ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය වෙබ් අඩවි 05කට දැවැන්ත සයිබර් ප්‍රහාරයක්

ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය වෙබ් අඩවි 05කට දැවැන්ත සයිබර් ප්‍රහාරයක්
Spread the love

ජනාධිපති කාර්යාලය, විදේශ අමාත්‍යංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, වයඹ පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය යන වෙබ් අඩවි දැවැන්ත සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇතැයි හදුනා ගැනීමට අද (04) ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකි වූ බව එම සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මහතා විසින් අද (04) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

රාජ්‍ය වෙබ් අඩවි ඉලක්ක කරගෙන මෙවැනි සයිබර් ප්‍රහාර එල්ලවිය හැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා  දුන් අතර ඒ සම්බන්ධයෙන් රජයෙහි අවධානය යොමු නොවීම මත මෙම තත්වය උදාවී ඇති බවයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සිය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ.