තව මාස දෙකකින් ලංකාවේ තත්ත්වය බරපතළ වේවි – මහාචාර්ය මලික් පීරිස්

තව මාස දෙකකින් ලංකාවේ තත්ත්වය බරපතළ වේවි – මහාචාර්ය මලික් පීරිස්
Spread the love

කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම තත්ත්වය ඉදිරි මාස දෙක තුළ අත්විඳීමට සිදුවනු ඇති බවට මහාචාර්ය මලික් පීරිස් මහතා අනතුරු අඟවනවා.

ජාතික විද්‍යා පදනම විසින් පසුගිය දා කොළඹදී සංවිධාන කර තිබූ උත්සවයකට අන්තර්ජාලය ඔස්සේ එක්වෙමින් මහාචාර්යවරයා මේ අනතුරු ඇගයීම කළා.

මහාචාර්ය මලික් පීරිස් මහතා මෙසේ ද සදහන් කළා.

“මේ වන විට ශ්‍රී ලංකාවෙන් ද වාර්තා වන නව ඩෙල්ටා ප්‍රභේදය ඉන්දියාව තුළ මහා විනාශයක් කළා. ඒ වගේම මට කියන්න සිද්ධ වෙනවා එළඹෙන සති කිහිපයේදී එය ශ්‍රී ලංකාව තුළත් විශාල බලපෑමක් ඇතිකරනු ඇති බව. මහජන සෞඛ්‍ය වෘත්තිකයෙක් ලෙස මම මගේ රාජකාරිය පැහැරහැරියා වෙනවා මම අනතුරු මේ ඇඟවීම කළේ නැත්නම්. ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේදී මෙතෙක් මුහුණ දුන් නරකම තත්ත්වය ඉදිරි මාස කිහිපයේදී මුහුණ දෙන්න සිද්ධ වෙයි. මම ආණ්ඩුවට සහ මහාචාර්ය ජයසුමනට සුබ පතනවා එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම ගැන, එය ඉතාම හොඳින් සිදුවනවා. එසේ වුණත් ඔබ දන්නා පරිදි එන්නතේ මාත්‍රා දෙකම අත්‍යාවශ්‍යයි මේ ප්‍රභේදයට එරෙහිව සැළකිය යුතු බලපෑමක් කරන්න. ඉදිරි මාසය හෝ මාස දෙක තුළදී එන්නත්කරණය නිසා අපිට ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. මම හිතනවා ජනතාවට මේ ගැන හොඳින් උපදෙස් ලබාදී ඇති බව.”

වෛරසයවේදය පිළිබඳව ලෝක ප්‍රකට මහාචාර්ය මලික් පීරිස් මහතා හොංකොං විශ්වවිද්‍යාලයේ සේවය කරන අතර කොවිඩ් සම්බන්ධයෙන් එතුමා ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව සිටිනවා.