ඉදිරියේදීත් අත්අඩංගුවට ගන්නවා නම් අපි ලෑස්තියි එකට මුහුණ දෙන්න – ලංකා ගුරු සේවා සංගමය

ඉදිරියේදීත් අත්අඩංගුවට ගන්නවා නම් අපි ලෑස්තියි එකට මුහුණ දෙන්න – ලංකා ගුරු සේවා සංගමය
Spread the love

ආණ්ඩුවේ තීන්දු වලට එරෙහිව සිදු කරනු ලබන විරෝධතාවයන්ට සම්බන්ධ වන පිරිස් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම් ඊට මුහුණ දීම සඳහා සූදානම් බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසයි.

ඔහු මේ අදහස් පළ කරනු ලැබූවේ අද (11) දින කැඳවා තිබූ ගුරු වෘත්තීය සමිති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. කොතලාවල පනතට එරෙහිව විරෝධතාවයට සම්බන්ධවූ වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිස් අධිකරණයෙන් ඇප ලබා දී තිබියදී දඬුවමක් සේ නිරෝධායනට යොමු කිරීමට විරෝධය පළකරමින් හෙට (12) දින සිට මාර්ග ගත ක්‍රමයට (online) සිදු කරනු ලබන ඉගැන්වීමේ කටයුතු වලින් ගුරුවරුන් ඉවත් වීමට ගත් තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බව එම මාධ්‍ය හමුවට සහභාගී වූ  ගුරු වෘත්තීය සමිති පවසනවා.

එම වෘත්තීය සමිති සදහන් කළේ විරෝධතාවයේ නිරත වූ සිය වෘත්තීය නියෝජිතයින් අනීතිකව රදවාගෙන සිටීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කළ බවයි. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, විදුහල්පති සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති 14ක් එක්ව සිටින බව ඔවුන් පවසයි.