ආන්දෝලනයට ලක්ව ඇති කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය, ජපානය සහ ඉන්දියාව අතර 2019 වසරේ මැයි මාසයේ අත්සන් තැබුණු ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කරනු ඇතැයි ඉන්දීය රජය බලාපොරොත්තු වන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් අද (01) මෙරට මාධ්‍ය වෙත පවසතා තිබෙනවා.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල ප්‍රකාශකයා මේ බව පැවසුවේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය 100% වරාය අධිකාරිය මගින් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය සම්බන්ධයෙන් මෙරට මාධ්‍ය කළ විමසීමට ප්‍රතිචාර වශයෙනුයි.
‘ශ්‍රී ලංකා රජය, ජපානය සහ ඉන්දියාව අතර 2019 වසරේ මැයි මාසයේ අත්සන් තැබුණු ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුමට අදාළ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නායකත්ව මට්ටමින් ද මීට පෙර ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබෙනවා‘ ඔහු වැඩි දුරටත් සදහන් කළා.
“ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය 2019 මැයි මාසයේදී එළැඹි ත්‍රයිපාර්ශ්වික එකඟතාව අනුව එම රටවල්වල සහභාගීත්වයෙන් නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම කඩිනමින් ක්‍රියාත්මක වනු ඇතැයි යන්න ඉන්දීය රජයේ බලාපොරොත්තුවයි. ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම නොයෙක්වර අපට දන්වා තිබෙනවා. ඒ බව නායක මට්ටමින්ද දන්වා තිබෙනවා. එසේම මීට මාස තුනකට ඉහත දී ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය ද විදෙස් ආයෝජකයින් සමග එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තීරණයක් ගත්තා‘ යනුවෙන් ඉන්දීය මහ කොමසාරිම් කාර්යාල ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන්කළා.