ඉඳන්ම ඕකට විරුද්ධව හිටපු බව. ඒත් දැන් ඉතින් තීන්දුවක් අරගෙන තියෙනවා නේ . ඒ නිසා අපි කලබල නොවී ඉම්මු“ නාමල් ප්‍රසන්න අස්වසමින් කීවේය.

    අනතුරුව පිරිස කතාබහ කරමින් සිටින අතරතුරේ නාමල් සිය මංගල්‍යයේ සිදුවූ රස සිද්ධීන් විස්තර කළේය. නාමල් කීවේ විශාල පිරිසකට ආරාධනා කළ නමුත් මත්පැන් නොදුන් නිසා ලොකු මුදලක් ඉතුරු වුණු බවය. ඒ අතරම නාමල් තව කතාවක් කීවේය.

    “අපේ තාත්තටත් හිතවත් අපිත් දන්න කෙනෙක් ඉන්නවා ප්‍රංශයේ. කොහොම හරි මට අමතක වුණා ඒ කෙනාට ආරාධනා පත්‍රයක් යවන්න. මගුල් ගේ ඉවරවෙලා ටික දවසකින් මට එයාගෙන් ලියුමක් ආවා. ඒ ලියුමේ තිබුණේ අපේ අම්මගෙයි තාත්තගෙයි ආරාධනා පත්‍රය. බැලින්නම් එයා අපේ තාත්තගේ වෙඩින් එකටත් ගිහින්. මට අමතක වුණ නිසා තමයි මෙච්චර කල් අරන් තියන් හිටපු ඒ කාඩ් එක මටම එවලා තියෙන්නේ“ නාමල් සිනාසෙමින් පැවසීය.

    “ඒකෙන් පේනවා මහින්ද මහත්තයට මේ රටේ මිනිස්සු කොච්චර ආදරේද කියලා. එහෙම නැත්නම් මෙච්ච කාලයක් ආරාධනා පත්‍රය අරන් තියන් ඉඳිද? ප්‍රසන්න පැවසීය.

    ඒක නම් කෙළින් කතාවක්. මුළු රටම දන්නවා ප්‍රසන්නගේ විරෝධය ගැන. මේ දවස්වල කාටුන්කාරයන්ටත් ප්‍රසන්න ඇමැතිතුමාගෙන් තොර ලෝකයක් නැහැ – සනත්

    මේ දවස්වල කාටුන්කාරයන්ටත් ප්‍රසන්නගෙන් තොර ලෝකයක් නැහැ

    පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී ප්‍රසන්න, සනත් නිශාන්ත ඇතුළු පිරිසක් කතා කරමින් සිටින තැනට පියල් ආවේ මහ හඬින් කෑගසමිනි. පියල් ඇසුවේ මෛත්‍රිට සභාපති ධුරය දීම ගැනය.

    “‍මොකද ඇමැතිතුමා සටන පැරදුණා නේද? කොහොම හරි මෛත්‍රි උන්නැහේ සන්ධානයේ සභාපති වුණානේ“ පියල් ඇසුවේය.

    “මේකනේ මල්ලි වැඩේ. කවුරු කැමැති වුණත් මම ඒකට කැමැති නැහැ. මම මුල ඉඳන්ම මෛත්‍රිට කැමැති නැහැ. මහින්ද මහත්තයාට විරුද්ධව වගේම රටටත් එයා කරපු දේවල් මට අමතක වෙන්නේ නැහැ. ඒවා අමතක කරන්නෙත් නැහැ. සන්ධානයේ සභාපති නෙමේ නායකයා වුණත් මගේ විරෝධතාව අයින් කරගන්නෙත් නැහැ“ ප්‍රසන්න පැවසීය.

    “ඒක නම් කෙළින් කතාවක්. මුළු රටම දන්නවා ප්‍රසන්නගේ විරෝධය ගැන. මේ දවස්වල කාටුන්කාරයන්ටත් ප්‍රසන්න ඇමැතිතුමාගෙන් තොර ලෝකයක් නැහැ“ සනත් කීවෙය.

    “මම එදා ඉඳන් කියන්නේ මෛත්‍රිව විශ්වාස කරන්න බැහැ කියලයි. මගේ තීරණය එදත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමයි“ ප්‍රසන්න අවධාරණය කළේය.

  • Weekend Supiri Gossip: මෛත‍්‍රී පුදන කොටම ‘කාපි යකා’

    Weekend Supiri Gossip: මෛත‍්‍රී පුදන කොටම ‘කාපි යකා’

    සටහන : ගජබා නාහවත්ත


    1988 – 89 අතුරුදහන් වූවන් ගේ පවුල්වල සංවිධානය” රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ සමයේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සාධාරණත්වය ඉටුකරවා ගැනීමේ අරමුණින් පසුගිය 14 වැනිදා විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නියැලිණි. පසුව ඔවුන් සටන් පාඨ කියමින් පස්වරු 4.30ට පමණ අරලිය ගහ මන්දිරය ඉදිරිපිටට පැමිණ නැවත සිය උද්ඝෝෂණය ආරම්භ කළහ. මේ අවස්ථාවේ අගමැතිවරයා සිටියේ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති ග‍්‍රන්ථයක් දොරට වැඞීමේ උත්සවයකට සහභාගි වෙමිණි.

    1988 – 89 අතුරුදහන් වූවන් ගේ පවුල්වල සංවිධානය” රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ සමයේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සාධාරණත්වය ඉටුකරවා ගැනීමේ අරමුණින් පසුගිය 14 වැනිදා විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නියැලිණි

    උද්ඝෝෂකයින්ට කිරිකෝපි

    සිද්ධිය සම්බන්ධයෙන් දැනුම්වත් වූ අග‍්‍රාමාත්‍යවරයා වහාම අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාසමග දුරකතනය හරහා සම්බන්ධ විය.

    ‘ගාමිණි, උද්ඝෝෂණයේ යෙදිලා ඉන්න අයට කිසිම හිරිහැරයක් වෙන්න දෙන්න එපා. මේකට පොලීසිය කොහෙත්ම මැදිහත් කර ගන්න එපා. ඒ අයට කියන්න මම උත්සවයකට සහභාගි වෙලා ඉන්නේ කියලා. ඒ අයගේ ගැටලු ගැන සාකච්ඡා කරන්න‘

    අගමැතිවරයාගේ උපදෙස් ලැබීමත් සමග වූ ගාමිණී සෙනරත් මහතා අග‍්‍රාමාත්‍ය අතිරේක ලේකම්වි හර්ෂ වි‍ජේවර්ධන මහතාට උද්ඝෝෂණකරුවන් හමුවට ගොස් ඔවුන් සම සාකච්ඡා කරන ලෙස දැනුම් දුන්නේය.

    ඒ අනුව උද්ඝෝෂණකරුවන් වෙත ගිය හර්ෂ විජේවර්ධන මහතා ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් විමසා සිටියේය. අතුරුදහන් වූ පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් 6000ක දීමනාවක් ලබා ගැනීම, අතුරුදහන් වූවන් වෙනුවෙන් වන්දි ලබා ගැනීම, රජයේ රැකියා ලබා දීමේදී අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයෙකුට අවස්ථාවක් ලබා ගැනීම, ඉඩම් හා නිවාස ලබා ගැනීම, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාංශයේ කටයුතු කාර්යක්ෂම කිරීම, යුක්තිය ඉටුකරවා ගැනීම ඇතුළු ඉල්ලීම් හතක් මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කොට ඇතැයි එහිදී දැනගන්නට ලැබිණි.

    පසුව උද්ඝෝෂණකරුවන් අරලියගහ මන්දිර පරිශ‍්‍රයට කැදවා ඔවුන්ගේ ඉල්ලීම් අගමැතිවරයාට යොමු කරන‍ෙබව පවසා උද්ඝෝෂණකරුවන්ට ජල බෝතල් ලබා දීමටත්, කිරිකෝපිවලින් සංග‍්‍රහ කිරීමටත් පියවර ගත්තේය. මේ අතරතුර අග‍්‍රාමාත්‍ය ලේකමවරයා අගමැතිවරයා අමතා සිය ̈ තොරතුරු අගමැතිවරයාට දැනුම් දී තිබිණි.

    ‘ගාමිණි, මේ උත්සවය තවමත් අවසන් වෙලා නැහැ. මම ගාමිණී ලොකුගේ ඇමැතිතුමාව පුළුවන් ඉක්මනට උද්ඝෝෂණකරුවෝ ළගට එවන්නම්” යි කීවේය.

    ඉතාම කෙටි කාලයක් ඇතුළත උද්ඝෝෂණකරුවන් හමුවට පැමිණී ගාමිණී ලොකුගේ ඇමැතිවරයා ඔවුන්ගේ‍ෙඉල්ලීම් අගමැතිවරයාට යොමුකර ඔවුන් වෙනුවෙන් සාධාරණත්වය ඉටු කිරීමට පියවර ගන්නා බව දැනුම් දුන්නේය.

    බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ සිට නැවතත් අරලිය ගහ මන්දිරයට පැමිණි අගමැතිවරයා එහි සංවිධානය කොට තිබූ බැංකු නිලධාරීන්ගේ හමුවකට එක්විය. වන විටත් බැංකු නිලධාරීන්ගේ සාකච්ඡාව අරඹා තිබිණි.

    දේශීය ව්‍යාපාරිකයින් අගමැතිගේ අවධානයට

    තනි වෘත්තීය සමිතියක් දෙකඩ වුණාම කේවල් කිරීමේ බලය නැති වෙනවා. ආණ්ඩුවකට බලපෑම් කරන්න නම් වෘත්තීය සමිති දෙකඩ වෙන්න හොද නැහැ. මෙතන වෙලා තියෙන්නේ ඔයාලාගේ වෘත්තීය සමිතිය දෙකඩ වෙන එක මිසක් මගේ නම අවභාවිතා කරන එකක් නෙවෙයි

    ‘දේශීය ව්‍යාපාරිකයින්ට අත දෙන එක නම් ලංකාවේ සිද්ධ වෙන්නේ නැහැ. මම ගියා පොතක් එළි දක්වන උත්සවයකට. ඒ පොතේ තියෙන්නේ අපේ ව්‍යාපාරිකයෙක් බොහොම උත්සාහවන්ත විදියට ඉදිරියට ආපු විදිය. ඔය ගොලලෝ ඒ වගේ දේවල් ගැනත් සාකච්ඡා කරන්න.”

    සාකච්ඡාවට සහාගිව සිටි අයෙක් ඒ අවස්ථාවේදීම ‘අපි ඒ ගැන ඇරෙන්න අනිත් හැම දේ ගැනම කතා කළා” යැයි කීවේය.

    ‘ඒකනේ කියන්නේ ඔය ගොල්ලේ අවශ්‍යම දේවල් සාකච්ඡා කරන්නැනේ හැ.” යි අගමැතිවරයා එක්වරම කීවේය.

    බැංකු සේවකයින්ගේ වෘත්තීය සමිතියක් නියෝජනය කරමින් සාකච්ඡාවට එක්ව සිටි අයෙක් මෙහිදී සදහන් කරන්නේ සිය සංගමයේ පිරිසක් තවත් සංගමයක් පිහිටුවා ගෙන අගමැතිවරයාගේ නම අවභාවිතා කරමින්
    සිටින බවයි.

    ‘තනි වෘත්තීය සමිතියක් දෙකඩ වුණාම කේවල් කිරීමේ බලය නැති වෙනවා. ආණ්ඩුවකට බලපෑම් කරන්න නම් වෘත්තීය සමිති දෙකඩ වෙන්න හොද නැහැ. මෙතන වෙලා තියෙන්නේ ඔයාලාගේ වෘත්තීය සමිතිය දෙකඩ වෙන එක මිසක් මගේ නම අවභාවිතා කරන එකක් නෙවෙයි” අගමැතිවරයා ක්ෂණිකව කීවේය.

    සාකච්ඡාව අවසානයේ පැමිණ සිටි අය සමග සුහදදව කතා කරමින් සිටි අගමැතිවරයා අතුරුදන් වූවන්ගේ‍ෙ ඥාතීන් අරලිය ගහ මන්දිරයට පැමිණීම සම්බන්ධයෙන් ද අදහස් පල කලේය.

    අතුරුදන්වූවන්ගේ ප‍්‍රශ්නයට විසදුම් ඕනේ

    ‘‘අවුරුදු හතරක් පහක් තිස්සේ කිසිම තොරතුරක් හොයා ගන්න නැති අයට ජාති බේදයක් නොසලකා මරණ සහතිකයක් සහ වන්දියක් දෙන වැඩපිළවෙලක් කි‍්‍රයාත්මක කරන්න තිබුණා නම් හොදයි. මේ අයගේ ප‍්‍රශ්නයට විසදුමක් දෙන්නත් ඕනේ. ඒ වුනාට මේ එන්.ජී.ඕ එක්ක මොකුත් කරන්න බැහැනේ“ මේ අවස්ථාවේදී අගමැතිවරයාගේ මුවින් නිකුත් විය.

    හජ් වන්දනා නියාමනය කිරීම සම්බන්ධයෙනුත් පසුගිය සතියේ අරලිය ගහ මන්දිරයේදී හජ් කමිටුවේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණි. මේ අවස්ථාවට විදේශ සංචාර නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියහ.

    දුම්මලසූරිය පල්ලියේ ගැටුම

    දුම්මලසූරිය පල්ලියේ ඇතිවු යම් සිද්ධියක් සම්බන්ධයෙන් මෙහිදී පැමිණ සිටි අය අගමැතිවරයාගේ අවධානය යොමු කලේය. පාරම්පරික මුස්ලිම්වරුන්ට පල්ලියට ඇතුල් වීමට අවස්ථාව නොදීමක් මෙම ගැටුමට හේතු වී තිබණි.

    අගමැතිවරයා වහාම දුම්මලසූරිය පොලීසියට ඇමතුමක් ගෙන, ‘මේ ගැටුම දුරදිග යවන්න එපා. ඉක්මනින්ක මැදිහත් වීමක් කරන්න. නැත්නම් මේවා අනවශ්‍ය විදියට දුරදිග ගිහින් මිනිසුන්ගෙන් ජීවිත වලටත් බලපාන්න
    ඉඩ තියෙනවා” යැයි පැවසීය.

    ඒ සමගම ආණ්ඩුකාරවරයා ඇමතූ අගමැතිවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන්
    සොයා බලා වහාම මැදිහත් විමක් කරන්නැයි ආණ්ඩුකාරවරයාට ද දැන්වා සිටියේය.

    හජ් වන්දනාවේ යෙදෙන මුස්ලිම් ජාතිකයන්ගෙන් හිතුමතේ මුදල් අයකිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය. රුපියල් පන්ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක්ප මණක් හජ් වන්දනාවේ යෙදෙන මුස්ලිම් ජනතාවගෙන් අය කරන ලෙස මේ අවස්ථාවේ අගමැතිවරයා සංචාරක නියෝජිත ආයතන වෙත දැනුම් දුන්නේය. නමුත් සංචාරක නියෝජිත ආයතන නිලධාරීන්ගෙන් යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණි.

    මේසයට තදින් පහරක් එල්ල කළ අගමැතිවරයා, ඕගොල්ලන්ට මේ ගානට ගියා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. ඔයාලාට කරන්න බැරි නම් කියන්න. ඔය ගානට කරන්න පුළුවන් අය ඕනේ තරම් ඉන්නවා.” යැයි කීවේය.

    ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයින්ගේ පළමු හමුව

    ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයින්ගේ පළමු හමුව ඉකුත් දා (18) අරලිය ගහ මන්දිරයේදී පැවැත්විනි. මේ අවස්ථාවට හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී එල් පීරිස්, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, ආරුමුගම් තොණ්ඩමන්, ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, අතුරලියේ රතන හිමි, මහින්ද අමරවීර, සී.බී රත්නායක, රාජා කොල්ලුරේ, මහින්ද යාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ,
    පවිත‍්‍රා වන්න්ආරච්චි, අසංක නවරත්න, එස්.එම් චන්ද්‍රසේකර, දයාසිරි ජයසේකර, ජයන්ත සමරවීර යන පිරිස සහභාගි වූහ.

    මේ රැස්වීම ඇරඹීමට පෙර හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන ඇතු ̈ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් අරලිය ගහ මන්දිර පරිශ‍්‍රයේදීම අගමැතිවරයා හා බැසිල් රාජපක්ෂ මහතා හමුවිය. මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාත් සහභාගි වී සිටියේය. නමුත් දුමින්ද දිසානයක පක්ෂ නායකයින්ගේ හමුවට සහභාගී වූයේ නැත.

    මේ සුහද හමුව අවසානයේ, දුමින්ද දිසානායක මහතා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. මෙවර අනුරාධපුරයේ පැවැත්වෙන ජාතික කී‍්‍රඩා උළෙලට සහභාගි වෙන ලෙස අග‍්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් අගමැතිවරයා ‘දුමින්ද, මම ඒකට එන්නම්. ඒ ගමන් ඔයාලාගේ ගෙවල් පැත්තටත් ඇවිත් යන්නම්‘ කීවේය.

    එදින රාති‍්‍ර 7ට පමණ අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂ නායක හමුව ආරම්භ විය. මේ අවස්ථාවේදී එක්වරම අගමැතිවරයා අමතමින් වාසුදේව අමාත්‍යවරයා සදහන් කරන්නේ,

    ‘ බඩු මිල, එළවළු මිල නම් හොදටම වැඩියි. මේ ගැන අවධානය යොමු කරන්න ඒ වගේම පොහොර හිගයකුත් තියෙනවා. මට හිතෙන්නේ මුදල් අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් හරියට කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ” යනුවෙනි.

    ඒ අවස්ථාවේදීම දුරකතනයෙන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සම්බන්ධ කරගත් අගමැතිවරයා වාසුදේව ඇමැතිවරයා සදහන් කළ කරුණු සම්බන්ධයෙන් විමසීය. ‘පොහොර බෙදාදීමේ වැඩපිළිවෙලේ යම් යම් අඩුපාඩු තියෙනවා. මේ සම්බන්ධයෙන් සොයා බලලා අවශ්‍ය පියවර ගන්නැයි අගමැතිවරයා මුදල් අමාත්‍යාංශයේ‍ෙලේකම්වරයාට දැනුම් දුන්නේය.

    ඉදිරි මහ මැතිවරණයේදී පක්ෂ සමග එක්ව කටයුතු කරන ආකාරයත්, නාම යෝජනා සම්බන්ධයෙනුත්මෙ හිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

    ෆයිල් බන්ඩලයක් බැසිල් පොහොට්ටුව වෙනුවෙන්

    ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘෘ බැසිල් රාජපක්ෂ මහතා මේ අවස්ථාවට සහභාගි වී සිටියේ විශාල ෆයිල් තොගයක්ද සමගිනි. කුරහන් පැහැ රිබන් පටි දෙකකින් එම ෆයිල් මිටිය බැද තිබණි. බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණ ඉතිහාසය,ඡන්ද ප‍්‍රතිශතයේ වෙනස් වීම් ඇතුළු පහුගිය මැතිවරණ තොරතුරු සංඛ්‍යා ලේඛණ සහිතව රැගෙන මෙම රැස්වීමට සහභාගීව සිටියේ ́ඕනෑම ප‍්‍රශ්නයකට මුහුණ දීම සදහා පෙර
    සූදානමකින්ද යුතුවයි.

    මැතිවරණයට ඉදිරිපත් වන ලකුණ සම්බන්ධයෙන් සිය ̈ පක්ෂ නායකයින් දැඩි උනන්දුවකින් පසුවිය. අතුරලියේ රතන හිමියන්,

    ‘සන්ධානය මොක වුණත්,ලකුණ මොකක්ද කියලා පැහැදිලි කරන්න‘ යැයි කීවේය.

    මේ අවස්ථාවේ ෆයිල් ගොනුව දිග හැර ගත් බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණ දත්ත එකින් එක ගෙනහැර දක්වමින් ඡන්ද දායකයින්ගේ හැසිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් කලේය. අවසානයේ මැතිවරණයට ඉදිරිපත් වන ලකුණ ලෙස සියලු දෙනාගේ එකගත්වයෙන් ‘පොහොට්ටුව” තෝරා ගත්හ.

    මහ මැතිවරණයට බැසිල්ගේ නායකත්වය

    ‘මේ මැතිවරණයටත් බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වය අවශ්‍යයි. බැසිල් රාජපක්ෂ මහතාගේ‍ෙනායකත්වයේ ප‍්‍රතිඵල මේ වන විටත් අපිට ලැබී තිබෙනවා.” මේ අවස්ථාවට සහභාගි වී සිටි බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පැවසීය.

    ‘අපි පොහොට්ටුවෙන් තරග කරනවා වගේම සන්ධානගත වෙන සුළු පක්ෂ ගැනත් හිතන්න වෙනවා. උතුරු – නැගෙනහිර පළාතේ අපිත් එක්ක සන්ධානගත වෙන සුළු පක්ෂ වලට අවශ්‍ය නම් ඒ පලාත්වල වෙනම
    මැතිවරණය සදහා ඉදිරිපත් වීමේ අවස්ථාව ලබා දෙන්න ඕනේ” ඩලස් අලහප්පෙරුම මහතා එහිදී අදහස්ද ක්වමින් පැවසිය.

    ‘ඒක හරි ඩලස්. අතාවුල්ලා අපිත් එක්ක මැතිවරණයට ඉදිරිපත් වුනාම අපේ අය තේරෙනවා. හැබැයි එතුමාට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අවස්ථාව නැති වෙනවා. ඒ නිසා පක්ෂවලින් ඉල්ලිමක් අවොත් අපි ඒ ගැන සලකා බලන්න ඕනේ” ඊට ප‍්‍රතිචාර දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේය.

    මෛතී‍්‍රට හින්ට් එකක්

    ‘ඒක හරි සර්. ගියපාර අපේ දිස්ති‍්‍රක්කවල ඡන්දවලට ජාතික ලයිස්තුවෙන් ලැබුණු මන්තී‍්‍රධූරත් අපිට නැති වුණා” අතාවුල්ලා මහතා ද ඊට ප‍්‍රතිචාර දක්වමින් සදහන් කලේය.

    මේ අවස්ථාවේදී සංවාදයට එක්වු අගමැතිවරයා,

    ‘අතාවුල්ලා ඒ කාලේ ලොකු මහත්තයා මෙතන ඉන්නවා‘ යැයි කියමින් හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා දෙසට අත දිගු කලේය.

    ‘ ඔව් සර්, ඒ මහත්තයා තමයි ඒ කාලේ හිටියේ.” යැයි අතාවුල්ලා මන්තී‍්‍රවරයාද පෙරළා කීවේය.

  • Weekend Supiri Gossip:  හදවත ගන්න ගිහින් ‘සජිත් අනාගත් හැටි’

    Weekend Supiri Gossip: හදවත ගන්න ගිහින් ‘සජිත් අනාගත් හැටි’

    සටහන – ගජබා නාගහවත්ත

    වත්මන් පාර්ලිමේන්තුවේ අවසන් දිනය බ්‍රහස්පතින්දාට යෙදූ තිබුණ බැවින් ද වෝහාරික වාර්තාවට අදාළ විවාදයේ අවසන් දිනය ද යෙදී තිබුණු බැවින් එ.ජා.ප නායකයා එදින වේලාසනින්ම පාර්ලිමේන්තු ගියේය. එ.ජා.ප මන්ත්‍රීවරු හා නිලධාරින් සමග කතා බහ කිරීමට ද එහිදි ඔහු ක්‍රියා කළේය.

    “බැදුම්කර මගඩිය එ.ජා.පෙ ඇගේ ගහලා බේරෙන්න හදලා තියෙන්නේ 2015 ට කලින් බැදුම්කර වලින් කෝටි 5600 ක මගඩි කරපු වත්මන් ආණ්ඩුව බව වෝහාරික වාර්තාවෙන් එළියට ආවා. එ් ගැන තියපු විවාදය බොහෝ ජනමාධ්‍ය හරියට වාර්තා කළේ නැහැ. ඒ ව්‍යාජ දේශප්‍රේමින් රුපියල් දශ ලක්ෂ 8900 ක් අර්ථ සාධකයෙන් මේ මගඩියට යට කරලා වැඩ කරන ජනතාවත් උගස් කරලා.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

    “වෝහාරික වාර්තාව හැදුවේ ජාත්‍යන්තරය පිළිගත් ස්වාධීන අයයි. ඒත් මේ ආණ්ඩුව කියන්නේ විගණකාධිපති කරපු නැති නිසා පිළිගන්න බෑ කියලායි. විගණකාධිපති මේ වාර්තාව හැදුවානම් කියාවි යහපාලන ආණ්ඩුව යටතේ හිටපු කෙනෙක් හදපු වාර්තාවක් පිළිගන්නේ නෑ කියලා.” ජේ.සි අලවතුවල කීවේ එවැන්නකි.

    “දැන් එ.ජා.පෙ සියළු දෙනා එකතු වෙලා යන්න තීන්දුව ගැනීම වටිනවා. ඒත් ඡන්ද ලකුණ ඉක්මණින් තීන්දු කර ගන්න ඕනේ. ඔබතුමා හා විපක්ෂ නායකතුමා මේ ප්‍රශ්නය ඉක්මණින් ඉවර කර ගන්න.” ජේ.සි අලවතුවල තවදුරටත් නායකයාගෙන් ඉල්ලා සිටියේය.

    “හදවත ලාංඡනය පස්සේ මුලින්ම ගියා. ඒක වෙන පක්ෂයකට අයිති එකක් කියලාවත් අධ්‍යයනයක් නොකලේ ඇයි? සන්ධානයේ ව්‍යවස්ථාව පවා තාම ලැබිලා නෑ. අලියාගෙන් යමු කියලා යෝජනා කළාම පස්ස ගැහුවා. හංසයාගෙන් යනවා නම් රවිත් එක්ක කතා කරලා නීතිඥයෝ එක්ක ගිහින් කොමසාරිස් හමුවෙලා ප්‍රශ්නය බේර ගන්න ඕනේ.  මම මේ කරුණු මද්දුම බණ්ඩාරට පැහැදිලි කළා.” ලක්ෂ්මන් කිරිඇල්ල පිළිතුරු දුන්නේය.

    “දැන් හංසයාගෙන් හෝ අලියාගෙන් ආවොත් නාමයෝජනා අත්සන් කරන්නේ සන්ධානේ මහලේකම්ද ඒ පක්ෂයේ ලේකම් ද” චම්පිකා ප්‍රේමදාස විමසුවේ තීරණාත්මක පැනයකි.

    “අලියාගෙන් ආවොත් එ.ජා.ප මහලේකම්ට තමයි අත්සන් කරන්න වෙන්නේ. හංසයාගෙන් ආවොත් ඒ පක්ෂයේ මහලේකම්. ඒක සරල නීති පදනමක්.” එ.ජා.ප නායකයා ද කටහඩ අවදි කළේය.

    “දෙවෙනි රාජසිංහ රජු පෘතුග්‍රිසි මාරු කරලා ඕලන්දක්කාරයෝ ගෙන්න ගත්තා. මෙයාලා රනිල් මාරු කරලා රවි ගන්නයි හදන්නේ. එ.ජා.ප යෙම ඉන්නවාද රවිගේ අතට පනිනවද කියලායි තීන්දු කරන්න වෙන්නේ.” එ.ජා.ප නීති නිලධාරියෙකු පැහැදිලි කළේ ඉතිහාසය හා වර්තමානය සසදමිනි.

    “මම නීතිමය පදනම පෙන්නලා වරද්ද ගන්නේ නැතුව යන්න කිව්වා. ඒක හරියට තේරුම් ගත්තා ද මම දන්නේ නැහැ. මම විසදුම් දීලා නැහැ. පැහැදිලි කළා පමණයි. කොමිසමත් එක්ක කතා කරලා විසදුමකට එන්න අමාරු නම් ලබන සතියේ මට අවසන් විසදුම දෙන්න වෙනවා. පැය හයෙන් උත්තර ඉල්ලනවා. එහෙම කරන්නේ කොහොමද?” එ.ජා.ප නායකයා කීවේය.

    “මේ හමුදාපති පත්කරන කොට ලෝකයෙන් විරෝධතා ආවා. හිටපු ජනපති වලන් කඩේට පැනපු ගානට එයා හිතපු දේවල්ම කලා. දැන් හමුදාපතිට ඇමරිකාව තහනම්. තව රටවල් කීයක් ඒ පාරේ යාවිද දන්නේ නැහැ. ආණ්ඩුවත් ෂෝ දානවා මිසක් ප්‍රශ්නයට විසදුම් හොයන්නේ නැහැ.” කේ.කේ පියදාසගේ මතය එය විය.

    “අපේ හමුදාපතිට මේ තහංචිය ආවේ යහපාලන රජය ජිනිවාවලදී අත්සන් කරපු 30/1 යෝජනාව නිසා කියලා ආණ්ඩුව කියනවා  නේද?” චම්පිකා ප්‍රේමදාස විමසීය.

    “ආණ්ඩුව අනාථ වෙලා ජනතාව නොමග යවන්න හදනවා. මීට කලින් ජගත් ජයසූරියටත් ඔය ප්‍රශ්නයම ආවා. ඉන්දුනිසියාවේ ජෙනරල් විරන්තෝට වගේම ඉන්දියානු වත්මන් අගමැති මෝදිටත් ඇමරිකාව මෙවැනි තහංචිම දැම්මා. 30/1 වගන්තිය අනුවද එයාලටත් තහංචි දැම්මේ කියලායි අපි ආණ්ඩුවෙන් අහන්නේ. යමෙකුට රටකට ඇතුල් වෙන්න දීම නොදීම ඒ රටේ තීන්දුවක්.” ලක්ෂ්මන් කිර්ඇල්ල කළ පැහැදිලි කිරීම එ.ජා.ප නායකයා ද අනුමත කළේය.

    “එම්.සි.සි ගිවිසුම අත්සන් කරවන්න මේ ආණ්ඩුවට කරන බලපෑමක් ලෙසත් හමුදාපතිගේ සිද්ධිය සමහරු විග්‍රහ කරනවා නේද?” කේ.කේ පියදාස ඇසුවේ නායකයාගෙනි.

    “නෑ එහෙම හිතන්න අමාරුයි. එම්.සි.සි වල ඩොලර් මිලියන 490 නැතුව මේ ආණ්ඩුව කොහේ දුවන්නද? ඉන්දියාව ලග දනින් වැටිලා ණය කපන්න කියලා ඉල්ලුවේ නිකංද?” එ.ජා.ප නායකයා කීවේ කාගෙත් සිනා මැදය.

    “මේ ආණ්ඩුව ජිනිවා යෝජනාවෙන් ඉවත් වෙන්නයි හදන්නේ. 2015 ට කලින් වගේ ජි.එස්.පි නැති කරගෙන මාළු තහංචි දමාගෙන විශාල ආර්ථික ව්‍යසනයක් ජනතාවට කරන්නයි මේ උත්සාහ කරන්නේ.” දයා ගමගේ කී දේ ද සියළු දෙනා අනුමත කළහ.