කෝටි 2000ක මැණික් පොකුර චීනයට

කෝටි 2000ක මැණික් පොකුර චීනයට
Spread the love

පැල්මඩුල්ලේ පෞද්ගලික ඉඩමක ලිදක් හාරන අවස්ථාවේදී හමුවූ ලොව විශාලතම ආරනූල් (star sapphire) මැණික පොකුර එහි අයිතිකරුගේ කැමැත්ත මත හැකි ඉක්මනින් වෙන්දේසියේ විකිණීමට පියවර ගන්නා බව මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.

මෙම වෙන්දේසිය ලබන නොවැම්බර් මාසයේදී චීනයේදී පැවැත්වෙන බව කී ලොහාන් රත්වත්තේ මහතා මෙම මැණික එම වෙන්දේසියේදී විකුණා ගැනීමට හැකි වනු ඇතැයිද සඳහන් කළේය.

‘‘ මේ වන විට මෙම මැණිකට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබෙනවා. එය වෙන්දේසියේ විකිණීමට ප්‍රථම එහි වටිනාකම තක්සේරු කරගත යුතුයි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එම කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා. රටේ විදේශ විනිමය ප්‍රශ්නයක් පවතින මොහොතක මෙවැනි වටිනා මැණිකක් හමුවීම වාසනාවක්. මෙම මැණික අලෙවියෙන් 10%ක් රජයට හිමිවෙනවා‘‘

රත්නපුර පැල්මඩුල්ලේ පෞද්ගලික ඉඩමක ළිදක් කපමින් සිටියදී හමුවූ මෙම ආරුනූල් මැණික් සමූහය කිලෝ ග්‍රෑම් 510ක පමණ බරින් යුක්ත වන අතර එය ලෝකයේ මෙතෙක් හමුවූ විශාලතම ආරනූල් මැණික් සමූහය ලෙස සැලකෙනවා.