ඩෙංගු ව්‍යාප්තිය දරුණු වෙයි – මරණ සංඛ්‍යාව ඉහළට

ඩෙංගු ව්‍යාප්තිය දරුණු වෙයි – මරණ සංඛ්‍යාව ඉහළට
Spread the love

ඩෙංගු වෛරසය රට තුළ ව්‍යසනයක් ඇති කිරීමට පෙර එහි ව්‍යාප්තිය මැඩලීමට සෞඛ්‍ය බලධාරීන් දැවැන්ත උත්සාහයක නිරතව සිටින බව ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ශිලන්ති සෙනෙවිරත්න කීවේය. ඇය වැඩි දුරටත් කියා සිටියේ ඉදිරි මාස කිහිපය තුළ රෝගීන් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

“අපි තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර හානිය අවම කිරීමට අපගේ උපරිම උත්සාහය දරනවා. මේ වසරේ මේ දක්වා මරණ 26ක් සමඟ දින 15ක් ඇතුළත රෝගීන් 4,091ක් පමණ දැනටමත් වාර්තා වී තිබෙනවා. වර්තමානයේ සතියකට සාමාන්‍යයෙන් ඩෙංගු රෝගීන් 1,800ක් පමණ වාර්තා වන අතර, අනෙකුත් සාමාන්‍ය දිනවල වාර්තා වන්නේ රෝගීන් 200ක් පමණක් වීම තුළ වත්මන් තත්ත්වය ඉතා භයානකයි,” ඇය අවධාරණය කළාය.

වැඩි වශයෙන් රෝගීන් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන් බවද ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

‘ඩෙංගු ආසාදිතයින් සතුටුදායක මට්ටමකට ගෙන ඒමට අවම වශයෙන් තවත් මාස දෙකක් ගතවනු ඇත,” ඇය තවදුරටත් පැවසුවාය.

මේ අනුව, උණ, මාංශ පේශි, අස්ථි හෝ හන්දි වේදනාව ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසත්, මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.