කොවිඩ් මර්දනයට ‘පොලිසියට’ තවත් බලතල

කොවිඩ් මර්දනයට ‘පොලිසියට’ තවත් බලතල
Spread the love

පසුගිය දා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද කොවිඩ්-19 මර්දන නව සෞඛ්‍ය නිර්ණායකවලට අනුව ක්‍රියාත්මක වීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත පොලිස් මූලස්ථානය විසින් නව චක්‍රලේඛ දෙකක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

නව චක්‍ර ලේඛවල අන්තර්ගතය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය නිර්ණායක වලට අනුව ගෘහස්ත උත්සව, වෙරළ සාද, එළිමහන් උත්සව, සම්මන්ත්‍රණ, සැණකෙළි සංගීත සංදර්ශන, පැවැත්වීමට ඇති හැකියාව වළක්වමින් සහ සෞඛ්‍ය උපමාන අනුව පොදු ප්‍රවාහන සහ සෙසු ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් චක්‍රලේඛ දෙක නිකුත් කර තිබෙන බවයි.  

පොදු ප්‍රවාහන සේවයේදී ආසන ගණනට පමණක් මගීන් රැගෙන යා හැකි අතර මෝටර් රථ, ත්‍රී රෝද රථවල ගමන් ගැනීමට හැකිවන්නේ රියදුරු සමඟ තවත් දෙදෙනෙකුට පමණක් බවත් එම සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන්නේද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා බලතල පොලිස් ස්ථාන වෙත ලබා දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සදහන් කළා.