කොවිඩ් ආසාදිතව මියගිය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික වෛද්‍යවරයා වූ එලියන්ත වයිට් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) බොරැල්ල ආදාහනාගාරයේදී ආගමික චාර්ත්‍ර සහ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලක සති ගණනක් ප්‍රතිකාර ලබමින් සිටි ඒලියන්ත වයිට් මහතා ඊයේ සවස මිය ගියේය.
ආධ්‍යත්මික ශක්තියෙන් නැතහොත් විශ්ව ශක්තියෙන් රෝග සුවකරන්නෙකු බවට ප්‍රභූන් සහ ධනවතුන් අතර කීර්තියක් දිනා සිිටි වයිට් මහතා මේ ආකාරයෙන් කොවිඩ් ආසාදිතව සහ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යාම ගැන සමාජය තුළ විවිධ මත නිර්මාණය වී තිබේ.
එසේම කොවිඩ් ආසාදිතව මියගිය සාමාන්‍ය පුද්ගලයින්ගේ සිරුර භූමිදානය කරන ආකාරයට වඩා වෙනස් ආකාරයකට වයිට් මහතාගේ ආදානහනය සිදු කිරීමට ගැන ද සමාජමාධ්‍ය තුළ බලවත් කැළඹීමක් හා විවේචනයක් ඇතිව තිබේ.
‘‘මේ සැලකිල්ල හා තත්ත්වය කොවිඩ් ආසාදිතව මිය යන සාමාන්‍ය පුද්ගලයෙකුට තිබෙනවාද ? ඇයි ප්‍රභූන්ට විතරක් එක නීතියක්‘ යැයි බොහෝ දෙනෙක් ප්‍රශ්න කර තිබුණි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.dailymirror.lk/assets/uploads/image_4a6a4d2a68.jpeg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.dailymirror.lk/assets/uploads/image_04f06d4180.jpeg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.dailymirror.lk/assets/uploads/image_372574117a.jpeg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.dailymirror.lk/assets/uploads/image_0d8f9abe62.jpeg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.dailymirror.lk/assets/uploads/image_c9c9b79399.jpeg)
ඡායාරූප ‘ඩේලි මිරර් වෙබ් අඩවියෙනි.