ගෝලීය ආහාර මිල 30%කින් ඉහළට

ගෝලීය ආහාර මිල 30%කින් ඉහළට
Spread the love

පසුගිය වසරේදී ගෝලීය ආහාර මිල ගණන් 30%කින් ඉහළ ගිය බවත් ඒ සමග ගෝලීය ආහාර මිල මේ වන විට දශකයකින් ඉහළම අගයට පත්ව ඇති බවත් එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පවසයි.

විශේෂයෙන් ධාන්‍ය සහ එළවළු තෙල් මිල මෙලෙස කැපී පෙනෙන ලෙස වැඩි වී ඇති බවයි ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසන්නේ.

‘‘පසුගිය මාසයේදී පමණක් වාර්තාගත ලෙස එළවළු තෙල් මිල සියයට 10 කින් ඉහළ ගොස් තිබෙනවා. සැපයුම් අඩාල වීම, වෙළඳ භාණ්ඩ මිල ඉහළ යාම, කම්හල් වසා දැමීම, දේශපාලන අර්බුද ආදී කරුණු මෙලෙස ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාමට හේතු වී තිබෙනවා. එසේම මේ වසරේදී ධාන්‍ය වර්ග වල මිල පසුගිය වසරට සාපේක්ෂව සියයට 22 කින් ඉහළ ගොස් ඇති අතර තිරිඟු පිටි මිල පසුගිය මාස 12 තුළ සියයට 40 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා‘ යැයි ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසුවේය.