දේශගුණ විපර්යාස අවම කිරීමේ සැලසුම්වලට ඉන්දියාවෙන් සහ චීනයෙන් දිගින් දිගටම බාධා

දේශගුණ විපර්යාස අවම කිරීමේ සැලසුම්වලට ඉන්දියාවෙන් සහ චීනයෙන් දිගින් දිගටම බාධා

දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රගතියක් ලබා ගැනීම සඳහා නිර්මාණය කරන ලද රැස්වීම් මාලාවකදී ප්‍රධාන ගෝලීය කාබන් විමෝචකයන් අතර තියුණු බෙදීම් මතු වී තිබෙන අතර ඉන්දියාව පොහොසත් ලෝකයේ කාබන් කැපීමේ සැලසුම් හෑල්ලුවට ලක් කරමින් දිගු කාලීන ශුද්ධ ශුන්‍ය ඉලක්ක long term net zero targets “අහසේ මාළිගා තැනීමක්” ලෙස නම් කළේය.

ඉන්දීය බලශක්ති ඇමතිවරයා කියා සිටියේ දුප්පත් ජාතීන්ට පොසිල ඉන්ධන දිගටම භාවිතා කිරීමට අවශ්‍ය බවත් ධනවත් රටවලට එය නතර කළ නොහැකි බවත්ය.

Loading...

මේ අතර චීනය එක්සත් රාජධානිය විසින් සංවිධානය කරන ලද දේශගුණික වැඩසටහකට සහභාගීවීම ප්‍රතික්ෂේප කර ඇත.

මේ වසරේ තීරණාත්මක දේශගුණික රැස්වීම නොවැම්බර් මාසයේ එක්සත් රාජධානියේ ග්ලාස්ගෝහිදී පැවැත්වීමට නියමිත අතර, ලෝක නායකයින්ගේ සහ ඔවුන්ගේ සාකච්ඡාකරුවන්ගේ සාර්ථක සමුළුවක් සහතික කිරීම සම්බන්ධයෙන් සභාපතිවරයා වන බ්‍රිතාන්‍යයට චෝදනා එල්ල වී තිබේ.

භයානක උෂ්ණත්වය ඉහළ යාමේ දොරටුව ලෙස දැන් සලකනු ලබන ගෝලීය උෂ්ණත්වය 1.5C යටතේ ඉහළ මට්ටමක තබා ගැනීමට හොඳ අවස්ථාවක් ලබා ගැනීම සඳහා කාබන් විමෝචනය 2050 වන විට ශුද්ධ ශුන්‍යයට/ Net zero ළඟා විය යුතුය.

ශුද්ධ ශුන්‍යයෙන් අදහස් වන්නේ කර්මාන්ත, ප්‍රවාහන හෝ වෙනත් ප්‍රභවයන් විසින් නිපදවන ඕනෑම හරිතාගාර වායු විමෝචනයක් වායුගෝලයෙන් සමාන ප්‍රමාණයක් ඉවත් කර සමතුලිත කිරීමයි.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජපානය සහ යුරෝපා සංගමය ඇතුළු ප්‍රධාන කාබන් නිපදවන රටවල් ගණනාවක් මෙම අදහසට අත්සන් තබා ඇත. පසුගිය සැප්තැම්බරයේදී චීනය කියා සිටියේ 2060දී තමන් ඊට අත්සන් තබන බවයි.  

ලොව සිව්වන විශාලතම විමෝචකයා වන ඉන්දියාව Net zero කණ්ඩායමට බැඳීමට උනන්දුවක් දක්වන බවක් නොපෙනේ. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (අයිඊඒ) විසින් සංවිධානය කරන ලද රැස්වීමකදී ඉන්දියාවේ විදුලිබල ඇමති රාජ් කුමාර් සිං පැවසුවේ “2060 හොඳයි. නමුත් එය ක්‍රියාත්මක කිරීම අසීරුයි” කියා ය.

“මම එය අමතන්න කැමතියි. නමුත් මට මෙය කීමට සිදුවීම ගැන කණගාටුයි. 2060දී කාබන් ශූන්‍ය කිරීම යනු අහස් මාළිකාවක් තැනීම පමණයි‘‘

මෙහිදී ඉන්දීය බලශක්ති ඇමතිවරයා ධනවත් රටවලට ඍජුව චෝදනා කිරීමට ද අමතක නොකළේය.

“ඒක පුද්ගල කාබන් විමෝචනය ලෝක සාමාන්‍ය මෙන් හතර පස් ගුණයක් හෝ 12 ගුණයක් වන රටවල් ධනවත් රටවල් අතර තිබේ. ප්‍රශ්නය වන්නේ ඒවා පහතට එන්නේ කවදාද යන්නයි. අපට අසන්නට ලැබෙන්නේ 2050 හෝ 2060 වන විට අපි කාබන් උදාසීන බවට පත්වනු ඇති බවයි. ඒත් 2060 යනු බොහෝ දුරින් පිහිටා ඇති කාලයක්. අද මිනිසුන් කාබන් විමෝචනය කරන වේගයෙන් කාබන් විමෝචනය වුවහොත් ලෝකය නොනැසී පවතිනු ඇත. එබැවින් ඉදිරි පස් වසර තුළ ඔබ කුමක් කරන්නද? ලෝකයට දැනගැනීමට අවශ්‍ය වන්නේ එයයි‘‘ ඉන්දීය බලශක්ති ඇමතිවරයා ධනවත් රටවලින් ප්‍රශ්න කළේය.

ඉන්දියානු ඇමති
රාජ් කුමාර් සිං මහතා ඉන්දියාවේ බලශක්ති අමාත්‍යවරයා වේ

සිසිං මහතා පෙන්වා දුන්නේ, ‘‘පොසිල ඉන්ධන බොහොමයක් දහනය කර ඇත්තේ ධනවත් රටවල් විසිනුයි. ඔවුන්ට දැන් අවශ්‍ය වී ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින රටවල් නැවැත්වීමයි – එය අසාධාරණයි‘‘

“සංවර්ධිත ලෝකය මේ වන විටත් කාබන් අවකාශයෙන් 80% ක් පමණ මුදාහැර තිබෙනවා. නමුත් අපි මිලියන 800ක ජනතාවකට විදුලිය ලබාදිය යුතුයි. ඒ නිසා ශුද්ධ ශුන්‍යයට යා යුතු යැයි අපට පැවසීම අසාධාරණයි. අපට ද සංවර්ධනය වීමේ අයිතිය තිබෙන අතර, අපට ද අවශ්‍ය වන්නේ උසස් ජීවන තත්වයක් ඇති කර ගැනීමටයි. එනිසා ඔබට එය නතර කළ නොහැකියි‘‘ ඉන්දිය බලශක්ති ඇමැතිවරයා වැඩි දුරටත් පැවසීය.

දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් “අන්‍යෝන්‍ය අවබෝධය සහ අන්‍යෝන්‍ය විශ්වාසය මත එකෙකු ලෙස වැඩ කිරීමට” තම රටට අවශ්‍ය බව චීනයේ අමාත්‍ය ෂැං ජියැන්හුවා පැවසීය.

කෙසේ වෙතත්, එක් අයෙකු ලෙස වැඩ කිරීමේ එම ආශාව එක්සත් රාජධානිය තරම් දුරට නොපැමිණි අතර, අවදානමට ලක්විය හැකි රටවල් සඳහා වන ප්‍රධාන දේශගුණික හා සංවර්ධන අමාත්‍ය රැස්වීමකට සහභාගී වන ලෙස එක්සත් රාජධානිය කළ ආරාධනය චීනය ප්‍රතික්ෂේප කළේය.

සූර්ය
ඉන්දියාව සූර්ය හා සුළං බලශක්ති ස්ථාපනයන්හි සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත

මානව හිමිකම් සම්බන්ධයෙන් චීනය සමඟ නිරන්තරයෙන් ඇති වන රාජ්‍ය තාන්ත්‍රික තර්ක දේශගුණික ක්ෂේත්‍රයට පැතිර යන බවට නිලධාරීන් අතර හැඟීමක් ඇති විය.

ඉන්දියාව සහ චීනය යන රටවල් දෙකම තමන් සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් ලෙස දකින අතර ධනවත් බටහිර ජාතීන්ට දේශගුණය සඳහා මූලිකත්වය ගත යුතු බවට යම් හැඟීමක් රඳවා ගැනීමට අවශ්‍යය.

සෑම රටකටම එකම කාබන් කැපීමේ සැලැස්මක් නොතිබෙනු ඇතැයි හිටපු ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පැවසීය, නමුත් සෑම කෙනෙකුටම තවත් බොහෝ දේ කිරීමට සිදුවනු ඇත.

“ඉදිරි වසර 10 තුළ අපට දේශගුණ විපර්යාස නොසලකා හැරිය නොහැකිය. විද්‍යාඥයන් පවසන පරිදි ඉදිරි වසර 10 තුළ අපට ප්‍රමාණවත් තරම් ක්‍රියා නොකළහොත් පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 මට්ටමේ තබා ගත නොහැකිය”ඔහු පැවසීය.

“එබැවින් මගේ ආයාචනය වන්නේ තනි තනි වශයෙන් පුද්ගලික න්‍යාය පත්‍රමත කල්පනා නොකර එකම ගෝලීය මිනිස් ප්‍රජාවක් ලෙස සලකා මෙම අභියෝගයට මුහුණ දෙන ලෙසයි‘ ජෝන් කේරී පැවසීය.

බී.බී.සී වාර්තාවකි

Loading...

Post Comment