Tag: Harin Fernando

  • ලංකාවේ ටීම් එකේ ඉන්නේ ප්‍රනාන්දුලා විතරයි”” ඒ ඇමතිත් ප්‍රනාන්දු නිසාද ?

    ලංකාවේ ටීම් එකේ ඉන්නේ ප්‍රනාන්දුලා විතරයි”” ඒ ඇමතිත් ප්‍රනාන්දු නිසාද ?

    දකුණු අප්‍රිකාවත් සමග පැවැත්වෙන එක්දින තරඟාවලිය ක්‍රීඩා කරන්නේ ලෝක කුසලානය පෙරහුරුවක් ලෙස බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    අද (07) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

    ”ලංකාවේ ටීම් එකේ ඉන්නේ ප්‍රනාන්දුලා විතරයි මොකද ඇමතිත් ප්‍රනාන්දු නිසාද කියලා සමහරු අහලා තිබුණා.එහෙම හිතන එක තමයි ලංකාවට මේ ප්‍රශ්ණෙ වෙලා තියෙන්නේ.මං දන්නෙත් නෑ ඒ තරුණයෝ කවුද කියලා.නමුත් ලංකාවේ පෙරේරලා ප්‍රනාන්දුලා සිල්වාලා වැඩියි..එයාලා හොඳ සෙල්ලංකාරයෝ. දිනුමේදි වගේම පරාජයේදී අපි ඔවුන්ට සහයෝගය දෙන්න ඕන

    …මේ තරඟ ටිකේදී පැරදුනා කියලා නෙමෙයි හරි සුසංයෝගය තොරන එක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා මම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ කරන හැමෝගෙන්ම ඉල්ලනවා කලබල වෙන්න එපා.  අපේ ඉලක්කය වෙන්න ඕන ලෝක කුසලානය.  අපි කොහාමහරි පළවෙනි හතරට එන්න ඕන ..ඒ නිසා පොඩි පොඩි වෙනස්කම් කරන්න ඕන තැන් හොයාගන්න තමයි මේ තරඟ පහ ගහන්නේ.  ඒ නිසා කලබල වෙන්න ඕන නෑ. මේ ආන්ඩුව වගේ ක්‍රිකට් කණ්ඩායමත් කවදාවත් වැටෙන්නේ නැතිවෙයි කියලා විශ්වාස කරනවා..” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

  • සංගා – මහේල වාර්තාව කැබිනට් මණ්ඩලයට

    සංගා – මහේල වාර්තාව කැබිනට් මණ්ඩලයට

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පත්කරගන්නා නිලවරණයේ ඡන්ද 10ක් දක්වා අඩු කරන බවත් ඒ සඳහා කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන හිටපු ක්‍රිකට් නායකයන් ඉදිරිපත් කළ කෙටුම්පත පිළිගෙන එය ක්‍රියාත්මක කරන බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර කැන්බරාහී මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ තරගාවලිය ආවරණය කිරීම සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ සිටින ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍යවේදීන්ට ලබාදුන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අනතුරුවයි. 

    ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා යෝජිත ව්‍යවස්ථාව මැයි මසට පෙර ක්‍රියාත්මක කිරීමේ අදහසක් පවතින බවත් මේ දිනවල එහි සංශෝධන පිළිබඳව සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

    එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පත්කරගන්නා නිලවරණයේ ඡන්ද  අඩු කිරීම සඳහා මහේල-සංගා ඉදිරිපත් කළ කෙටුම්පත මෙම සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තමන් සූදානමින් සිටින බවත් ඡන්ද දඩමීමා කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ කිරීමේ මාෆියාවට තමන් තිත තබන බවත් හෙතෙම පවසා සිටියේය.