කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින්ගෙන් 20% 30% අතර ප්‍රතිශතයක් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයද දැනුම් දී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.
කොළඹ සාම්පල 10ක ඩෙල්ටා ආසාදනය වූ දෙදෙනකු හෝ හෝ තිදෙනකු සිටිනවා නම් එය 30%ක ප්‍රතිශතයක් ලෙස එය ගෙනහැර දැක්විය හැකි බවයි හේමන්ත හේරත් මහතා කියා සිටියේ.
මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ද ඊයේ බරපතළ ලෙස අනතුරු අගවමින් කියා සිටියේ ඩෙල්ටා ආසාදිතයින් වර්ධනය වීමේ හමුවේ රට යළි අර්බුදයක් කරා ගමන් කරමින් සිටින බවයි.