පාසල් යළි විවෘත කිරීම ගැන අධ්‍යාපන ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්

පාසල් යළි විවෘත කිරීම ගැන අධ්‍යාපන ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්
Spread the love

පාසල් යළි විවෘත කිරීමට පෙර අනිවාර්යයෙන්ම ගුරුවරුන්ට හා අධ්‍යාපන කාර්ය මණ්ඩලයට Covid-19 මර්දන එන්නත් ලබාදිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියනවා.

කොවිඩ් 19 වයිරසය පාලනය වී ඇති ප්‍රදේශවල පාසල් යළි විවෘත කරන්නැයි විවිධ අංශවලින් ඉල්ලීම් ගලා එන බව කී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සෞඛ්‍ය නිර්දේශ ලැබුණු විගස පාසල් යළි විවෘත කිරීමට අවශ්‍ය කටයුතු යොදන බවද සදහන් කළා.

‘‘කෙසේ වෙතත් පාසල් යළි විවෘත කළ යුත්තේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට අනුවයි. ඒ අනුව පාසල් යළි විවෘත කළ හැකි ආකාරය සම්බන්ධයෙන් මේ දිනවල අපි අදාළ අංශ සමග සාකච්ඡා කරමින් සිටිනවා ‘‘ යැයි ද ඔහු සදහන් කළා.