Tag: Ranil Wickramasinghe

  • අලියා V ‘හදවත: අලුත්ම තත්ත්වය මෙන්න

    අලියා V ‘හදවත: අලුත්ම තත්ත්වය මෙන්න

    එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක සහ වත්මන් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවනු ලැබූ ‘සමගි ජාතික බලවේගය’ මැතිවරණ කොමිසම විසින් පිළිගැනීමත් සමග සජිත් පාර්ශ්වය සහ රනිල් පාර්ශ්වය අතර බල අරගලය අතිෂය තියුණු වී තිබෙනවා.

    මැතිවරණ කොමිෂමේ වාර්තා අනුව සමගි ජාතික බලවේගයේ සභාපතිවරයා සජිත් පේ‍්‍රමදාස මහතා වන අතර එහි ලේකම්වරයා වන්නේ රංජිත් මද්දුමබණ්ඩාර මහතායි. පක්ෂයේ මධ්‍යම කාරක සභාව ද මේ වන විට නම් කර තිබෙනවා. පක්ෂ ලකුණ ලෙස ‘හදවත’ පිළිගෙන තිබෙනවා.

    සමගි ජනබලවේගය නිර්මාණය වූයේ ‘අපේ ජාතික පෙරමුණ’ යන දේශපාලන පක්ෂය පදනම් කරගෙන වන අතර එහි හිටපු සභාපතිවරයා වූයේ සේනක ද සිල්වා මහතායි. එහි ලේකම් ලෙස හිටපු පළාත් සභා මන්ත‍්‍රිනී ඩයනා ගමගේ කටයුතු කළා.

    සජිත්ට – රංජිත්ට විනය ක‍්‍රියාමාර්ග

    මැතිවරණ කොමිසම විසින් සමගි ජනබලවේගය දේශපාලන පක්ෂයක් වශයෙන් පිළිගැනීම සමග එහි නව සභාපතිවරයා වන සජිත් පේ‍්‍රමදාස මහතාට සහ මහ ලේකම්වරයා වන රංජිත් මද්දුමබණ්ඩාර මහතාට එරෙහිව කඩිනමින් විනය ක‍්‍රියාමාර්ග ගැනීමට එජාප නායකත්වය තීරණය කළ බවයි වාර්තා වන්නේ.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ එජාප ව්‍යවස්ථාව අනුව මහ මැතිවරණයට පක්ෂ නිල ලකුණ වන ‘අලියා’ ලකුණින් ඉවත් විය යුතු බවයි. ජනපතිවරණය සහ පළාත් සභා මැතිවරණයට එය අදාළ නොවන බව කී එජාප මහ ලේකම්වරයා මේ බව එජාප නායකයා විසින් පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එහි සාමාජිකයින්ට පෙන්වා දුන් බව ද සදහන් කළා.

    අජිත්ට පමණක් කෘත්‍යාධිකාරියේ දොර වැසේ

    මේ අතර පසුගිය දා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් නෙරපා හරින ලද සිවු දෙනා අතරින් (අජිත් පී. පෙරේරා, සරත් ෆොන්සේකා, ඉමිටියාස් බාකීර් මාකර් සහ රෝසි) අජිත් පී. පෙරේරා මහතාට හැර සෙසු තිදෙනාට යළි කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ලබා දීමට රනිල් වික‍්‍රමසිංහ මහතා සිය එකඟත්වය පළ කර තිබෙනවා.

    රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් එජාප නායකත්වයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම අනුමැතිය හිිමිවී ඇති අතර අජිත් පී. පෙරේරා මහතා පක්ෂ නායකත්වය අඛණ්ඩව විවේචනය කිරීම හා පක්ෂය දෙකඩ කිරීමට ඍජුව මැදිහත් වීම නිසා ඔහු එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ‘යළි’ වද්දා නොගන්නා බවයි එජාප නායකයා පවසා ඇත්තේ.

    අජිත් පී. පෙරේරා කියන කතාව

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අජිත් පී. පෙරේරා මහතා කියා සිටියේ මේ මොහොතේ තමාට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ‘එතරම්’ වැදගත් නොවන බවයි. රනිල් වික‍්‍රමසිංහ මහතා තවත් වසර පහක් එජාප නායකත්වයේ ‘එල්ලී සිටීමට සූදානම් බව ද එවැනි තත්ත්වයක් තුළ ‘විකල්ප’ පියවරක් ගැනීම අත්‍යවශ්‍ය බව ද ඔහු සදහන් කළා.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අජිත් පී. පෙරේරා මහතා කියා සිටියේ මේ මොහොතේ තමාට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ‘එතරම්’ වැදගත් නොවන බවයි. රනිල් වික‍්‍රමසිංහ මහතා තවත් වසර පහක් එජාප නායකත්වයේ ‘එල්ලී සිටීමට සූදානම් බව ද එවැනි තත්ත්වයක් තුළ ‘විකල්ප’ පියවරක් ගැනීම අත්‍යවශ්‍ය බව ද ඔහු සදහන් කළා.

  • අපේ ජාතික පෙරමුණේ සභාපතිත් රනිල්ලු

    අපේ ජාතික පෙරමුණේ සභාපතිත් රනිල්ලු

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේදී ‘අපේ ජාතික පෙරමුණ’ පක්ෂයේ සභාපතිධූරයට පත්ව තිබෙන බව එම පක්ෂට සමීප ආරංචි මාර්ග හෙළි කළා.

    ඒ අනුව අපේ ජාතික පෙරමුණ පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගිය 2019 වසරේ සැප්තැම්බර් මස 23 වැනිදින රැස්වී නව නිලධාරී මණ්ඩලයක් තෝරාගෙන තිබෙන අතර එහි සභාපතිධූරයට රනිල් වික්‍රමසිංහ සහ ලේකම් ධූරයට රාජිත සේනාරත්න යන මහත්වරු පත් කර ගෙන තිබෙන බව සදහන් වෙනවා.

    එම ආරංචි මාර්ග සදහන් කරන්නේ අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ වෙනස්කම් සඳහන් කරමින් මැතිවරණ කොමිසන් සභාවට යැවීමට සූදානම් කර ඇති ලිපියකටද රනිල් වික්‍රමසිංහ මහතා සභාපතිවරයා ලෙස අත්සන් යොදා ඇති බවයි.

    අදාළ ලිපියෙහි අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සභාපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ද, උප සභාපති ලෙස ආචාර්ය සේනක ද සිල්වා මහතා සහ ලේකම් ලෙස රාජිත සේනාරත්න මහතා ද පත්කර ගත්බවද සඳහන් කර තිබෙනවා.

    ඊට අමතරව උපලේකම් ධූරයට ඩයනා ගමගේ, පාලක ලේකම් ධූරයට ආර්ඒ.ගටීගඒ ගුණසේකර, ප්‍රචාරක ලේකම් එච්.පී. චන්ද්‍රිකා, මුදල් ලේකම් ධූරයට තුසිත කළුපහන, අධ්‍යාපන ලේකම් ධූරයට ඒගවීගජී ප්‍රියන්ත කුමාර සෙනෙවිරත්න, සංවිධායක ලේකම් ධූරයට අනෝජ් තෙන්නකෝන් යන මහත්ම මහත්මීහු පත්කර ගත්බව එම ලිපියෙහි සඳහන් වෙනවා.

  • මේ මාසයෙන් පසු පළාත් සභා ප‍්‍රා.සභාවලට මුදල් නැහැ

    මේ මාසයෙන් පසු පළාත් සභා ප‍්‍රා.සභාවලට මුදල් නැහැ

    පළාත් සභා, නගර සභා හා ප‍්‍රාදේශීය සභා පවත්වාගෙන යෑමට විපක්‍ෂයට සැබෑ වුවමනාවක් නොමැති නිසා පසුගිය 28 වැනිදා විපක්‍ෂය පාර්ලිමේන්තුවේදී පළාත් සභා හා පළාත් පාලන වැය ශීර්ෂයට විරුද්ධව ඡුන්දය පාවිච්චි කර එය පරාජයට පත්කළ බව පෙන්වා දුන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ නිසා අපේ‍්‍රල් මාසයෙන් පසු එම ආයතන පවත්වාගෙන යෑමට මුදල් නොමැති බව පෙරේදා (30) හම්බන්තොටදී පැවසීය. 

    පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට අයවැයෙන් මුදල් වෙන් කරන අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන වැය ශීර්ෂයට පක්‍ෂව ඡුන්දය ලබාදී එය සම්මත කර ගැනීමට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් ක‍්‍රියාකළ ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ඊට විරුද්ධව ඡුන්දය පාවිච්චි කරමින් තමන් විසින්ම තමන්ගේ නාසය කපාගෙන ඇති බව රනිල් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

    මෙම වැය ශීර්ෂය පරාජයට පත්කිරීම නිසා පළාත් සභා හා පළාත් පාලනවලට මෙන්ම ආණ්ඩුකාරවරුන්ගේ කටයුතු සඳහා ද මුදල් නොමැති බව අගමැතිවරයා පැවසීය.

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේ පෙරේදා (30 දා* වීරවිල පැවැති හම්බන්තොට දිස්ත‍්‍රික් ක‍්‍රීඩා සංකීර්ණයට මුල්ගල් තැබීමේ උත්සවයට එක්වෙමිනි.

    එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක හා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවයට එක්වීමට පෙර අගමැතිවරයා පෙරේදා පෙරවරුවේ හම්බන්තොට වරාය භූමියේ පිහිටුවා තිබෙන ලාෆ් ගෑස් සංකීර්ණය හා වරායේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳව නිලධාරීන් සමග සාකච්ඡුා කරමින් වරායේ නිරීක්‍ෂණ චාරිකාවකද නිරත විය. එම නිරීක්‍ෂණ චාරිකාවට අග‍්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රධානී, වරාය හා නාවික කටයුතු සහ දක්‍ෂිණ සංවර්ධන, අමාත්‍ය සාගල රත්නායක, වරාය අධිකාරියේ සභාපති කාවන් රත්නායක යන මහත්වරු සහ ලාෆ් ගෑස් ආයතනයේ හා වරාය අධිකාරියේ නිලධාරීහු රැුසක් සහභාගි වී සිටියහ.

    රුපියල් ලක්‍ෂ 3500 ක වියදමින් ඉදිකිරීමට යෝජිත හම්බන්තොට දිස්ත‍්‍රික් ක‍්‍රීඩා සංකීර්ණයට වීරවිලදී මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින් තවදුරටත් අදහස් දැක්වූ වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.

    පසුගිය 28 වැනිදා විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට අයවැයෙන් මුදල් වෙන් කෙරෙන යෝජනාව පරාජයට පත්කළා. මේ නිසා එම ආයතනවලට ලබාදීමට සතයක්වත් ඉතුරු වී නැහැ. විපක්‍ෂය මේ ආයතන සඳහා මුදල් එපා කියනවා නම් ආණ්ඩුවට කරන්න දෙයක් නැහැ.

    මේ ආයතනය සඳහා මුදල් වෙන් කර ඒවායෙහි කටයුතු ඉදිරියට ගෙන යෑම සඳහා වන යෝජනාවට පක්‍ෂව අපි පාර්ලිමේන්තුවේදී ඡුන්දය ලබාදුන්නා. නමුත් විපක්‍ෂය තමන්ගේ පළාත් පාලන ආයතනවලට මුදල් එපා කියමින් ඊට විරුද්ධ වූ නිසා ආණ්ඩුකාරවරුන්ට ද මුදල් ලබාදීමට හැකියාවක් නැහැ.

    කෙසේ වෙතත් ආණ්ඩුවට අවශ්‍ය ආයතනවලට ප‍්‍රාදේශීය ලේකම්වරුන් හරහා මුදල් ලබාදීමට අපි පියවර ගන්නවා. නමුත් අනෙක් ආයතනවලට හා ආණ්ඩුකාරවරුන්ට අපේ‍්‍රල් 30 වැනිදායින් පසු මුදල් ලබාදීමට හැකියාවක් නැති බව කිව යුතුයි.