පාරිභෝගික අධිකාරියේ සභාපතිගේ ‘හිස්කතා‘ යළිත් ඇසෙයි

පාරිභෝගික අධිකාරියේ සභාපතිගේ ‘හිස්කතා‘ යළිත් ඇසෙයි
Spread the love

බේකරි නිෂ්පාදනය සහ සහල් මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට ලැබී නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී. අයි. උඩුවර මහතා පැවසීය.

මිල ප්‍රදර්ශනය කරන වෙළෙඳසැල්වලින් පමණ භාණ්ඩ මිලදී ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

බේකරි නිෂ්පාදන ඇතුළු සියලුම භාණ්ඩ අළෙවියේදී මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවත් මිල ප්‍රදර්ශනය නොකරන වෙළදුන් සොයා රටපුරා වැටලීම් ක්‍රියාත්මක බවත් උඩුවර මහතා කීය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීයේ විමර්ෂණ නිලධාරීන් පසුගිය දින කීපයේදී පාන් මිල සම්බන්ධයෙන් පමණක් රට පුරා වැටලීම් 200කට අධික සංඛ්‍යාවක් කළ බව ද උඩුවර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.