කොවිෂීල්ඩ් දෙවන මත්‍රාව: සෞඛ්‍ය අමාත්‍යාංශය දෙලොවක් අතර තනිවෙලා

කොවිෂීල්ඩ් දෙවන මත්‍රාව: සෞඛ්‍ය අමාත්‍යාංශය දෙලොවක් අතර තනිවෙලා
Spread the love

කොවිෂීල්ඩ්  එන්නත හේතුවෙන් ඇතිවන අතුරු ආබාධ පිළිබඳව ලොව පුරා තීන්දු  ගනිමින් සිටියදී, එක් මාත්‍රාවක් පමණක් අයාලේ විද, දෙවන මාත්‍රාව සොයාගත නොහැකිව සිටින ශ්‍රී ලංකාව, එන්නතෙහි සංකූලතා පිළිබඳව කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති තත්ත්වයකට පත්ව සිටින බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි.

අද (18) දින එම සංගමය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් වේ.

එහි වැඩි දුරටත් මෙසේ ද සදහන් වේ.

‘‘ශ්‍රී ලංකාව තුළ ද රුධිර කැටි ගැසීම පිළිබදව  සැකසහිත මරණ සිදුවී ඇති නමුත්, ඒවා එන්නත හේතුවෙන් සිදු වූයේද යන්න හෝ එසේ නොවන්නේ ද යන්න පිළිබඳව තහවුරු කිරීමට හැකියාවක් නැති බවත් පසු එන්නත් කරණය පිළිබඳව කිසිදු පර්‍යේෂණයක් හෝ  අවම තරමින් ජාතික මට්ටමේ සායනික තොරතොරු පිළිබඳව විමසිලිමත්වන කමිටුවක් පවා මෙතෙක් පත් කර නැහැ.

️එන්නත්වේදය පිළිබඳව විශේෂඥ හැකියාව ඇති වෘත්තිකයන් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ නැහැ. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ එන්නත්වේදී තනතුරට ක්ෂුද්‍රජීවීවේදියෙකු පත්කර එන්නත් වේදය පිළිබඳ අඳුරේ අතපත ගෑම වෙනුවට විශේෂඥ හැකියාව ඇති වෘත්තිකයකු සෞඛ්‍ය අමාත්‍යාංශයට පිටතින් හෝ විදේශයකින් හෝ බඳවා ගනිමින්, එන්නත්කරණයේ පසු තත්ත්වයන් පිළිබඳව ජාතික මට්ටමේ පර්යේෂණ වහා ඇරඹිය යුතුයි.

️එන්නත මත පමණක් පදනම් නොවෙමින්, කොවිඩ් පාලනය සිදු කල රටවල් ගණනාවක්, කෝවිඩ් පාලනයේ ඉදිරි රටවල් බවට පත්ව ඇති මොහොතක, “පරීක්ෂණ කිරිම – වෙන් කිරීම” යන ක්‍රමවේදය යටතේ කොවිඩ් මර්දන ක්‍රියාවලිය සිදුකළ හැකිව තිබියදී, එය නොසලකා හැරීම, අමාත්‍යාංශයේ වැරදි තීරණයක්‘‘බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.