දිවයිනේ සියලු ම පාසල්, පිරිවෙන් සහ පෙරපාසල් මේ මස 30 දක්වා වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන ඇමති ජී.එල්. පීරිස් මහතා අද (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා.
එහිදී අදාළ තීරණය ගැන කරුණු පැහැදිලි කළ අධ්‍යාපන අමාත්‍යවරයා, ‘‘අපේ රජය තීරණය කරලා තිබෙනවා එළඹෙන සිකුරාදා එනම් අප්‍රේල් 30 වැනිදා දක්වා දිවයිනේ සියලු ම පාසල්, පෙරපාසල් සහ පිරිවෙන් නොපැවැත්වීමට. මෙම සති අන්තයේ අපි සෞඛ්‍ය අංශ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සහ විදුහල්පතිවරු සමඟ සාකච්ඡා කරලා එළඹෙන තුන්වන සඳුදා එනම් මැයි මස 03 වැනිදා දිනයෙන් එළඹෙන සතියේ පන්ති නැවත පැවැත්වීමට තීරණය කළා. අපි දෙමාපියන්ට දන්වන්නට කැමතියි අපි පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගන්නේ දරුවන්ගේ සෞඛ්‍යයට මූලික වැදගත්කම දෙමින්. නමුත් මම නැවත සිහිපත් කරනවා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක කරන්න කියලා‘‘ යනුවෙන්ද පැවසීය .