පක්ෂ නායකයින් 10ක් අගමැතිගේ පක්ෂ නායක හමුව වර්ජනය කරලා

පක්ෂ නායකයින් 10ක් අගමැතිගේ පක්ෂ නායක හමුව වර්ජනය කරලා
Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ පක්ෂ නායක හමුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (19) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

එළැඹෙන මැයි පළමු වන දිනට යෙදෙන කම්කරු දිනය සැමරීම පිළිබඳව මෙහි දී  සාකච්ඡා විය. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මැයි දින පෙළපාලි නොපවත්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මැයි දින රැලිය පමණක් පැවැත්වීම පිලිබඳව මෙහි දී පක්ෂ නායකයිගේ අවධානය යොමු වීම විශේෂත්වයකි.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන ජී. එල්. පීරිස්,දිනේෂ් ගුණවර්ධන මහත්වරු ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයින් රැසක් සහභාගී වූහ.

මේ අතර අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (19) කැදවා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක හමුවට පොහොට්ටුවට සම්බන්ධ දේශපාලන පක්ෂ 10ක නායකයින් සහභාගී නොවූ බව වාර්තා වේ.ෙ

ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය පී.වීරසිංහ, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහා චාර්ය තිස්ස විතාරණ, ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම්. අබ්දුල්ලා, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයන් කිප දෙනකු මෙම සාකච්ඡාවට සහභාගී නොවූ බවයි වාර්තා වන්නේ.