ඊයේ (10) දින කොවිඩ් ආසාදිත මරණ 124ක් සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (11) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.
මියගිය පුද්ගලයින්ගෙන් 95 දෙනකු වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් වන අතර එක් අයෙක් වයස අවුරුදු 30ට අඩු අයෙකි. මියගිය පුද්ගලයින් අතර පිරිමින් 75 දෙනකු සහ කාන්තාවන් 49 දෙනකු සිටී