‘ආර්ථික මධ්‍යස්ථාන විවෘත කළොත් තවත් COVID- 19 රැල්ලක්’ – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

‘ආර්ථික මධ්‍යස්ථාන විවෘත කළොත් තවත් COVID- 19 රැල්ලක්’ – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර
Spread the love

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැනි ජනතාව බහුලව ගැවසෙන ස්ථාන මේ අවස්ථාවේදී විවෘත වුවහොත් රට පුරා සීග‍්‍රයෙන් කොවිඞ් පැතිරීමේ අවධානමක් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කළා.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අද (05) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක දීයි.

මෙහිදී සිය මතය තහවුරු කරමින් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා, ‘‘දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කියන්නේ දිවයිනේ විවිධ ප්‍ර දේශවලින් පැමිණෙන ජනතාව ගැවසෙන ස්ථානයක්. කොරෝනා ව්‍යාප්තියේ වේගවත්ම අවස්ථාවේදී ඒවා විවෘත වුවහොත් වයිරසය පැතිරීමේ අවදානම වැළැක්විය නොහැකියි. යම් ආකාරයකින් එවන් ස්ථානයක ආසාදිතයන් සිටියහොත් වෛරසය රට පුරාම පැතිරීමට ඉඩ කඩ වැඩියි“ යැයි ද පැවසීය.