අභියාචනාධිකරණයට නව විනිසුරුවරයෙක්

අභියාචනාධිකරණයට නව විනිසුරුවරයෙක්
Spread the love

අභියාචනාධිකරණ නව විනිසුරුවරයෙකු ලෙස විකුම් අතුල කළුආරච්චි මහතා අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අභියාචනාධිකරණ විනිසුරු, දේවිකා අබේරත්න මහත්මිය විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා මෙම පත් කිරීම සිදු කර තිබේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන විකුම් අතුල කළුආරච්චි මහතා කොළඹ නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා නීතිඥ වෘත්තියට පිවිසියේය.

විකුම් අතුල කළුආරච්චි මහතාගේ වසර  33ක සේවා කාලයෙන් වසර 27ක් මහේස්ත්‍රාත්වරයෙකු, දිසා විනිසුරුවරයෙකු, අපරාධ මහාධිකරණයේ සහ සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබේ. ඒ මහතා මහාධිකරණයේ හිටපු ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරාය ද වේ.