කොළඹින් අහඹු ලෙස ගත් ජෛව පටල සාම්පල 25/14ක් ‘සැක සහිතයි‘

කොළඹින් අහඹු ලෙස ගත් ජෛව පටල සාම්පල 25/14ක් ‘සැක සහිතයි‘
Spread the love

කොළඹ නාගරික සීමාවෙන් අහඹු ලෙස ලබාගත් ජෛව පටල සාම්පල  25ක  සාම්පල 14ක් සැකකටයුතු බව ජාන විශ්ලේෂණ පරීක්ෂණ සිදුකරන කණ්ඩායම් දැනුම්දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (13) පැවැති මාධ්‍ය හමුවකදී හෙළි කළේය.

මෙම සැක සැකකටයුතු සාම්පල සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම් පුළුල් පරීක්ෂණ අරඹා ඇති බවත් මෙම  පරීක්ෂණවල අවසන් වාර්තාව  ඉදිරි සතියේදී  ලබා දෙනු ඇති බවත්  මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සදහන් කළේය.