ලක්ෂ තුනකට අධික කොවිඩ් ආසාදිතයින් අතරින් කොවිඩ් ආසාදනයවූ දරුවන් 45,831 ක් මේ දක්වා වාර්තා වී ඇතැයි ද ඉන් 14 දෙනකු මරණයට පත්ව ඇතැයි ද සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවාය.
මියගිය දරුවන්ගෙන් බහුතරය වසය 0-5 අතර දරුවන් බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරිය වයස 6-10 අතර දරුවන් තිදෙනෙකුද වයස 11-15 අතර දරුවන් දෙදෙනෙකුද වයස 16-18 අතර දරුවන් දෙදෙනෙකු ද මියගිය අතර සිටින බව පැවසු අමාත්‍යවරිය කොවිඩ් 19 ආසාදිත දරුවන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බවද ප්‍රකාශ කළාය.