ජනපතිගේ රුව යොදාගනිමින් සයිබර් ප්‍රහාරයක් සිදුකිරීමේ තැතක්

ජනපතිගේ රුව යොදාගනිමින් සයිබර් ප්‍රහාරයක් සිදුකිරීමේ තැතක්
Spread the love

සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යංශය විසින් ශ්‍රී ලාංකික ජනතාවට නොමිලේ දත්ත ලබාදෙන බවට පවසන පණිවිඩයක් අද (12) වට්සැප් ඇතුළු සමාජ මාධ්‍ය යෙදුම් හරහා සංසරණය වන බවට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි වාර්තා වී තිබේ.

මෙම පණිවිඩය ක්ලික් කිරීමේදී covidfreeinternet.blogspot.com නම් වෙබ් අඩවියකට පිවිසීමක් සිදුවන අතර එහිදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුව දැක්වෙන ඡාරූපයක්ද දැකගැනීමට හැකිවිය.

මෙවැනි ව්‍යාජ පණිවිඩ හරහා අනිෂ්ට මෘදුකාංග ඔබගේ ජංගම දුරකතනයට ස්ථාපනය වීම, ඔබගේ සංවේදී දත්ත හා සමාජ මාධ්‍ය ගිණුම් පැහැරගැනීමට ලක්වීම සිදුවියහැකි බව අප  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට පෙන්වා දෙමු.