කොවිඩ් මරණ 66ක් සහ නව ආසාදිතයින් 2329ක්

කොවිඩ් මරණ 66ක් සහ නව ආසාදිතයින් 2329ක්
Spread the love

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 2329 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 304,151ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද (29) දිනය තුළ කොවිඩ් මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,324ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (28) සිදුව ඇති එම කොවිඩ් මරණ 66න් 41 දෙනකු පිරිමින් වන අතර 25 දෙනෙකු කාන්තාවන් වේ.

මියගිය පුද්ගලයින්ගෙන් 46 දෙනකු වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් වන අතර 17 දෙනෙක් අවුරුදු 30 – 59ක් අතර පුද්ගලයින් බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.