කතරගම අර්බුදයේ සත්‍ය කතාව ! ගවේෂණාත්මක හෙලිදරව්ව-01

කතරගම අර්බුදයේ සත්‍ය කතාව ! ගවේෂණාත්මක හෙලිදරව්ව-01
Spread the love

පසුගිය කාල වකවානුවේ කතරගම දේවාලය සම්බන්ධ පුවත් මැවූ සිද්ධි දාමයක් මාධ්‍ය කරලියේ උණුසුම් පුවත් බවට පත් විය. ලොව්තුරා ශ්‍රී ගෞතම බුදුරජාණන්වහන්සේ ගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර ආශිර්වාදය ලත් ලක්ෂ සංඛාත සිංහල – ද්‍රවිඩ බෞද්ධ – හින්දු බැතිමතුන් ගේ ශුද්ධ වූ පූජනීය ස්ථානය වන කතරගම පිලිබදව මාධ්‍යයෙන් හුදී ජනතාවගේ අවධානය ට ලක් කලේ එහි සිදු වූ අක්‍රමිකතාවයක් ගැන පමණි. එහෙත් ඊට ඔබ්බෙන් සැගවුණු ක්‍රියාදාමයන් බොහෝමයකි.

රන් තැටියක් අස්ථාන ගත වීමක් සම්බන්ධ අක්‍රමිකතාවයක් කතරගමින් මතුවන්නේ ඊට පෙර සිදු වූ දැවැන්ත සිද්ධි දාමයක ප්‍රතිඵලයක් ලෙස බව දැන් දැන් සාක්ෂි සහිතව සනාථ වී තිබේ.

එනම්, වසර 50 කට ආසන්න කාලයක් කදිර දේවරාජයාණන් වහන්සේගේ ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ ” ගිණි පෑගීමේ ” චාරිත්‍රය පවත්වන ස්ථානය දේව සම්ප්‍රදාය කඩ කරමින් වෙනස් කිරීමට කටයුතු කිරීමයි.*

*2022 වසරේ කතරගම මහා මංගල්‍යයේ දී වත්මන් බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර විසින් හදිසියේ ඉතාම කූඨ හා ප්‍රයෝගකාරී ලෙස දේවරාජයාණන් වහන්සේගේ සාම්ප්‍රදායික ගිණි පෑගීමේ චාරිත්‍ර ස්ථානය වෙනස් කරයි !*

එනම් මහා දේවාල වාහල්කඩ ඉදිරිපස අතීතයේ සිට ගිණි පෑගූ ස්ථානය, ඊට මීටර් 150ක් පමණ දුර වල්ලී මාතා දේවාලය සමීපයට ගෙන ගොස් ගිණි පෑගීම සිදුකරමිනි.

අනපේක්ෂිත ලෙස සිදු වූ මේ දේව සාම්ප්‍රදාය කඩ කිරීමට කපු මහත්වරු පමණක් නොව , පමණක් නොව ලක්ෂ අධික ශුද්ධ වූ සිංහල ද්‍රවිඩ බැතිබතුන්, මාස ගණනක දැඩි දුෂ්කර ගමනින් පාද යාත්‍රාවන් පැමිණි උතුර නැගෙනහිර ආඩි වේල් බැතිමතුන් සහිත ජන ගංගාව ඉමහත් කලකිරීමටත් උරණවීමටත් පත්විය. ඊට මහා දේවාලයේ ඓතිහාසික සාම්ප්‍රදාය සුරැකි සියල්ලෝ දැඩි ලෙස විරුද්ධ විය. මෙය නියත දේව කෝපය හිමිවන්නක් බව ඔවුන් පෙන්වා දී ඇත. මීට බස්නායක නිලමේවරයා දක්වා ඇත්තේ, ඉතාම මෑතකදී ඉදිකල අභිනාවාරාමය නම් පන්සලේ චෛත්‍ය වෙත ගිණි පෑගීමේන් හානිවිය හැකි නිසා එම ස්ථානය වෙනස් කල බවයි. එය මහා හතරබීරී කතාවක් බව සියල්ලන්ට ප්‍රත්‍යක්ෂ වන්නකි. හේතුව නම් එහි දේවාලය ඉදිරිපිට 1990 ට පෙර වූයේ පර්චස් 10 පමණ ප්‍රමාණයේ පිහිටි කුඩා පන්සලකි. එයත් පුරාණ පන්සලක් නොව අතීතයේ දී කපු මහතුන් විසින් කතරගම ආයුපාල හාමුදුරුවන්ට තාවකාලිකව වැඩ සිටීමට පහසුකම් සලසන ලද මහා කපුරාළගේ නිල නිවසකි. පසුව බුදු කුටියක් හා දේවාල දෙකක් එහි ඉදි කරන ලදී. මේ කුඩා පන්සල වත්මන් නායක හිමියන් භාවිතා කොට ඇත. පසුකාලීනව එහි බිම් ප්‍රදේශය ව්‍යාප්ත කරමින් ගොඩනැගීම් කර ඇත. එකල ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා මෙය දැක 1990 දී මෙම හාමුදුරුවන් අමතා මෙම පන්සල සම්පූර්ණයෙන්ම පුරාවිද්‍යා නිර්ණායක හා භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිර්ණායක සියල්ලටම විරුද්ධ ගොඩනැගිල්ලක් බවත්, එය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉතාම කරුණාවෙන් එම ස්ථානයෙන් ඉවත් කල යුතු බවත් දන්වා එයින් ඉවත් කර ඇත. නමුත් ඒ සදහා ප්‍රේමදාස ජනපතිතුමා විසින් නගර මධ්‍යයේ සුඛෝපභෝගී විහාර සංකීර්ණයක් ඉදිකර දී එම ස්වාමීන්වහන්ස් හට එය පූජා කර ඇත. අවාසනාවන්ත ලෙස ජනාධිපති ප්‍රේමදාස මහතා හදිසියේ අභාවප්‍රාප්ත වූ අතර මින් අවස්ථාව ලද මෙම ස්වාමීන්වහන්ස් නගර මධ්‍යයේ විහාරය සේම දේවාල භූමියේ පෙර පැවති විහාර ගොඩනැගිල්ලද යලි අත් පත් කරගන එහි වැඩ වාසය කර ඇත.

අද මෙහි සත්‍ය තත්වය නම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ හා ඔහුගේ සමීප නෑයෙකු වන බස්නාහිර නිලමේ ඩිෂාන්ගේ බලය ලබාගෙන මෙම පන්සල මැණික් ගගේ ඉවුර පවා ආක්‍රමණය කර තිබීමයි. පර්චස් 10 තිබූ පන්සල අක්කරයක පමණ ව්‍යාප්ත කර ඇත. දුඛ්ඛිත ම කරුණ නම් මහා දේවාලයේ දේවරාජයාණන් වහන්සේගේ සිංහාසනය ට පවා ඉහලින් තට්ටු 3කට විහාරය සාදා එම ඉහල මහල් වල හාමුදුරුවනේ ගේ විවිධ සේවාවන් සිදු කරන පවුලේ නෑයන් පවා ලැගුම් ගැනීමය. එය ඇසි දිසි සනාථ සත්‍යකි !

යටකී චෛත්‍යය පුරාවිද්‍යාව හෝ භෞතික සැලසුම් නීති තඹයකටදු මායිම් නොකර ගිණි පෑගීමේ ස්ථානයටම යාබද වන්නට ගොඩනංවන්නේ අභිනාවාරාමයේ නායක හාමුදුරුවන් විසින් 2022 වසරේදීය. කතරගම කිරි වෙහෙර වහන්සේ පූජනීයව වැඩ වසද්දී මහා දේවාලය ඉදිරිපිට දුටුගැමුණු සෑය නමින් සෑයක් හදන්නේ කතරගම කිරිවෙහෙරට ලැබෙන පුද පඬුරු හා වරප්‍රසාදයන් වලට බැදුණු අධික තණ්හාවත් කිරිවෙහෙරේ හාමුදුරුවන්⁣ට ඇති බලය උපක්‍රමිකව තමන් වෙතද ලබා ගැනීමේ අරමුණෙන්ය.

දැන් අභිනවාරාමයේ හාමුදුරුවන් පවසන්නේ නව චෛත්‍යය වෙත හානිවන බැවින් දේවරාජයාණන් වහන්සේගේ සාම්ප්‍රදායික ගිණිපෑගීමේ චාරිත්‍රය පවත්වන ස්ථානය වෙනස් කල යුතු බවයි !

2022 දී ඉතාම කූඨ හා අනපේක්ෂිත අයුරින් බස්නායක නිලමේවරයා විසින් ගිණි පෑගීමේ ස්ථානය හදිසියේම වෙනස් කලද, ඉන්පසු 2023 වසරේ ඇසල මහා මංගල්‍යයේදී සාම්ප්‍රදායික ලෙස අතීතයේ සිටම ගිණිපෑගීමේ ස්ථානයේම ගිණි පෑගීම සිදුකිරීමට දහස් සංඛාත ශුද්ධ බැතිමතුන්, කපු මහත්වරුන් දැඩි මතකය සිටියෝය. සාම්ප්‍රදායික ගිණි පෑගීමේ ස්ථානය වෙත දර ගෙන එන ලදී. මෙහිදී බස්නායක නිලමේවරයා හා ස්වාමීන්වහන්ස් මෙහි පැමිණේ. බස්නායක නිලමේවරයා පැමිණෙන්නේ පෞද්ගලික ආරක්ෂකයන්ද පිරිවරාගනය. මෙහි පැමිණෙන නිලමේවරයා කියා සිටින්නේ, ගිණිපෑගීම වහාම සාම්ප්‍රදායික ස්ථානයෙන් ඉවත් කල යුතු බවත් වහාම ගිණි පෑගීම මෙම ස්ථානයෙන් මෙවරද ඉවත් කර වල්ලි මාතා දේවාලය දෙසට ගෙනගිය යුතු බවයි. මෙය මහා අයුක්තිසහගත කුමන්ත්‍රණයක් බව පැමිණ සිටි සියලුම බැතිමතුන් දෝෂාරෝපණය කර සිය විරෝධතාවය දක්වා ඇත. එහිදී නිලමේවරයා රාළහාමි නම් ප්‍රධාන කපු මහතෙකු හා සියලුම කපු මහත්වරුන්ට ද ඊට රැස්ව සිටි පිරිසටද උරණ වී බැණ වැදී ඇත. එයින් උරණවූ දෙපිරිස අතර බහින් බස් වී ගැටුමක් ඇති වී එය පහරදීමක් දක්වා දුර දිග ගොස් තිබේ. ඉන්පසු සියලු බැතිමතුන් එක්ව සාම්ප්‍රදායික ව ගිණි පෑගීමේ ස්ථායේම 2023 වසරේ ගිණි පෑගීමේ චාරිත්‍රය සිදුකරනු ලබයි ! එයින් අනවසරයෙන් හා අලුතින් ඉදිකල චෛත්‍යය ට කිසිදු ආකාරයේ හානියක් ද සිදු නොවීණි.

(මේ අවස්ථාවේ පෞද්ගලික ආරක්ෂකයන් වට කොට ගත් නිලමේවරයාගේ අයුක්ති සහගත හැසිරීමත් කල කී දෑ හා ඇති වූ ගැටුම සම්පූර්ණයෙන් පුද්ගලයෙකු වීඩියෝ ගත කර YouTube සමාජ මාධ්‍යයේ පල කර තිබේ)