නීතිපති පාස්කු ප්‍රහාරය ගැන කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය

නීතිපති පාස්කු ප්‍රහාරය ගැන කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය
Spread the love

තමාගේ ධූර කාලය නිමවීමට පෙර, පාස්කු ප්‍රහාරය සැලසුම් කළ සහ ඊට ආධාර අනුබල දුන් කිසිවෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට තමාට හැකියාවක් නොලැබෙන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා මහජනතාවට දැනුම් දෙන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කරයි.

නීතිපතිවරයාගේ මෙම විශේෂ ප්‍රකාශය ගැන මාධ්‍ය වෙත කරුණු දක්වමින් ජයරත්න මෙනෙවිය සදහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකරන එම පුද්ගලයින්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ නිම නොවීම ඉහත ප්‍රකාශය කිරීමට හේතු වූ බව නීතිපතිවරයා විසින් පෙන්වා දුන් බවයි.

මෙම මස අගදී නීතිපතිවරයා සිය ධූරකාලය සම්පූර්ණවීමෙන් පසු විශ්‍රාම ගැනීමට නියමිත බව ද ඇය සදහන් කළාය.

මේ අතර නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දීර්ඝ ලිපියක් ලියා ඇති බව ද නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. මෙම ලිපිය මගින් පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් පස් දෙනකු සම්බන්ධයෙන්  සිදු කළ විමර්ශනවල  උද්ධෘත ඇත්නම් ඒවා ඉදිරිපත් කරන්නැයි  නීතිපති දප්පුල ලිවේරා මහතා පොලිස්පතිට ලිඛිතව දැනුම් දී ඇති අතර පාස්කු ප්‍රහාරයට අදාළ  සැකකරුවන් 42 දෙදෙනකු  ඒ කාණ්ඩයේ  සැකකරුවන් ලෙස නම් කර ඇතිි බව ද නීතිපතිවරයා තම ලිපියෙන් අවධාරණය කර ඇත.