අගමැතිගෙන් ‘යොහානිට කොළඹින් ඉඩමක්‘

අගමැතිගෙන් ‘යොහානිට කොළඹින් ඉඩමක්‘
Spread the love

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වාට කොළඹින් ඉඩමක් පිරිනැමීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

ඇය විසින් ගෝලීය සංගීත ක්ෂේත්‍රය තුළ දක්වන ලද දක්ෂතා අගයමින් මෙම පරිත්‍යාගය සිදුවනු ඇති බවයි එම වාර්තාව වැඩි දුරටත් පවසන්නේ.

ඒ අනුව බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 9ක ඉඩමක් රජයෙන් ත්‍යාගයක් ලෙස යොහානි වෙත පිරිනැමීමට නියමිත අතර එම යෝජනාව නුදුරේදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.