ජ.පුර සරසවි සිසුවෙක් ඇතුළු ඩෙල්ටා ආසාදිතයින් 19ක් අලුතින් හදුනා ගනී

ජ.පුර සරසවි සිසුවෙක් ඇතුළු ඩෙල්ටා ආසාදිතයින් 19ක් අලුතින් හදුනා ගනී
Spread the love

ඩෙල්ටා‘ නමින් හැඳින්වෙන ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් 19 දෙනෙකු මෙරට ප්‍රදේශ කිහිපයකින් සොයාගෙන ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

කොළඹ, යාපනය සහ කිලිනොච්චි වැනි ප්‍රදේශවලින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවත් එක් ආසාදිතයෙකු පිළියන්දල පදිංචි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙකු බවත් වෛද්‍ය හේමන්ත හේරත් සදහන් කළා.

අලුතින් හදුනාගත් ආසාදිතයින් 19 දෙනා සමග මෙරටින් වාර්තා වූ ඩෙල්ටා ආසාදිතයින් ආසාදිතයින් සංඛ්‍යාව 38 දෙනකු බවයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

මෙම ප්‍රදේශවලින් වෛරසය පැතිරීම වැළැක්වීමට පියවර ගනිමින් සිටින බව ද ඔහු තවදුරටත් පැවසීය.

රෝගීන්ගෙන් එක් අයෙකු 22 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙකි. ඔහු පිලියන්දල පදිංචිකරුවෙකි.