USA Election 2020 : TikTok තීරණාත්මක මෙහෙයුමක !

USA Election 2020 : TikTok තීරණාත්මක මෙහෙයුමක !
Spread the love

ඇමෙරිකානු ෆෙඩරල් වාණිජ කොමිසම විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති රෙගුලාසි අනුව හාස්‍යෝත්පාදක නිර්මාණකරුවන් සිය නිර්මාණවලට දායකකර ගනු ලබන්නන්ට ගෙවීම් කරන ලද බව නිරන්තරයෙන් ම හඳුන්වා දී ඇති ‘කැප්ෂනයක්’ (caption) මගින් අනාවරණය කළ යුතුව ඇත

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නිර්මාණය කොට ‘ටික්ටොක්’ (TikTok) මෘදුකාංගය (app) මගින් පළකරණු ලැබ තිබුණ වීඩියෝපට ගණනාවක් ඉන් ඉවත්කරනු ලැබ ඇත. එම පියවර ගනු ලැබ තිබෙන්නේ එම වීඩියෝපට නිර්මාතෘවරුන් විසින් වාණිජ සමාගමක් විසින් තමන්ට මුදල් ගෙවන ලද බව අනාවරණය නොකොට ඒවා පළකර ඇති බව BBC ගවේෂණයක් මගින් පෙන්වාදීමෙන් අනතුරුවය.

‘Cardi B’ නම් ඇමෙරිකානු ගායිකාවගේ (rapper) ගැයුමක් සහිත ‘WAP’ ගීතයට ඇයගෙන් පණිවුඩයක් ලෙස මුසුකරන ලද “ඡන්දය පාවිච්චිකරන ලෙස” කියාසිටින ප්‍රකාශයක් මගින් මහජනයා ඡන්දය සඳහා ලියාපදිංචිවීමට යොමුකෙරෙන හාස්‍යය සහ උපහාසය ඇතුළත් අන්තර්ජාල වීඩියෝ නිර්මාණ වෙනුවෙන් ‘Bigtent Creative’ සමාගම මුදල් යොදවා තිබේ.

එසේ පතුරුවා හරිනු ලැබෙමින් ඇති ඇතැම් වීඩියෝ නිර්මාණ කිසිවකුට පක්ෂපාතී හෝ එරෙහිභාවයක් ප්‍රදර්ශනය නොකරයි.

එහෙත් ඒ අතරම ඇතැම් නිර්මාණවලින් ජනාධිපති ට්‍රම්ප් “ගෙදර යැවීම සඳහා ඡන්දය ප්‍රකාශ කරන” ලෙස ඉල්ලීමක් කරයි. එම නිර්මාණ වෙනුවෙන් ඔවුන්ට මුදල් ගෙවන ලද බවක් ඒවා නිර්මාණය කරන ලද පුද්ගලයන් විසින් අනාවරණය කරන්නේ නැත.

‘ටික්ටොක්’ මෘදුකාංගයේ අයිතිකරුවන් විසින් දේශපාලන ප්‍රචාරක දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා එය යොදාගනු ලැබීම තහනම් කරනු ලැබ ඇති අතර, මුදල් ගෙවා පළකරන දැන්වීම් ගැන හෙළිදරව්කරන ලෙස ඉල්ලීමක් කර ඇත. එහෙත් මුදල් ගෙවන ලද බව සඟවමින් පළකරනු ලැබ ඇති නිර්මාණ පිළිබඳව BBC කණ්ඩායම ටික්ටොක් මෘදුකාංග හිමිකරුවන් දැනුවත්කරනු ලැබීමෙන් පසු ඇතැම් නිර්මාණ ඉවත්කිරීමට ඔවුන් පියවර ගෙන ඇත. කෙසේවුවද, ඒ වනවිට එම ප්‍රචාරාත්මක නිර්මාණ ලක්ෂ සංඛ්‍යාත ‘ටික්ටොක්’ ගිණුම් හිමියන් විසින් නරඹනු ලැබ තිබුණි.

ඇමෙරිකානු ෆෙඩරල් වාණිජ කොමිසම විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති රෙගුලාසි අනුව හාස්‍යෝත්පාදක නිර්මාණකරුවන් සිය නිර්මාණවලට දායකකර ගනු ලබන්නන්ට ගෙවීම් කරන ලද බව නිරන්තරයෙන්ම හඳුන්වා දී ඇති ‘කැප්ෂනයක්’ (caption) මගින් අනාවරණය කළ යුතුව ඇත.

“මුදල් ගෙවන ලද හාස්‍යෝත්පාදක නිර්මාණවලට සම්බන්ධකර ගනු ලබන සමාජ මාධ්‍යජාලයේ ආකර්ෂණයක් සහිත බලපෑම් කළ හැකි පුද්ගලයන්ට එම රෙගුලාසි බල පැවැත්වෙනවා. සමාජ මාධ්‍යජාලයෙහි බලපෑම් සහගත පුද්ගලයන් සහ ඔවුන් යොදාගනු ලබන වෙළෙඳුන් ඇමෙරිකානු ෆෙඩරල් වාණිජ කොමිසම (FTC) විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති කොන්දේසි අනුව කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු තබනවා,” ටික්ටොක් සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය.

“ග්‍රාහකයන් ආකර්ෂණය කරගැනීමේ චේතනාවෙන් සමාජ මාධ්‍ය ජාලයේ පළකෙරෙන නිර්මාණවලට දායක වූවන්ට කරන ලද ගෙවීම් අනාවරණය කර නැත්නම් අපි එවැනි නිර්මාණ ඉවත්කිරීමට පියවර ගන්නවා. අපි ඒ ගැන අවධානයෙන් ඉන්නවා.”

ඇමෙරිකානු ජනාධිපතිවරණයට සති දෙකක පමණ කාලයක් තිබියදී තරුණ ඡන්දදායකයන් සඳහා ඇති තරඟය දරුණු මුහුණුවරක් ගෙන ඇත. පළමුවරට ඡන්දය දීමට නියමිත එම තරුණ ඡන්දදායක ප්‍රජාව ලියාපදිංචිය සඳහා යොමුකරනු ලැබීමේ ප්‍රයත්නය තියුණු මුහුණුවරක් ගනිමින් පවතී.

තමන් නරඹන ඇතැම් හාස්‍යෝත්පාදක නිර්මාණවල පෙනී සිටින ආකර්ශනීය චරිතවලට ගෙවීම් සිදුකරමින් ඔවුන් ඒවාට සහභාගි කරගෙන ඇති බවක් හෝ ඒ පිටුපස දේශපාලන අභිලාෂයක් ක්‍රියාත්මකවෙන බවක් දශ ලක්ෂ සංඛ්‍යාත තරුණ ‘ටික්ටොක්’ ග්‍රාහකයෝ නොදනිති.

ඉලක්කය නවක ඡන්දදායකයන්

ඉතා කුඩා ආරම්භයක් සහිත ‘Bigtent Creative’ සමාගම පණ ලබමින් විශාල ව්‍යාපාරයක් බවට පත්වුණේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය දිනාගැනීමට එක්සත් ජනපද සෙනේට් සභික එලිසබත් වොරන් (Elizabeth Warren) පෙරට පැමිණි මොහොතේ ඇය වෙනුවෙන් හාස්‍යෝත්පාදක නිර්මාණ සකස්කිරීමට අතගැසීමත් සමඟය. ඒ සමඟ එය කුඩා ව්‍යාපාරයක සිට මහා වාණිජ ව්‍යාපාරයක් බවට පත්විය. එම ව්‍යාපාරයේ ඊලඟ පියවර වී තිබෙන්නේ නොවැම්බර් ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ආකර්ෂණීය චරිත ඇතුළත්කොට නිර්මාණකරණයේ නිරතවීමය.

‘Bigtent Creative’ සමාගම පවසන හැටියට ඔවුන්ට ඩිමොක්‍රටික් පක්ෂයට සම්බන්ධ විවිධ සංවිධාන රැසකින් සහ ‘VoteSimple’, ‘PushBlack’ සහ ‘ProgressPop’ වැනි දේශපාලන පක්ෂයකට කෙලින්ම සම්බන්ධයක් නැති සංවිධානවලින් මුදල් සපයනු ලැබෙයි.

ඇමෙරිකානු ෆෙඩරල් මැතිවරණ කොමිසමේ නීති රෙගුලාසි අනුව ඡන්දය සඳහා මුදල්ගෙවා කරන ප්‍රචාරණය දේශපාලන ක්‍රියා ගණයට ඇතුළත් කරනු ලැබ නැත. එබැවින් ඒවා අනාවරණය කිරීමේ උවමනාවක් නැතත් දේශපාලන පක්ෂයකට අයත් නොවන දැන්වීම්වලට ඒවා අදාළ වෙයි.

‘Bigtent Creative’ ව්‍යාපාරයේ තර්කය වන්නේ තමන් විසින් මුදල් ගෙවනු ලැබ ඇති නිර්මාණ දේශපාලන ප්‍රචාරක දැන්වීම් ගණයට ඇතුළත් නොවන බවටය. එහෙත් තමන් මුදල් ගෙවනු ලැබ ඇති ඇතැම් නිර්මාණකරුවන් ඩොනල්ඩ් ට්‍රම්ප් එරෙහි නිර්මාණවලට දායක වී ඇති බවත් ‘Bigtent Creative’ ව්‍යාපාරය පිළිගනියි. එවැනි දේශපාලනමය දැන්වීම් පළකරනු ලැබීම කෙරෙහි ටික්ටොක් මෘදුකාංග හිමියන්ගේ අවධානය යොමුව ඇත.

Rapper Cardi B performing
Cardi Bගේ WAP ගීතය “ඡන්දය සඳහා ලියාපදිංචි වෙන” ලෙස ඉල්ලීමක් ද ඇතුළත් කරමින් යළි සකස්කරනු ලැබ ඇත

“දැන්වීම්කරණයට අදාළ නිර්වචනය සමඟ අපේ කාර්යභාරය අනුරූපවෙන්නේ නැහැ. අපට සම්බන්ධවෙන නිර්මාණකරුවන් ඩිජිටල් සංවිධායකයන් විධියට ඔවුන්ගේම නිර්මාණයක් සකස් කරනවා. ආදායමක් බලාපොරොත්තු නොවී කටයුතු කරන සංවිධායකයන් සහ මුදල් ගෙවනු ලබන ප්‍රචාරකයන් කටයුතු කරන ආකාරයට සමානව ඔවුන් දේශපාලන පක්ෂග්‍රාහී නොවන මට්ටමින් උපදෙස් දීමක් සිදුකරනවා,” Bigtent Creative ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී, ය්සියාඩ් ෆෙරේරාස් (Ysiad Ferreiras) පවසයි.

එහෙත් පළකරනු ලැබ ඇති වීඩියෝ ප්‍රචාරක පටවල දේශපාලන පක්ෂග්‍රාහීභාවය හෝ අපක්ෂපාතීභාවය නිතරම මෙන් අපැහැදිලිය. එහෙත් එම වීඩියෝපටවල කතෘත්වය ප්‍රදර්ශනය කිරීම තම උවමනාව වන හෙයින් ‘#ad’ සටහන එහි ඇතුළත් කරනු ලැබීම අතින් සිය හවුල්කරුවන් අධෛර්යය කරන බව Bigtent Creative සමාගම බීබීසියට ප්‍රකාශ කර ඇත.

වීඩියෝ පටවලින් දැක්වෙන්නේ මොනවාද?

අදාළ වීඩියෝ පට නරඹන විට ඒවායේ පෙනීසිටින්නන්ට ගෙවීම් සිදුකරන ලද බවක් හෝ එවැනි කිසිදු සමාගමක් සමඟ සම්බන්ධ බවට දැනීමක් ඇති නොවෙයි.

ඒවායේ පෙනීසිටින්නේ ඉතා ජනප්‍රිය නිර්මානකරුවන්ය. ඔවුහු රඟති. නැත්නම් ප්‍රහසනාත්මක ලෙස ආත්ම භාෂණයේ නිරතවෙති. ඒවා එම ජනප්‍රිය තරුවල වෙනත් ගැයුම් හෝ රඟදැක්වීම්වලට බෙහෙවින් සමාන වූ ඒවා වෙයි.

‘Bigtent Creative’ සමාගමේ එක් වීඩියෝ නිර්මාණ මාලාවක් දේශපාලන පක්ෂග්‍රාහීභාවයෙන් තොරව ඡන්දදායකයන් ලියාපදිංචි කරවීමේ සම්බන්ධතාවක් නංවාලීමට අන්‍යෝන්‍ය ලෙස ක්‍රියාත්මක වෙන ප්‍රධාන දහරාවේ ටික්ටොක් ගිණුම් ගණනාවකට සහයෝගය දී ඇත. එහෙත් “vote chain” නම් එම සම්බන්ධතා ජාලයේ ඇතැම් ග්‍රාහකයන් පහත දැක්වෙන ආකාරයේ “ට්‍රම්ප් විරෝධී පණිවුඩ” ඊට එක්කරනු ලැබ ඇත.

ට්‍රම්ප් ටික්ටොක් නැවත තහනම් කිරීමට උත්සාහ දරයිකරුණාකර ඔහුට එරෙහිව ඔබගේ ඡන්දය පාවිච්චි කරන්න

Screenshots from a TikTok 'voter chain'
Voter chains’ සංවිධානය ට්‍රම්ප් විරෝධී වීඩියෝපට ප්‍රචාරය කරමින් ඇත

Vote chain නම් එම සංවිධානය තවමත් ක්‍රියාත්මක මට්ටමෙහි පවතී. එහෙත් බීබීසිය විසින් ”ටික්ටොක්’ සංවිධායකයන්ට පෙන්වාදෙනු ලැබීමෙන් පසු ජනාධිපති ට්‍රම්ප් උපහාසයට ලක්කෙරෙන “angry Cheeto”,“orange Brussel sprout” වැනි නිර්මාණ මගින් සමාජමය මාර්ගෝපදේශන උල්ලංඝනය කෙරෙන හෙයින් ඒවා ඉවත්කරනු ලැබ ඇත.

බීබීසිය විසින් එකී ‘ටික්ටොක්’ නිර්මාණ කීපයක් පෙන්වාදුන් පසු ‘Bigtent Creative’ සමාගමේ සාමාජිකයෙක් අදහස් දක්වමින් කියාසිටියේ, එම වීඩියෝපට දේශපාලන පක්ෂමය නොවන මුදල් ආයෝජනයන් වන අතරම ට්‍රම්ප් විරෝධී ප්‍රකාශන ඊට ඇතුළත් නොවිය යුතු බවය.

‘Bigtent’ සමාගම විසින් අමුදල් ගෙවන ලද යටත් පිරිසෙන් එක් නිර්මාණකරුවෙක් බීබීසියට අදහස් දක්වමින්, එම වීඩියෝපටය වෙනුවෙන් තමන්ට මුදල් ගෙවන ලද බව සමාගම විසින් අනාවරණය කළ යුතුවීද? යන්න සම්බන්ධයෙන් තමන්ට සංඥාවක් වත් නොවූ බව සඳහන් කළේය.

තමන් මේවනවිට ඡන්දදායකයන් 25,000 ක් ලියාපදිංචි කරවීමට උදව් වී ඇති බව ‘Bigtent’ සමාගම පවසයි. ඔවුන්ගෙන් අඩක්ම ‘ටික්ටොක්’ ගිනුම් හිමියෝ වෙති. එම කාර්යය අතින් තමන් සෙසු සමජමාධ්‍ය ප්‍රචාරක අංශවලට වඩා ඉදිරියෙන් සිටින බවත් ‘Bigtent’ සමාගම කියා සිටියි.

දේශපාලන දැන්වීම් තහනම් නමුත් ‘ටික්ටොක්’ සමජමාධ්‍ය වේදිකාවේ දේශපාලනමය නිර්මාණ විශාල වශයෙන් දක්නට ඇත.

දේශපාලනය කෙරෙහි මුදලේ බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමුකරන පර්යේෂණ කණ්ඩායමක් වන ‘Center of Responsive Politics’ නම් සංවිධානයේ අනා මැසග්ලියා (Anna Massoglia) අදහස් දක්වමින්, ඩිජිටල් දැන්වීම් ප්‍රචාරයේ රෙගුලාසි අමතක කරනු ලැබීම සමාජමාධ්‍ය ජාලයට ව්‍යාප්ත වී ඇති ආකාරය එමගින් ඉස්මතු කෙරෙන බව කියා සිටියාය.

“වංචනික මට්ටමින් මෙය කොතෙක් දුරට සිදුවෙනවාද? කියල අපි දන්නේ නැහැ,” ඇය වැඩිදුරටත් සඳහන් කරන්නීය.

“ටික්ටොක් මෘදුකාංගය යොදා ගනිමින් දේශපාලන දැන්වීම් ප්‍රචාරයේ යෙදීම අතින් බලපැවැත්වෙන පුළුල් තහනමට අදාළ එක ප්‍රශ්නයක් වන්නේ මුදල් ගෙවනලද හවුල්කාරිත්වය හසුකර ගැනීම පහසු නොවීම. ඒවගේම එවැනි ක්‍රියා නිරීක්ෂණ ජාලය මගහැරලා සිදු කෙරෙනවා වෙන්න පුළුවන්.”

සාම්ප්‍රදායික දැන්වීම් ප්‍රචාරණය සමඟ බලනවිට අන්තර්ජාල දැන්වීම් අනාවරණය කර ගැනීම දුරවබෝධ වෙයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් මැතිවරණ කොමිසම අවසන්වරට රෙගුලාසි කෙටුම්පත්කරන ලද්දේ 2006 වසරේය. ඒ වනවිට එක්සත් ජනපදයේ අද ‘ටික්ටොක්’ පාවිච්චි කරන්නන්ගෙන් වැඩිදෙනකු මෙන්ම බොහෝ නිර්මාණකරුවන් ද ඉපදිලාවත් නැත.

Text copied by – bbc sandesaya