ආණ්ඩුව සහල් මිල පාලන ගැසට් හකුලා ගනී: සහල් හා වී මිල පාලනය මෝල් හිමියන් අතට

ආණ්ඩුව සහල් මිල පාලන ගැසට් හකුලා ගනී: සහල් හා වී මිල පාලනය මෝල් හිමියන් අතට
Spread the love

ඊයේ (27) මධයම රාත්‍රියේ සිට සහල් මිල පාලනය කිරීමේ ගැසට් නිවේදන අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. සූම් තාක්ෂණය ඔස්සේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව සැප්තැම්බර් 02 දා උපරිම සහල් මිල නියම කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය දින 25කට පසුව අහෝසි කිරීම විශේෂත්වයකි.

සහල් සඳහා පාලන මිලක් පනවමින් ජනාධිපතිවරයා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ඉවත් කිරීමෙන් පසු සහල් සහ වී සඳහා මිල ගණන් මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් අද (28) දින පැවැත්වූ මාධ්‍ය හමුවකදී අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා විසින් ප්‍රකාශය පත් කළා.

ඒ අනුව සිල්ලර වෙළඳපොළේ නාඩු කිලෝවක් රුපියල් 115කටත් සම්බා කිලෝවක් රුපියල් 140කටත් කීරි සම්බා කිලෝවක් රුපියල් 165කටත් මිල නියම කර තිබෙන අතර ඉදිරියේදී නාඩු වී කිලෝවක් රුපියල් 62.50කටත් සම්බා වී කිලෝවක් රුපියල් 70කටත් කීරි සම්බා කිලෝවක් රුපියල් 80කටත් මිලදී ගැනීමට තීරණය කළ බව ද ඩඩ්ලි සිරිසේන මහතා වැඩිදුටත් පැවසුවා.

මේ අතර ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පොළොන්නරුව සේවාගම ප්‍රදේශයේදී මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් රජයෙන් ඉල්ලා සිටියේ නාඩු, සම්බා සහ කීරි සම්බා සදහා සිල්ලර මිලක් පනවා වහාම ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙසයි.

සහල් ආනයනය නොකර කැකුළු සහල් සඳහා රුපියල් 105ක්ද නාඩු සහල් කිලෝවක් සඳහා 130ක් ද කීරි සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 160ක උපරිම සිල්ලර මිලක් පනවා වහාම ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස එම සංගමයේ ලේකම් ඩබ්ලිව්.ඩී.කේ. මුදිත් පෙරේරා මහතා රජයෙන් ඉල්ලා සිටියා.

රජය රටින් සහල් මෙට්‍රික් ටෝන් ලක්ෂයක් ගෙන්වීමට සූදානම් ඊට ඩොලර් මිලයන හතිලියක් වැය වන බවත් එම සහල් තොගය ලංකාවේ සහල් පාරභෝගියකයන්ට ප්‍රමාණවත් වන්නේ සති දෙකකට පමණක් බව ද ඔහු වැඩි දුරටත් සදහන් කළා.