මුදල් ඇමැති මංගල සමරවීර මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභා වාර්තාවෙන් මුදල් අමාත්‍යාංශයට එල්ල කර ඇති චෝදනා සහ සත්‍ය කරුණු වසන්කර ව්‍යාජ අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීම යන චෝදනා මත මෙම විශ්වාසභංග යෝජනාව විෂය භාර ඇමැති මංගල සමරවීර මහතාට එරෙහිව ගෙන එන බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (11) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
බොරැල්ල පරිවර්තන කේන්ද්‍රයේ පැවැති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ සිංහල අලුත් අවුරුද්දේ වැඩ අල්ලන නැකතේදී විශ්වාසභංග යෝජනාව සකස් කරන බවය.
ආණ්‌ඩුවේ නොහැකියාව වසා ගනිමින් සත්‍ය කරුණු සගවා ව්‍යාජ අයවැයක් මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පසුගිය මාර්තු 05 වැනිදා ඉදිරිපත් කළ බවද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
අයවැය නොවැම්බර් කියෑවීමේ විවාදයට පෙර මෙම මුදල් පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව කී බන්දුල ගුණවර්ධන මහතා ආර්ථික දත්ත සගවමින් පාර්ලිමේන්තුවට තොරතුරු සපයා ඇති බවට එම වාර්තාවේ සඳහන් කර ඇතැයිද කීය.
අයවැය පිළිබඳ අපක්‍ෂපාතී විග්‍රහයක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබා ගන්නා ලෙසටද අදාළ වාර්තාවෙන් නිර්දේශ කර ඇතැයි කී මන්ත්‍රීවරයා මේ අනුව පසුගිය කාලයේ සිදුකර තිබෙන්නේ ව්‍යාජ අයවැය ලේඛනයකට අදාළ විවාදයක් බවද කීය.
මෙම කරුණු සලකා විෂයභාර ඇමැති මංගල සමරවීර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Tag: Mangala Samaraweera
-

ඒකාබද්ධයෙන් මංගලට විශ්වාසභංගයක්
-

රේගුවේ අලූත් ලොක්කා පත් කලේ අපි..ඊට විරුද්ධ වෙන්න කාටවත් බෑ… -මංගල වෘත්තීය සමිතිවලට පාට් දමයි
ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල් පත්කර ඇත්තේ කැබිනට් තීන්දුවකින් බවත් එම තීන්දුවට විරුද්ද වීමට වෘත්තීය සමිතිවලට හැකියාවක් නැති බවත් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර පවසා තිබේ.
ඇමතිවරයා මේ බව පවසා ඇත්තේ රේගු වෘත්තීය සමිති සමග මුදල් අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවකදීය.
රජයේ ප්‍රතිපත්තිය ඉදිරියට කරගෙන යා හැකි කාර්යක්ෂම පුද්ගලයන් ආයතන ප්‍රධානීන් ලෙස පත්කිරිම සදහා කැබිනට් මණ්ඩලයට බලය ඇතැයිද ඇමතිවරයා එහිදී පෙන්වා දී ඇත.
දැනට පත් කර ඇති වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සමගින් රාජකාරි කටයුතු කරන ලෙසද ඇමතිවරයා වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලා තිබේ.
ඇමතිවරයාගේ පැහැදිලිකිරීම් හා ඉල්ලීම් සියල්ල බැහැර කරමින් වෘත්තීය සමිති තව දුරටත් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ක‍්‍රියාත්මක කරමින් සිටී.