නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ‘ගැබිණි මවුවරුන්ට වැළදීමේ’ ඉහළ අවදානමක්

නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ‘ගැබිණි මවුවරුන්ට වැළදීමේ’ ඉහළ අවදානමක්
Spread the love

වර්තමානයේ පැතිර යන කොවිඩ් 19 වයිරසය ගැබිණි මවුවරුන්ට වැළදීමේ දැඩි අවදානමක් ඇති බැවින් ඔවුන් අතිශය ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතාගේ අත්සනින් යුත් එම මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ කොවිඩ් වැළඳුණු ගැබිණි මවුවරුන් තිදෙනෙක් මේ වන විටත් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවයි. ගැබිණි මවුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීම බ්‍රිතාන්‍ය රාජකීය ප්‍රසව වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ද නි‍ර්දේශ කර ඇති බැවින් ඔවුන්ට එන්නත ලබාදීම සුදුසු බව ද එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.