ඉන්දීය විදේශ ඇමැතිගේ ශ්‍රී ලංකා සංචාරයේ සැබෑ අරමුණ ඉන්දීය මාධ්‍ය හෙළිකරයි

ඉන්දීය විදේශ ඇමැතිගේ ශ්‍රී ලංකා සංචාරයේ සැබෑ අරමුණ ඉන්දීය මාධ්‍ය හෙළිකරයි
Spread the love

මෙම සංචාරය මගින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට සහ කොවිඩ් ආශ්‍රිත බාධා වලට මුහුණ දීම සඳහා සහයෝගීතාව ඉහළ නැංවීමට අපේක්‍ෂා කෙරේ.

ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්රිංග්ලා (Harsh Vardhan Shringla) ඔක්තෝබර් මස 2-5 වනදා දක්වා සිදුකරන ශ්‍රී ලංකාවේ නිල සංචාරය ආරම්භ කළේය. මෙය විදේශීය ලේකම්වරයා ලෙස ඔහුගේ මංගල ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය ය. ඔහුගේ මෙම සංචාරයේදී අන්‍යෝන්‍ය රැඳියාව සහ අසල්වැසි රාජ්‍යයේ පුරවැසියන් කෙරෙහි නවදිල්ලියේ ප්‍රමුඛතාවය ‘අසල්වැසි පළමු ප්‍රතිපත්තිය’ මගින් පිළිබිඹු වේ.

‘පළමුව අසල්වැසි ප්‍රදේශය ’ ඉන්දිය ප්‍රතිපත්තිය

මාර්තු මාසයේ පැවති සම්මන්ත්‍රණයකදී ඉන්දීය විදේශ ලේකම් ෂ්‍රිංලා ප්‍රකාශ කොට තිබුනේ ඉන්දියාවේ ඉරණම එහි අසල්වැසි රාජ්‍ය සමඟ වෙන් කළ නොහැකි ලෙස සම්බන්ධ වී ඇති බවයි. ඔහු තර්‍ක කර තිබුණේ අසල්වැසි රාජ්‍යයන් නවදිල්ලියේ ප්‍රාථමික රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමය ලෙස පවතින අතර එහි විදේශ ප්‍රතිපත්ති ප්‍රමුඛතාවයන් අතර එය පළමුවෙන්ම විය යුතු බවයි.

මේ අනුව, ඔහුගේ සිව්දින ශ්‍රී ලංකා නිල සංචාරය නවදිල්ලියේ ‘අසල්වැසි ප්‍රදේශය’ යන දෘෂ්ටි කෝණයෙන් බැලිය යුතු බව ඉන්දියා නිවුස් නෙට්වර්ක් වාර්තා කරයි

ඔහුගේ සංචාරය තුළිදි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය, ද්වීපාර්ශ්වික ව්‍යාපෘති වල ප්‍රගතිය සහ කොවිඩ් ආශ්‍රිත බාධා වලට මුහුණ දීම සඳහා අඛණ්ඩ සෞඛ්‍ය සහයෝගීතාව යන අංශ කෙරෙහි අවධානය යොමු කිරීමට අපේක්ෂිත බැව් පැවසේ .

පසුගිය කාලය මුළුල්ලේම දෙරට අතර ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත්ව පවත්වාගෙන යන අතර රටවල් දෙකෙහිම අග්‍රාමාත්‍යවරුන් දෙපළගේ සහභාගිත්වයෙන් මාර්ගගත ක්‍රමයට 2020 දී පැවැත්වූ සමුළුව දෙරටේ ද්විපාර්ශික සබඳතා වල මුවහත් භාවයේ ඉහළම සලකුණකි.

ද්විපාර්ශ්වික සමුළුවේදී නායකයින් දෙදෙනාම ව්‍යාපාර සහයෝගීතාව සහ ඉන්දියාව විසින් මූල්‍යකරණය කරන ලද ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කර තිබේ.

සාර්ක්, බිම්ස්ටෙක්, අයෝරා(IORA) සහ එක්සත් ජාතීන්ගේ පද්ධතිය ඇතුළුව අන්‍යෝන්‍ය මැදිහත් වීමේ කලාපීය හා ජාත්‍යන්තර ගැටලු කෙරෙහි අවධානය යොමුකොට තිබුණි.

ඉන්දීය විදේශ කටයුතු ඇමති එස් ජයිශංකර් ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කොට තිබේ.

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීත්වය තවදුරටත් ශක්තිමත් වී ඇති බව ජයිශංකර් ප්‍රකාශ කළේය.

ඉන්දීය විදේශ කටයුතු ඇමති ජයිශංකර් පවසා තිබුණේ ‘අසල්වැසියා පළමුව’ යන්නට අනුකූලව යමින්, ‘වෛද්‍ය ආධාර’ මඟින් මාරාන්තික වෛරසය මර්දනය කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට ඉන්දියාව සහයෝගය දුන් බවයි.

ජයශංකර් දිවයිනට පැමිණීමෙන් පසු මාස කිහිපයක් තුළදී ඉන්දියාව විසින් නව දිල්ලියේ ‘එන්නත් මයිත්‍රි’ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නත් 500,000 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළේය.

අවශ්‍ය මොහොතේ ශ්‍රී ලංකාව සමග සිටි අසල්වැසියා ලෙස ඉන්දියාව, කොවිඩ් -19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා වෛද්‍ය ඔක්සිජන් සැපයුම් ශ්‍රී ලංකාවට සැපයිය.

කලාපයේ පළමු ප්‍රතිචාර දැක්වීමේ සම්ප්‍රදායට අනුකූලව, මැයි මාසයේදී ඉන්දියාව එම්වී එක්ස්ප්රෙස් පර්ල්(MV Xpress Pearl.) හි ඇතිවූ ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ එක්ව ඒකාබද්ධ ගිනි නිවීමේ හා සමුද්‍ර දූෂණ පාලන කටයුතු සිදු කළේය.

සූර්ය බලශක්ති ක්‍ෂේත්‍රයේ ව්‍යාපෘති සඳහා ඉන්දියාව විසින් ඩොලර් මිලියන 100 ක සහන ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත සපයා තිබුණි. ශ්‍රී ලංකාවේ සූර්‍ය බලශක්ති ක්‍ෂේත්‍රයේ විවිධ ව්‍යාපෘති සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට මෙම ණය සහනය උපකාරී වේ.

අසල්වැසියන් දෙදෙනා අතර පවතින දැඩි සබඳතා පිළිබිඹු කරමින් ඉන්දීය විදේශ කටයුතු ඇමති ජයිශංකර් පසුගිය මාසයේ නිව්යෝර්ක්හිදී ශ්‍රී ලංකා විදේශ ඇමති ජී.එල් පීරිස් හමුවී දෙරට අතර සමීප සබඳතා පුළුල් ගැනීම පිළිබඳව සාකච්ඡාවක් කළේය.

ඉන්දීය විදේශ ලේකම්ගේ ශ්‍රී ලංකා සංචාරයේ බලාපොරොත්තු.

සිව් දින නිල සංචාරය තුළදී විදේශ ලේකම් ෂ්‍රිංලා ශ්‍රී ලංකා විදේශ ලේකම්වරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවීමට නියමිතය.

ඔහුගේ වැඩ සටහනට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, විදේශ ඇමති පීරිස් සහ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ හමුවක් ද ඇතුළත් ය.

ඔහු ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ මහනුවර, ත්‍රිකුණාමලය සහ යාපනයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වේ යයි ඉන්දියා නිවුස් නෙට්වර්ක් වාර්තා කරයි.

ඉන්දියාවේ ඩොලර් බිලියන 3.5 ක සමස්ත උපකාර තුළින්, ශ්‍රී ලංකාවේ දැනට කෙරෙන ද්විපාර්ශ්වික ව්‍යාපෘති වල ප්‍රගතිය සමාලෝචනය කිරීමට ඔහු අපේක්ෂා කරයි.

යුද්ධයෙන් පීඩාවට පත් වූ ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් සහ වතුකරයේ වතු කම්කරුවන් ඉන්දියාවේ ඩොලර් මිලියන 270 ක ප්‍රදානයකින් ඉදිකරන නිවාස 50,000 ක ඉදිකිරීම් පරික්ෂා කිරීමට ඉන්දීය විදේශ ලේකම්වරයා බලාපොරොත්තු වේ. මෙම නිවාස ව්‍යාපෘතියේ කොටසක් වන ගාල්ල වලහන්දූව වත්ත අයත් වේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2017 දී ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළ යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් වල තත්වය සහ මහනුවර හා ත්‍රිකුණාමලයේ වෙනත් ව්‍යාපෘති පිළිබඳව ඔහු දිවයිනේ පළාත්වල කරන සංචාරයේදී නිරීක්ෂණය කිරීමට නියමිතය.

සමස්තයක් වශයෙන් ගත් කල, ඉන්දීය විදේශ ලේකම් ෂ්‍රින්ග්ලාගේ සංචාරය මඟින් ව්‍යාපෘති අර්ථවත් ලෙස ක්‍රියාත්මක කිරීම ඇතුළුව ද්විපාර්ශ්වික සබඳතා සවි බල ගැන්වීම සඳහා අඩිතාලම දමනු ඇත. නුදුරු අනාගතයේ දී තවත් ද්විපාර්ශ්වික සමුළුවක් සඳහා ද එය මඟ පාදනු ඇති අතර එමඟින් දේශපාලන සබඳතා නව උච්චතම අවස්ථාවකට ගෙන යනු ඇත.

ඉහළ ඡායාරූපය –  ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා අද (03) දහවල් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණ නිරීක්ෂණය කිරීමට පැමිණ තිබේ.

indianewsnetwork