ප්‍රජාතන්ත්‍රවාදය ආපස්සට ගෙන යන්න එපා – ශ්‍රී ලංකා රජයට විශේෂ ඉල්ලීමක්

ප්‍රජාතන්ත්‍රවාදය ආපස්සට ගෙන යන්න එපා – ශ්‍රී ලංකා රජයට විශේෂ ඉල්ලීමක්
Spread the love

පසුගිය වසර කිහිපයේදී කැපවී  වර්ධනය කරගත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ආපස්සට ගෙන යෑමෙන් වළකින ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය කියයි.

2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවට සිදුකළ නිල සංචාර 10කින් අනතුරුව ඉදිරිපත්කළ නිර්දේශ 400ක් සඳහා රජය ප්‍රතිචාර දක්වා ඇති ආකාර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් විසින් සිදුකළ ඇගයීම අද (05) නිකුත් කර තිබුණි.

පසුගිය කාලයේ සිදුකළ අපරාධ සම්බන්ධයෙන් වගවීම, වින්දිතයින් සඳහා යුක්තිය පසිඳලීම සහ ජාතීන් අතර එකමුතු බව ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බවයි සිය වාර්තාව ඉදිරිපත් කරමින් විශේෂඥයින් ප්‍රකාශ කළේ.
  
ශ්‍රී ලංකාවේ අතීත අපරාධ සම්බන්ධයෙන් වගවීම සහතික කිරීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ස්වාධීන සොයාබැලීම් ඉහළ දමන ලෙසද ඔවුන් එක්සත් ජාතීන්ගෙන මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටි බව ද සදහන්.