කණ්නාඩි දාන අයට කොවිඩ් අවදානම අඩු බව පර්යේෂණයකින් හෙළිවෙයි

කණ්නාඩි දාන අයට කොවිඩ් අවදානම අඩු බව පර්යේෂණයකින් හෙළිවෙයි
Spread the love

ගෝලීය වශයෙන් කොවිඩ් ව්‍යාප්තියේ සැලකිය යුතු අඩුවක් වාර්තා වුණත් එහි අවධානම තවම පහව ගොස් නැහැ. එනිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කිරීම අප කාගෙත් වගකීමක්.

මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වීම පිළිබදව පසුගිය දා ඉන්දීය පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකළ සොයා ගැනීමක් ගැන ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

ඉන්දීය වෛද්‍ය පර්යේෂකයින් කණ්ඩායමක් සිදුකළ පර්යේෂණයකදී සොයා ගෙන ඇත්තේ ඇස් කණ්ණාඩි පලඳින පුද්ගලයන්ට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වීමේ ප්‍රවණතාව ඉතා අඩු බවයි.

‘‘ කොවිඩ් ආසාදනය ගැන කියන විට දෙන ප්‍රමුඛ අවවාදයක් තමයි ඇස් ස්පර්ශ කිරීම නොකරන්න කියන එක. මොකද මේ වෛරසය ආසාදනය විය හැකි ප්‍රමුඛ ක්‍රමයක් තමයි ඇස් ස්පර්ශ කිරීම. ඇස් කණ්ණාඩි පලඳින පුද්ගලයන්ගේ ඇස්වලට වයිරස විෂබීජ යෑම අඩු වන අතර, කණ්ණාඩි පලඳින පුද්ගලයන් මුහුණ සහ ඇස් ස්පර්ශ කිරීම ද ඉතා අඩු යැයි සමීක්ෂණයේ දී අපට තහවුරු වුණා. ඒ නිසා තමයි ඇස් කණ්නාඩි පළදින පුද්ගලයින්ට මේ වෛරසය ආසාදනය වීම ඉතා අඩු වෙන්නේ. දීර්ඝ කාලයක් තිස්සේ ඇස් කණ්ණාඩි පලඳින පුද්ගලයන් මුහුණ අල්ලන්නේ ඉතා අඩුවෙන්. ඇස් අල්ලන්නේ අඩුවෙන්. එහෙයින් ඔවුන් වයිරසයෙන් ආරක්ෂා වෙනවා

මෙහිදී පර්යේෂකයින් සොයා ගෙන ඇත්තේ සෑම පුද්ගලයෙකුම පැයකට 23වරක් පමණ මුහුණ ස්පර්ශ කරන බවත්, තෙවරක් ඇස් ස්පර්ශ කරන බවයි.