දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල පහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල පහළට
Spread the love

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 24 දින එළවළු මිල වෙනත් දිනයන් වලට වඩා අඩු වී ඇතැයි ව්‍යාපාරිකයො පෙන්වා දෙති

ඇතැම් ව්‍යාපාරිකයන් කියා සිටියේ එළවළු ගොවීන් තම අස්වනු නත්තල් උත්සවය සඳහා  23  දින  රැගෙන යාමත්,  අස්වනු නෙළීම නොකර සිටී ගොවින් සිය අස්වැන්න වැඩි වශයෙන් වෙළදපළට ගෙන ඒමත් මිල අඩු වීමට හේතුව වී ඇති බවය.

එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල දී ගැනීම් සඳහා පිට පළාත්වලින් පැමිණෙන වෙළෙන්දන්ගේද  අඩුවක් ද අද (24)  දින දැක ගැනීමට හැකි වූ බව ව්‍යාපාරිකයෝ සදහන් කරති.

වෙළෙන්දන්ගේ පැමිණීම අඩුවීමට තවත්  හේතුවවී ඇත්තේ  ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ප්‍රවාහන ගාස්තු වැඩිවීම විය හැකි යැයි වෙළෙන්දෝ  අනුමාන කරති.

නිෂ්පාදන අලවියට ගෙනවිත් සිටි ගොවින් කියා සිටියේ පොහොර කෘමිනාශක, වල්නාශක ආදී දේ තහනම් කොට විදේශීය බිජ ගොවියාට ලබාදීම නිසා අර්බුදයක් නිර්මාණය වී ඇති බවය. දේශීය බිජ ලබාදී කාබනික වගාවට යන්නේනම් මේ හානිය අවම වන බව ගොවීහු පෙන්වා දෙති.

එළවළු නොලැබීම් නිසා ආර්ර්ථික මධ්‍යස්ථානය වෙනදාමෙන් වැඩි කළ කලබලයකින් තොරව  ක්‍රියාත්මක වන අතර වෙළද සංගම් නියෝජිතයන් කියා සිටියේ ගොවින් යම් සතුටුදායක තත්ත්වයකට වගා කොට තිබෙන බවය. ඇතැම් නිලධාරින් පවසන පරිදි රට තුළ සාගින්නක් ඇති නොවන බව ඔවුන් පෙන්වා දුන්නේය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  පසුගිය 22 දින උදේ  සහ 24 දින එළවළු  කිලෝවක තොග මිල මෙසේ සටහන්ව තිබිණි.

වර්ගය                    22 දින පවතී මිල         අද පවතී මිල

  • ගෝවා                    280 -300                            120-140
  • බෝංචි                    250- 280                             190-250
  • ලීක්ස්                     200-250                              190 -210
  • කැරට්                     370 -380                             250-300
  • තක්කාලි                 260-280                              200 -220
  • රාබු                        70 -100                                50-60
  • නෝකෝල්            150-160                             130-140
  • කැකිරි                    85  -100                              90-100
  • පිපිඤ්ඤා                85 -90                                 60-70
  • වැලිමඩ අර්තාපල්    180- 190                          140-150
  • අර්තාපල් (ආනයනික)       180 – 185                145-160
  • වැටකොළු  180-200                150 -170
  • කරවිල   230-230                         160-200
  • වට්ටක්කා  40-60                           60-65
  • වම්බටු  260 -270                      160-200
  • එළබටු  280 -300                     250-270
  • දඹල  190-200                             150-170
  • මෑකරල්  180 -200                   150 -190
  • මාළු මිරිස්   550-.600                  400-600
  • අමුමිරිස්  670 -700                     450 -550
  • ලොකු ලූනු (විදේශීය) 190 -200       230.-250
  • ලොකු ළූණු  දේශීය 200- 270    250-280
  • බතල     100- 110                     85 -90

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල