චීන පොහොර සමාගම ඩොලර් මිලියන 08ක වන්දියක් ඉල්ලයි

චීන පොහොර සමාගම ඩොලර් මිලියන 08ක වන්දියක් ඉල්ලයි
Spread the love

චීන පොහොර නැවේ සිදුවීමට අදාළව නොසැලකිලිමත් ගනුදෙනුවක් ඔස්සේ තම ආයතනයට සිදු වූ පාඩුවට සහ කීර්ති නාමයට හානි කිරීමේ චෝදනාවට සිය සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 8ක වන්දි මුදලක් ගෙවන ලෙස චීනයේ ක්වින්ඩාඕ සීවින් සමාගම විසින් මෙරට ජාතික ශාක නිරෝධායන සේවයට එන්තරවාසියක් මඟින් දැනුම් දී තිබේ.

ක්වින්ඩාඕ සීවින් සමාගම වෙනුවෙන් පෙනී සිටින මෙරට නීතිඥ එම්.ජේ.එස්. ෆොන්සේකා මහතා විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය ඩබ්.ඒ.ආර්.ටී. වික්‍රමාරච්චි මහතාට එන්තරවාසියක් යොමු කරමින් මේ දැනුම් දීම සිදු කර තිබේ.

එමෙන්ම එන්තරවාසිය යොමු කරන නොවැම්බර් මස 05 දා සිට දින තුනක් ඇතුළත මේ වන්දි මුදල ගෙවීමට පියවර නොගත හොත් ඒ වෙනුවෙන් නීතිමය පියවර ගන්නා බව ද එම එන්තරවාසියේ සඳහන් වෙයි.

දිනමිණ