Tag: Police

  • අලුත් අවුරුද්දට පොලිසියට බැලූන් 25000 ක්

    අලුත් අවුරුද්දට පොලිසියට බැලූන් 25000 ක්

    සිංහල හින්දු අලූත් අවුරුදු සමය තුළ බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ගුවන් මගින් ගෙන්වන ලද මුඛලයිසර් (ස්වසන වායු බැලූන්) 25,000 ක් හෙට (09) සිට දිවයිනේ සියලූම පොලිස් ස්ථාන වෙත බෙදාහරින බව රථවාහන පාලනය හා මාර්ග ආරක්‍ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (08) පැවසීය.

    සිංහල හින්දු අවුරුදු සමය තුළ බීමත් රියැදුරන් සහ රථවාහන වැරැුදි සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා අමතර පොලිස් නිලධාරීන් 8,000 ක් යොදවන බවත් ඔවුන් අද සිට අපේ‍්‍රල් 20 දක්වා සිය මෙහෙයුම් සිදුකරන බවත් ඊයේ පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අජිත් රෝහණ මහතා පැවසීය.

    මෙම අමතර යොදන පොලිස් නිලධාරීන් අතරින් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් දුර ගමන් සේවා බස්රථවල ද රාජකාරි සඳහා යෙදවීමට කටයුතු කරන බව ඔහු කීය. මේ වනවිට දුර ගමන් සේවා බස්රථ රියැදුරන් එක් අතකින් ජංගම දුරකථනය භාවිත කරමින් අනෙක් අතින් සුක්කානම හසුරවන බවට ජනතාවගෙන් පැමිණිලි ලැබී ඇති බවත් එවැනි රියැදුරන් සම්බන්ධයෙන් ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත දන්වා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා නීතිය කි‍්‍රයාත්මක කරවන බවත් හෙතෙම කීය. මීට අමතරව ඇතැම් දුර ගමන් බස්රථ ආහාර ගැනීමට නවත්වන ස්ථානවලදී රියැදුරන්ට මත්පැන් ලබාදෙන බවට ද චෝදනා එල්ලවන බවත් එවැනි රියැදුරන් ලිළිබඳව ද සිවිල් ඇඳුමෙන් බස් රථයේ සිටින පොලිස් නිලධාරීන්ට ළඟම පොලිසියට වාර්තා කරන ලෙස උපදෙස් දී තිබෙන බවත් අජිත් රෝහණ මහතා කීය.

    මේ වනවිට අධික ශබ්දය සහිත නලා සහ විවිධ වර්ණයන්ගෙන් යුත් විදුලි බුබුළු බස්රථ හා ඇතැම් වාහනවල සවිකර ධාවනය කරන බවත් වාහනවල එවැනි නීති විරෝධී දේ සවිකර තිබේ නම් ඒවා ඉවත් කර ගැනීමට ජුනි 30 දා තෙක් කාලය ලබාදී ඉන්පසු එම වාහනවල රියැදුරන්ට සහ හිමිකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන බවත් ඒ මහතා කියා සිටියේය.

  • දැරිය කළාඔයට දැමු මවගෙන් පැය 48ක් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

    දැරිය කළාඔයට දැමු මවගෙන් පැය 48ක් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

    සිව් හැවිරිදි සිය දියණිය ඝාතනය කර කලාඔයට දැමූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු කරුවලගස්වැව, නීලබැම්ම ගම්මානයේ මවගෙන් පැය 48ක් රඳවාගෙන ප‍්‍රශ්ණ කිරීමට පුත්තලම මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඊයේ (04) අවසර හිමිවිය. අදාළ මව ඒ පිළිබඳ පාපොච්චාරණය කිරීමෙන් අනතුරුවයි ඇයව අත්අඩංගුවට ගෙන ඇත. අදාළ දැරියගේ මව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්ණ කළ බවයි පොලීසිය පැවසුවේය. දැරියගේ මව මනෝවෛද්‍යවරයෙකු හමුවට යොමු කිරීමට ද කටයුතු කරන බව පොලීසිය වැඩිදුරටත් පවසා සිටියේය.

    ඉකුත් 30වනදා මෙම දැරිය පෙරපාසල් යාමට සූදානම් කරමින් සිටින අවස්ථාවේ ඇතිවූ කෝපයක් නිසා මව විසින් පහරක් එල්ල කර ඇති බවත් එහිදී දැරිය සිහිමූර්ජා වී ඇති අතර යළි සිහිය නොපැමිණීම හේතුවෙන් තමන් දැරියව කලාඔයට විසි කළ බවත් මව විසින් පොලීසියට පාපොච්චාරණය කර ඇත. මව විසින් සිදු කළ ඇතැම් ප‍්‍රකාශවල පරස්පරතා ද තිබූ බව ද පොලීසිය පැවසන අතර ඉකුත් දින කිහිපයේදීම දැරියගේ සිරුර සොයා කලාඔය  ඕලූමඩුව ප‍්‍රදේශයේ නාවික හමුදාවේ කිමිදුම්කරුවන් මෙහෙයුමක් ආරම්භ කළ ද, එහිදී ද දැරියගේ සිරුර සොයා ගැනීමට නොහැකි විය. දැරියගේ සිරුර සතෙකුගේ ගොදුරක් වන්නට ඇති බවටයි සැක පහල වී ඇත. 

    වර්ෂාව හේතුවෙන් කලාඔයේ දැරියගේ සිරුර සොයා කළ මෙහෙයුම්වලට ඊයේ දිනයේ බාධා එල්ල විය. ඒ අනුව එම මෙහෙයුම් අද උදෑසන යළි ආරම්භ කරන බවයි සාලියවැව පොලීසිය පැවසුවේය.

  • “මන්න රොෂාන්” අත්අඩංගුවට

    “මන්න රොෂාන්” අත්අඩංගුවට

    විවිධ ගනයේ අපරාධ රැසකට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන කාරියවසම් අතුකෝරළගේ දොන් රොහාන් ඉන්දික නොහොත් මන්න රොෂාන් ඊයේ (04) අත්අඩංගුවට ගැනුනා. ඒ හංවැල්ල පොලීසිය පහත්ගම ප‍්‍රදේශයේ කල මෙහෙයුමකදීයි.

    අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් හා හෙරෝයින් මිලිග‍්‍රෑම් 640 සොයාගෙන තිබෙනවා. පුද්ගලයන් පැහැරගැනීම , කප්පම් ලබා ගැනීම , අවි ආයුධ වලින් පහරදීම හා සාමාන්‍ය වැසියන් බියගැන්වීම් වැනි සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව පැමිණිලි ලැබී ඇති බවයි පොලීසිය පවසන්නේ. ෙ

    ඉකුත් නොවැම්බර් මස හංවැල්ලේ මහපිහි කල්ලිය නමින් ප‍්‍රචාරය කෙරුණු බැලූම්ගල වැඩසටහනින් ද අනාවරණ කෙරුණේ මෙම පාතාල කල්ලි සාමාජිකයා පිළිබඳවයි. ඔහු අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (05) ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.