පළාත් සංචරණ සීමා දීර්ඝ කරයි – ‘කොවිඩ් මර්ධන සෞඛ්‍ය මාර්ගෝපදේශ‘ යළි අලුත් වෙයි

පළාත් සංචරණ සීමා දීර්ඝ කරයි – ‘කොවිඩ් මර්ධන සෞඛ්‍ය මාර්ගෝපදේශ‘ යළි අලුත් වෙයි
Spread the love

කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස පළාත් අතර පනවා තිබූ අන්තර් පළාත් සංචරණ සීමා 05 වැනි දින සිට තවත් සති දෙකක කාලයකට, එනම් ජූලි 19 වැනි දින දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය නීති සමාලෝචනයට ලක් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් ඊයේ(4) නිකුත් කරන ලද අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහය සම්පූර්ණයෙන් පහත පළ වේ.