දැරිය දූෂණය කාමතුරයින් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ පොලිස් ලොක්කෙක්

දැරිය දූෂණය කාමතුරයින් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ පොලිස් ලොක්කෙක්
Spread the love

ලිංගික සේවා සැපයීම පිණිස අන්තර්ජාලය ඔස්සේ අළෙවි වූ 15 වියැති බාලවයස්කාර දැරිය දූෂණ්‍ය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයකු සහ රජයේ ප‍්‍රධාන පෙළේ බැංකුවක හිටපු කළමණාකාරවරයකු ළමා හා කාන්තා කාර්යාංශය විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරියගේ ජංගම දුරකතන දත්ත ඔස්සේ සිදුකළ විමර්ශනයට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 29 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිසිය සදහන් කළා.

මේ අතර අද පුවත්පත් කිහිපයක් වාර්තා කළේ මෙම සිදුවීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, උසස් පොලිස් නිලධාරියෙකු ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක්, ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක්ද ඇතුළු තවත් ප්‍රබලයින් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.

මෙම දැරිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලදී දැරියන් සහ කාන්තාවන් මුදලට අලෙවි කිරීමට අදාළ වෙබ් අඩවි රැසක් හඳුනාගෙන තිබෙන අතර එහි ප්‍රධාන වෙබ් අඩවිය තුළ පමණක් විවිධාකාර ගැනුම්කරුවන් 5000ක් ආසන්න පිරිසක් ඇතුළත් වී සිටි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබෙනවා්‍

මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුගිය දා මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මෙම දැරිය පැයකට රුපියල් 10000කට, 15000කට, රාත්‍රියකට රුපියල් 30,000කට 60,000කට පවා අලෙවි වී ඇති බවයි.

‘‘අපිට කුකුළන්, ඌරන් විකුණන්න පුළුවන්. මාළු විකුණන්න පුළුවන්. නමුත් මිනිස්සු මේ විදියට දැන්වීම් දාලා විකුණන්න බැහැ. ලිංගික ක්‍රියාවලට කොහොමත් විකුණන්න බැහැ. ඒ නිසා මේ වනවිට 35දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැබැයි 34දෙනාගෙන් මේක නවතින්නේ නැහැ. දැරියගේ ජංගම දුරකථනය, වයිබර්, වට්ස්ඇප් ගිණුම් පරීක්ෂා කරනවිට තවත් නම් ගණනාවක් අනාවරණය වී තිබෙනවා. එම දුරකථනයේ දත්තවලට පරිබාහිරව තවත් කොපමණ පුද්ගලයන් සංඛ්‍යාවකට මෙම දැරිය අලෙවි වෙලා තිබෙනවාද කියලා‘ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.