Tag: United Nation Party

  • වසර ගණනාවක් හිටියා කියලා, අරයාගේ මෙයාගේ පුතා කියලා ජනාධිපති කමට සුදුස්සෙක් වෙන්නේ නෑ….

    වසර ගණනාවක් හිටියා කියලා, අරයාගේ මෙයාගේ පුතා කියලා ජනාධිපති කමට සුදුස්සෙක් වෙන්නේ නෑ….

    “මේ වෙද්දි රට තුළ පොදු අපේක්ෂකයෙක් ගැන කතාවක් පැතිරෙනවා. අපට අවශ්‍ය වන්නේ කයිවාරු කාරයින් නෙමෙයි. රටට ආදරය කරන, රටක් විදියට ඉදිරියට යන්න පුළුවන්, ජයග්‍රහණය කරන්න පුළුවන් කෙනෙක් තමයි අපි හොයන්නේ. වසර ගණනාවක් හිටියා කියලා, අරයාගේ මෙයාගේ පුතා කියලා, සුදුස්සෙක් වෙන්නේ නැහැ. රටට ආදරයක් තියෙන වැඩක් කරන්න පුළුවන් කෙනෙක් තෝරාගෙන එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් දිනන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇතිකළ යුතුයි. අද ජනතාවට දේශපාලනය තිත්ත වෙලා තියෙන්නේ. පාලක පක්ෂය පමණක් නෙමෙයි විපක්ෂයත් අද එකම බුරුසුවකින් පාට කරලා තියෙන්නේ. ඒ නිසා දැන් අපි අළුතින් සිතිය යුතුයි. වැඩ කරන්න බැරි අය කොහොමහරි එල්ලිලා ඉන්නවා. වැඩකරන අයව තමයි නැතිකරන්න හදන්නේ “යැයි විදුලිබල, බලශක්ති සහ වයාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලද්දේ, බන්ධනාගාරගතව වැඩසිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බැහැදැකීමට අද (22) පෙරවරුවේ බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදීය.

    මෙහිදී මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍ය කරුණානායක මහතා …,

    “අපි දන්නවා ඥාණසාර හිමියන් සම්බන්ධව ඇතිවී තිබෙන ගැටළුව. එම ගැටළුව නිරාකරණය කළයුතුයි. ඒ හිමියන්ට ලබාදී ඇති දඩුවම් සාධාරණද නැද්ද කියලා සිතා බැලිය යුතුයි. අසාධාරණ තත්ත්වයක් ඇති වුණොත්, මේ තිබෙන ගැටළුව තවත් බැරෑරුම් වෙනවා. අපි නිතරම සැබෑ තත්ත්වය තේරුම්ගෙන ක්‍රියාකළ යුතුයි. නමුත් සිද්ධ වෙන්නේ ඒක නෙමෙයි. ප්‍රශ්නය ආසන්නයේම තිබෙන වෙනත් කාරණයක් ඉලක්ක කරගෙන, ඒ සාධකයට ප්‍රශ්නයක් ඇතිකරගෙන දගලනවා. වැඩ කරන කෙනාට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා මේ රටේ. ඔවුන්ට වැඩ කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේකම තමයි මටත් ඇතිවෙලා තිබෙන ගැටළුව.

    අපි කොහොමද සමගිතාවයෙන් රටක් ඉදිරියට ගෙනයන්නේ, මේ ඛේදවාචකය නිමා කරලා කොහොමද ශ්‍රී ලංකා අනන්‍යතාවයක් ඇති කර න්නේ කියලා කතාකරන්නත් එක්ක තමයි අපි ඥාණසාර හිමියන් බලන්න ආවේ. අපේ මූලික පරමාර්ථය ත්‍රස්තවාදය නැති කිරීමයි. ඒ වෙනුවෙන් තරාතිරමක් නොබලා දඩුවම් කරන්න, ඒ සම්බන්ධයෙන් නායකත්වයක් දෙන්න තමයි අපට අවශ්‍ය වන්නේ. එහෙම නැතිව එක් පුද්ගලයෙක්ගෙ නමක් ඉදිරියට අරන්, ඒක වටේ වැටිලා, අනෙක් දේවල් වසන් කිරීම නෙමෙයි අපට අවශ්‍ය වන්නේ. මේ අවස්ථාවේදී යම් අය එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගේ නම් ඉදිරිපත් කරලා, මේ ප්‍රශ්නය නැති කරන්න පුළුවන් එතනින් කියලා කියනවා. අප කළ යුත්තේ තිබෙන ප්‍රශ්න උග්‍ර කිරීම නෙමෙයි. සාමාකාමී තත්ත්වයක් ඇති කිරීමයි අප කළ යුත්තේ. මෙවැනි ගැටළු නිරාකරණය කිරීමට තමයි තේරීම් කාරක සභාවක් පත් කරලා තිබෙන්නේ. මේ අවස්ථාවේදී අපි සැබෑ තත්ත්වය තේරුම් අරන් කටයුතු කිරීමයි. වැරදි කරන කිසිම කෙනෙක්ව අපි දේශපාලන වශයෙන් ආරක්ෂා කරන්නේ නැහැ. අපට අවශ්‍ය වන්නේ මේ කෲර ත්‍රස්තවාදය සහමුලින් ඉවත් කරලා දාන්නයි. 1971, 89 සිංහල ප්‍රශ්න ඇති වුණා. ඊට පස්සේ දෙමළ මුස්ලිම් ප්‍රශ්න ඇති වුණා. දැන් තවත් මොනවද මේ අහිංසක රටට ඇති කරන්න හදන්නේ. බහුතරයක සිත් අමනාපකම් ඇතිවෙලයි තිබෙන්නේ. මේ තත්ත්වය සුවපත් කරන්න ඕන. රට වැසියාට රට ගැන හැගීමක් ඇති කරන්නයි අවශ්‍ය වන්නේ.

    පාසල් දරුවන් එක්ක දේශපාලනයක් කළයුතු නැහැ. රැකවරණයක් දියයුත්තේ ආරක්ෂාවක් නැති අවස්ථාවකයි. පාසල් විවෘත කරන්න කියලා උපදෙස් දුන්නේ පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවයි. ඔවුන්ගේ උපදෙස් පරිදි කටයුතු කිරීමයි ආණ්ඩුවක් සතු කටයුත්ත. අද ජනතාව සිටින්නේ බයෙන්. අපි ඒ බය නැති කළ යුතුයි. සාමයක් ඇතිකළ යුතුයි. දේශපාලඥයෝ හැටියට අපි ඒ බය නැතිනොකළොත් කව්ද ඒක කරන්නේ. ගිනිතියෙන එක නැති කරලා, ගිනි නිවන්න අපි කටයුතු කළ යුතුයි.

    ලෝකයේ සැම රටකම මේ ත්‍රස්තවාදී ක්‍රියා සිදුවෙනවා. අපි ඒ පිළිබදව අවදියෙන් සිටිය යුතුයි. අපි යම් දේවල් දැක දැක නොදැක්ක වගේ ඉන්වා. ඒක තමයි අපි කරන අපරාධය. කිව්වම කිව්ව එකාට ගහනවා මිසක්, සිදුවූ දෙය හොයන්නේ නැහැ. ඒකතමයි අද තත්ත්වය. නමුත් ඒ දේවලි තමයි අපි හොයන්න බලන්න අවශ්‍ය වන්නේ. අන්තවාදය පරාජය කරලා, ත්‍රස්තවාදය නැති කරලා , එකමුතු භාවය ඇති කරමු. ජාතිවාදය, ආගම්වාදය, පක්ෂ දේශපාලනය පසෙක තබලා, ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඇති කරමු “යැයි පැවසීය.

  • ඡන්දය දීල දේශපාලනඥයෝ පත්කරගන්නෙ ජනතාවට සේවය කරන්න මිසක් දේශපාලනඥයාට සේවය කරන්න නෙමෙයි

    ඡන්දය දීල දේශපාලනඥයෝ පත්කරගන්නෙ ජනතාවට සේවය කරන්න මිසක් දේශපාලනඥයාට සේවය කරන්න නෙමෙයි

    කොළඹ පැවති උත්සවයක් අමතමින් අමාත්‍ය රවී කරුණනායක මහතා වත්මන් ආණ්ඩුව මේ යන ගමන්මග වෙනස් කර සැබෑ ආර්ථික වෙනසකට යා යුතු බව අවධාරණය කරන ලදී..

    එහිදී එතුමන්,

    “මේක තමයි රට හදන්න පුළුවන් අවස්ථාව.හැම දේශපාලන පක්ෂයක්ම මේ අවුරුදු හැත්තෑගාන තුල ගමන් කරල රට හැදීමට උදවු වෙනව වගේම රට නැත්තට නැති කිරීමටත් ලොකු දායකත්වයක් දීල තියෙනවා.එහෙනම් දැන් තමයි මේක හදන්න තියෙන වෙලාව.අපේ පක්ෂෙත් කතාකාරයො ගනනාවක් ඉන්නවා නමුත් වැඩකාරයෝ බොහොම අඩුයි.ඔබ තුමාද දේශපාලනඥයො පත්කරල එවන්නෙ ඔබතුමාලට සේවයක් කරන්න මිසක් දේශපාලනඥයින්ට සේවය කරන්න නෙමෙයි.මේ වෙනස ඇති කිරීම තමයි අවශ්‍ය වෙන්නේ.අපේ නායකයොන්ට තියෙන්නෙ රටේ ප්‍රශ්න වලට උත්තර දෙන එක… මෙතන තේ මිල අඩුවෙනකොට තේ ගස් ගලවන එක නෙමෙයි.. අපේ කෘෂිකර්ම පද්ධතියෙ 23% ආදායම සපයන රබර් මිල අඩුවෙනකොට රබර් ගස් ගලවල දාන එක නෙමෙයි … අපේ විරැකියා ප්‍රශ්නෙට උත්තර දෙනකොට උසනම් සිකුරුටි මිටිනම් කම්කරු කියන මේව නෙමෙයි… කොහොමද රැකී රක්ෂා ඇතිකරන්නෙ කොහොමද ආදායම් උත්පාදන ක්‍රම ඇති කරන්නේ… මට ගෙයක් නෑ කියල කිව්වම මෙන්න රු.100 ක් කියල දුන්නම ලක්ෂ ගානක ගෙයක් හදන්න පුළුවන්ද? මෙන්න මේව පරිවර්ථනය කරන්න ඕන එහෙම තමයි සැබෑ ආර්ථිකය ඇති කරන වෙනස ඇති කරන විදිහ…”

  • විදුලිබල ප්‍රධාන කාර්යාලය හදිසි නිරීක්ෂණයක

    විදුලිබල ප්‍රධාන කාර්යාලය හදිසි නිරීක්ෂණයක

    ලං.වි.ම. තුළ වියදම අඩු කරලා අලාභය නැති කිරීමේ වැඩපිළිවෙලකට අපි හැකි ඉක්මණින් යන්න ඕන. පාරිභෝගිකයා තමයි අපේ මූලික අරමුණ වියයුත්තේ. ඒ සංකල්පය මත පිහිටා අපි වැඩ කළ යුතුයි. පාරිභෝගිකයාට වඩාත් සමීපව කටයුතු කරන ආයතනයක් වශයෙන් ලංවිම පරිවර්ථනය කිරීම තමයි අපිට අවශ්‍ය වන්නේ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    ඒ මහතා මෙම අදහස් පළකළේ, ඊයේ (22) පෙරවරුවේ චිත්තම්පලන් ඒ ගාඩිනර් මාවත පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයීය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

    මෙම නිරීක්ෂණ චාරිකාවේදී අමාත්‍යවරයාගේ වැඩි අවධානයක් යොමු වූයේ ඇමතුම් මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳවය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ……

    “මේ මූලස්ථානයේ තියෙන අළුත්වැඩියා කිරීම් සහ නව ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු පුළුවන් තරම් ඉක්මන් කරන්න කියලා මම මේ අවස්ථාවේ අදාළ අංශයන්ට උපදෙස් දෙනවා. ඒ වගේම ලං.වි.ම. ඇමතුම් මධ්‍යස්ථානයේ වැඩකටයුතු වඩාත් කාර්යක්ෂමව සිදුකර, ඒ තුළින් පාරිභෝගිකයාට හැකිතාක් සමීපව සේවා සපයන ආයතනයක් බවට ලංවිම පත් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ සදහා දැනට තිබෙන පහසුකම් වලට අමතරව නවීන පහසුකම් සහිතව නවීකරණය කරන ලද ඇමතුම් මධ්‍යස්ථානය අප්‍රේල් 05 දින වනවිට විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යැයි පැවසීය.

    වසර ගණනාවකට පෙර නාරාහේන්පිට ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජිතවූ ලංවිම නව කාර්යාල පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු මේ වනතෙක් නිමාවී නොමැති බැවින්, එය සිදුකිරීමේ හැකියාව පිළිබදව සොයා බලා, හැකි ඉක්මණින් එම ඉදිකිරීම් ආරම්භ කළ යුතු බවත්, පාරිභෝගිකයාට ඵලදායි, කාර්යක්ෂම, ගුණාත්මක මෙන්ම අඛණ්ඩ විදුලි සේවාවක් සැපයීම වෙනුවෙන් ලං.වි.ම. කාර්ය මණ්ඩලයේද පහසුකම් සපුරා දියයුතු බැවින්, යෝජිත නව කාර්යාල පරිශ්‍රයේ ඉදිකිරීම් කඩිනම් කළයුතු බවත් අමාත්‍ය කරුණානායක මහතා පැවසීය.