Tag: Prasanna Ranathunga

  • පොහොට්ටුවට ළංවෙන පෙරේතයින් – කුම්භාණ්ඩයින් එළවන රස්සාව ප‍්‍රසන්නට

    පොහොට්ටුවට ළංවෙන පෙරේතයින් – කුම්භාණ්ඩයින් එළවන රස්සාව ප‍්‍රසන්නට

    මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා නිසා අපිට ලොකු හානියක් වුණා. 386,000 ක් මනාප ගත්ත මාව පක්ෂයේ සංවිධායකකමෙන් ඉවත් කළා. මහින්ද මහත්තයාගේ මිනිස්සුන්ට එළව එළව ගැහුවා. ඡන්දයෙන් පැරදුණු  අයව ජාතික ලැයිස්තු මන්ත්‍රීකම් දීලා පාර්ලිමේන්තු යැව්වා.

    මේ පොහොට්ටුවට කුම්භාණ්ඩයෝ හා පෙරේතයෝ ලංවෙන වේලාවක් බවත් මෙම කුම්භාණ්ඩයෝ හා පෙරේතයන් කිට්ටු කර ගත්තොත් ජනතාව පොහොට්ටුවෙන් ඈත් විය හැකි බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

    පොහොට්ටුවේ නායකයන්ට කිට්ටු         වීමට එන පෙරේතයන් හා කුම්භාණ්ඩයන්ට එරෙහි වීම නිසා තමන් ව දොරටු පාලකයෙකු ලෙස කාටුන් චිත්‍ර ශීල්පීන් අදින බව පෙන්වා දුන් රණතුංග මහතා පොහොට්ටුව හා එහි නායකයන්ව රැකගැනීම සදහා දොරටු පාලකයෙකු වීමට වුවද තමන් සුදානම් බව ද කීවේය.

    මිනුවන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ උපාධිධාරින් ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා ඊයේ (23) පැවති රැස්‍වීමක දී රණතුංග මහතා  මේ බව සදහන් කළේය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ උපාධිධාරින් සංගමයේ මිනුවන්ගොඩ ශාඛාව රැස්වීම සංවිධානය කර තිබුණි.

    මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙසේ ද කීවේ ය.

    ‘සජිත් ඇතුළු දේශ ද්‍රෝහී නඩය පරීපූරක ඇස්තමේන්තුව පරද්දන්න උත්සාහ කළේ උපාධිධාරීන්ට රැකියා ලබා දෙන එක නවත්තන්න, අ.පො.ස (සා/පෙ) දක්වා ඉගෙන ගත්ත ලක්ෂයකට රස්සා දෙන එක නවත්තන්න. අපි මේ පරිපූරකය දැමීමේ 2019 වර්ෂයේ සිදු කර තිබු වැඩ වලට අදාළව මුදල් ගෙවන්නයි. පසුගිය ආණ්ඩුව මේ රටේ පොහොර ආනයනකරුවන්ට ඉදි කිරීම් සමාගම් වලට කෝටි ගණන් පොලු තියලා. මේ නිසා මේ සමාගම්වල සේවකයන්ට පඩි ගෙවා ගන්න බැරි තරමට ම වැටිලා. මේ පඩි ටික ගෙවලා ජනතාවට සහන සලසන්නයි අපි උත්සාහ කළේ. හැබැයි සජිත්ලා ඒකට බය වුණා. සජිත්ලා මොන උප්පරවැට්ටි දැම්මත් අපි අපේ ගමන යනවා. ඒ නිසා උපාධිධාරින්ට පත්වීම් ලබා දෙන වැඩපිළිවෙල කිසිසේත් නතර වෙන්නේ නෑ.

    මේක පොදුජන අරගලයේ අවසන් සටන. මේක පොහොට්ටුවට, පොහාට්ටුවේ නායකයන්ට කුම්භාණ්ඩයෝ, පෙරේතයෝ ලං වෙන වෙලාව. නායකයන් ව තනි කරන්න හොද නැති වෙලාවක් මේක. මොකද කුම්භාණ්ඩයෝ, පෙරේතයෝ ලං වුණොත් ජනතාව අපෙන් ඈත් වෙනවා. මං පසුගිය දවසක එහෙම ආපු කුම්භාණ්ඩයෝ, පෙරේතයෝ ගැන කිවුවාම කාටුන් චිත්‍ර ශීල්පීන් මගේ බඩ එහෙම දාලා මාව දොරටුපාලකයෙකු වගේ ඇදලා තිබුණා. මාව පොහොට්ටුවේ දොරටු පාලකයා වගේ ඇන්දාට මං ඒ චිත්‍ර ශීල්පීන්ට ස්තූතිවන්ත වෙනවා. මොකද ජනතාව වෙනුවෙනුයි මම ඒ දොරටුපාලකකම කරන්නේ.

    මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා නිසා අපිට ලොකු හානියක් වුණා. 386,000 ක් මනාප ගත්ත මාව පක්ෂයේ සංවිධායකකමෙන් ඉවත් කළා. මහින්ද මහත්තයාගේ මිනිස්සුන්ට එළව එළව ගැහුවා. ඡන්දයෙන් පැරදුණු  අයව ජාතික ලැයිස්තු මන්ත්‍රීකම් දීලා පාර්ලිමේන්තු යැව්වා. කලාකාරයන්ට ගහපු, ගුරුවරු දණ ගස්වපු අයට ඡන්දය ඉල්ලන්න දුන්නේ මෛත්‍රී. රණවිරුවෝ හිරේ දැම්මේ, ස්වාමීන් වහන්සේලා හිරේ දැම්මේ, මහා බැංකුව මංකොල්ල කෑවේ පසුගිය ආණ්ඩුවෙන්. පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕනේ පහුගිය ආණ්ඩුව.

    එහෙම කරපු ආණ්ඩුවේ එක නායකයෙක් ඔය  මෛත්‍රීපාල සිරිසේන. ඒ වගකීමෙන් මිදෙන්න ඔහුට බෑ. අපි අහිංසක ශ්‍රී ලංකාකාරයෝ අපි එක්ක එකතු වෙනවාට විරුද්ධ නෑ. ඒත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා එකතු කර ගැනීම ගැන අපිට ප්‍රසාදයක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම එවපු නිසා එකතු කර ගත්ත බව මහින්ද මහත්තයත් කිව්වා. කොහොම වුණත් ජනාතාව ඉදිරි මැතිවරණයේ දී මේ වගේ අය ගැන තීන්දුවක් ගනිවි යැ‘යි අපි හිතනවා. ’

    මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, උප සභාපති සුජීව සම්පත්, මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති නීල් ජයසේකර යන මහත්වරුන් ද මෙහිදී කථා ක‍ළේය.

  • මත්තල හා රත්මලාන ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට යයි

    මත්තල හා රත්මලාන ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට යයි

    මත්තල හා රත්මලාන ගුවන්තොටුපළවල ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම සදහා නව යෝජනාවලියක් සැකසේ. මෙම නව යෝජනාවලිය කැබිනට් මණ්ඩල අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    මත්තල හා රත්මලාන ගුවන් තොටුපළවලට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගුවන් තොටුපළ බළධාරීහු පසුගිය කාලය තුළ සාකච්ඡා කීපයක් ම පවත්වා තිබේ. එහි දී එම ගුවන් සමාගම් ඉදිරිපත් කළ කරුණු ද සැලකිල්ලට ගනිමින් නව යොජනාවලිය සැකසුණු බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මත්තල හා රත්මලාන ගුවන් තොටුපළ සංවර්ධනයේ දී ප්‍රධාන උපාය මාර්ගික අංශ 04 ක් රජය හදුනාගෙන තිබේ. කලාපීය හා ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සදහා ප්‍රවර්ධනය, ගුවන් යානා නඩත්තු සේවාවන් සදහා ප්‍රවර්ධනය, තාක්ෂණික නැවතුම් හා සේවා ප්‍රවර්ධනය , භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් ප්‍රවර්ධනය මත්තල ගුවන් තොටුපළ සම්බන්ධයෙන් රජය හදුනාගෙන ඇති උපාය මාර්ගික අංශ 04 යි.

    ජාත්‍යන්තර ව්‍යාපාරික ජෙට් යානා සදහා පහසුකම් සැපයීම, දේශීය සිවිල් හා වාණිජ මෙහෙයුම් දියුණු කිරීම, කලාපයේ ගුවන් සේවා පුහුණු මධ්‍යස්ථානයක් ඇරඹීම, කලාපීය ගුවන් තොටුපළ මෙහෙයුම් සිදු කිරීම රත්මලාන ගුවන් තොටුපළ සංවර්ධනය සදහා හදුනාගෙන ඇති ක්ෂේත්‍ර වේ.

    මත්තල හා රත්මලාන ගුවන් තොටුපළ ආගමන බද්ද ලිහිල් කිරීම, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් සංක්‍රමණික සේවකයන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශ ගාස්තු සදහා වට්ටම් ලබා දීම, බිම් මෙහෙවර සේවා සදහා වට්ටම් අනුපාතයක් ලබා දීම, මත්තල හා රත්මලාන ගුවන් තොටුපළවල සහනදායී ඉන්ධන මිල ගණන් පිරිනැමීම ගුවන් සමාගම්වලට මෙම ගුවන් තොටුපළ දෙකෙහි ගුවන් යානා ගොඩ බෑමේ හා නතර කර තැබීම වෙනුවෙන් සහන සැලසීම යන යෝජනා ක්‍රියාත්මක කිරීමට ඒ අනුව රජයේ අවධානය යොමුව තිබේ.

    යෝජනාවලිය සැකසුණේ මත්තල හා රත්මලාන ගුවන් තොටුපළ වෙත ජාත්‍යන්තර ගුවන් සමාගම් ආකර්ෂණය කර ගැනීමේ අරමුණ ඇතිවයි. කැබිනට් අනුමැතිය ලැබුණු වහා ම මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් ඉතා කඩිනමින් මත්තල හා රත්මලාන ගුවන් තොටුපළ වල ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට අපේක්ෂා කරන බවත් අමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සදහන් කරයි.

  • යාපනය ගුවන් තොටුපළ දියුණු කිරීමේ ගිවිසුමට කැබිනට් අනුමැතිය

    යාපනය ගුවන් තොටුපළ දියුණු කිරීමේ ගිවිසුමට කැබිනට් අනුමැතිය

    යාපනය පළාලි ගුවන් තොටුපල වැඩි දියුණු කිරීම සදහා ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    යාපනය පළාලි ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සදහා ඉන්දියානු රජය ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක ආධාරයක් ලබා දීමට එකග වී තිබේ. මෙම මුදලින් සැහැල්ලු ගමන් මළු හැසිරවීමේ පද්ධතිය, පිටත්වීමේ පාලන පද්ධතිය, ජල සම්පාදන, අප ජල ප්‍රවාහන පද්ධතිය හා ඝණ අපද්‍රව්‍ය අපවහන පද්ධතිය සැකසීමට අපේක්ෂිතයි.

    මේ වන විට යාපනය පළාලි ගුවන් තොටුපලේ තාවකාලික ගුවන් ගමන් පාලන කුළුණක් ඉදිකර තිබේ. ගුවන් ධාවන පථ ආලෝකකරණ පද්ධතිය ද සැකසීම සදහා මේ වන විට ප්‍රසම්පාදන කටයුතු සිදු කෙරෙමින් පවතී. යාපනය පළාලි ගුවන් තොටුපළේ සකස් කර ඇති මගී පර්යන්ත පහසුකම් සීමිතය. මෙහි වාණිජ ගුවන් යානා හා ජාත්‍යන්තර මගීන් හැසිරවීමේ දී වැඩි පහසුකම් අවශ්‍ය වෙනු ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

    මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සදහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්වරයාට බලය පැවරෙන අතර ඉන්දියානු රජය විසින් ලබා දෙන රුපියල් මිලියන 300 ක ප්‍රදානය භාවිතා කිරීමට ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට බලය පැවරේ.

    යාපනය පළාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාවයි. එය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද සදහන් වේ. මේ නිසා මෙම සංවර්දන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

  • විදේශ ආයෝජන කඩිනමින් ආරම්භ කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් – ඇමති ප‍්‍රසන්න

    විදේශ ආයෝජන කඩිනමින් ආරම්භ කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් – ඇමති ප‍්‍රසන්න

    මෙරටට පැමිණෙන ආයෝජකයන්ට ප්‍රමාදයකින් තොරව එම ආයෝජන කටයුතු ආරම්භ කිරීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඉදිරි වසර 05 තුළ මෙරටට වැඩි වශයෙන් ආයෝජකයන් ගෙන්වා ගැනීම රජයේ අපේක්ෂාවයි.

    ජනාධිපතිවරයාගේ රට නගන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම ඉලක්කය සපුරා ගැනීම සදහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා සදහන් කරයි.

    ඒ අනුව ආයෝජන අනුමැතිය වේගවත් කිරිමේ ක්‍රියාවලිය සදහා විශේෂ කමිටු දෙකක් ක්‍රියාත්මකයි. ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘති පරික්ෂණ කමිටුව හා ඉඩම් වෙන් කිරීමේ කමිටුව එම කමිටු දෙකයි. ව්‍යාපෘති නිරීක්ෂණ කමිටුව මගින් සියලුම ආයෝජන අයදුම්පත් වලට ඊට සම්බන්ධ මණ්ඩලයේ ක්‍රියාකාරී දෙපාර්තුමේන්තු සමග එක් ව කඩිනම් අනුමැතිය ලබා දීමට කටයුතු යොදා ඇත. ඉඩම් වෙන් කිරීමේ කමිටුව මගින් තාක්ෂණික හා මුල්‍ය නිර්ණායකයන්ට අනුකූලව ආයෝජන මණ්ඩල ඉඩම් ඇගයීමකට ලක් කර ඉඩම් නිසි ලෙස පවරා දීම සිදු කරනු ලබයි.

    මීට අමතරව මාර්ගගත (Online) ආයෝජන පහසුකම් සැපයීමේ ක්‍රියාවලියද වේගවත් කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි. කිසියම් ආයෝජනයක් සදහා අවසර ලබා ගැනීමේ දී ආයතන ගණනාවකින් අනුමත කිරීම හා බලපත්‍ර ලබා ගැනීමට ආයෝජකයන්ට සිදු වේ. එලෙස අනුමත කිරීම් හා බලපත්‍ර ලබාගැනීමට සිදුවන ආයතන සංඛ්‍යාව 24 කි. මෙම ආයතන අතර පවතින සම්බන්ධිකරණයේ අඩුපාඩු හේතුවෙන් ආයෝජන අනුමත කිරීමේ දී සැලකිය යුතු කාලයක් ගතවන බව තමන්ට නිරීක්ෂණය වුයේ යැයි ඇමතිවරයා කියා සිටී.

    මෙම තත්ත්වය වැලැක්වීම සදහා තනි කවුළු ආයෝජන පහසු කිරීමේ කාර්ය සාධන බලකායක් පිහිටුවා තිබේ. ඒ අනුව එම බලකාය මගින් අතථ්‍ය වෙබ් වේදිකාවක් (Virtual Web Portal) මගින් නියමිත කාල සීමාවක් තුළ අදාළ ආයතන වල අනුමත කිරීමේ ක්‍රියාවලිය ඉටු කිරීම සිදු කර ගැනීමට මැදිහත් වන බව ද ඇමතිවරයා කියයි.

    මෙරටට පැමිණෙන ආයෝජකයන්ට ආනයන අපනයන පහසුකම් වැඩි දියුණු කිරිම සදහා ද පියවර ගෙන තිබේ. එමෙන් ම ආයෝජකයන් සහ විදේශිය කාර්යය මණ්ඩල සදහා වීසා නිර්දේශ කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සදහා වීසා බලපත්‍ර අයදුම් කිරිමට ආයෝජන මණ්ඩලයේ මාර්ගගත (Online) වීසා ක්‍රමය ද ක්‍රියාත්මකයි.

    මීට අමතරව ආයෝජන ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කිරීම සදහා “ඉදිරිපස කාර්යාලය (Front Office Desk)”පිහිටුවා ඇත. මෙරට ආයෝජනයට අපේක්ෂා කරන ආයෝජකයන්ගේ යෝජනා භාර ගැනීම, මෙම කාර්යාලය විසින් සිදු කරනු ලබන අතර ඊට අදාළ ආයෝජන මණ්ඩල පිරි සැකසීමේ කටයුතු පසුපස කාර්යාල විසින් සිදු කරනු ලැබේ. මෙරටට පැමිණෙන සියලු ආයෝජන සම්බන්ධයෙන් ස්වාධින හා විනිවිදභාවයෙන් යුතු ඇගයීමක් සිදු කිරීමේ අරමුණින් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

  • සංචාරක හා ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර ඒකාබද්ධ වැඩපිළිවෙලක්

    සංචාරක හා ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර ඒකාබද්ධ වැඩපිළිවෙලක්

    මෙරට සංචාරක හා ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය හා මෙරට ජර්මානු තානාපති කාර්යාලය එක් ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

    කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ මෙරට ජර්මානු තානාපති ජෝර්න් රොහේඩ් (Jorn Rohde) මහතා අතර පසුගිය දා (10) පැවති සාකච්ඡාවක දී මෙම එකගතාවයට එළඹිණ.

    ජර්මනිය මෙරට සංචාරක හා ආයෝජන ක්ෂේත්‍රයන්ට වැඩි දායකත්වයක් දැක්වීමට කැමැත්තෙන් සිටින බවත් ඒ සදහා එරට සංචාරක නියෝජිත ආයතන හා ආයෝජකයන් සහ මෙරට බළධාරින් අතර ද්විපාර්ශවික සාකච්ඡා ඇරඹීමට සුදානම් බවත් ජර්මානු තානාපතිවරයා මෙහි දී කියා සිටියේ ය. ජර්මානු සංචාරකයන් මෙරට සුන්දර වෙරළ ආශ්‍රිත සංචාරයට මෙන්ම මෙරට සංස්කෘතික හා පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන නැරඹීමට ද වැඩි කැමැත්තක් දක්වයි. එමෙන් ම එරට ආයෝජකයන් ද මෙරට නව කර්මාන්තශාලා ඇරඹීමේ අපේක්ෂාවෙන් සිටින බව ද ජර්මානු තාතාපතිවරයා කීවේය.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව  සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ලොව පුරා ප්‍රචලිත කිරීමට අපේක්ෂා කරන බවයි. මේ සදහා ලොව පුරා සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. නවීන ඩිජිටල් තාක්ෂණය හා නව සන්නිවේදන ප්‍රවණතා හදුන ගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී අවධාරණය කළේය. මුලින්ම ජර්මනිය, ප්‍රංශය, රුසියාව, චීනය හා ඉන්දියාව වැනි රටවල් කේන්ද්‍ර කර ගනිමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

    සංචාරකයන් හා ආයෝජකයන් මෙරටට පැමිණීමේ දී ඔවුන් මුහුණ දෙන ගැටළු කීපයක් ද ජර්මානු තානාපතිවරයා මෙහි දී විෂයභාර ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ අවධානයට ලක් කළේය. 2025 වසර වන විට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව මිලියන 07කට ඉහළ නංවා ගැනීමේ රජයේ ඉලක්කය සපුරාලීමට නම් සංචාරක කලාප ආශ්‍රිතව යටිතල පහසුකම් නංවාලීමට මෙන් ම සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු වීම ද සිදු විය යුතු බව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා තම රජය දැනටමත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි කීවේය.

    මෙම සාකච්ඡාවට සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් මරීනා මොහොමඩ්, කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ , ආයෝජන  මණ්ඩලයේ සභාපති චම්පිකා මලල්ගොඩ, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

  • යෝජිත පිදුරුතලාගල රෙඩාර් ටෙන්ඩරයට ප‍්‍රංශ බලපෑම්: ඇමති නියෝගයෙන් පරීක්ෂණ

    යෝජිත පිදුරුතලාගල රෙඩාර් ටෙන්ඩරයට ප‍්‍රංශ බලපෑම්: ඇමති නියෝගයෙන් පරීක්ෂණ

    ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මගින් පිදුරුතලාගල කදු මුදුනෙහි ස්ථාපිත කිරීමට යෝජිත රේඩාර් පද්ධතිය සදහා වන ටෙන්ඩරය සම්බන්ධයෙන් අමාත්‍යංශය වාර්තාවක් කැදවයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යංශ ලේකම් එස්.එම්. මොහොමඩ් මහත්මිය විසින් මෙම වාර්තාව කැදවා තිබේ.

    මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කර සති 02 ක් තුළ මෙම වාර්තාව ලබා දෙන ලෙස අමාත්‍යංශ ලේකම්වරිය විසින් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයාට ලිඛිතවම දැනුම් දී ඇත.

    පිදුරුතලාගල රේඩාර් පද්ධතිය ස්ථාපිත කිරීමේ ටෙන්ඩරයට ලංසු ඉදිරිපත් කර ඇති ප්‍රංශ සමාගමක නිළධාරින් දෙදෙනෙකු  මෙම ටෙන්ඩරය ලබා ගැනීමට විවිධ බලපෑම් සිදු කරන බවට ඇමති ප්‍රසන්න රණතුංග මහතා වෙත පැමිණිලි ලැබී තිබිණි.

    ප්‍රංශ සමාගමට අමතරව තවත් රටවල් 02 ක සමාගම් 02 ක් ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බවත් එම ලංසු ප්‍රංශ සමාගමේ ලංසුවට වඩා අඩු බවත් අදාළ පැමිණිල්ලේ සදහන්ව තිබිණ.

  • සජිත් ඇතුළු පාර්ශවය අද හැසිරෙන්නේ ‘විනෝද සමය’ වගෙයි

    සජිත් ඇතුළු පාර්ශවය අද හැසිරෙන්නේ ‘විනෝද සමය’ වගෙයි

    ‘ එදා යහපාලන ආණ්ඩුවේ ඇමතිකම් දරපු අද විපක්ෂ නායක සජිත් ඇතුළු පාර්ශවය අද හැසිරෙන්නේ හරියට සාමුවෙල්, ඇනස්ලි, බර්ටිගේ විනෝද සමය වගෙයි. ඒකටම දෙවැනි නෑ රතු අලි පැටව් ටිකත්’

    ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිපයේ පැරණි ක්‍රියාකාරින් දැනුවත් කිරිම සදහා අද (09) උඩුගම්පළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති රැස්වීමක දී රණතුංග මහතා මේ බව සදහන් කළේය. ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ආසන නියෝජනය කරන පැරණි ශ්‍රිලනිප පාක්ෂිකයෝ 2000කට අධික පිරිසක් මෙම රැස්වීමට එක් ව සිටියහ.

    මෙහිදි තව දුරටත් අදහස් දැක් වූ රණතුංග මහතා මෙසේ ද කීවේ ය.

    “විපක්ෂයේ වගකීම තමයි පවතින ආණ්ඩුවෙන් හැකි සෑම වේලාවකම මැතිවරණයක් ලබා ගැනීම. අපි ආණ්ඩුවේ ඉන්නකොටත්, විපක්ෂයේ ඉන්නකොටත් ඕනෑම වෙලාවක මැතිවරණයකට සුදානමින් සිටියා. ආණ්ඩුවේ ඉන්නකොට අපි නියමිත කාලයටත් පෙර මැතිවරණ පැවැත්වුවා. විපක්ෂයේ ඉන්නකොට මැතිවරණ ලබා ගැනීම සදහා අරගල කළා.එක්සත් ජාතික පක්ෂය පසුගිය අවුරුදු 05 තුළ ආණ්ඩු කරන කොට පුළුවන් තරම් මැතිවරණ කල් දැම්මා. එදා රනිල් හිටියෙත් මැතිවරණ වලට මුහුණ දෙන්න බයෙන්. අද සජිත් ඉන්නෙත් මැතිවරණ වලට මුහුණ දෙන්න බයෙන්. ආණ්ඩුව හොද නෑ කියනවා නම් ආණ්ඩුව වැඩක් නැත්නම් හෙට මැතිවරණයකට යන්න පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගේන්න කියලා අපි සජිත්ට අභියෝග කරනවා.

    විපක්ෂ නායකතුමා දැන් කතා කරන්නේ අළුතින් ඉපදිලා වගෙයි. තුනෙන් දෙකක් දුන්නොත් හොරකම් වැඩිවෙයිලු. මහා බැංකු හොරකම වෙද්දි මෙයා නිදාගෙන ද හිටියේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ මිලියන 3000ක් විනාශ කළේ කවුද? අපි කියනවා විපක්ෂ නායකතුමාට වීදුරු ගෙවල් වල ඉදලා ගල් ගහන්න ලෑස්ති වෙන්න එපා කියලා. දැන් මේ වන කොට හෙළිදරව් වෙලා තියෙනවා යහපාලන රථගාය. පසුගිය ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ජනතාවගේ ප්‍රශ්න වලට වඩා තිබුණේ තමන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වා ගැනීමේ වුවමනාව. ජනාධිපතිතුමා බලයට පත් වුනාට පස්සේ අලුතින් වාහන ගන්න එක නතර කළා ජනතාව ජීවන වීයදමින් මිරිකිලා ඉද්දි සුඛෝපභෝගි වාහන ගන්න රථ ගායක් අපට නැහැ එදා යහපාලන ආණ්ඩුවේ ඇමතිකම් දරපු අද විපක්ෂ නායක සජිත් ඇතුළු පාර්ශවය අද හැසිරෙන්නේ හරියට සාමුවෙල්, ඇනස්ලි, බර්ටිගේ විනෝද සමය වගෙයි. ඒකටම දෙවැනි නෑ රතු අලි පැටව් ටිකත්.

    අපි මෙවර මහා මැතිවරණයේ දී තරග කරන්නේ මහින්ද මහත්තයව රටේ අගමැති කරන්න. එදා 2015 දී වුණු වැරැද්ද නිවැරිදි කර ගන්න මේ පාර තමයි අපිට අවස්ථාව හරියටම ලැබෙන්නේ. පසුගිය ජනාධිපතිවරණයේ දී අපි ඡන්දය දුන්නේ මහින්ද මහත්තයා වෙනුවෙන්. නමුත් මේ මහා මැතිවරණයේ දී අපි ඡන්දය දෙන්නේ මහින්ද මහතත්යට. මහින්ද මහත්තයාව ඉතිහාසයේ වැඩිම ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යවන්න අපිට අවශ්‍යයි. ඒ නිසා ගම්පහෙන් තරග කරන්න එන්න‘යි අපි එතුමාට ආරාධනය කළා. ඒ ආරාධනාව එතුමා තවම පිළිගෙන නෑ. එතුමා ගම්පහින් ආවොත් ඒක අපේ ජයග්‍රහණයක්.

    සමහරුන්ට අපි ඊලග මහ මැතිවරණයට තරග කරන ලකුණ ගැන ප්‍රශ්න කරනවා එදා  ශ්‍රිලනිපය අත අතෑරියා. දියවෙලා ම ගියා. එජාපය අලියා අතෑරියා දියවෙලාම ගියා. අපිට ඕන කෙනෙකුට එකතු වෙන්නත් පුළුවන් අපෙන් ඕන කෙනෙකුට යන්නත් පුළුවන්, ඕන කෙනෙකුට එන්නත් පුළුවන්. හැබැයි අන්තවාදීන්ට බෑ කවුරු ආවත් කවුරු ගියත් අපි ඉල්ලන්නේ පොහොට්ටුවෙන් විතරයි. පොහොට්ටුව අතහරින්න අපි ලෑස්ති නෑ. ඒක තමයි අපේ ජයග්‍රාහි ළකුණ.  ඒක තමයි ජනතාව ඉල්ලන ලකුණ.

    ඉදිරි මහා මැතිවරණයෙන් අපි තුනෙන් දෙකක බහුතර බලයක් අරගෙන රට නැවත ගොඩනගනවා. ගෝඨාභය – මහින්ද සුසංයෝගයට ඒකට අවශ්‍ය දැක්ම වැඩපිළිවෙලක් තියෙනවා. යහපාලනය කාලා වීනාශ කරපු රට ගොඩ නගන එක ලේසි නෑ. ඒත් අපි ඒකට ලෑස්තියි.

  • ප්‍රසන්න රණතුංගගේ මස් කිලෝවක් 750 යි ලු

    ප්‍රසන්න රණතුංගගේ මස් කිලෝවක් 750 යි ලු

    අපේ ගම්වල දුප්පත් මිනිස්සු කුකුල් මස් ටිකක් උයලා කටට රහට කෑම වේලක් කන්නේ සිංහල අවුරුද්ද වගේ උත්සව දවසකට විතරයි. හැබැයි අද බලන්න කුකුල් මස් කිලෝ එකක් රුපියල් 750ත් පැනලා. අල කිලෝ එකක් රුපියල් 150යි. ඇඳුම් පැළඳුම් ගත්තත් එහෙමයි. මිනිස්සුන්ට මේ උදා වෙලා තියෙන් කන්න නෙමෙයි ලෙවකන්න වෙන අවුරුද්දක් කියලා අපි කියන්නේ ඒකයි.

    මෙලෙස ප්‍රකාශ කර ඇත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංගය.

    කෙසේ වෙතත් ප්‍රසන්න රණතුංගගේ මස් කිලෝවක් රුපියල් 750 වුත් සාමාන්‍ය වෙළෙඳපොලේ කුකුල් මස් කිලෝව පැවතියේ රුපියල් 400 ත් රුපියල් 500 ත් අතරය. රජය විසින් පනවන ලද කුකුල් මස් කිලෝවක උපරිම සිල්ලර රුපියල් 420 කි. එවැනි තත්වයක් තුළ දේශපාලඥයෙකු වන ප්‍රසන්න රණතුංග වැන්නෙකු රුපියල් 750ක් දී කෑවේ කාගේ මස් දැයි සැකයක් උපදී.

    තම දේශපාලන වාසි උදෙසා මෙවැනි බොරු ගණන් හිලව් පවසමින් ජනතාව නොමඟ යැවීම පිළිකුල් සහගත ක්‍රියාවකි.