නවසීලන්තය ප්‍රබල ස්ථානයක

Spread the love

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල සනත් ජයසූරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවැනි දිනය (19) නිමා වන විට සංචාරක නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 255ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉණිමට සියලු දෙනාම දැවී ලකුණු 305ක් රැස් කළේය.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ටොම් ලේතම් (ලකුණු 70) සහ කේන් විලියම්සන් (ලකුණු 55) අර්ධ ශතක වාර්තා කළ අතර ඩැරිල් මිචල් නොදැවී ලකුණු 41 ලබා සිටී.